ඌව පළාත් සභා මැතිවරණ දිනයේ සවස බදුල්ල, හැලි ඇළ ප්‍රදේශයේදී මැර ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ අටම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතා මේ වන විට පන්නිපිටිය පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබයි.
එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් අතර හාලිඇළදී ඇතිවූ ගැටුම වීඩියෝකර ත්‍රී රෝද රථයකින් තම නිවස බලා යමින් සිටියදී පසුපසින් හඹා ආ මැර පිරිසක් තමාට පහරදී කැමරාව උදුරා ගනිද්දී කෑල්ලක් මැරයන් අතටද කෑල්ලක් තමා අතටද පත්වූ බවත් ඔහු කීවේය. තමාට පහර දුන් පිරිස සන්ධානයේ ඇමතිවරයකුගේ අනුදැනුම මත ක්‍රියාත්මක වූ පිරිසක් බවද ඔහු කියා සිටියේය. රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වන කැමරාව මැරයන් විසින් වනසන ලද බවද කීවේය.
බදුල්ල රෝහලේ සිට ඊයේ (23) රෝගියා තම රෝහලට රැගෙන ආ බවත් ඔහුගේ මුහුණේ අස්ථිවලට හා පටකවලට තදබල හානි සිදුවී ඇති බැවින් ශල්‍යකර්ම කිරීමට නියමිත බවත් වෛද්‍ය සේනතුංග මහත්මිය සඳහන් කළාය. රෝගියාට මරණීය තුවාල සිදුවී ඇති බවත් හෙට (25) දින තවත් සැත්කමක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට යොමුකරන බවත් ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ගිය කල (දී)
කෝ මේ නිදහස් මාද්‍යවේදී සංවිධාන ...අයියෝ රටකට ගිය කලක්...... අනිත් එක තමන්ගේ මාධ්‍ය වේදියාට හකු කැඩෙන්න ගහලත් ඇමතිවරයාගේ නම දාන්න බය මාද්‍ය තියෙන එකම රට ලංකාව වෙන්න ඇති. ලැජ්ජයි මහත්තයෝ. .... (දී)
ඔය කට්ටිය ඔක්කොම යන මාසික තේ පැන් සංග්‍රහ වලදී ඔය ගැන අහන්න පුළුවන් නෙව කෙලින්ම ? (අ)
මේවා කරන්නේ බලය තියන තිරිසන් මෝඩ මිනිස්සු.(අ)
මෙහෙවූ රටක හැසිරෙන විදිහද මේ (දී)
මාධ්‍ය වේදීන්ට ගහන එක මහා නින්දාවක් (දී)
මාධ්‍ය සොයුර, ඔබට ඉක්මන් සුව ලැබේවා! සාධාරණය ඉටු වේවා! (නි)
මොකද්ද මේ නින්දිත ප්‍රහාරයේ තේරුම පේනවා නේද පරාජය දරා ගන්න බැරි කම (දී)
මම මේ ප්‍රහාරය හෙලා දකිනවා (දී)
මාධ්‍යවේදීන් අප ආරක්ෂා කරන්න ඕනෑ. ඒකේ වචන දෙකක් නැහැ. (නි)
දැන් වත් මාධ්‍ය වේදියෝ (හැමෝම නොවෙයි ) ආණ්ඩුවට කඩේ යන එක නවත්වල තමන්ගේ මාධ්‍ය සගයට කරපුදෙට විරුද්දව සටන් කරන්න පෙළගැසෙන්න කියන ගමන් චන්දන සොයුරාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. (දී)
එකෙක් මරන්න කොට දාහක් බිහිවෙනවා මාධ්‍ය ඒ වගේ (දී)
මිනිස්සුන්ට ගහන්න කාටවත්ම අයිතියක් නැහැ (දී)
රජයේ මැර ක්‍රියා ගැන දාන අදහසක් පලවෙන්නෙත් නැහැ. දැන් හොදි නැතිවම කන්න ලැබිල තියෙන්නේ. (නදී)
මේවා ජාත්‍යන්තරයට දුන්න එකනම් වැරදියි (දී)
මාධ්‍ය කරුවන්ට මේ ප්‍රහාර පුරුදු උනාට මාධ්‍යයට ගහන්න කාටවත් අයිතියක් නැහැ (දී)
අනේ අහිංසක ඇමතිවරකුටයි එතුමාගේ අනුගාමිකයන්ටයි මඩ ගහන ආකාරය,මේ මාධ්‍යවේදියා ජනප්‍රිය වෙන්න තියන ලාබම හා පහසුම ක්‍රමය වෙන තමන්ටම තමන් විසින් ගහගෙන නිර්දෝෂී ඇමතිවරයකුට නේද මෙහෙම මඩ ගහන්නේ ! ඇත්තටම මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න ඕනා .(දී)
මෙච්චර කල් ජනමාද්‍ය ආණ්ඩුවේ මැර වෙඩ අනුමත කලා. දෙන් ඒවා තමන්ටම ගහන කාලේ ඇවිල්ල. ඔහොම වෙනවා කියල අපි මුලින්ම කිවේ ඒකයි (දී)
බන්දුල මේකත් හොදයි කියනවනම් මට කියන්න දෙයක් නැහැ (දී)
රුවන් කියන්නේ ඔක්කොටම නොගැහුවේ මොකද කියලද? මෙහෙම කරන්ට යන අයට කියන්ට තියෙන්නේ නයාට ගහල පොල්ල වරද්දගත්තා කියලා. (නදී)
ඔබට ඉක්මන් සුවය ලැබේවා. එසේ වුවත් කඩේ යන මාධ්‍යට කිවයුත්හේ ඔබගේ ද මේ ආකාරයට මේ දේශපාලකයන් හකු කඩනු ඇත. එදාට මේ වගේ සුවය ප්‍රර්ථනා නො කරමි. (නදී)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. මාධ්‍ය නිදහස මේකද අද. (නදී)
පුදුමේ කියන්නේ මිනිස්සු චන්දෙත් දෙනවනේ මේ අයට (දී)
බන්දුලගේ බාප්පාගේ කට්ටිය තමයි ඔය ගහලා තියෙන්නේ ....ඡන්දෙ පැරදුන දුකට. (නදී)
මාධ්‍යට ගැහුවහම වෙන්නේ නැති ප්‍රශ්න ඇතිවීමක් (දී)
සහතික ඇත්ත (දී)
ඔබට ඉක්මන් සුවය සමගින් සාධාරණය ඉෂ්ටවෙවායි ! මම ප්‍රර්ථනා කරමි. (නදී)
බන්දුල පෙරේරා කිවත් වගේ සන්ධානේ දිනලා නේන්නම්.. දැන් තමය් හරියටම තේරෙන්න පටන් ගත්තේ..චන්දන සොයුරාට ඉක්මන් සුව පාර්ථනා කරනවා..සියලු ජනමාධ්‍යවේදීන් චන්දන සොයුරාට කල නින්දිත පහරදීමට විරුද්ධව පෙලගසේවා කියල ප්‍රර්ථනා කරනවා.. (දී)
බන්දුල පෙරේරා ලග හිටියනම් දනී මම කරන දේ (දී)
ඇයි මෙයාටම විතරක් ගැහැව්වේ? (දී)
ඕකට තමයි මහත්තයෝ මාධ්‍ය සදාචාරය කියන්නේ .ආස්චර්යයට යනකොට ඕක නැතුවම බැහැ. ඇයි දන්නේ නැද්ද අපි යන්නේ ආශ්චර්යයට නොවැ! (දී)
මොකද්ද මට ඇහුනේ නැහැ (දී)