IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


හමුදා කඳවුරේ තව අටක් සොයයි

පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ  අඹේපුස්ස හමුදා භූමියේ 13 දෙනකු වැඩ කළ බව හමුදා ආරංචි කියයි. ඉන් එක් අයකු තුවාල ලබා වරකාපෙළ රෝහල් ගත කරනු ලැබ සිටි. තවත් අට දෙනකු සොයා හමුදාව පස් කන්ද ඉවත් කරයි.



අදහස් (0)

හමුදා කඳවුරේ තව අටක් සොයයි

සෙනරත් Saturday, 20 September 2014 12:17 PM

මේ කන්ද වැටේවී කියල හිතන්න කාටවත් මොලයක් තිබුනේ නැද්ද (නදී)

:       0       0

චමින්ද Saturday, 20 September 2014 12:18 PM

ඉතාමත්ම කනගාටු දායකයි යුද්ධය අවසන්වීමෙන් පසු අපේ රණවිරුවෝ ලබලා තියෙන තත්වය දිහා බැලුවහම. මෙයාලව පස් කදු කපන්න දාලා. සමහරු නයිට් රේස් වලට වැලි කදු ගහන්න යොදවලා. කිව්වත් වගේ ඔය වැඩේට යන්ත්‍ර සුත්‍ර යොදා ගන්න තිබුනේ නැද්ද ? ඉතාමත්ම කනගාටු දායකයි අසන්න ලැබූ පුවත නම්. (නදී)

:       0       0

ජනක Saturday, 20 September 2014 12:27 PM

හරිම කනගාටුයි. වෙනත් රටවල ඕනෑම වැඩපලක ආරක්ෂාව සහ පෙර සුදානම ක්‍රමවේදයන් භාවිතා වෙනවා. ගෙදර වත්ත උදලු ගානවා වගේ වැඩක්ද මේක ? (නදී)

:       0       0

පිටිගල Saturday, 20 September 2014 12:41 PM

එක ත්‍රස්තවාදයක් පරදවලා රණ විරුවන් රට බේරා ගත්තා. ඇයි මේ විරුවන් කම්කරු වැඩ වල යොදවන්නේ. මේ මරණ වලට හමුදා පාලන අධිකාරිය වග කිව යුතුයි. (නදී)

:       0       0

ශාන්ති Saturday, 20 September 2014 12:47 PM

ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක්. මේ ගැන මිට වැඩිය සැලකිලිමත් උනා නම් අපේ ඉහල නිලදාරීන් නේද? (නදී)

:       0       0

ටෙනිසන් Saturday, 20 September 2014 02:22 PM

මෙම රණ විරුවන්ට හෝ නිල දරුවන්ට ජීවිත ආරක්ෂාව පිළිබද කිසිම වැටහීමක් තිබුනේ නැද්ද? විශේෂයෙන්ම යුද හමුදාවක සෙබළුන් ලෙස. කෙසේ වෙතත් සිදුවූ දෙය අතීතයට එක්වී හමාරයි. මින් මතුවත් ඔවැනි අපරික්ෂා කාරී දෙයින් වැළකිය යුතුයි. මිය ගිය සැමට නිවන්සුව,රෝහල් ගත සොයුරාට ඉක්මන් සුවය හා නැති වූ සැම නිරුප්‍රදිතව හමු වේවායි පතමි. (නදී)

:       0       0

අබ්දුල් හෂාන් Saturday, 20 September 2014 04:32 PM

දැන් හමුදාව කඳු කපන්නද යොදවන්නේ. දුකයි අපේ හමුදාව ගැන (නදී)

:       0       0

නිමල් රණසිංහ Saturday, 20 September 2014 06:15 PM

දිවිහිමියෙන් රට බේරාදුන් රණවිරුවන් කම්කරුවන් වගේ වැඩ කරද්දී , රටට කිසිම දෙයක් නොකර රට පාලනය කරන අධම දේශපාලුවන් ඉන්න රටක මේවා සාමාන්‍ය දේවල් හැටියට දකින අයත් ඉන්නවා (නි)

:       0       0

රූපවතී Monday, 22 September 2014 04:54 AM

පව් අසරණ ජීවිත ටික. ලෝකේ සෑම රටකම අතීතේ වැඩ ගත්තේ සිර කරුවන්ගෙන්. මහජන මුදලින් යැපෙන නිසා මහජනයාට සේවයක් කළා වගේම එකල සිටි රුදුරු නිලධාරීන්ගෙන් කිසිම ගැලවීමක් අදකාලේ වගේ නොතිබුණු නිසාම, ඔවුන් මැරෙනකම්ම වහලුන් මෙන් සේවයක් කළා. ඇයි දැන් මේ හිර ගෙවල්වල ගාල් කරගෙන ඉන්න මිනී මරුවන්ගෙන් ඔවැනි තැන්වලට සේවය ලබාගන්න යැවුවොත් මානව අයිතිවාසිකම් උල්ලංගනය උනා වෙයිද (නදී)

:       0       0

සෑම් Saturday, 20 September 2014 09:02 PM

හමුදා පාලනය සහ සිවිල් පාලනය අතර වෙනස තේරුම්ගන්න මේකත් හොඳ උදාහරණයක්. හමුදා සොල්දාදුවන් කොතරම් අන්තරාකාරී තත්වයකදී වුවත් ඉහළ අණ තර්ක කිරීමකින් තොරව පිළිපැදිය යුතුයි. නමුත් සිවිල් පාලනයේදී මේ අන්තරාකාරී බව පෙන්වා දී මේ කටයුත්ත නවත්වා හෝ වෙනත් ආරක්ෂාකාරී විධියකට කිරීමට අවස්ථාව සළසාගත හැකියි.අපේ රටේ ඉන්න ඉහළම උගතුන් හැටියට සැළකිය යුතු උපාධි අපේක්ෂකයින්ට හමුදා පුහුණුව දීමෙන් කරන්නෙත් තාර්කික ඥානය නැති කර "කියන දේ කරන " අය බවට පත් කිරීමක් නොවේද කියා සිතේ. මියගිය අයට නිවන් සුව. (නි)

:       0       0

සඳුන් පෙරේරා Saturday, 20 September 2014 09:45 PM

හමුදා සෙබළුන්ගේ ශ්‍රමය යෙදවීම වැරදියි කියලා මම නම් දකින්නේ නැහැ. යුද්දයෙන් පසු ඔවුන් සමාජගත කිරීමට එය හොඳ ක්‍රමයක්. උතුරේ යුද්ධයට පෙරත් හමුදා භටයන් විසින් ගොවිතැන්, පාරවල් සෑදීම ආදිය කළබව අහලා තියෙනවා. නමුත් දැන් එය කළයුත්තේ ඔවුන්ගේ හැකියාවන් දියුණුවෙන ආකාරයට සහ ආරක්ෂිතාවයි. යුද්ධයෙන් නොමැරී බේරුණ අය පස් කඳු වලට යටකරන්න ඕනෑ නැහැ. ඔවුන් හමුදාවෙන් ඉවත්වන දවසට වෘත්තිය හැකියාවන් ඇති අය ලෙසයි පිටවිය යුත්තේ. (නි)

:       0       0

රත්න Saturday, 20 September 2014 11:48 AM

13ක් යටවෙන තරම් විශාල පස් කන්දක් කපන්න යන්ත්‍ර නොයොදා මිනිස් ශ්‍රමය යෙදවූ බලධරයාට දඬුවම් කල යුතුයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 149 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 105 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 105 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 513 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1013 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1077 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site