IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


හිටපු හමුදාපතිට එරෙහි පෙත්සම විසිවෙයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

තරුණයින් 11 දෙනෙකු  පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින්  හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ  ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට  නීතිපතිවරයා  ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම තරුණයින්ගේ දෙමව්පියන් ගොනු  කල රිට් පෙත්සම විභාගයට නොගෙනම  නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද  ( 10) තීන්දු කළේය.

ඒ අනුව පෙත්සමෙහි  වගඋත්තරකරුවන් ට නොතීසි නිකුත් කිරීම ද ප්‍රතික්ෂේප කරන ලදි.

අදාළ නියෝගය නිකුත් කිරීම සඳහා  පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ  කැඳවනු ලැබිණි. 

පුද්ගලයකු ට එරෙහිව අධිචෝදනා  ඉදිරිපත්  කිරීමේ හෝ නොකිරීමේ  අභිමතානුසාරී බලය නීතිපතිවරයා සතුවන බැවින්   අධිකරණය ඊට  මැදිහත් නොවන බව  එහිදී  නියෝගය ඉදිරිපත් කරමින්  අභියාචනාධිකරණ විනිසුරු  සෝභිත රාජකරුණා මහතා සඳහන් කළේය.

මෙම පෙත්සම විභාගයටගැනීමට තරම්  නඩු නිමිත්තක්  ඉදිරිපත් කිරීමට  පෙත්සම්කාර  පාර්ශවය  සමත් වී නැති  බව ද එහිදී  සඳහන් කෙරිණ.

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත  කරන්නාගොඩ මහතාට එරෙහි  අධිචෝදනා  පවත්වාගෙන  නොයාමට හේතු වූ කරුණු ඇතුළත්ව නීතිපතිවරයා ඉදිරිපත් කල  රහසිගත    වාර්තා දෙකක්   අධිකරණය  සලකා බැලූ අතර    ඔහුට එරෙහිව  අපරාධ චෝදනා පවත්වාගෙන යාමට තරම්  සාධාරණ  හේතු   නැති බව එහි  සදහන් වන බව  ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව  පෙත්සම ඉවත දමන  බව විනිසුරු මඩුල්ල සදහන් කලේය.

සරෝජා ගෝවින්ද සාමි නාගනාදන් හෙවත් එම්.සරෝජනී  පෙරේරා,  ජමාල්ඩීන් ජෙනී ෆස්ලීන්ජෙනිෆර්  වීරසිංහ,  දොන් මර්වින් ප්‍රේමලාල්  වීරසිංහ, අමීන්තුල් ජිෆ්රියා සාබ්දීන් මෙම  පෙත්සම්  කරුවෝ  වෙති.

නීතිපතිවරයා  සහ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා මෙහි වගඋත්තරකරුවෝ වෙති.
හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්  වසන්ත  කරන්නාගොඩ මහතා ට එරෙහිව ඇති අධිචෝදනා ඉවත් කර ගැනීමට   නීතිපති වරයා ගත් එම තීරණය  අසාධාරණ,  අත්තනෝමතික  නීතිවිරෝධී  තීරණයක් වන බැවින්  එය  අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් කරන ලෙස ද විත්තිකාර  හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ට එරෙහිව ගොනු කර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන ලෙස  නීතිපතිවරයා ට බල කරන  රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පෙත්සම්කරුවන්  වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ, සහ නීතීඥ අචලා සෙනෙවිරත්න  පෙනී සිටියහ.

වගඋත්තරකාර  හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතා ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා  සහ නීතීඥ  සුගත් කලදේරා  පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක  සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.



අදහස් (5)

හිටපු හමුදාපතිට එරෙහි පෙත්සම විසිවෙයි

Rocky Wednesday, 10 November 2021 03:15 PM

මේ රටේ නීතියට අයිතිකාරයන් සිටින බව දැන් නම් ඉහලින්ම පෙනේ

:       1       20

Ratne Wednesday, 10 November 2021 03:24 PM

හිටපු නීතිපති විශ්‍රාම යාමෙන් පසු, ව්‍යාජ හේතු පෙන්වමින් මිනීමරුවන්, දූෂිතයින්, වංචනිකයින් නිදහස් කිරීම ක්ෂණිකව වැඩිවී ඇත...

:       1       4

fairoos Wednesday, 10 November 2021 03:29 PM

තවත් ඡන්ද ප්‍රතිඵලයක්.... සර් ආපු දා ඉඳලා නඩුටික ඉවරයි...

:       1       3

දාස Wednesday, 10 November 2021 05:25 PM

මීනිමරුවන්ට, අපරාධකාරයින්ට නීතිය පිහිටුවන එකම රට...

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 November 2021 07:45 PM

11 දෙනෙකු මරා දැමූ නඩුවක තීන්දුවට රටක නීතිපතිවරයෙකු මෙසේ සාධාරණය ඉටුකරනා විට ලෝකයේ ශිෂ්ඨයයි සම්මත මිනිසුන් මේ රටට තව තවත් ගරු කරාවි. අනේ..! දප්පුල ද ලිවේරා මහතා හිටියා නම් මෙහෙමම වෙන එකක් නැහැ කියලා හිතෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 6 0

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 312 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 643 0

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 322 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල


රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
2024 නොවැම්බර් මස 18 2097 2

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි
2024 නොවැම්බර් මස 18 989 1

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි


වැඩි දෙනා කියවූ පුවත්




අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 19622 23

රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18832 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 358 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 635 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1816 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site