සිතුම් චතුරංග
වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් ප්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන්වරයකු මියයෑම සම්බන්ධයෙන් වවුනියාව මහධිකරණයේ විභාගවන නඩුවකට අදාල සාක්ෂි කරුවන් වෙත බලපෑම් කිරීම හා බියවැද්දීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්රිරංගා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස වවුනියාව (මන්නාරම* මහාධිකරණ විනිසුරු මොහොමඞ් නිහාල් මහතා වරෙන්තු නිකුත් කළේය.
සිය නිල රථයෙන් 2011 වසරේ මාර්තු 30 වැනිදා වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් ප්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන්වරයකු මියයෑම සම්බන්ධයෙන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් අධිචොදනා ලැබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතාට එරෙහිව වවුනියාව මහධිකරණයේ විභාගවන නඩුවකට අදාලව සාක්ෂි ලබාදුන් දෙදෙනකුට ඔහු විසින් දුරකථන ඇමතුම් ලබාදී පසුව සාක්ෂිකරුවන් වෑන් රථයක නංවා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් බලපෑම් කිරීම පිළිබ`දව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිදුකළ අනාවරණයක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළේය.
හිටපු මන්ත්‍රීවරයා තම පෞද්ගලික කටයුත්තක් සඳහා මැදවච්චිය සිට සෙට්ටිකුලම මැණික්ෆාම් ප්‍රදේශයට ගමන්කරමින් සිටියදී තම ලියාපදිංචි නොකළ ජිප් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව සෙට්ටිකුලම රෝහලෙහි තාප්පයේ ගැටී රියදුරු අසුනට වම්පස සිටි සැරයන්වරයා වූ අලව්ව, නවතල්වත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු පියකුවූ සැරයන් ජි.උදය ජයමිණි පුෂ්පකුමාර නිලධාරියා මිය ගියේය .
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු මන්ත්‍රී ශ්‍රී රංගාට වරෙන්තු