හොං කොං නුවරදී පැවැති අන්තර්ජාතික සය සාමාජික කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අබ්දුල් රසාක් ගේ නායකත්වයෙන් යුත් පාකිස්තානු පිල සමත්විය. තරගාවලියේ අද (30) පැවැති අවසන් මහා තරගයේදී එංගලන්තය (119/6) පරදවා පාකිස්තානු පිල (154/5* ලකුණු 35 ක පහසු ජයක් ලැබීය. අවසන් පුර්ව තරගයේදී චාමර කපුගෙදරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල පරදවා කඩුලූ 4 ක ජයක් ලබා ගැනීමට එංගලන්ත පිල සමත්විය. පළමු අවසන් පුර්ව තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර පහ අවසානයේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 94 ක් ලැබීය. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ එංගලන්ත පිල ඕවර 5 තුළදී කඩුලූ 2 ක් දැවී ලකුණු 101 ක් ලබා අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් තිසර පෙරේරා පන්දු 8 කදී හතරේ පහර තුනක් සහ හයේ පහර තුනක් සමග වේගවත් ලකුණු 31 ක් ලබා ගත්තේය. චතුර පීරිස් පන්දු 10 කදී හයේ පහර 3 සහ හතරේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 28 ක් ලබා ගැනීමට සමත්විය. පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුලූ දෙක ලබා ගත්තේය. අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරගයේදී සනත් ජයසුරිය මෙහෙයවු ඕල්ඞ් ස්ටාර් පිල (118/1) පිල පරදවා ශ්‍රී ලංකා පිල (121/2) කඩුලූ 4 ක ජයක් ලැබීය. එහිදී සනත් ජයසුරිය ඕල්ඞ් ස්ටාර් පිලේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 6 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 34 ක් රැුස් කරපිටියෙන් ඉවත්ව ගියේය. ජයග‍්‍රාහී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඩිල්ෂාන් මුණවීර හයේ පහර තුනක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 34 ක් ලැබීය. දෙවැනි අවසන් පුර්ව තරගයේදී හොං කොං පිල (84/3) පරදවා පාකිස්තානය (116/3) ලකුණු 32 ක පහසු ජයක් ලැබීය.
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හොංකොං සය සාමාජික ක‍්‍රිකට් ශූරතාව පාකිස්තානයට