ගෙවුණු සති කිහිපයේදී හංගේරියාවේ ගත කළ ක්‍රිති ෂැනොන් මේ දිනවල නැවතත් ඉන්දියාවේ සිය නිවස වෙත පැමිණි බව සඳහන් වෙනවා. ක්‍රිති පසුගිය සති කිහිපයේදීම හංගේරියාවේ ගත කොට ඇත්තේ ඇය රංගනයෙන් දායක වූ අලුත්ම චිත්‍රපටය වූ දිනේෂ් විජාන්ගේ %රබ්තා^ චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් සඳහා බව වාර්තා වෙනවා.
'රබ්තා' චිත්‍රපටයේ ක්‍රිති සමගින් සුශාන්ත් රාජ්පූත් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, ඔහුද මෙම හංගේරියානු ගමන ඉක්මනින් නිමා කොට ඇත්තේ ඔහු රංගනයෙන් දායක වන නිරේජ් පාණ්ඩේගේ 'දෝනි ද අන්ටෝල්ඩ් ස්ටෝරි' චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් කටයුතු සිදු කිරීමටයි. එම චිත්‍රපටය සැප්තැම්බර් 02 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ක්‍රිති ෂැනොන් මෙම රූපගත කිරීම් නිමාවත් සමග සිය 'ටිව්ටර්' ගිණුම තුළ සඳහන් කර ඇත්තේ මාස කිහිපයක් තමා කලා කටයුතුවලින් ඈත්ව සිය පවුලේ සමගින් ගෙවා දැමීමට සැලසුම් කර ඇති බවයි. 2014 වසරේ තිරගත වූ 'හීරෝපාන්ති' චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය, පසුගිය වසරේ අති සාර්ථකව තිරගත වූ 'දිල්වාලි' චිත්‍රපටයේද රංගනයෙන් දායක වුණා.
පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හංගේරියාවේ ගිය ක්‍රිති ගෙදර ඇවිත්