IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


හෙට අයවැය ගැන ඇමැති අද කියයි

(කේ බුද්ධික කුමාරසිරි)

ජනතාව මුහුණ දෙන කෙටිකාලීන ගැටළු කෙරෙහි අවධානය යොමුකරමින් දීර්ඝ කාලීනව රට නගා සිටුවීම පදනම් කරගත් අයවැයක් හෙට (13) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය අද (12) දින අවිස්සාවේල්ලේ දී පැවසීය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය මේ වන විටත් සැකසෙමින් පවතිනවා. එය අද (12) රාත්‍රීයේදී මුද්‍රණය කිරීමට නියමිතයි. කෙටි කාලීන ජනප්‍රියතාවය උදෙසා හෝ මැතිවරණ ඉලක්ක කර ගනිමින් මෙවර අයවැය සකසා නෑ.

ජනාධිපතිවරයා රට භාරගැනීමේදී සඳහන් කළ ආකාරයට දිගු කාලීන ස්ථාවර එමෙන්ම පෙර සේ ආර්ථිකයේ පතුලට නැවත වතාවක් රට නොවැටෙන ආකාරයට කටයුතු කරන බවට කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් මෙවර අයවැය සැකසෙනවා.

සමස්ථ ජනතාව පීඩනයෙන් පසුවන අවස්ථාවක ඒ සඳහා විසඳුම් සෙවීමේ අභියෝගය, දීර්ඝ කාලීනව නැගිටින රටක් බවට රට පත්කිරීමේ අභියෝගය මෙන්ම ඒ සඳහා වියදම් සොයාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙවර අයවැය සකසා තිබෙනවා. ඒ සියල්ලට වඩා මෙතෙක් කළක් අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජයට හෝ භාණ්ඩාගාරයට තිබූ අසීමිත අයිතිවාසිකම් මේ වන විට රජයට නෑ. සීමිතව ඇති එම අයිතිවාසිකම උපයෝගී කරගනිමින් දේශිය හා විදේශීය වශයෙන් ණය කෙරෙහි අවධානය යොමු කරමින්, අයවැය පරතරය අවම වට්වමක රඳවා ගැනීමේ අභියෝගටද දැඩිව මුහුණ දෙමින් මෙවර අයවැය සකස් කර තිබෙනවා.

 



අදහස් (3)

හෙට අයවැය ගැන ඇමැති අද කියයි

අසාධාරණ Sunday, 12 November 2023 07:02 PM

මහින්ද මහත්තයා ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට 12% ක් ලැබෙන ස්ථාවර පොලියක් ලැබෙන්න සැලසුම් කළ අතර රවී කරුණානායක ඇමැතිවරයා 15% පොලියක් ලැබෙන ක්‍රමයක් සකසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සහනයක් සලසා දුන්නා කොහොම නමුත් 2023 සිට සියලු ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට දීලා තිබුණු එම සහනය වත්මන් මුදල් ඇමැතිවරයා නැතිකළා ආදායම් බදු සීමාවට ඇතුළත් නොවන අයට ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගොස් අයදුම්පත් කාර්තු පාසා දෙන්න කියලා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා කියලා අහන්න ලැබුණා.. නමුත් ඒක කරන්න ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට ඇවිද ගන්නත් බැරුව කොහොමද කරන්නේ කියලා තේරුම් ගන්න බැහැ.. ඇත්තටම තාක්ෂණය දියුණුව තිබේ නම් ජ්‍යේෂ්ඨයින් ගන්න ආදායම් බැංකු ගිණුම් අනුව බලන්න පුළුවන් නේද? එහෙම බලා අපිව මැඩවීමක් නොකර අයකර ගත්තු මුදල් ආපසු දෙන්න ක්‍රමයක් හදන්න කියලා ඉල්ලනවා...

:       0       0

Abaran Monday, 13 November 2023 01:04 AM

ඔය අයවැයේ මොනතරම් සාධනීය ලක්ෂණ තිබුණත් ඕක පුස්සක් කියලා විපක්ෂ නායකයා කියනවා සත්තයි. ඔහු විතරක් නෙවෙයි විමල්, ජවිපෙ, වාසු ඇතුළු අයත් මීට සමාන කතාවක් කියාවි. ඒ විතරක් නෙවෙයි කඩාකප්පල්කාරී කුහක වෘත්තිය සමිති කාරයෝ ටිකත් කියන්නේ ඕකම තමයි.

:       0       2

Perera Monday, 13 November 2023 11:54 AM

මොකද ආණ්ඩුව තග දාලාද?

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 49 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 50 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 291 0

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 779 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 495 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 533 2

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39608 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25773 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 407 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site