(මනෝප්‍රිය ගුණසේකර, සිතුම් චතුරංග සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
රිය අනතුරක් කොට ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙනන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රිරංගා මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී කොහුවල පොලිසියේ නිලධාරීන් විසින් අද (17) අත්අඩංගුවට ගන්නා ලදී.
නඩුවේ විත්තිකාර ජේ.ශ්‍රිරංගා මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් වවුනියාව (මන්නාරම) මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නිකුත් කළ වරෙන්තුවකට අනුව කොහුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.
රෝගී තත්වයක් හේතූවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගනිමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ජේ.ශ්‍රිරංගා මහතා අධධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් සැරයන්වරයකුගේ මරණය සිදුකිරීම හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ජේ.ශ්‍රිරංගා මහතා නඩු විභාගයට ඉදිරිපත් නොවීම සහ නඩුවේ සාක්කිකරුවකු බියවද්දා ඔහුට තර්ජනය කළැයි කියමින් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සළකා බැලු විනිසුරුවරයා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කළේය.
2011 මාර්තු 30 වැනිදා වව්ුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් සැරයන්වරයකගේ මරණය සිදු කෙට සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරය විසින් ජේ.ශ්‍රී රංගා මහතාට එරෙහිව වවුනියාව මහාධිකරණයේ නඩු පවරන ලදී.
මෙම නඩුවකට අදාලව සාක්ෂි ලබාදුන් දෙදෙනකුට විත්තිකාර ජේ.ශ්‍රිරංගා මහතා විසින් දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කොට ඇති බවටත් පසුව සාක්ෂිකරුවන් වෑන් රථයක නංවා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඔවුන්ට බලපෑම් කළ බවටත් ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්හ.
ඒ අනුව ඔහු වහාම අතත්අඩංගුවට ගන්නා ලෙස නියයම කරමින් මහාධිකරණ විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළේය.
ඒ වන විට රෝගී තත්වයක් හේතූවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගනිමින් සිටි ජේ.ශ්‍රිරංගා මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රි රංගා අත්අඩංගුවට
Lalla Saturday, 18 March 2023 10:08 AM
සිංහල, දෙමළ වෙනසක් නෑ. දේශපාලන උණ කාගේත් එකවගේ ජනප්‍රිය චරිත බලුවෙන හැටි...!
Hafeel Saturday, 18 March 2023 04:12 PM
ඔහු මාධ්‍ය වෙදියක් වුණාට, ඔහු ළඟ තියන්නේ දේශපාලුවන්ට තියන නරක ගති ගුණය තමයි. ඒ නිසානේ අධිකරණයේ මගහැරවීම, බොරුවට ලෙඩ වෙමින් රෝහල් ගත වුණා.. සාක්ෂිකරුවන් බියවැද්ද වීම. හැබැයි දේශපාලන සංවාදවලදී ඔහු ප්‍රශ්න අහන විදියට, ඔහු වගේ පිරිසිදු චරිතයක් මේ ලෝකේ නැහැ වගේ. එම මාධ්‍ය ආයතනයටත් හොඳ නැහැ මෙයාව තියන් ඉන්න එක...