IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හිටපු හමුදා ලොක්කෙකුට එරෙහිව පැමිණිල්ලක්

විශ්‍රාමික හමුදා ලොක්කකු තම බෙල්ලෙන් අල්ලා තර්ජනය කළ බව කියමින් කොළඹ ප්‍රධාන පෙළේ පාලසක සාමාන්‍යපෙළ සිසුවකු අද කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

පසුගිය බදාදා මෙම සිදුවීමට තමා මුහුණ දුන් බවත්, සාමාන්‍ය පෙළ විභාගය පැවැති නිසා පොලිසියට ඒමට නොහැකි වූ බවත්, අද සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම පොලිසියට පැමිණි බවත් සිසුවා සදහන් කර ඇතැයි පොලිස් ආරංචි සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ විභාගය අතරතුර විවේක කාලයේදී වාහනයකින් පැමිණි එම ලොක්කා තම බෙල්ලෙන් අල්ලා ‘ඇට කුඩුකරනවා‘ යැයි කී බව ද, පාසලේ ගුරුවරියක පැමිණ තමා තවත් ටික වේලාවකින් විභාග ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීමට සිටින බව කියමින් තමා බේරා ගත් බව ද, ඉන් පසු දැඩි බිය නිසා මානසික පීඩාව නිසා ප්‍රශ්න පත්‍රයට හරි හැටි පිළිතුරු ලිවීමට නොහැකි වූ බව ද සිසුවා පවසා ඇතැයි පොලිස් ආරංචි පවසයි.

තමාට එරෙහිව එම හිටපු හමුදා ප්‍රධානියාගේ ඥාති දරුවකු පැමිණිල්ලක් කර ඇති බව පසුව දැන ගත් බව ද, ඔහුගේ ඥාති පුත්‍රයා යම් සිදුවීමකට මුහුණ දී ඇතැයි දැනගත්තට තමා ඊට කිසිදු සම්බන්ධයක් නැතැයි ද සිසුවා සඳහන් කර තිබේ.

හිටපු හමුදා ප්‍රධානියාගේ ඥාති දරුවකු ද මේ සිසුවාද ඇතුළුව සිසුන් සිව් දෙනකුට එරෙහිව පොලිසියට පැමිණිලි කර ඇතැයි ද, මේ සිසුන් තමාට පහර දුන් බව එම පැමිණිල්ලේ සදහන් වී ඇතැයි ද, පහර කෑම නිසා ප්‍රතිකාර ලබා ගැනීමට ගිය බව ද සිසුවා සදහන් කර ඇතැයි පොලිසිය කියයි. 

මේ අතර හමුදා ප්‍රධානියාගේ ඥාති දරුවකු තමන්ට විරුද්ධව අසත්‍ය පැමිණිල්ලක් කර ඇතැයි තවත් සිසුන් තිදෙනකු අද පොලිසියට ප්‍රකාශ දී ඇතැයි පොලිසිය කියයි. පාසල අවට සීසීටීවි ඇත්නම් ඒවා පරීක්ෂා කළොත් සත්‍ය වටහා ගත හැකි බව ද සිසුන් සදහන් කර තිබේ. තමන්ට අද පොලිසියට එන ලෙස දැනුම් දී තිබුණු නිසා පෙර දින සිට දැඩි බියකින් සිටි බවත්, අද විභාගයට මුහුණ දුන්නේ ද බියෙන් බවත් සිසුන් කියා තිබේ.

මෙම සිදුවීම බොහෝ දෙනකු ඇසින් දුටු බවත්, සිදුවීම සනාථ කිරීමට තවත් සාක්කි ඉදිරිපත් කළ හැකි බවත් හමුදා ප්‍රධානියාගෙන් පහර කෑ සිසුවා සහ අනෙක් සිසුන් තිදෙනා   පවසා ඇතැයි පොලිසිය කියයි.

උසස් පොලිස් නිලධාරියකු කීවේ මේ ගැන අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන බවයි.

මෙම හිටපු හමුදා ලොක්කා කවුදැයි පොලිසිය සදහන් කළේ නැත.  හමුදා ලොක්කා කවුදැයි පොලිස් ආරංචි ප්‍රකාශ නොකළ නිසා ඔහුගෙන් විමසීමට නොහැකි විය.

 



අදහස් (0)

හිටපු හමුදා ලොක්කෙකුට එරෙහිව පැමිණිල්ලක්

පෙයරිස් Saturday, 17 December 2016 12:37 PM

අනේ මෙහෙමත් දේවල්! තමන්ගේ තනතුර ගැනවත් හිතලාද? (නි)

:       0       0

නවීන් Saturday, 17 December 2016 12:51 PM

වෙන කවුද ඉතින්? අපි නම් දන්නවා (නි)

:       0       0

යොහාන් Saturday, 17 December 2016 01:21 PM

පසුගිය කාලේ වීරයෙක් වුණ කෙනෙක් නේද? (නි)

:       0       0

උපුල් Saturday, 17 December 2016 01:42 PM

ආ මේ අහවලානේ! (නි)

:       0       0

දමිත් Saturday, 17 December 2016 01:49 PM

මේ කියන්නේ අර අහවල් වීරයා ගැනනේ. වීරයෙක් වගේ ඇවිල්ලා සා පෙළ විභාගයට ඉන්න ළමයෙකුගේ බෙල්ලෙන් අල්ලලා තර්ජනය කරලා. අනේ මගේ ළමයෙකුට එහෙම ඔය දේ කළා නම් දන්නවා කරන දේ (නි)

:       0       0

රොහාන් දයාදර Saturday, 17 December 2016 02:35 PM

අපරාදේ! චණ්ඩි වැඩ නිසා නිකන් සවුත්තු වුණා. වීරයෝ ඉන්න ඕනෑ වීරයෝ විදියට. පොඩි දරුවන්ට පාට්‌ දාන්න නරකයි (නි)

:       0       0

ඉලේපෙරුම Saturday, 17 December 2016 02:39 PM

හමුදා ලොක්කා කවුරුන්දැයි කියා රටම දන්නවා (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 17 December 2016 02:46 PM

අපි බලමුකෝ දැන් නාවික හමුදාපති විරුද්ධව කතාකළ අය මේ සිද්ධියේදී මොකද කරන්නේ කියලා (නි)

:       0       0

සුසිල් Saturday, 17 December 2016 03:05 PM

මේවා වැඩිදුර යන්න දෙන්නෙ නැතුව වරදක් කරලා නම් දඬුවම් දිය යුතුයි. නැත්නම් වැඩිකල් නොගිහින් රණවිරු ලේබලයෙන් අපේ ගෙදරටම ඇවිල්ලා ගහලා යයි (නි)

:       0       0

බන්දුල Saturday, 17 December 2016 03:05 PM

මේ දවස් වල රණවිරුවන්ට හරි අපලයි වගේ (නි)

:       0       0

සමන් Saturday, 17 December 2016 03:11 PM

නම් ගම් ඔක්කොම ප්‍රසිද්ධ වෙලා ඉවරයි. ළමයි අතර ප්‍රශ්නයක් නම් පොලිසියට ගිහින් ඒක විසඳගන්න ඕනෑ. මෙහෙම චණ්ඩි පාට් දාන අය මොන රණවිරුවොද? දැන් මේගොල්ලො රණවිරු ලේබලය ආයුධයක් කරගෙන. (නි)

:       0       0

රෝහිත Saturday, 17 December 2016 03:35 PM

දැන් නියමයි. වාත අමරුවකටත් පොලිසි ගිහින් කට්ටිය පැමිණිලි කරනවා. කරලා ප්‍රසිද්ධියකුත් ගන්නවා. හරියට පොලිසියටත් වෙන වැඩ නැතුව වගේ. (නි)

:       0       0

ධම්ම Saturday, 17 December 2016 04:07 PM

මේකට තමා 'යහපාලනය' කියන්නේ. (නි)

:       0       0

චන්න Saturday, 17 December 2016 04:33 PM

එයාලට තනතුරේ උණ හැදිලයි තියෙන්නේ (නි)

:       0       0

චරිත Saturday, 17 December 2016 04:36 PM

කවුද කියලා අපි නම් දන්නවා (නි)

:       0       0

රොහාන් Saturday, 17 December 2016 08:07 PM

හමුදා නිලධාරියෙක් විදියට පොඩි ළමයෙකුට ගහන්න එයිද කවුරු වුණත්? (නි)

:       0       0

සෙනෙවි Sunday, 18 December 2016 12:44 PM

හමුදා නිලධාරියාට කර ඇත්තේ සැලසුම් සහගත බොරු චෝදනාවක් දැයි සොයා නොබලා ඔහුව උස්සලා පොලොවෙ ගහන්න තරම් වීර කතා කියන අය උතුරේ යුද්ධයට යවන්න තිබ්බා කොටි දැක්කාම මළ පහ වෙන හැටි බලන්න (බ)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Saturday, 17 December 2016 11:15 PM

එහෙනම් හමුදා ලොක්ක කියලා තිබුනේ මේ සිදුවීම වෙනකොට ඔහු ලංකාවේ හිටියෙත් නැහැ කියලා....? අර රහත් වෙලා වගේ මේ ලොක්කටත් ඇති මොකක්හරි බලයක් ඕනෑ ඕනෑ තැනකට මාරුවෙන්න (නි)

:       0       0

සී.කේ. ලංකාපුත්‍ර Sunday, 18 December 2016 12:47 AM

අයියෝ! දැන් මුළු රටම දන්නවා. අනේ මෙහෙමත් රණවිරුවෝ. ලැජ්ජයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 18 December 2016 12:57 AM

එකක් ඉවරවෙනකොට තව එකක් (නි)

:       0       0

සෑම් Sunday, 18 December 2016 01:25 AM

මේ කියන හමුදා ලොක්කාගේ නම මේ පුවතේ නැතිවුණාට අපි ඉතින් දන්නවනේ. ඒ විතරක්ද, එතුමා ඔය කියන දවසේ රටේවත් හිටියේ නැහැ කියලත් තියෙන්නේ. තාක්ෂණය දියුණු අද කාලේ බොරු කියලා බේරෙන්න අමාරු බව තේරෙනකොට පරක්කු වැඩියි (නි)

:       0       0

සෑම් Sunday, 18 December 2016 01:27 AM

පැමිණිල්ල දාන්න කලින් මේ පොලිසිය "හරි පොලිසියද , වැරදි පොලිසියද" කියලා හොයා බැලුවාද දන්නේ නැහැ (නි)

:       0       0

සත්‍යයා Sunday, 18 December 2016 01:29 AM

මෙතුමා හමුදා ලොක්කෙක්? මට පෙනෙන විදියට මහින්දගේ ආරක්ෂාවට හිටි එක්කෙනෙක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

රොහාන් දයාදර Sunday, 18 December 2016 01:52 AM

ඔය කියන ලොක්කා මගේ දරුවෙකුට එහෙම අතක් උස්සලා තිබුනානම් අම්මපා උස්සලා පොළොවේ ගහනවා. මොවුන්ට අතේ පයේ හිරි අැරගන්න නොවෙයි අපි දරුවෝ හදන්නේ. (නි)

:       0       0

පහන් Sunday, 18 December 2016 01:58 AM

කොල්ලන්ට චණ්ඩි පාර්ට් දාන්නේ වැදගත්කමක් නැති නිසානේ. නිසි දඬුවම් ලැබියයුතු වරදක් (නි)

:       0       0

පාලිත Sunday, 18 December 2016 03:20 AM

තාමත් පරණ උණ රෝග තිබුන අය ළඟ කබාය ගැලෙව්වත් එක අඩුවෙලා නැහැ. දැන් අරගොල්ල කියන්නේ රණ විරු දඩයම කියල. කව්රු මොනවා කිව්වත් උපරිම දඬුවම් දෙන්න ඕනෑ. (ත)

:       0       0

ටිකිරි -නුගේගොඩ Sunday, 18 December 2016 04:14 AM

අසරණ පාසල් දරුවෙකුට කළ බියගුළු නිවට ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිමි. (ත)

:       0       0

උපාලි Sunday, 18 December 2016 04:39 AM

මේ පුවත සත්‍ය නම් තරාතිරම නොබලා දැඩි දඩුවමක් දිය යුතුයි.යුද්ධය නිමා කිරීම කෙසේ වෙතත් යුද්ධය තිස් වසරක් තිස්සේ ඇදී ගියේ මෙවැන්නන් උතුරේදීත් කළ ඇති මෙවැනි වරදවල් නිසා බව පැහැදිලියි. (ත)

:       0       0

සවින්ද Sunday, 18 December 2016 04:52 AM

වෙබ්වල නම තියෙනවා. ඒ නිසා බය නැතිව දමන්න. අරහේ වීරයා කියලවත් දමන්න. (ත)

:       0       0

අතුල Monday, 19 December 2016 03:35 AM

සෙනවි, ඔයාට දුක නම් ඒ හමුදා නිලධාරියා ගැන ඔයා බලාගන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 353 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 533 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 329 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 273 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 868 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 172 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site