ලන්ඩනයේ සම්බාහන කතකගේ පියයුරු මිරිකීයැයි වැරදිකරු වූ පෝලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපති හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු වන ටියුඩර් ගුණසේකරට (77) ලන්ඩනයේ ඕල්ඩ් බේලි උසාවිය දඩ ගැසූ බව ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රය කියයි. ජූරිය පැය භාගයකටත් අඩු කාලයකින් ඔහු වැරදිකරු කළේය. ශ්‍රී ලංකාවේ අක්කර 25ක වත්තක සේවකයන් ද සමග ජීවත් වන ගුණසේකර බ්‍රිතාන්‍ය රජයේ නීති සහාය මත මේ නඩුවට මුහුණ දුන්නේය. ඔහු බ්‍රිතාන්‍යය රජයට වංචාවක් කර බදු ගෙවන්නාගේ මුදලින් එම නීති සහාය ලබා ගත්තේ දැයි පරීක්ෂණයක් අරඹන ලෙස නඩු තීන්දුවෙන් පසු විනිසුරු රාජ්‍ය නීතීඥ චාල්ස් වයිඩ් නියෝග කළේය. ‘මෙය බරපතළ පරීක්ෂණයක්. මේ මිනිහා පෝසතෙක් වගේ පේනවා. ඔහුට බ්‍රිතාන්‍ය බදුගෙවන්නන්ගේ මුදලින් නීති සහාය ලබාගෙන තිබෙනවා‘ යැයි විනිසුරු කීවේය. ගුණසේකර පැවසූයේ ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන පවුම් සියයකින් (රුපියල් 21000)ඔහු ජීවත් වන බවයි. තම බූදලය පුතාට දී ඇති බවත් ඔහු කීවේය. දරු දෙදෙනෙකුගේ පියකු වන ගුණසේකර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් විය. සුප්‍රසිද්ධ හයිස්ට්‍රීට් ජිම් ඇන්ඩ් ස්පා සම්භාහන ආයතනයේ දී පසුගිය මැයි මාසයේ මේ වරද කර ඇත. පවුම් සියයක් ගෙවා සම්භාහනය කරද්දී එක්වරම ඔහු ඇගේ පියයුරු අල්ලා ඇතැයි නඩුවේ කියැවිණි. ඔහුට පවුම් දහසක දඩයක් (රුපියල් 210000) ද, කාන්තාවට වන්දි වශයෙන් පවුම් 1000ක් (රුපියල් 210000)ද, නඩුගාස්තු වශයෙන් පවුම් 1250 ක්ද (රුපියල් 262500)ගෙවීමට නියම කැරිණි. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගාස්තුව පවුම් 4170 කට (රුපියල් 875700) වැඩි යැයි ද එම පුවත්පත කියයි. ටියුඩර් ගුණසේකර උසාවියේ තම වත්කම් පිළිබඳ බොරු කීවේයැයි ද සඳහන් විය. සිය මුණුබුරන් බැලීමට ලන්ඩනයට පැමිණි අවස්ථාවේ ඔහු මේ සිද්ධියට මුහුණ පෑවේය. ඔහුගේ නම ලිංගික අපරාධකරුවන්ගේ නාමලේකනයට ඇතුළු කරන ලෙසද විනිසුරු නියෝග කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
හරියට සල්ලි ගෙවලා පියයුරු ඇල්ලුවා නම් ඉවරයිනෙ. ලාබෙට වැඩ කරන්න ගියහම ඔහොම තමා. (නි)
අපේ අය යන තැනක රටේ නමත් කාලයි එන්නේ (ස)
ජයවේවා කමක් නැහැ
ඊයා වයසේ හැටියටද වැඩ. ලංකාවටත් එක්ක ලැජ්ජයි (ස)
මදැයි ඔයින් ගියා. (නි)
මෙන්න වැඩේ.. මෙයා මේ මාසෙ කන්න බොන්නවත් නැතිව ඇති පව්..!(නු)
විශිෂ්ට තානාපති සේවයක්..! පවුම් සියයකින් ජීවත් වෙන මිනිසා මසාජ් කරගන්න පවුම් 100ක් ගෙවලා.. ඒ මාසෙට කාලත් නැතිව ඇති.. පව්..!(නු)
ඔන්න ඔහොම තමයි කරන්න ඕනෑ. (නි)
නාකි විසේ ගෙටත් උසේ කිව්වලු (ස)
ප්‍රාදේශීය සභා නායක කමට සුදුසුකමක් ලබා ගත්තා වගේ.. (නු)
අනේ මේ අපේ හිටපු මහර මන්ත්‍රී තුමාද? කවුරු හරි මට කියලා දෙන්න.. එතුමාට අපි ඡන්දෙත් දීලා තියෙනවා.. අපි 1977 දී හිටපු සූරියආරච්චි මහත්තයාව පරද්දලා මෙතුමාව පාර්ලිමේන්තු යැව්වෙ අපිට සේවයක් කරන්න.!(නු)
බොහොම හොදයි ඡයාරූපයත් එක්කම දාලා තියෙනවා.. ඔහොම තමයි කරන්න ඕන.. හිතාගෙන ඉන්න ඇති නීතියක් නැති ලංකාවෙ වගේ වෙයි කියලා.. ඒත් පිටරටවල එහෙම නැහැ.. නිසි දඩුවම් දීලා වැරදි කරුවන් ප්‍රසිද්ෂ කරනවා ... ලැජ්ජා වෙන්න.. හොද වැඩේ.. නැහැදිච්චකම..!(නු)
මේ අවයවයක තියෙන වටිනාකම??? (නි)
මේ මහත්තයාට කරපු අපහාසයට අර සුදු නෝනට දඩුවම් දෙන්න ඕන.. අපේ මූනෙ දැලි ගෑවට අධිරාජ්‍යවාදී සුද්දන්නව අධිකරණයට ගෙනියන්න ඔන.. අපේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් ශික්ෂණය ලබාගත් කෙනෙක් මෙවගේ දෙයක් කරයි කියලා හීනෙකින්වත් හිතන්න බැහැ..!(නු)
හොද වැඩේ වයසටද වැඩ.. මේ වගේ අය තමයි අසරණ පුංචි දරුවන්ටත් ඉන්න දෙන්නෙ නැත්තෙ.. (නු)
දේශපාලනේට ආව ඔක්කොම එකයි..!(නු)
සීයා මනමාලයා.....ලංකාවේ දාන සෙල්ලම් එංගලන්තේ බෑ (ස)
නාකි විසේ ගෙටත් උසේ............ හොඳ ගාණකට තට්ටු වුණා නේද (ස)
එංගලන්තෙ එහෙම උනත්, ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.. නරක ලෙසට හැසිරෙන්නේ නෑ, අපෙ මුදලින් දඩ ගෙවන්නෙ නෑ. (නි)
ඔයාලා කොහොම කිවුවත් කොහොමද දෙයියනේ ඉවසගෙන ඉන්නේ? (නි)
රටේ නම වනසනවා (ස)
මේයා පියයුරු වලට ඔච්චර කෑදරද? නාකි විසේ ගෙටත් උසයි කිව්වලු. නමත් කාගත්තා.(ත)
නාකි විසේ ගෙටත් උසයි. ලංකාවේ නමත් කනවා. (ත)
වරදට දඩුවම (දී)
දෙයියෝ සාක්කි. මේ මොන අපරාධයක් ද මේ කරලා තියෙන්නේ. නාකි විසේ ගෙටත් උසයි කියන්නේ මේක තමයි.
මෙයා ලංකාවේ වගේ කියලා හිතාගෙන ඕක කරන්න ඇති. (ත)
එතකොට ඔයවගේ තැන් වල ඉන්නේ වැදත් ගෑනු ළමයින්ද ? (නොදන්න නිසයි අහන්නේ)
හොද චින්තකයෙක් වගේ, මෙහේ අවා නම් ලොකු තනතුරක් ගන්න තිබුනා. (ත)
හොද චින්තකයෙක් වගේ, මෙහේ අවා නම් ලොකු තනතුරක් ගන්න තිබුණා. (නි)
මේ වයසෙදිත් තියෙන ගතිය.. (නු)
ලංකාවේ නම් ඉහළින් තියන වැඩක්නේ කරලා තියෙන්නේ. ලංකාවේ වගේ හිතුවද දන්නේ නෑ. (ත)
නාකි විසේ ගෙටස් උසේ කියන්නේ මේවට තමයි. ඕවා ඔහේ වුණාට, අපේ ලංකාවේනම් එහෙම වෙන්නේ නෑ. (ත)
ලංකාවෙ පුරුද්දට එහෙම කරන්නැති. (ත)
පාර්ලිමේන්තු ගිය අයට තමන්ගේ වයස මතක නැති හැටි.. ලැජ්ජාවෙ බැහැ.. එංගලන්තෙ අය හිතනවා ඇති මේ වගේ නාකි අය මෙහෙමනම් අපි වගේ තරුණ අය කොහොම ඇතිද කියලා.. ලංකාවට ආපුවාම මෙයාට සැත්කමක් කරලා අවයව ඉවත් කරන්න වෙයි..!(නු)
නියමය් රටේ නම ඉහලින්ම තියල තියෙනවා. ආපසු දේශපාලනයට එන්න ... ඔබට හොඳ අනාගතයක් තියේවි මෙහෙ.
හොද වැඩේ. එයා හිතන්න ඇති මෙහෙ වගේ කියලා එහෙත්. (ත)
හොද වැඩේ එයා හිතන්න ඇති ලංකාවෙ ආණ්ඩුවයි නීතියයි තමා බ්‍රිතාන්‍යෙයත් තියෙන්නේ කියලා.. හොද වැඩේ..!(නු)
ඔබ සීයා කෙනෙක් නේද? රට ගැන හිතන්න. (ත)
අවුරුදු 77ක් ලු. ඔක්කොම එකයි. (ත)
ලංකාව අපකීර්තියට පත් නොකර වෙන මොනව හරි කරගත්තනම් හරි. (ත)
අන්න දඩුවම. ජීවිතේට ගෑනියෙක් දිහා බලන එකක් නෑ. ලංකාවටත් ඔය නීතිය ගෙනාවොත් රජයටත් හොද ආදායමක් හොයාගන්න පුළුවන්. (ත)
තමන්ගේ තත්ත්වය, වයස නොබලපු කෙනෙක්. (ත)
දරුවන්ටත් මුනුපුරන්ටත් අපේ රටටත් හරි ආඩම්බරයක්!!
ඇත්තයි. ඒත් පුදුමයි. තානාපති නමක් නෑවා. (ත)
මේ පුද්ගලයා රටටම නින්දාවක්. මේ අයට තානාපති කළේ ඇයි? ලංකාව මේ අයට රජ දහනක් වුණාට එංගලන්තේ ඔහොම නෑ. (ත)
ජයවේවා
අනේ මේ වගේ අසහන කාරයො ලංකාව වගේ රටක ඉන්නවාද? (ත)
මෙයාගේ වයස කීයද? ලංකාවට අවාම පරීක්ෂණයක් තියන්න වෙයි . හේතුව එංගලන්තයේ කාම අපරාධ කරුවෙක් ලෙස ලියාපදිංචි වෙන්න අධිකරණය යෝජනා කර ඇති නිසා. (ත)
නියමෙට සම්බාහනය කරලා තියනවා වගේ. (ත)
මදැයි දාගත්තු ලෙඩක්. (නි)
අයියෝ! ඉදලා වැඩක් නැහැ. මම නම් වහ කනවා. (නි)
සුද්දිට ලැජ්ජා හිතෙන්න ඇති. (නි)
තානාපතිට ඔය පොඩි පොඩි වැරදීම් වෙන්නේ පරණ පුරුද්ධට වෙන්න ඇති. ඕකට දඩ ගහන්න ඔනෙ නෑ. දුප්පත් වුණාම ගෙවන්න සල්ලි කෝ? (ත)
මේක අනිවාර්යයෙන්ම ෆික්ස් කරපු කෝර්ට් කේස්එකක්. සමහරක් සුද්දියන් අප්පිරියයි කලුමිනිස්සුන්ගෙ ඇගවල් අල්ලන්න.එයාලා හිතන්නෙ අපේ හම සෝදන්නෙ නැතිනිසා කලුපාට වෙලා කියල. අනික ගෑණිට දැන් නිකම්ම පවුම් 1000ක් ලැබුනනෙ. ඔය සුද්දො අපිව තඹදොයිතුවකට ගනන්ගන්නෙ නැහැ ඒකනෙ දෙන්නපුලුවන් උපරිම දඩුවම දුන්නෙ ඔච්චර පොඩි වරදකට. (ත)
අනේ අප්පේ කාපු පරිප්පුවක්.... (නි)
ඉස්සර කොල්ලෝ කියන්නේ සීයට මුකුත් බෑ කියලා. දැන් කාලේ වෙන දේවල් ඇහුවම මොකෝ බැරි .....(ස)
ඕක එච්චරටම ප්‍රශ්නයක්ද? (නි)
දරු මුණුපුරන්ට වගේම අපේ රටටත් හරි ආඩම්බරයක්! (නි)
මෙහෙම මිනිසුන් පිරුණු රටක ජීවත්වන නිසා තමයි අපි ගණිකා වෘත්තිය නීතිගත කරලා දෙන්න කියලා ඉල්ලන්නේ. (නි)
මට මහලු වයසේ බැරිය සම්බාහනය පෙරසේ.... කියලා පිනක් දහමක් කරගත්තා නම් ඉවරනේ. (නි)
චිකේයියා... (නි)
අපිට ලිපිනය කියන්නකෝ. අපි ඉතුරුටික බලාගන්නම්. (නි)
අයියෝ මාර සවුත්තුවනේ වෙලා තියෙන්නේ. (නි)
පවුඩර් මසාජ්ද? ඔයිල් මසාජ්ද ගත්තේ? අපිට පොඩ්ඩක් ඒක දැනගන්න ඕනෑ. (නි)
අයියෝ සල්ලි
මොනවටද මන්දා සුද්දන්ගෙ තැන්වලට රිංගන්නේ ඔහොම වැඩ වලට? (නි)
ඔයාලා කලබල වෙලානේ , සම්භාහනයෙදි නින්ද ගියා. හීනෙන් තමයි ඔය කියන දේ සිද්ධ වුණේ (ස)
77 පිරුණත් තාම කොල්ලා වගෙයි වැඩ නේද? (නි)
ඒකනේ අපේ මන්ත්‍රීවරු කියන්නේ ගණිකා වෘත්තිය නීති ගත කරන්න කියලා. ආසාව අඩුවෙලා යයි. (ත)
වයසත් ඒක්ක නිසා ඒ පුද්ගලයා වැටෙන්න ගිහිල්ල ලග හිටපු ළමයාව අල්ලා ගත්තාලු. අහුවෙලා තියෙන්නේ ළැම. ඉතින් මක්කරන්නද වැරදීමක්. (ත)
එහෙම කරනවා කවුද දැන්කේ? (ත)
ඔය සම්භාහන ආයතනවල වැඩකරන අයත් හොද අය නෙමෙයිනේ..?(නු)
චා.......චා...........චා..... ලංකාවේ අපිට ලැජ්ජාවේ බෑ (ස)
අනේ පව්! මිනිහට තිබ්බේ කාන්තා සම්බාහන ආයත්නයක් අඩු මිලට පටන් ගන්නයි.. හොඳට සල්ලි තියෙනවා වගේ.. ලංකාවට ඇවිත් එකක් පටන් ගන්න ..හොඳ ඉල්ලුමක් තියෙයි.. (ත)
සොනොට්ට් නිකන් මෝඩ කතා කියන්න එපා. මෙහෙ මසාජ් කරන තැන දෙජාතියක් තියෙනවා. පවුම 60 ට ලිංගික තෘප්තිය ගන්න පැය භාගේ තැන් තියෙනවා. වෙබ් අඩවියවලට ගිහින් බලන්න . මේ අනිත් නිත්‍යානුකුල තැන් වල ඉන්නේ ඩිප්ලෝම ගත් තරුණ තරුණියන්. එක වැදගත් රස්සාවක් මාත් ගෙවලා එවැනි ආයුර්වේද හා ස්වෙඩිෂ් මසාජ් අරන් තියෙනවා. (ත)
අපේ රටේ ඔය වගේ වැඩක් කරානම් රු.7000 විතර ශේප් වෙන්න තිබුණා (ස)
විදේශිකයෙක් අපේ රටේ ඔය වගේ වැඩක් කළානම් රුපියල් 7000ක් විතර තමයි ගෙවන්නේ.. එයාලට අපි තාමත් බයෙන් තමයි ඉන්නෙ... මතකයි නේද ඉතාලි ජාතිකයන් දැනට ගහපු දඩය.. අපේ අධිකරණයට ගිය කලක්..!(නු)
ශ්රී ලංකා තානාපති හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු හැටියට මෙය මොන තරම් සේවයක් කරන්න ඇත්ද කියල දැන් හිතා ගන්න පුළුවන්. (ස)
සම්බාහන ආයතනවල කරන්නෙ ව්‍යාපාරයක් මිනිසුන් යන්නේ වින්දනයක් ලබන්න.. ඔය කියන කාන්තාව කොහොම හිටියාද කියලා දන්නෙ නැහැනේ.. අපේ ඔය අදහස් දාලා තියෙන උපාසක මහත්තුරු ගියානම් මොනවා වෙයිද දන්නෙ නැහැ.. මෙයා වයස නිසා ඔයින් බේරුණා..!(නු)
සීයා මනමාලයා - නාකි ඉලන්දාරියා (ස)
වැරදි කරුවන්ට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම ගැන එංගලන්තයට අපගේ ප්‍රනාමය (ස)
ලංකාවෙදි නැති නීතිය එංගලන්තයේදී ක්‍රියාත්මක කිරීමට හැකිවීම ගැන සතුටුයි...එංගලන්තයට අපේ සුබ පැතුම් (ස)
ඕවා හොඳ පාඩම් (ස)
ඔන්න තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (ස)
ඡන්දේ දීපු අයට අප්‍රමාණ සන්තෝෂයක් ඇති වෙන්න ඇති (ස)
මේක මේ අහුවුන නිසා අපි දැනගත්තා.. තව මහජන වැටුපෙන් ඔයවැනි වැඩ කරන අය කොතෙක් ඉන්නවාද? මැදපෙරදිග එහෙම ඉන්නෙ කියලා වැඩක් නැති තානාපතිලා..!(නු)
ශ්‍යාමටත් ආයුර්වේද සාත්තුවක් ලැබිලා වගේ..!(නු)
ඇත්තටම එයා යටඇදුම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ප්‍රමාණය බැලුවාද දන්නෙ නැහැ..!(නු)
මෙහේ න්‍යායට අනුව මේ ගෑනු කෙනා කියයිද ඒක කරගත්තේ මමමයි කියලා (ස)
මෙයාව ලංකාවට ගෙනල්ලා රටට කරපු අපහාසයට වෙනම දඩුවම් දෙන්න ඕන..! එංගලන්තෙ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා.. (නු)
කොහොම උනත් වැදගත් වැඩක් (ස)
මෙයා මොකටද එයාගේ සම්බාහනය කරන්න ගියේ ? (ස)
සීයා මනමාලයා.............(ස)
අනේ මට අහු උනානම්! (නු)
ඕක තමයි අපේ ගොඩක් අය හිතන විදිහ. අපේ අතේ මොන වැරැද්ද තිබුණත්, සුද්දන්ට බණින එක තමයි කරන්නේ. පුදුමයි මේක බටහිර අධිරාජ්‍යවාදීන්ගේ, විදේශීය කුමන්ත්‍රණකාරයින්ගේ සහ කොටි හිතවාදී බළල් අත්වල වැඩක් නොකිවුවා... (නි)
ඔය නඩුව ලංකාවේ ඇහුවා නම් වැරදිකරු වෙන්නේ සම්බාහන ආයතනයේ අයයි. (නි)
අපිට අනිත් හරිය හිතා ගන්න පුළුවන්. (නි)
හරිම සන්තෝෂයි. මොනවා වුණත් ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබෙනවා කියන එක සුලුපටු දෙයක්ද? (නි)
හැට පැන්නත් වඳුරා බිම නොවෙයි (ස)
අපෝ හැමෝම ඔය වගේද දන්නේ නෑ (ස)
යුරෝපීය රටවල ගැහැණුන්ට තිබෙන බලය අති විශාලයි. (නි)
බැරිද අපිට එයාව පොඩ්ඩක් මුණගැහෙන්න (ස)
අයියෝ සල්ලි
මදැයි අනවශ්‍ය එවුවා අල්ලන්න ගිහින් කරගත්තු අකරතැබ්බයක්? (නි)
කොච්චර ලොක්කෙක් වුණත් තාම වැඩක් හරි හැටි වැඩක් කර ගන්න දන්නේ නෑ වගේ (ස)
එයාට විරුද්ධව ලංකාවේ කාගෙන්වත් පැමිණිලි නැද්ද දන්නෙ නැහැ. (නි)
ලංකාවෙත් නඩුවක් දාන්නයි තියෙන්නේ. මම ජීවත් වන්නෙ එන්ගලන්තයේ. අපට ලංකාවේ කියලා කියන්නත් ලෑජ්ජයි නෑත්නම්. (නි)
අනේ නිකන් ඉනින අධිකාරී (ස)
අයියෝ සල්ලි
බුදුදහම අනුව වැරදිකරුවන්ට දඩුවම් ලැබෙනවාමයි. (නි)