තාජුඩීන් ඝාතන නඩුවේ රිමාන්ඩ් සැකකරුවකු වන නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා අද (10) පැය හතරක කාල සිමාවක් අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාගේ නිල මැදිරියේ දී පාපොච්චාරණය කළේය. රගර් ක්‍රිඩක තාජුඩීන් ඝාතන පරික්ෂණ බාරව සිටියේ ඔහුය. පරික්ෂණය සඳහා උපදෙස් ලැබු ආකාරය ගැන ඔහුගෙන් දැනගන්නට ඇත.
පෙ.ව. 11.32
තාජුඩීන් ඝාතන නඩුවේ රිමාන්ඩ් සැකකරුවකු වන නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාගේ නිල මැදිරියේ දී තවත් ටික වේලාවකින් ප්‍රකාශයක් කිරීමට යයි.
ඒ සඳහා ඔහු බන්ධනාගාරයේ සිට අධිකරණයට ගෙන එනු ලැබ සිටී. හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මෙම ඝාතනයේ තොරතුරු වසන් කළැයි රිමාන්ඩ් කරනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත මොකක්ද කියලා රටම දන්නවා. (නි)
මේ දවස්වල එෆ්සීඅයිඩී වගේ ආයතන නීතිය ක්‍රියාත්මක කරවන විදිහට මේක ගැනත් හිතාගනිමු. (නි)
ඔප්පු කරන්න පුළුවන් කරුණු තියෙනවා නම් ඔහොම පාපොච්චාරණ ගන්න ඕනෑ නැහැනේ. මේකෙන්ම තේරෙනවා මෙතන වෙන දේ. (නි)
කෝටි ගණන් සුපිරි කාර් වලට නැගෙන ජනතා විරෝධය වෙන පැත්තකට හරවන නාඩගම අද සිට සති තුනක් රඟදැක්වෙනු ඇත... (නි)
චන්දන ඕස්ට්‍රේලියා, ලොකුකම පැත්තකට තියලා, ඔය ඔලුගෙඩිය ඇතුළේ තියන උද්දච්ඡකම පිටමං කළදාට ඔබට සෑම් කියා තියන දෙය හොඳට වැටහෙයි. උපදෙස් දුන්නෙත් කවුද කියන එක රටම දන්නවා. එම උපදෙස් මත මෙය යටගැසුවේ කවුද කියලත් දැන් හෙළිවී හමාරයි. නමුත් අවාසනාවට මේ හැම එකක්ම නීතිය හමුවේ ඔප්පු කළයුතුයි. කුමකින් ගැලවුණත් ඔවුන්ගේ හෘද සාක්ෂියේ හා ධර්මයෙන් නම් කිසිදාක ගැළවීමට ලැබෙන එකක් නැහැ. (නි)
විජයගේ කතාවට මමත් එකඟයි. අදහස් දාන සමහර අය තීන්දුව දීලත් ඉවරයි. (නි)
මේ ප්‍රශ්නය ඉක්මණින් අවසානයක් දකිනවා නම් තමයි හොඳ (නි)
සෑම්, මොකද අනේ ඔයා පිටරටක ඉන්න අයත් එක්ක ඔයතරම් තරහා ගන්නේ? (නි)
සෑම්, මට කණගාටු ඔයාට ඔයා ලියපු එකවත් නොතේරෙන එක ගැන. තමන්ගේ හිතට අා පළියට අදහස් පළකරන එක වැරදියි කියන එක තමයි මගේ පිළිගැනීම (නි)
සහන්, අර අහවල් මහත්තයා හිටියා නම් එ්කත් කියන්න බැහැ තමයි (නි)
චන්දන සහ පිටරට පම්පෝරියෙන් පෙනෙන්නේ තමන්ට දකින්න ඕනෑ දේ විතරයි. ඇමති සෙට් එක සැප වාහන නැතුව මහජන සේවය කරන්න බැරි කතාවලට මේ කට්ටියගේ සද්ද නැහැ. පිටරට හිටියාට රට ගැන පක්ෂ ජාති භේද නැතුව හිතන උදවියට නම් ඔය අමාරුව නැහැ (නි)
පසුගිය රජය මේ ගැන මොනවා කියාවිද? (නි)
පුෂ්පා, මමත් 1990 සිට මෙල්බන් වල ඉන්න කෙනෙක්. නමුත් මට ඒක ගැන අඬබෙර ගහන්න උවමනාවක් නැහැ. මම මේ අදහස් දාන්නේ ලාංකිකයෙක් හැටියට මිසක් 1996 ඉඳලා (පිලිප් රඩොක් සංක්‍රමණ ඇමති කාලේ ) ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් කියලා හිතලා නොවෙයි (නි)
කතා කරන්නම කාලය ඉවරයි. දඬුවම් දෙන්න ආයේ ළඟදි ඡන්දයක් නැහැනේ (නි)
සෑම්, ඔයා මෙල්බන් ඉන්නවා වෙන්න පුළුවන් 1990 ඉඳලා. ඒ වුණාට ඔයා මුලින්ම පළකළ අදහස ගැනනම් සතුටු වෙන්න බැහැ. හරිම පටු අදහසක් ඒක (නි)
දසුන්, මම වැරදි දේ වැරදියට දකින කෙනෙක්. වැරදි දේ දැක දැක ඒක හරි කියලා කිසිම දවසක පළකරලා නැහැ. එහෙම පළකරලා තියෙනවා නම් කියන්න (නි)
දැන් ඔය ටික ටික කට්ටිය විස්තර කියන්නේ.(හේ)
දැන් සමහරු අදහස් වලින් තමන්ගේ පුරාජේරුව පෙන්නන්න හදනවා. බලන්න මම හෙට අනිද්දට උගන්ඩාවේ ඉඳලයි අදහස් දාන්නේ (නි)
මිත්‍රයිනි, යම් සත්වයෙක් මරනවා කියනකොටම පව නම් සිද්ධ වෙනවා. මැරුවොත් පව සම්පුර්ණ වෙනවා. කර්මයෙන් මිදිය හැකි තැනක් කොහේවත් නොමැති බැවින් ඒ අසරණයාගේ දිවි තොරකළ යමෙක් වේද මෙලොව පරලොව වශයෙන් ඒකාන්ත මහා දුකකට උරුමකම් කියන්නෝයි. (නි)
පොඩි පොඩි හාල්මැස්සෝ නැතුව ලොකු මෝරෙක් අල්ලලා මරණ දඩුවම අයෙත් පටන් ගන්න දැන් හොද අවස්ථාවක් ඇවිත් තියෙන්නේ ...(බ)
සමහර විට, රටවැසියා නොඉවසිල්ලෙන් බලා සිටි රසවත් දේවල්, එහෙත් සමහර අයට අමිහිරි,(ම)
වැරැද්ද බොරුව කවදා හෝ අහුවෙනවා, උඩින් පෙනුමට මෑත දෙඩුවට අළුයට ගිනි පුපුරු තිබෙන බව නොදැනෙන්නේ තාවකාලික බලය නිසාමයි.(ම)
අනිවා කාගේ හරි උවමනාවට කරන ප්‍රකාශයක් (ම)
සීඅයිඩී එකට ඕන විදියට කතාව කියයි. ඊට පස්සේ රජයේ සාක්කි කාරයෙක් කියල නිදහස් කරනවා. එච්චරයි වෙන්නේ. අර අනුර සේනානායකට කියල තියෙනවා ඒගොල්ලන්ට අවශ්‍ය දේ කියන්න කියල (බ)
තව ටික දවසකින් මෙතුමාටත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිකමක් ලැබේවිද. (බ)
අයියෝ අපිටත් බැරිද එ්ක දැනගන්න ? විශ්වාසභංගයට ඡන්දෙ දෙන්න නාව කියල ගැලවෙන්න බැරි වෙයි වගේ නේද ? (බ)
සෑම් ඒ මැරුනෙ ඔයාගේ තාත්ත හරි ඔයාගේ පුතෙක් හරි ඔයාගේ අයිය හරි මල්ලි කෙනෙක් හරි යාලුවෙක්න් හරි නම් ඔය අද ඔහොම කතා කරන්නේ නැහැ. (බ)
මේක කරපු අපරාධකාරයෝ ඔක්කොටම මරණ දඩුවම දෙන්න ඕන ....(බ)
මේවා කරන්න කිව්වේ කාගේ උවමනාවටද කියා කියලා තමන්ගේ දඬුවම ටිකක් හරි ලිහිල් කර ගත්තොත් හොඳයි කියලා හිතෙන්න ඇති (බ)
මළ මිනියකින් මෙච්චර වැඩ ගන්න පුළුවන් කියල මම දන්නේ දැන්. (බ)
දැන් ඉන්ටනෙට් ඇවිල්ල, වඳුරන්ට දැලි පිහිය ලැබිල වගේ එක එක දේවල් කියනවා, සාක්කි නැතුව නඩුත් ඔප්පු කරනවා, දැක්ක වගේ කතාව (බ)
ඔහොම එකක් ගන්නනේ මෙච්චර කල් දත කෑවේ. අර ගෙන්නන කාර් වලින් එකක් විතර මෙයාටත් දෙන්න පොරොන්දු වෙලාද දන්නේ නෑ. මොන මෝඩයද බොරු පාපොච්චාරණයක් කරලා තමන් නොගලවෙන්නේ, මෙහෙම ඇමක හිරවුනම (බ)
චන්දන- ඕස්ට්‍රේලියා , ඔයාට සිංහල කියවන්න පුළුවන්කම තිබුණාට තේරුම් ගන්න හැකියාවක් නැති එක ගැන මම කනගාටු වෙනවා . මම මියගිය කෙනාට අපහාසයක් වත් මිනීමරුවන්ට සහයෝගයක් වත් නොමැතිව මට තේරෙන සත්‍ය මෙහි දැම්මා . තමන්ගේ නමේ අන්තිමට පිට රටක නමක් දාන බොහොමයක් දෙනා ඔහොම තමයි .(අ)
මේ ප්‍රකාශයෙන් සත්‍ය හෙලිවෙයි ද , නැතිනම් එය සත්‍යම බවට පදනම් කරගැනීම් මගින් යම් පරස්පරතා ඇතිවී , සතාසිවම් කෙස් එකේ මෝල්ගහ මිනී මැරුවා වගේ වෙයි වත් ද ? (බ)
ඉන්දික දන්නා දේවල්...?
කවදා හෝ සත්‍ය ජයගන්න බව මතක තියාගන්න (නි)
මෙම මිනීමැරුම වගේම ලංකාවෙ මීටකලින් ඒවත් හොයන එක නේද හොඳ? (නි)