IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හිටපු මහ බැංකු අධිපති අත්අඩංගුවට ගන්න වරෙන්තු

ෂෙහාන් චාමික සිල්වා

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) වරෙන්තුවක් නිකුත් කළාය.

මීට පෙර අධිකරණය විසින් මහ බැංකු බැඳුම්කර මුල්‍ය වංචාව පිළිබඳව පවත්වනු ලබන මහේස්ත්‍රාත් විමර්ශනයේ පළමු සැකකරු වන මහේන්ද්‍රන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට කරන ලද නොතීසි ප්‍රකාරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී නොසිටිම පිළිබඳ සළකා බලමින් මෙම නියෝගය නිකුත් කැරිණි.

මීට අමතරව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන  මහතා මාර්තු 29 වැනි දා දක්වා රිමන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග කළාය.



අදහස් (21)

හිටපු මහ බැංකු අධිපති අත්අඩංගුවට ගන්න වරෙන්තු

Mahee Thursday, 15 March 2018 07:40 AM

ඇයි, මුන්නහේව ඕන වෙලාවක ලංකාවට ගෙන්වල දෙන්න කෙනෙක් පොරොන්දු වෙලා හිටිය නේද?

:       178       1210

saman Thursday, 15 March 2018 08:32 AM

ඇති යාන්තම්..............ටිකක් කරදර වෙයි හැබැයි මොකද එකා දැන් කොහේ හරි හැංගිලා ඇත්තේ.....

:       0       80

පිටිගල මිලානෝ Thursday, 15 March 2018 08:33 AM

අධිකරණයේ තීන්දුව ඉතාමත්ම ප්‍රශංසනීයයි. මොහුව අත් අඩංගුවට ගෙන නඩුව ඉවරවෙන තෙක් රිමාන්ඩ් භාරයේ තබා ගන්න.

:       101       418

Ranjith Silva Thursday, 15 March 2018 08:46 AM

ඔය මිනිහව මෙහෙට අරන් ආපු එක්කෙනාට මොකවත්ම කරන්න බැරිද. අහකයන නයි රෙද්ද අස්සේ දා ගෙන අපිට ගෙවන්න කියනවා.

:       71       1121

chamal Thursday, 15 March 2018 09:03 AM

හානේ හොරගෙඩිය. මේ කලබල අස්සේ අමතක වෙලාම ගියානේ..............

:       2       580

wele suda Thursday, 15 March 2018 09:06 AM

කොහොමද කොමිසමට ඇවිල්ල සුද්ද වන්තයෝ වගේ කතා කරපු ලස්සන. අපිනම් දැන ගත්තා මෙය පට්ට හොරෙක් කියල

:       0       0

saman Thursday, 15 March 2018 09:15 AM

මෙන්න මේවට තමා කියන්නේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහනවා කියල

:       0       0

palitha Thursday, 15 March 2018 09:32 AM

අධිකරණ තීන්දුව ප්‍රශංසනීයයි! හැබැයි අත්අඩංගුවට අරන් මාසයක් අතුලේ තියල, රු ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත නිදහස් කරා කියන්න එපා පස්සේ හොඳේ. ඔය වෙච්ච අලාභය සම්පූර්ණයෙන් ඔය අදාල පුද්ගලයන්ගෙන් අයකරගන්න ඕන. ඔය මංකොල්ල කාපු සල්ලි රටේ අහිංසක මිනිස්සුන්ට ගෙවන්න බැ.

:       0       0

සතයපාල Thursday, 15 March 2018 11:03 AM

අශ්වයාට පැනලා යන්න ඉස්තාලයේ දොර ඇරලා දැන් හොයන්න.. මහන්සිවෙනවා. මෙහෙම කරන්න ඕනේ නැහැනේ! නීතිපතිට තිබුණා මොහු විදේශ ගතවෙන එක වළක්වන්න.. එහෙම කළේ නැහැ. සාමානය මිනිහෙක් පොල් ගෙඩියක් හොරකම් කරත් මාස ගණන් රිමාන්ඩ් එකේ ඉන්නවා. නඩු අහලා ඉවර වෙනකම් අගමැතිගේ යාළුවට නීතිය නැවෙන්නේ මෙහෙම නම් අගමැති ගැන කවර කතාද?

:       0       0

amal Thursday, 15 March 2018 11:10 AM

කරුණාකර මහබැංකුවේ වත්මන් පාලකයා ඉවත් කරන්න. ඉන්ද්‍රජිත් මහතා. ඔහු ද කැනේඩියානු පුරවැසියෙකි. ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාවක් දෙන්න. අපගේ මිනිසුන්ට සුදුසුකම් තිබෙනවා.

:       0       0

ASANGA Thursday, 15 March 2018 01:10 PM

අල්ලයි නැට්ට දැන්....

:       0       0

saman k Thursday, 15 March 2018 01:28 PM

කලබල ඇති කලේ ඒ අදහසින් නොවැ....

:       0       0

ඒකධිපති Thursday, 15 March 2018 05:16 PM

සියලු හොරුන්ට සමානව සලකන්න. කාරුණිකවන්න. ඔවුන් සැමට අර්ජුන්ට මෙන් සලකන්න. සැමට එක නීතියක් ලබාදෙන්න....

:       0       0

Perera Thursday, 15 March 2018 05:55 PM

තව පස් හය දෙනෙකුට ආණ්ඩුව ගානේ රට යන්න පොටක්.

:       0       0

Sanath Thursday, 15 March 2018 07:37 PM

වරෙන්තුව නිකුත් කෙරුවට ඔහුව සොයාගන්නේ කොහොමද?

:       0       0

Appuhami Thursday, 15 March 2018 08:22 PM

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ.

:       0       0

ranjith Thursday, 15 March 2018 11:34 PM

අපේ රටට මේ තරම් විනාසයක් කරපු මේ පුද්ගලයා තවමත් නිදැල්ලේ

:       0       0

Ajith Nissanka Friday, 16 March 2018 03:26 AM

අර පොලිසියේ අය සැකකරු අත්අඩංගුවට ගන්න බැරි උනහම ඔහුගේ ළගම පවුලේ කෙනෙක් ඇපයට තියාගන්නවා වගේ මෙයා එනකම් එයාගේ ළගම හිතවතා වන අගමැතිතුමාව තියාගන්න බැරිද දන්නේ නැහැ!

:       0       0

Aluthgama A. Samathasena. Friday, 16 March 2018 06:27 AM

දිගටම අධිකරණය මගහැරියොත් තහනම් කොට තියෙන මෙයාගේ දේපළ රාජසන්තක කලානම් මුදලයි පොළියයි දෙකම ලැබෙනවා. කවදාහරි එයාවත් කොටුකර ගන්න පුළුවන් වේවි. ඒත් පුදුමය කියන්නේ, මුළු රටම අද කතා කරන්නේ මේ ගැන විතරයි. අනෙක් මහා පරිමාණ හොරුන් නිදැල්ලේ සිටිනවා. ඒ අයගේ දේපළ තහනමක් ගැන කිසිම කතාවක් නැහැ.ඒ අයගේ දේපළත් තහනම් කොට ඉක්මනින්ම අධිකරණයට කැඳවීම ඉතාම වැදගත් දෙයක් වෙනවා.

:       0       15

Bamunuarachchi Friday, 16 March 2018 09:25 AM

අධිකරණ තීන්දුව ප්‍රශංසනීයයිලු. තීන්දුව ප්‍රශංසනීය වෙලා වැඩක් තිබෙනවාද? යාලුවෝ මෙයාව අල්ලන්න ඉඩදෙන්නේ නැතිනම්...

:       0       0

Bamunuarachchi Saturday, 17 March 2018 03:24 PM

"දිගටම අධිකරණය මගහැරියොත් තහනම් කොට තියෙන මෙයාගේ දේපළ රාජසන්තක කලානම් මුදලයි පොළියයි දෙකම ලැබෙනවා. " මෙයාගේ දේපොලක් ලංකාවේ කොහෙද? මෙයත් අනිකුත් අයවගේ ලංකාවට ආවේ හිස් අතින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 763 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site