ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳ නඩු විභාගයේ දී අවිස්සාවේල්ල උසාවිය මගින් සඳුදා (19) ඇප ලබාදුන් විත්තිකරුවන් සිව්දෙනාගේ ඇප නියෝග මෙතෙක් හෝමාගම උසාවියට ලැබී නැති බව කියමින් ඔවුන් යළි රිමාන්ඩ් භාරයේ තැබීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (20) නියෝග කළේය.
ඒ අනුව යළි ලබන 22 වැනිදා ඔවුන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඔවුන් සිව්දෙනාට අමතරව නඩුවට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි තවත් සිව් දෙනකු අද උසාවියට ගෙන එනු ලැබූහ.
ලුතිනන් චාමින්ද කුමාර අබේරත්න, මාණ්ඩලික සැරයන් සෙනෙවිරත්න මුදියන්සේලාගේ කණිෂ්ක ගුණරත්න, මාණ්ඩලික සැරයන් අයියසාමි බාලසුබ්‍රමනියම් නොහොත් රවී සහ සැරයන් දංගහගමරාළලාගේ තරංග ප්‍රසාද් ගමගේ යන විත්තිකරුවන් ඇප මත මුදා හරින ලෙස අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අමල් තිලකරත්න මහතා සඳුදා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ලංකාවේ උසාවි වල ඇත්ත තත්වය ඕක තමා (නි)
දැන් කොහොමත් රට ගැන හිතන මිනිසුන්ට කරදර වැඩියි (නි)
කඩේ යන නිසා නොව, වැඩේ යන හැටි හරි නැති නිසයි රට වළපල්ලට යන්නේ (නි)
සුසිල් දන්නවා වාගෙයි මොකද වුණේ කියලා. ඉතින් එයාට කියන්න සාක්කි දෙන්න කියලා. (නි)
සුසිල්ලා, ජගත්ලා වගේ කඩේයන්නෝ ඉන්නකන් මේ රට වළේම තමයි! (නි)
සුසිල්, මොනවා කරන්නද? නුඹා වගේ අයට තේරුම්කරලා දෙන්න මුහුණට මුහුණ හමුවෙන්නේ නැහැනේ. (නි)
සුසිල්,100%ක් නිවැරදියි. ඒක තමයි නියම සත්‍යය. (නි)
සුසිල් දන්නවානේ, සාක්ෂියට කැඳවන්නයි තියෙන්නේ. එතකොට ඔයතරම් කරදර වෙන්නත් උවමනා නැහැනේ. (නි)
අඩුම තරමේ තමුන්ගේ නමටවත් ගරුකරන "දහමක්" මෙහි ප්‍රතිචාර දක්වා ඇති සමහර මහත්වරුන්ට නොමැතිවීම කණගාටුවට කරුණකි. ජාති ප්‍රේමය ඉහවහා යන අයට ‘දහම්‘ අමතකවීම බොහෝවිට අපට දකින්නට ඇත. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ! අනේද කියන්නේ, (බ)
සුසිල්, නුඹ වගේ අය මේ රටට බරක් (නි)
සුසිල්, මොනවාද මේ කියවන්නේ? (නි)
මේ නියෝගය ශ්‍රී ලංකා තැපැල් සේවයෙන් වෙන්න ඇති එන්නේ. එ්කයි ප්‍රමාදය. අතුරුදහන් වෙනවා මිසක් කරන්න බැහැ මම දන්නා හැටියට. අතුරුදහන් වුණා නම් හොයනවා මිසක් කාටවත් වරද පටවන්න හොඳ නැහැ. ලංකාවාසි සියලුදෙනාම සහභාගි වී මේ වටිනා පුද්ගලයා සොයමු. (නි)
ඉතින් ඇප දුන් එකෙනුත් නියම ප්‍රයෝජනයක් නැහැනේ (නි)
සුසිල්, ඔහේව මරුනේ නැහැනේ කොටි බෝම්බයකට. (අ)
මේ අයට ඉක්මනට නිදහස් වෙන්න ලැබේවා! (අ)
තමන් අකමැති කෙනෙක් අතුරුදහන් කිරීමක් නෙමේ කොටින්ට උදව් කල සිංහල කොටියෙක් විනාශ කිරීමක්. දැක්කනේ මෙයාගේ බිරියජිනීවා ගිහින් රටට කරපු විනාශේ. එන්.ජී.ඕ කාරයන්.සල්ලිවලට රටම පාවල දුන්නා.(අ)
මේක කොටි බෝම්බ ගහපු සිද්දියක් නොවෙයිනෙ, තමන් අකමැති කෙනෙක් අතුරුදහන් කිරීමක්. (අ)
කොටි බෝම්බ ගහන වෙලාවේ නියෝග ඉහලින් ආවේ නැහැ කියල සෙබලුත් අහක බලන් ඉන්න තිබුනේ... (ර)