ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු ඉමහත් භක්තියෙන් සමරන හජ් උත්සවය අදයි . ශ්‍රී ලංකා මේමන් සංගමය හජ් ප්‍රධාන යාච්ඥා මෙහෙය කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (06) පැවැත් විණි.
හෆීස් මොහොමඩ් මූසින් රෆීක් පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් යාච්ඥා මෙහෙය පැවැත්විණි.
ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු ඉමහත් භක්තියෙන් සමරන හජ් උත්සවය අදයි . ශ්‍රී ලංකා මේමන් සංගමය හජ් ප්‍රධාන යාච්ඥා මෙහෙය කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (06) පැවැත් විණි.
හෆීස් මොහොමඩ් මූසින් රෆීක් පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් යාච්ඥා මෙහෙය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එසැණ පුවත් පාඨකයන්ට සහ ප්‍රතිචාර දක්වන සියලු සිංහල සහෝදරයින්ට මගෙනුත් සුබ පැතුම්! (නි)
ඔබ සැමට යහපතක්ම වේවා! (නි)
බිල්ලෝ වගේ නෙවී මේ ළමයි කොච්චර ලස්සනද. (නදී)
රිස්වාන් සහෝදරයා, ඔබ ඇතුළු සියලුම ශ්‍රී ලංකා වාසී සියලු මුස්ලිම් සහෝදරයන්ට යහපතක්ම වේවා (නදී)
ආගම ඇදහීම එකිනෙකාගේ කැමැත්ත. එහෙත් අපි සියලු දෙො ජාතියක් වශයෙන් ගත්තම ශ්‍රී ලාංකිකයින්! ජාතියක් වශයෙන් එකමුතු වුණොත් අනිත් බලවේග වලට බිය වියයුතු නැහැ. මුතුවලින් වටිනාම මුතු එකමුතු කියන්නේ ඒකට තමයි! (නි)
ඔබද අපේමය. අපේ රටේමය. අපේ සහෝදරයන්ම වන්නේය. ඔබ සැමටම සතුටින් ඉන්නට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි! රිස්වාන් සොයුර, ඔබටද සුභ පතමි. (නි)
සුබ පැතුම්! (නි)
මුස්ලිම් ගැහැණු ළමයි හරිම ලස්සනයි (නි)
සියළු බේද දුරුවී සැවොම සාමයෙන් සමගියෙන් එක්වේවා! (නි)
සාමය සතුට පිරි සුබ හජ් උත්සවයක් පතමි! (නි)
මුළු ලොවම මැවූ දෙවිඳුනි, මුළු ලොවේම හිමිකාරයාණෙනි, ඔබට මහිමය වේවා! (නි)
සුබ පැතුම්! (නි)
දීපාල්ට කකුල් හතරක්ද කොහෙද තියෙන්නේ . දීපාල්ට අපි බොක්කෙන්ම අනුකම්පා කරනවා. (ස)
සියළු භේද දුරුවී සැවොම සාමයෙන් සමගියෙන් එක්වේවා! (ස)
බොහෝම ස්තුතියි අපට සුබ පතනවට. සිංහල ජාතිය කියන්නේ හොඳ ජාතියක්. අපේ රටේ 98% හොඳ සිංහල අය ඉන්නවා. ඔබ සැමට ජය වේවා. (ස)
ජනාදිපති තුමාගේ කෙටි පණිවිඩේ එවන්න අමතක වුනාද? (ස)
පල්ලියකට ගිහින් ආගමික වතාවත් කිරීමට අවසරයක් නැති මුස්ලිම් කාන්තාවන්ට ගෝල් ෆේස් ගිහින් හරි හජ්ජි උත්සවය සැමරීමට ලැබීම වාසනාවක් ! (නදී)
මම මුස්ලිම් ජාතිකයෙක්, නමුත් මම ලාංකිකයෙක්. අද මම මේ තීරුවේ තියෙන කමෙන්ට් කියවල ගොඩක් සන්තෝස උනා. පළමු වතාවට සිංහල සහෝදරයෝ හොද කොමෙන්ට්ස් දාල තියෙන්නේ. මම ඉගෙනගත්තේ සිංහල පාසලක. හැබයි ඒ දවස්වල මේ වගේ බහු බූත අර්බුද ලංකාවේ තිබුනේ නැහැ. සන්තෝස වෙනවා මිනිස්සු දෙගොල්ලොම යහපත් පැත්තට හැරනකොට . (නදී)
මට හිතාගන්න බැරි සමහර අය ඇයි මේතරම් ලස්සන සිරියාවන්ත මුහුණු ආවරණය කිරීමට සැරසෙන්නේ කියලයි. මෙවැනි සුන්දර මුහුණු වලින් තමයි ලස්සන ලෝකයක් නිර්මාණය වෙන්නේ කියල ඔවුන්ට අවබෝධවීමට ප්‍රර්ථනා කරන අතර, ලංකාවේ මෙන්ම ලොව වටා විසිරි සිටින මුස්ලිම් සොයුරු සොයුරියන්ට මාගේ ශුභ පැතුම්! (නදී)
හරිම ලස්සනයි මේ සමගිය සාමය අපේ හිත්වල හැමදාම තිබේවා.(නදී)
සහෝදර ඔබ සැමට සුබ හජ් උත්සවයක් වේවා. (නදී)
අර "කලුපාට ගෝනිබිල්ලෝ" ඇඳුමට වැඩිය මේ පාට ඇඳුමත්, ඉස්සර ඇඳපු විදියට මොට්ටැක්කිලියත් කොතරම් ලස්සනද? (නදී)
ආගමික වතාවත් වල යෙදෙන සැමට සුභ පැතුම් ! (නදී)
මොහොමඩ් ඔබ වාගේ ලංකාවේ සියලුම ජාතිකයන් සිතුවොත් අපේ රටේ කවදාවත් යුද්ධයක් ඇති නොවේවි. විය යුත්තේ එයයි. ඔබ සියලු දෙනාට සුබ හජි උත්සවයක් වේවා! (නදී)
උතුම් කටයුත්තක්..ආගමික වතාවත් වල යෙදෙන සැමට සුභ පැතුම්. (ස)
හද පිරි සුබ පැතුම් අද වැනි දිනකත් ඔබගේ සිත රිදවන ආකාරයේ මෝඩ අදහස් පල කොට ඇති කිහිප දෙනා වෙනුවෙන් මම බෞද්ධයෙකු ලෙස ඔබ සැමගෙන් සමාව අයදිමි. (නදී)
හිරා මට කකුල් හතරක් නොමැත ,,, නමුත් සත්‍ය එක තමයි මුළු ලොවටම ඇත්තේ එකම දෙවිදුන් පමණි,, මට ඔබ ගැන අනුකම්පාවක් පමණි ඇත්තේ. (ස)
දීපාල්, ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලු දෙනාටම බයක් සැකක් නැතිව සතුටින් ජීවත් වන්න අපේ රටට සාමය උදාකර දුන්නේ ජනාධිපති තුමා සහ ත්‍රිවිද හමුදාවයි. (නදී)
ලස්සන වැඩි නිසාම මුහුණු ආවරණය කරන්ට පෙලඹුනාද මන්දා? සියලු, මුස්ලිම් බැතිමතුන්ට සුබ පතන්නෙමු. (නදී)
මුස්ලිම් කාන්තා ඇඳුම විවේචනය කරන සොහොයුරනි, සුද්දෙක් අපේ සිංහල මව් වරුන් අඳින සාරියෙන් ශරීරයේ ලස්සන තැන් වැහෙනවයි කියල විවේචනය කරෝතින් අපට මොන වගේ දැනෙයිද? නීග්‍රෝ ගෝත්‍රිකයින්ට රෙදි ඇන්දවීමට හෝ මුස්ලිමුන්ගේ රෙද්ද හරිගස්සන්නට අපි අංග සම්පූර්ණද? (නදී)
මේ රටේ බහුතරය ප්‍රසාද්, මොහොමඩ් වගේ හොඳ හිතක් තියෙන අය. ඒ අතරේ ඔය ගාමිණී සිරිවර්දන, රවිඳු වැනි අධාර්මික අබෞද්ධ අයත් සිටිති. ලංකාවට ජය වේවා! (නදී)
ආගමික වතාවත් වල යෙදෙන සැමට සුභ පැතුම්! (නදී)
ප්‍රීතිමත් හජ් අවුරුද්දක් වේවා! (නි)
අපි එක මවකගේ දරුවන් වගේ ඉඳිමු.සුබ හජ්ජි අවුරුද්දක් වේවා! (නි)
සුබ පැතුම්! (නි)
මුස්ලිම් බැතිමතුන්ට අපේ සුබ පැතුම්! (නි)
ඔබ සැමට සුබ අවුරුද්දක් වේවා! (නි)
සුබ හජ් මංගල්‍යයක් වේවා සියලුම මුස්ලිම්වරුනි! (නි)
අපි සියල්ලෝම එක මවකගේ දරුවන් වෙමු. සුබ හජ් මංගල්‍යයක්! (නි)
සිංහල සහෝද වරුනි, ඔබ සැමට ස්තුතියි. මෙහෙම හැමදාම එකමුතුව හැම ආගමකටම ගරු කරගෙන හැම කෙනාටම ඉන්න පුළුවන් නම් මේ ලෝකය කොතරම් ලස්සනද? සිංහල සහෝදරවරුනි, ඔබලාගේ අදහස් වලට මගේ ඇස් දෙකට කදුළු ඉනුවා. ජාතිවාදී ආගම්වාදී ( කුමන ආගමක හෝ වේවා ) අයට මේවා හොඳ පාඩම්. ඇත්තටම මෙය සහෝදරියගේ හිනාව හරිම ලස්සනයි. හරිම සීදේවි පාටයි. සහෝදර මුස්ලිම්වරුනි, ඔබත් ආගම්වාදී ජාතිවාදී වෙන්න එපා. අපි ඔක්කොම එක මවකගේ දරුවෝ. (නි)
මෙම පුවතට අදහස් දැක්වූ පාඨකයින්ට සහ අද විශේෂ නිවාඩු දිනයක් කර දුන් ජනාධිපතිතුමාටත් මුස්ලිම් ජනතාවගේ උපහාරය! අප සියලු දෙනා එක මවකගේ දරුවෝ යැයි සිතා සෞභාග්‍යමත් අනාගතයක් කරා යාමට උත්සාහ කරමු. (නි)
බොහොම සතුටුයි. සුබ පැතුම්! (නි)
මමත් බෞද්ධයෙක්මි. මුස්ලිම් සහෝදරයන්ට සුබ හජ්ජි මංගල්‍යයක් වේවා! (නි)
ස්තුතියි! සුභ පැතුම් ගෙනා ඔබ සැමට . (අ)
මෙවැනි සහෝදර බැඳීමක් හැමදාමත් අප තුල තිබේවා.. සියලුම දෙනාට මගේ හදවතින් සුබ පැතුම්...! (අ)
මමත් බෞද්ධයක් මගේ හදපතුලන්ම සුභ පැතුම්(අ)
මේ ප්‍රතිචාර කියවනකොට හරි සතුටුයි. හදවතින්ම සියලු සහෝදරයින්ට තෙරුවන් සරණයි! (නි)
ලෝකවාසී සියලු මුස්ලිම් ජනතාවට සුභ හජ් අවුරුද්දක් වේවා! එසේම අපගේ අනෙක් ආගමික ජනතාවටත් ජයම ජය වේවා කියා ප්‍රර්ථනා කරමි.(අ)
අර කඩ ගිනිතියපු එකට හුරේ දාපු ටික චුත වෙලාද? රහත් වෙලාද?ශුභ පැතුම් වලට ටැංකියු!! (අ)
ගාමිණී සිරිවර්දන - මහත්මයා වෙත. ඔබතුමා ලියල තිබෙනවා 'පල්ලියකට ගිහින් ආගමික වතාවත් කිරීමට අවසරයක් නැති මුස්ලිම් කාන්තාවන්ට" එහි සත්‍යතාවක් නැහැ. කාන්තාවන් වෙනුවෙන් යාඥා කිරීමට වෙනත් කුටියක් තිබේනම් එහි වරදක් නැහැ. අනික දිනකට 5ස් වතාවක් අපි දෙවියන් වඳිනවා 5ස් වතාවක් ඔවුන් (නිතර) පල්ලියට ඒමත් ප්‍රායෝගික නැහැ. මෙවැනි කරුණු කිහිපයක් මත තමා එය නුසුදුසුයි කියන්නේ. එබැවින් කාන්තාවන් තම නිවහන තුල යාඥා කිරීම වඩාත් වටින්නේ. සමහරු මොනතරම් අපට නින්දා අපහාස කලත් මෙහි අදහස් ලියපු ජාතියේ පිනට පහළවුණු මේ රටේ ජීවත් වන නියම බෞද්ධ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට මාගේ කෘතඥාතාවය පුද කරමි. බන්දුල පෙරේරා සහෝදරයාගේ ප්‍රතිචාර හා සුභ පැතුම් බලාපොරොත්තු වුනා, (අ)
මුස්ලිම් ඔබ සැමට වාසනාවන්ත අනාගතයක් උදාවේවා කියා බෞද්ධයෙකු ලෙස මෙත් සිතින් පතමි.රත්න..කියනවා වාගේ අර" ගෝනිබිලි" ඇදුම නම් ගෙන්න එපා.මෙයයි අපේ ශ්‍රීලාංකීය ඉස්ලාම් අනන්‍යතාවය.(අ)
කිව්වට තරහ වෙන්න එපා. අපි එකම රටේ මිනිස්සුනම් ඔයාලා බදාගන්නේ නැතිව අපිටත් මේ වගේ ලස්සන කෙල්ලෝ බදීන්න දෙන්න (අ)
මට තේරුම් ගන්න බැරි ඇයි මුස්ලිම් රටවල අපිට අපේ ආගම අදහන්න බැරි මේ වාගේ? මෙතෙන කමෙන්ට්ස් දාපු අයට තෙරෙනේ නැද්ද දන්නේ නැහැ මුස්ලිම් බහුල ප්‍රදේශ වල අපේ පන්සල් වලට කෙරන හිරිහැර. දේශ ද්‍රෝහී ලංකා ඉතිහාසයේ ඔවැනි අය හිටිය.(අ)
හදවතින්ම ලක්වාසී මුස්ලිම් සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම දෙනාට සුබ පතනවා! ඔබ සියලුදෙනා සමඟ අපිට සමගියෙන් සිටිය යුතුයි. ජාතිබේද අපිට එපා. (නි)
රත්න හා සඳුනි, ඔබ දෙදෙනාගේ ප්‍රතිචාර වලට සුදුසු උදාහරණයක් ලෙස ඔබට ජානක සහෝදරයාගේ අදහස් ගන්න පුළුවන්. ඉස්ලාම් ධර්මය අනුව කාන්තාවකගේ ලස්සන දකින්න උරුමකම් තිබිය යුත්තේ ඇයව විවාහ කරගන්නා පුද්ගලයාට. එසේ නැත්නම් මනාලයාට පමණි. කාන්තාව කියන්නේ කෞතුකාගාරයේ තිබිය යුතු ප්‍රදර්ශන භාණ්ඩයක් නොවේ. කාන්තාවක් තම ශරීරය වෙනත් අයට (පිරිමින්ට) පෙනෙන ආකාරයේ ඇඳුම් ඇඳීම "හරාම්". එයද තීරණය වන්නේ ඇගේ කැමැත්ත මතයි (නි)
හැමදාම සමගියෙන් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා! (නි)
දකිනකොටත් ආසයි! (නි)
සුබ පැතුම්! (නි)
නියමයි,නියමයි. පෙරටම යමු ලංකා! මුස්ලිම් සහෝදර සහෝදරියන්ට සුබ හජ් අවුරුද්දක් වේවා! බලන්න ඔවුන්ගේ පින් පාට! (නි)
ඔබ සියලු දෙනාම ශ්‍රී ලාංකිකයින්. ඔබ හැමටම සුබ පැතුම්. (නි)
සුබ හජ් මංගල්‍යයක් වේවා! එයයි අපේ පැතුම (නි)
ලෝකවාසී සියලු මුස්ලිම් ජනතාවට ඊද් මුබාරක්! අපගේ අනෙක් සහෝදර බෞද්ධ ජනතාවටත් සාමය සපිරි සුබ පැතුම් ප්‍රාර්ථනා කරමි! (නි)
මුස්ලිම් සහෝදරවරුනි, අපි ඔක්කොම එක මවකගේ දරුවෝ. (නි)
ඇත්තටම අපිට හදවතින්ම සතුටුයි! (නි)
අපි හැමෝම එකම රටේ ශ්‍රී ලාංකිකයින්! (නි)
සුබ පැතුම් සැමටම! (නි)
අපේ රටේ ආගමික සහජීවනයට හොඳ උදාහරණයක්! (නි)
හැමෝම මනුෂ්‍යයෝය. මුස්ලිම් සහෝදරවරුන් සහ සහෝදරියන් මීට වසර 20කට පමණ පෙර උන් ලෙසම සිංහල අප සමඟ සුහදව ඉන්නතාක්කල් අපි ඔබ රැකගන්නෙමු. සුබ පැතුම්...!!! (නි)
ෆල්සුර් ගෆුර් මහත්තයෝ,ඔබතුමා හොයහොයා ඉන්න බන්දුල පෙරේරා අලුත්ගම පැත්තේ ගිහින් මුස්ලිම් සහෝදරයන්ට සුබ පතලා එන්න. ආපසු පැමිණි විගසම අදහස දමයි. ඔබතුමා අපේම පිනට පහළ වූ මුස්ලිම් සහෝදරයෙක්. සුබ අනාගතයක් වේවා!! (නි)
උත්සවය සමරන සැමට සුභ පතමි. එහෙම බැරි උදවිය කරුණාකර මේ අවස්ථාවට නුසුදුසු දේවල් ලියන්න එපා. නිරංජන, මට ඔබව හොඳට මතකයි. මීට කලින් පුවතක පාඨක කාන්තාවකට අනම් මනම් කියන්න ගොස් නාගත්තා නේද ? (නි)
සියලු දෙනාට සුබ පැතුම්! (නි)
ලංකාව මොනතරම් ශ්‍රේෂ්ඨද? මැදපෙරදිග ඉන්න අපිට මොනතරම් නීතිරීතිද? (නි)
ඔන්න අපිත් සුබ පතනවා. (නදී)
ලස්සන ගැහැණු ළමයි! (නි)
මුස්ලිම් සහෝදරවරුන්ට සුබ හජ්ජි මංගල්ලයක් වේවා!. (නදී)
ලංකා මමත් ආසයි ලස්සන මුස්ලිම් ගැහැණු ළමයෙක් බඳින්න (නදී)
ඔබසැමට යහපතක්ම වේවා! (නි)
අපේ රටේ හැමෝම සහෝදරත්වයෙන් බැඳේවා. මුස්ලිම් සොයුරන් හැමටම සුහ හජ්ජි මංගල්‍යක් වේවා. අපේ අල්ලපු ගෙදර ඉන්නේ මුස්ලිම් කට්ටියක්. අපි පොඩි කාලේ ඉඳන් බලන් ඉන්නේ එයාලගෙ ගෙදරින් කෑම පිඟානක් එවනකම්. ඒ ගොල්ලොත් බලන් ඉන්නේ සිංහල අවුරුද්දට අපේ ගෙදරින් රස කැවිලි ලැබෙනකම් (නදී)
කැමරා කාචයට නම් ගැහැනියක් ලස්සන වුණත් කැත වුණත් ඒකේ ගානක් නැහැ. මෙතන විශේෂය කැමරාව අතේ තිබෙන පුද්ගලයා තමා පුවත්පතට ලස්සන අරගෙන එන්නේ. දෙවියන් ගැහැණිය මලක් වගේ ලස්සනට මැව්වා නම් ඒ ලස්සන බලන්නත් මිනිසුන්ට ඉඩක් ලැබෙන්න ඕනෑ. (නි)
මම බෞද්ධයෙක් . නමුත් මම සියලු මුස්ලිම් ජනතාවට හදවතින් සුභ පතනවා. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ විදියට සාමයෙන් සමගියෙන් හැමදාම ඉමු. ඒ වගේම මේ අපේ රට විදේශ බලවේග වලින් රැකගමු (නදී)
ලොව අධ්‍යාපනික මට්ටමින් දියුණු රටවල ආගම් භේද නැහැ. නොදියුණූ, නුගතුන් වැඩිය ඉන්න රටවල් තමයි තියෙන දුප්පත් කම මදිවට ජාති ආගම් කුල භේද හදාගෙන සටන් කර කර පරිහානියට යන්නේ. අපේ රටට ජයවේවා. සියළු මුස්ලිම් වරුන්ට සුභම සුභ හජ්ජි මංගලයයක් වේවා. (නදී)
ඔබ 100% ක් නිවැරදියි ලසන්ත. පවුලක් උනත් ලස්සන දුවලා, පුතාලා දෙගොල්ලම ඉන්න කොට. රටක් උනත් ලස්සන එක එක විධියෙ උත්සව වගේ ඒවා තියෙන කොට. අපි හැමෝම යාළුයි නම් අපිට හැමදාම උත්සව. ඇයි දවසකට අවුරුදු සමරනවා. දවසකට නත්තල් සමරනවා. තවත් දවසකට මුස්ලිම් උත්සව සමරනවා. ඇයි මිනිස්සු මේක තේරුම් ගත්තා නම් දවස් 365 සතුටින් ජීවත් වෙන්න පුළුවන්. තමන්ගේ වටිනා කාලය හරි හම්බ කරගන්න, ආගමික වතාවත් වල යෙදිලා හිත සැහැල්ලු කර ගන්න යොදන්න පුළුවන්. නමුත් අපි එකිනෙකා රණ්ඩු වෙන්න ගත්තොත් ඔක්කොම පැත්තක තියලා රන්ඩුවෙන් කාලය ශා ධනය වැය කරනන තමයි වෙන්නේ. රටෙත්, අපේත් දියුණුව එතනම ලොප්. (නදී)
සියලුම ශ්‍රී ලංකා වාසී සියලු මුස්ලිම් සහෝදරයන්ට යහපතක්ම වේවා ඔබද අපේමය. අපේ රටේමය. අපේ සහෝදරයන්ම වන්නේය. ඔබ සැමටම සතුටින් ඉන්නට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි! රිස්වාන් සොයුර, ඔබටද සුභ පතමි. (නදී)
සමහර අය කියනවා බුර්කාවට අර" ගෝනිබිලි" ඇදුමලු. කමක් නැහැ ඒක දැක්කහම එහෙම හිතෙනවනේ. බුර්කාව අන්දන්න එපාලු. මේ ෆොටෝ එකේ තියෙන ඒවා ලස්සනලු. කාන්තාව යනු ආකර්ශනීය වස්තුවක් එය රැකගැනීම සෑම පිරිමියාගේම වගකීමකි. පාරේ යන යන හැම එකාම ඒක බල බල ෂා මාරයි නේ කියලා රස වින්දනය කරන්න ඕන භාණ්ඩයක් නොවෙයි චරිතවත් කාන්තාවක් කියන්නේ. තමන්ගේ බිරිඳගේ ලස්සන අයිති තමන්ටයි. ඒ අයගේ රෙදි ගලවන්න හදන්න එපා. අද ඒ පිරිසට සමාජයේ සිදුවෙන අවමානයට පිලියමක් හොයන්න. ලෝකවාසී සියලු මුස්ලිම් ජනතාවට ඊද් මුබාරක් ! අපගේ අනෙක් සහෝදර බෞද්ද ජනතාවටත් සාමය සපිරි සුබ අනාගතයක් ප්‍රර්ථනා කරමි (නදී)
සාමය සතුට පිරි සුබ හජ් උත්සවයක් පතමි! (නදී)
මුස්ලිම් සොයුරන්ට සුභ පතමි. ෆස්රුල් ගෆූර් - කටාර් ගේ විස්තරය ගැන පැනයක් මතු වුනි. ලස්සන ගැහැණු ළමයින් ගේ ලස්සන දැකිමට අයිතිය ඇත්තේ තමන් විවාහ වන පුරුෂයාට පමණයි නම්, මුස්ලිම් නිවෙස් වල දී මුහුණු ආවරණය කර නොගෙන සිටින අවස්ථාවන් වල ඇයගේ ඥාති සොයුරන්, පියා, ආදි අය දිනපතා ම ඇයව සහ ඇගේ ලස්සන දකිනවා නේද? (නදී)
මුලින්ම ලංකාදීප එසැන පුවත් සේවයටත්, රොමේෂ් ධනුෂ්ක සිල්වා මහතාටත් සුන්දර මුහුණු සොයා ගිය එතුමාගේ කැමරාවටත් ස්තුතිය පුද කරමි. මාගේ දැඩි විශ්වාසයක් තිබුනා බහුතර බෞද්ධ ජනතාව හැමදාමත් මේ රටේ සාමය හා සමගිය බලාපොරොත්තු වුණා කියන එක. මෙහි තිබෙන අදහස් සියල්ලම වාගේ එය තහවුරු කළා. අපිට හැම දෙයක්ම යහපත් සිතින් දකින්න පුළුවන් නම් මේ ලෝකය ඉතාමත් සුන්දර වෙනවා. ඉතාමත් වැදගත් දෙයක් මතක් කරන්න කැමතියි එනම් ගාලු මුවදොර කියන්නේ කොළඹ නගරයේ හදවත. එවන් ස්ථානයක අපිට යාඥා කටයුතු කිරීමට අවසර දීම ප්‍රසංශා කළ යුතුම කර්තාව්‍යක්. මුස්ලිම් අපිට මේ බෞද්ධ රටේ ඔබ සියලු දෙන ලබා දී තිබෙන ඒ නිදහසට නැවතත් ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවගේ කෘතඥතාවය පුදකරමු. (නදී)
අනෙක් අයගෙ ඇඳුම් ගැන ඒ ගොල්ලන්ට බලා ගන්න ඉඩ දෙන එක නේද හොඳ. කාන්තාවකට අවශ්‍ය නම් හොඳට ඇඟ වැහෙන්න ඇඳුම් ඇඳල පාරේ යන්න ඒකට ඇයි විරුද්ධ වෙන්නේ (නදී)
ඇයි මේ අනෙක් අයගේ ඇඳුමක් මුල් කරගෙන ප්‍රශ්නයක්.? ඔන්න මමත් ආගමික වතාවත් කරන සැමට සුභ පැතුවා. (නදී)
කොහොමද බෞද්ධයෙක් සෞදි ගිහින් ඔහොම කරන්න ගියානම්, මොනවා වෙයිද? ලංකාවේ ආගමික නිදහස ඕන තරම් තියනවා කියල කියන්න පුළුවන් මේවා දැක්කම. (නදී)
ලෝකවාසී සියලු මුස්ලිම් බැතිමතුනට සතුට සාමය පිරි හජ් මංගල්ලයක් වේවා. (නදී)
ඕනෑම ජාතිකයෙකුට තම ආගම ඇදහීමේ නිදහස තිබිය යුතුයි. ඔවුන්ගේ අභිමතය අනුව ඇදුම් පැළදුම් ඇදීමට ද නිදහස තිබිය යුතුයි. මෙසේ සියලු දෙනාම එකම ශ්‍රී ලාංකික පවුලක් ලෙස එකට සිටිනවා නම් ලෝකය කෙතරම් සුන්දර වේද. (නදී)
රාජිත මහත්මයා ඔබ සාධාරණ ප්‍රශ්නයක් මතුකළා. මාගේ අදහස ඉතාමත් කෙටියෙන් ලියා තිබෙන්නේ සවිස්තාරත්මකව ලියන්න තරම් මට වෙලාවක් නැති බැවිනි. ඊට හේතුව මාගේ රාජකාරිය කරන අතරතුර තමා මා ප්‍රතිචාර දක්වන්නේ. කෙසේ වෙතත් මගේ අදහසින් මා කිසි තැනක ලියල නැහැ "ලස්සන ගැහැණු ළමයින් ගේ ලස්සන දැකිමට අයිතිය ඇත්තේ තමන් විවාහ වන පුරුෂයාට පමණයි කියා" ලස්සන හෝ අවලස්සන වේවා ඉස්ලාම් ධර්මය අනුව කාන්තාවකගේ ලස්සන දකින්න උරුමකම් තිබිය යුත්තේ ඇයව විවාහ කරගන්නා කෙනාට පමණයි. සෙසු බෞද්ධ සහෝදරයින්ගේ දැනගැනීම පිණිසත් මේ දෙය ලියන්න කැමතියි. එනම් තම පියා, තමාගේම සහෝදරයා ඇතුළු අනුමැතිය ලැබුණු පිරිමි අයට මුහුණ නිරාවරණය කිරීමේ වරදක් නැහැ. විශේෂයෙන් සඳහන් කල යුතුම දෙය වන්නේ මුහුණ ආවරණය කලයුතුවන්නේ ඇගේ කැමැත්තෙන් මිස අපේ කැමැත්තෙන් නොවේ. ඒ සඳහා ඇයට අවශ්‍ය කාලය ලබාදීම අපේ වගකීම වෙනවා. පොදුවේ ගත්කල අධි තාක්ෂණයත් සමඟ දියුණු වෙන ලෝකයේ විවිධ මෝස්‌තර විවිධ විලාසිතාවන් කියා වෙනත් රටවල් වල හෝ වෙනත් ජාතීන්ට ගැලපෙන කිසි විටෙක අපට නොගැලපෙන දේවල් තෝරා ගෙන විශේෂයෙන් කාන්තාවන් නොයෙක් නොයෙක් සමාජ ගැටලුවලට මුහුණ පෑමට සිදුවෙන මෙවැනි කාල වකවානුවක ආගම ධර්මය අනුව අපිට ගැලපෙන දේවල් තෝරාගැනීමෙන් අපි හැමටම යහපතක් වෙනවා මිසක් කිසි දිනක අයහපතක් සිදුවන්නේ නැත. ඔබත් මා සමග එකඟ යැයි විශ්වාස කරමි. (නදී)
පළමුව හජ්ජි උත්සවය වෙනුවෙන් 'එසැනේ' මුස්ලිම් මිතුරු මිතුරියන්ට මගේ සුභ පැතුම්. අතීතයේ අප දුටු සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම කොතරම් ලස්සනද. අරාබි ඇඳුම දහදිය දමන රස්නය අප රටට කොහෙත්ම නොගැලපේ. වායු සමනය කල ගෙවල් ඇත්තන්ට නම් එය ප්‍රශ්නයක් නොවේ. ඉතින් කාලයත් සමග අතීත ඇඳුමට ඔවුන් යනු ඇත. 'මල' ක පියකරු බව ලෝකය දැකිය යුතුය. (නදී)
සෑම සහෝදර සහෝදරියකටම සුභ හජ්ජි මංගල්ලයක් වේවා. (නදී)
ඵස්රුල් ගෆුර් - කටාර්, ගාලු මුවෝදර විතරක් නෙමෙයි මුළු ලංකාවම හැම ජාතියකටම අයිති රටක් ඒ ... අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් නිසා ..(නදී)
ෆස්රුල් ගෆූර් - කටාර් සොයුරා පිළිබඳව ගෞරවයක් හිතට දැනෙනවා. ඔබ ප්‍රමුඛ සියලු දෙනාට සුබ හජ් මංගල්‍යයක් වේවා! (නදී)
ගැමුණු මහත්මයා - බුර්කාව කියන්නේ අරාබි ඇඳුමක් නොවේ මෙය සමස්ත මුස්ලිම් ප්‍රාජාවටම පොදු ඇඳුමක්. වායු සමනය කල ගෙවල් ඇත්තන්ට නම් එය ප්‍රශ්නයක් නොවේ කියා ඔබ සඳහන් කළා මේ ඇඳුම ගෙවල් ඇතුලේ ඉන්නකොට අඳින එකක් නොවේ නිවසින් බැහැරවෙන කොට අඳින එකක්. තවත් දෙයක් ඔබ සඳහන් කළා 'මල' ක පියකරු බව ලෝකය දැකිය යුතුය. මේ දිනවල පරවුණු මලුත් අමානුෂික ලෙස තැලෙනවා තත්වය එසේ තිබියදී සුවඳැති මල් කෙලෙස ආරක්ෂා කරමුද? (නදී)
සහෝදරියනි සහෝදරවරුනි අපි කාගේවත් හිත රිදෙන අදහස් මෙහි නොලියමු . මුස්ලිම් ඔබ සියලු දෙනාට සුබ හජි උත්සවයක් වේවා! (සුබපතන්න පරක්කු උනාට සමාවෙන්න ) (නදී)
මට ගොඩක් සතුටුයි මෙතන ප්‍රතිචාර දාපු සිංහල සහෝදරයන්ට. ඔබ සැමට ගොඩක් ස්තුතියි (නදී)
හුඟාක් සතුටුයි සිංහල ඔබේ අදහස් වලට. මොකටද අපි බේද භින්න වී ඉන්නේ? (නදී)
හිතවත් මුස්ලිම් සහෝදර සහෝදරියනි, ඔබ සැමට සුබම සුබ හජි උත්සවයක් වේවා ! ඔබ සැමට අල්ලාහ් දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා (නදී)
ඔව් මුහුණ සහ තමාගේ අංග වසාගැනීම ඇයගේ කැමැත්ත මිසක් බලකිරීමක් නොවේ (නදී)
මුස්ලිම් සහෝදරවරුනි සහෝදරියනි ඔබට හදවතින්ම සුබ පතනවා. ඒ වගේම පුංචි අදහසක් එකතු කරන්න කැමතියි. ඔබලා ශ්‍රී ලාංකිකයන් බව අමතක කරන්න එපා. තව තවත් ශ්‍රී ලාංකික සංස්කෘතිය තුලට ඇතුළු වන්න. ඔබලා ඉන් පරිබාහිරව වෙන් වූ ජාතියක් වශයෙන් කටයුතු කරන්න එපා. එය ශ්‍රී ලංකික ජාතියක් වශයෙන් අප අතර සමගිය වර්ධනය වීමට ඉතා වැදගත්. මම ශ්‍රී ලාංකික බෞද්දයෙක්. ඔබලා ශ්‍රී ලංකික මුස්ලිම් සහෝදර සහෝදරියන්. ජය වේවා ! (නදී)
ඡායාරූප වල ඇති සහෝදරියන්ට වඩා මෙහි අදහස් පළකර ඇති සිංහල සහෝදරයන්ගේ අදහස් ලස්සනයි. ශ්‍රී ලංකාව එකම ජාතියක් ජීවත් වන රටක්. ලෝකයේ සෑම ජාතීන් අතරම අන්තවාදී ප්‍රතිපත්ති ඇති අය සිටීම ස්වාබාවිකයි. එය අපේ රටට පමණක් උරුම වූ දෙයක් නොවයි. මෙය අපේ ශ්‍රී ලංකාවයි. ආඩම්බර වෙමු. (නදී)
මොහොමඩ් රිස්වාන්, අපේ සමහරක් සිංහල සහෝදරයන්ගේ අදහස් වලට තරහා නොවී ඔබ පල කරන අදහස් වලට මම ගරු කරමි. (නදී)
ධම්ම, ඔබට ගොඩක් ස්තුතියි, චමත් ඔබත් නිවරදියි, බින්දු සහෝදරයාණෙනි කරුණාකර සෞදි අරාබියාව හෝ වෙනත් මුස්ලිම් රටක් අප සමඟ සංසන්ධනය කරන්නෙපා. අපේ ආගම මුස්ලිම් වුනාට ජාතිය සිංහල. ඔබ සිතන පතන දේවල් තමා අපිත් සිතන්නේ පතන්නේ. ඔබේ, කරුණාව දයාව හා මෙයිත්‍රීය තමා අපි තුලත් තිබෙන්නේ මොකද අපි ඔබෙත් ඔබ අපෙත් සහෝදරයන් නිසා. සෞදි අරාබියාවේ දැඩි නීති රීති ක්‍රියාත්මක වන බවත් අපිත් දන්නවා. ඒක අපේ වරදක් නොවේ. කරුණාකර තේරුම් ගන්න අපි ලාංකිකයින් මිසක් අරාබිකාරයින් නොවේ. මේ රටට අපි පණ වගේ ආදරෙයි. මොකද මේක මගේ / අපේ රට. (නදී)
ගැමුණු, ඔබගේ අදහසට මාද එකඟයි. අතීතයේ සිට පැවත ආ දෑ ඔය ඉක්මනින් වෙනස් විය නොහැක. රැල්ලට යන බොහෝ දෑ එය නිමවූ පසුව යථා තත්වයට පත් වෙනවා. ඒ වගේම, ඇඳුම් පිළිබඳව අපේ කලාපයට තිබු සහ තිබෙන අන්‍යන්යතාවය ද දිගටම පවතීවි. මගේ මිතුරියන්ද බුර්කාවට එතරම් මනාප නැත. (නදී)
මේ වගේ තමයි අපි එදා ඉදලා සිංහල මුස්ලිම් දෙමල අය ජීවත් උනේ එකින් එකාට සතුට දුක ෂෙයාර් කරගෙන වෙනස් කමක් නැතුව. මම හිතුව එක එක සංවිධාන ආවට පස්සේ අපිට ඒ කාලයට ආයිත් යන්න බැරිවෙිවි කියලා. නමුත් මෙතැන මට තේරුණා අපේ ඒ කාලය තාමත් තියනවා කියලා. මම ඉගෙනගත්තේ සිංහල පාසලැක. යාලුවෝ ඔක්කොම සිංහල අපි හවසට සෙල්ලම් කරේ සිංහල යාලුවෝ එක්ක. අපි අතර සිංහල දෙමල මුස්ලිම් කියලා දෙයක් හිතුනේ නැහැ. මෙතැන කමේන්ට්ස් කරපු ඔක්කොම අය ඒක තහවුරු කරා (නදී)
ගැහැණූ ළමයින් නම් හරිම ලස්සනයි (නි)
එක කෙස් ගසක් ගත්තොත් පහසුවෙන්ම කැඩිය හැක. කෙස් ගස් කිහිපයක් ගත්තොත් කඩන්න පහසු නැහැ. ඒ වගේ ලාංකික අපි හැමෝම එකට ඉඳිමු. එකිනෙකාට ගරු කරමු. ඔබ ගරු බුහුමන් ලැබීමට නම් පළමුව ඔබ අනෙකාට ගරු කළ යුතුය යන සංකල්පය හිතට ගනිමු. මුස්ලිම් සැමට සුබ හජ් මංගල්‍යයක් වේවා! (නි)
ඉතා හොඳ කාලීන ඡායාරූපයක්. මෙතෙක්කල් මේ දිනයට අදාළව බොහෝවිට පළවුණේ පිරිමි පක්ෂය වන්දනා කරන ඡායාරූප. නමුත්මෙවර වෙනසක් වෙලා. මම මේ දෙස බලන්නේ ඡායාරූප ශිල්පියෙක් විදිහටයි. සුභ හජ් මංගල්‍යයක් වේවා! (නි)
සමාන වී ඉපදී දිවිතලාවේ... කුලේ නිසා ලොව සමහරු මුලාවේ.... මගේ කියා මොනවද අපි ගෙනාවේ.... දිනේ පැමිණිවිට මරුවා සිනාවේ.... ඔබේ ළය පැලුවත් තනිකර රතු ලේ. මගෙ ළය පැලුවත් තනිකර රතු ලේ. ඔබ මැරුනත් ඔබේ සිරුර දිරනවා. මම මැරුනත් මගෙ සිරුරත් දිරනවා.කුල මල බේදය ලොවෙන් සිදේවා. මැරෙනතුරු අපි එකට බැඳේවා....... (නි)
සියලුම මුස්ලිම් ජනතාවට වාසනාවන්ත හජ්ජි උත්සවයක් වේවා! (නි)
සුබ හජ් සැමරුමක් ඔබ සැමට! (නි)
ජානක කැමති නම් මට පුළුවන් කපුකම කරන්න (නදී)
සිංහල ජනතාව ගැන ජාත්‍යන්තරයේ ඇති දුර්මත නැතිකරන්න හැකි ඔබටයි. (නි)
සමාවෙන්න ගෆූර් සහෝදරයා මෙහෙම කියනවට.ඔබ කියනවා සෞදිය වගේ රටවල දැඩි නීති රීති තිබුනට අපට කරන්න දෙයක් නැහැ කියලා එහෙමනම් ඇයි ඔබලා අරාබි රටවල මතය දේව වාක්‍යක් ලෙස හිතා කටයුතු කරන්නේ ක්‍රිකට් මැච් එකකදී පකිස්තානයට ආවඩන්නේ..මැලේසියන් මුස්ලිම් වරු නම් එහෙම අන්තවාදී නැහැ කියලයි මට හිතුනේ.මෙය ලියන මගේ කල්‍යාන මිතුරිය ෆරීඩා.අපි එකම ආයතනයේ සේවය කරන්නේ. (අ)
ෆස්රුල් ගෆූර් - කටාර් සහෝදරයා ඔයාගේ අදහස් මම කලෙක ඉදල කියවනවා. කොහොම වුණත් ඔබලාගේ සුළු පිරිසක් කරන දේවල් වලට ඔබ වැනි අය පළි නැති බව අපි දන්නවා. නමුත් ගැටලුව තියෙන්නේ එතන නෙමෙයි. ඇයි ඒ අන්තවාදී පිරිසට ඔබල වැනි අය විසින් සත්‍ය පහදා දෙන්නේ නැත්තේ. මම එක උදාහරණයක් කියන්නම්, පසුගිය දිනවල ධර්ග නගරයේ කලබලය ඇතිවීමට හේතු වුණේ මුස්ලිම් තරුණයින් තිදෙනෙක් අපේ හිමිනමකට පහර දීමෙන්. නමුත් ඔබලාගේ කිසිදු වැඩිහිටියෙක් එම තරුණයින්ට වැරැද්දකියදිමටවත් සමව ගැනීමටවත් පෙලබුණේ නෑ. පොලිස් ස්ථානයේදී පවා ඔවුන් වැරැද්ද පිළිගත්තේ නෑ. අන්තර්ජාලයේ මොනවා තිබුණත් එක තමයි ඇත්ත. සමහර විට ඔබ රටින් පිට ඉන්න නිසා සිද්දිය හරියට නොදන්නවා වෙන්න පුළුවන්. මේ තරම් ජාතික සමගිය ගැන කතා කරනවානම් ඇයි ඔබල එම අන්තවාදී පිරිස් යහමගට ගන්න කටයුතු කරන්නේ නැත්තේ?? එහෙම කරනවානම් මුස්ලිම් ජාතිය දිහා අපි තරහින් බලන්නේ නෑ. (අ)
සඳුනි සොහොයුරියනි, රටක නීතියත් ආගමික නීතියත් කියන්නේ දෙකක්. මේ දෙක පටලවාගන්න එපා. (නි)
කසුන් ධර්මවංශ, මාගේ අදහස් කියවන ඔබට මුලින්ම මාගේ ස්තුතිය! ඔබේ අදහසට පිළිතුරු ලියනවා මිසක් ආවේගශීලීව ක්‍රියා කරනවා කියා වැරදි ලෙස අවබෝධ කරගන්න එපා. මම නම් බේරුවල සිද්ධීන් පිළිබඳව ලියන්න කැමති නැහැ. මාගේ අදහස අනුව එය නිෂ්පල මාතෘකාවක්. අපේ රටේ පොලීසියක් තිබෙනවා, අධිකරණ තිබෙනවා, ආරක්ෂක ඇමතිවරයෙක් ඉන්නවා. වැරදි වලට දඬුවම් දෙන්න නීතිමය කටයුතු කරන්න අදාළ නිලධාරීන් ඉන්නවා. තත්වය එසේ තිබියදී මට හෝ ඔබට බැහැ කාටවත් දඬුවම් කරන්න. කාවත් මරලා කාගේ හෝ ගෙවල් වලට ගිනිතියලා විනාශ කරන්න. කසුන්, අපි හැමෝටම කල්පනා කරලා වැඩ කරන්න තරම් දැනුමක් තිබෙනවා. අපි හැමවිටම අපේ හෘද සාක්ෂියට එකඟව තමා කටයුතු කළයුත්තේ. ඒ නිසා රටේ නීතියට ගරු කරන්න පුරුදුවෙමු. (නි)
සහෝදර මුස්ලිම්වරුනි, සුභ හජ්ජි මංගල්‍යයක් වේවා !!! අපේ රටේ ඇතිවෙන්න ඕනෑ විශ්වාසය, ගෞරවය සහ අවබෝධය. රටකට තියෙන්න ඕනෑ එක නීතියක්. ආගම් නීතිවලින් රට සමාජය බෙදන්න එපා. ඒකෙන් නැතිවෙන්නේ අපේ විශ්වාසය. සිංහල දෙමල මුස්ලිම් අපේ ළමයි එක පාසලක ඉගෙන ගන්න දිනයක් උදාවේවා! තෙරුවන් සරණයි ! (නි)
සුබ පැතුම් සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට! (නි)
ප්‍රථමයෙන් ඔබ සැමට සුබම සුබ ප්‍රීතිමත් හජ් උත්සවකයට සුභ පතනවා. ඔබ සැම ඔබගේ ආගමට දහමට ඇඳුමට ගරු කරනවා වගේම, බෞද්ධයින් වන අපිත් අපේ ආගමට හරිම ලැදියි. උතුම් බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය තුන් වරක් ලද ශ්‍රී ලංකාව, එහි රජවරු සහ වැසියන්, උතුම් බුදු දහම පන්දහසක් කල් සුරකින්න දිවි හිමියෙන් පොරොන්දු වී තිබෙනවා.ඒක නිසා ඔබ සැම අප සමඟ සාමයෙන් සතුටින් ඔබේ ආගම අදහාගෙන ජීවත්වෙන්න. අපි අවිහිංසාවාදී ජාතීයක්. මුස්ලිම් දමිල සහ අන්‍යාගමික ඔබ සැමගේ ආගම ඇදහීමේ අයිතියට අපි ගරු කරනවා. ඔබ සැමට ප්‍රීතිමත් හජ් උත්සවයක්. (නි)
එකම රටක් එකම ජාතියක් වශයෙන් ජීවත්වෙමු! (නි)
ඇත්තෙන්ම මලයාසියා මුස්ලිම් ප්‍රජාවගේ සුහදශීලි බව නම් අගයන්නම ඕන දෙයක් (නදී)
ඔබ ඔබලාගේ ආගම ඇදහීම අපිට ගැටළුවක් නොවේ. සෑම කෙනෙක්ම හොඳින් තේරුම්ගෙන තම තමන්ගේ රාමුවේ සිටින තුරු ප්‍රශ්න ඇති නොවේවි. (නදී)