IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘හැබෑ මැණිකත් බොරු ගලක්ලු‘

කැරට් 2.28 බරැති රත්න ගෝමේද මැණික් ගලක් කෘත‍්‍රීම ගලක් යැයි සාවද්‍ය හඳුනාගැනීමේ සහතිකයක් නිකුත් කිරීමෙන් තමන්ට වූ අලාභයත්, අපකීර්තියත්,  අපහාසයත් වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන ලෙස රත්නපුරේ සුළු මැණික් ව්‍යාපාරිකයෙක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ඉල්ලීමක් කරයි.

රත්නපුර, ගැටන්ගම, ඥානාලංකාර මාවතේ කේ.ජී. කරුණාසේන (කහවත්ත මල්ලී) තමන්ට වු අසාධාරණය ගැන මෙම ඉල්ලීම කරයි.

තමන් සන්තකයේ වූ රත්න ගෝමේදයක් මසකට පමණ පෙර අපලයකට පැළදීම සඳහා රත්නපුර නගරයේ ව්‍යාපාරිකයකුට රුපියල් හතලිස් දහසකට විකුණු බව කරුණාසේන මහතා පැවසුවේ ය. එය මිලදි ගත් ව්‍යාපාරිකයා එම රත්න ගෝමේදය සම්බන්‍ධයෙන් රත්නපුර නගරයේ මැණික්ගල් හඳුනාගැනීමේ තත්ත්ව සහතික නිකුත් කරන ස්ථානයකට ඉදිරිපත් කර සහතිකයක් ලබාගත් ගෙන ඇති බව ද කරුණාසේන මහතා කියයි. එහි සඳහන්ව ඇත්තේ එම රත්න ගෝමේදය ව්‍යාජ ගලක් බව යැයි ද ඔහු කියයි.  මැණික් ගල මිලදී ගත් ව්‍යාපාරිකයා එම සහතිකය ද පෙන්වා මෙවැනි රැවටීම් නොකරන ලෙස දොස් තබා තමා විකුණූ රත්න ගෝමේදය ආපසු දී මුදල් ඉල්ලාගත් බව ද ඔහු කීවේ ය.

ව්‍යාජ හෝ කෘත‍්‍රීම ගල්, ස්වභාවික මැණික් බව පවසා වෙළඳාම් නොකරන තමාට මේ කාරණාව ව්‍යාපාර කටයුතු කරන පිරිස් අතර ප‍්‍රචාරය වීමෙන් තමා පිළිබඳ වූ විශ්වාසය කඩවී ගිය බව ද ඔහු කියයි. මෙම රත්න ගෝමේදය තමාට අයත් මැණික් පතලකින් ම හමුවී පසුව එය කපා ඔපදැමූ නිසා ඒ මැණික් ගල ස්වභාවික බවට තමන්ට දැඩි විශ්වාසයක් තිබු බවද කරුණාසේන මහතා කියයි.

මේ අතර දින කිහිපයකට පසු මැණික් ගල් සඳහා හඳුනාගැනීමේ සහතික නිකුත් කරන කොළඹ ආයතනයකට එම රත්න ගෝමේදය පෙන්වා ලබාගත් සහතිකයේ එය ස්වභාවික මැණිික් ගලක් බවට සදහන් කළ බව ද ඔහු පැවසුවේ ය.

එකම මැණික් ගලකට ව්‍යාජ සහ ස්වභාවික යැයි සහතික දෙකක් ලැබීමෙන් තවත් අසීරුවට පත් වූ තමන් ඒ රතන ගෝමේද මැණික් ගල කොළඹ, ගොල්ෆේස් ටෙරස් හි පිහිටි ජාතික මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ කාර්යාලයට ඉදිරිපත් කළ අවස්ථාවේ එය ස්වභාවික මැණික් ගලක් බව පැවසුවේ යැයි ද කරුණාසේන මහතා පවසයි.

816-001 816-003



අදහස් (0)

‘හැබෑ මැණිකත් බොරු ගලක්ලු‘

ජයතු Tuesday, 16 August 2016 08:19 PM

කහවත්ත මල්ලී මහතාණනි, ව්‍යාජ හෝ කෘත‍්‍රිම ගල්, නිල් මැණික් බවට හරවනලද ගෙව්ඩ සහ ස්වභාවික මැණික් පැහැදිලිවම හඳුනාගත හැකි නවීන තාක්ෂණික උපකරණයක් කොළඹ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියට අයත් පරීක්ෂණාගාරයේ තිබෙන බව ඔබ දන්නේ නැද්ද? එතනින් 100% නිවැරදි සහතිකයක් ලබාගත හැකිය. (නි)

:       0       0

නිරේෂ් Tuesday, 16 August 2016 08:35 AM

හරියට හරි, අතාරින්න එපා. මේ වගේ හොරුන්ට කිසිම සමාවක් දෙන්න එපා. හැබැයි දේශපාලන හෙන්චියෙකුගේ කෙනෙක්ද දන්නේ නෑ. එහෙම වුනොත් ඔයාට බඩුම තමා. අපේ රටේ හැටි එහෙම නේද. (බ)

:       0       0

රූපවතී Tuesday, 16 August 2016 09:03 AM

අනේ දෙවියනේ අපි කාවද විශ්වාස කරන්නේ..?මටනම් පුළුවනි විශ්වාස කරන්න මගේ දෙමාපියෝ දෙදෙනා ..හැරුණු විට මේ පංචස්කන්ධයේ පිහිටා සිටින මා පමණි ..!ඔහුට සාධාරණයක් ඉෂ්ට වේවා ..!!! (බ)

:       0       0

අහිංසා Tuesday, 16 August 2016 10:11 AM

මම නම් මැණික් සහතික කරන්න යන්නේ බ්‍රිතාන්‍ය සහතික ලත් එෆ් ජී ඒ මැණික් විශේෂඥ මහනුවර සෙනරත් බී බස්නායක මහතා ළඟටයි. එතුමා ඉතාමත් සාදාරන පොඩි ගණනකට නවීන තාක්ෂනය මගින් පරීක්ෂා කර සහතිකයක් නිකුත් කරයි. දැනට වසර 30ක් පමණ මා එතුමා ලඟට මැණික් ගෙනයමි. කවදාකවත් කිසිම ප්‍රශ්නයක් වී නොමැත. මට එතුමාව මුලින්ම හමුවුනේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මැණික් වෙන්දේසියකදී. ඒ වසර 30කත උඩදීයි (හේ)

:       0       0

සරත් Wednesday, 17 August 2016 12:38 AM

ඔහොම හැමෝම අවිශ්වාස කරන්න එපා රූපවතී (නි)

:       0       0

සමන්ති Wednesday, 17 August 2016 01:19 AM

රවිඳු ,මෙය ලියා ඇත්තේ රජයේ සේවකයෙක් නොවෙයි. සහතිකය ලියලා තියෙන්නේ පොඩි කොළ කෑල්ලක. ආයතනයේ නම හෝ ඔහුගේ නමවත් නැහැ. (නි)

:       0       0

දියෝනිස් Wednesday, 17 August 2016 01:26 AM

මට නම් කළුගල් තරම්වත් ඔය මැණික් ගල් වටින්නේ නැහැ. (නි)

:       0       0

ආනන්ද Wednesday, 17 August 2016 01:56 AM

සමස්ත රාජ්‍ය සේවයෙන් යහපත්ව සේවය කරන්නේ කීදෙනෙක්ද? පෞද්ගලිකව මහන්සියෙන් ජීවත්වන මහජනතාව අසරණවෙලා. ඔවුන්ට මාස් පඩි ගෙවන්නේ සාමාන්‍ය ජනතාව. දේශපාලුවෝ නොවේ. රජයේ ආයතන වල දුර්වලකම් අපි ප්‍රචාරය කරමු. අපි බලා හිදිමු, රට කා අවසන් වෙනතුරුම (නි)

:       0       0

චින්තක Wednesday, 17 August 2016 04:02 AM

සින්තටික් ජෙම් ලෙස දුන් සහතිකයේ අත් අකුරු හා වචන වල අකුරු වැරදි වලින් පේනවා මැණික් විශේෂඥයාගේ තත්වය (නි)

:       0       0

බෙනට් Tuesday, 16 August 2016 01:13 PM

පිරිමින්ට ගෑනු කියලා , කාන්තාවන්ට පිරිමි කියලා , මරණ සහතික වෙනුවට උප්පැන්න සහතික දෙන ලංකාවේ රජයේ ආයතන වලින් මේ වගේ දෙයක් දෙයක් වෙන එක මොන කජ්ජක්ද.. (හේ)

:       0       0

සුනිල් Tuesday, 16 August 2016 02:14 PM

මේ දේ නිසා තේරෙනවා මේ ගලේ වටිනාකම.(හේ)

:       0       0

දයානි Wednesday, 17 August 2016 05:52 AM

මහත්මයාණෙනි ! බලාගෙන ඔබතුමාගේ මේ මැණික ප්‍රෝඩාවක් කරලා තුට්ටු දෙකට ගන්න හදනවා ඇති (ම)

:       0       0

රාධා Tuesday, 16 August 2016 02:59 PM

සහතිකයක් නිකුත් කිරීමේදී මැණික් ගලේ හැඩය ආදී විස්තර සමග ගලේ ඡායාරුපයක් තියෙන්න ඕන නේද? (හේ)

:       0       0

රවිඳු Tuesday, 16 August 2016 03:33 PM

ගාන අතේ තිබ්බම තමන්ට ඕන විදිහට සහතික ලියල දෙන රාජ්‍ය සේවකයෝ ඉන්න රටක්නේ මේක? (හේ)

:       0       0

ක්‍රිස්ටි Tuesday, 16 August 2016 03:46 PM

ලංකාවේ විතරක් නොවෙයි අපි ඉන්න බටහිර රටවල මැණික් විකුණන ආසියාතිකයන් මහා වංචනිකයෝ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 925 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 808 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 443 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 302 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1196 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 997 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site