(ඉන්දිකා රාමනායක)
කොකාවිල් සිට වව්නියාව මැදවච්චියට ලබා දී ඇති ස්ථාන මාරුවකට එරෙහිව කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් සෙබළියන් පිරිසක් සහ ඔවුන්ගේ ඥාතීන් කඳවුර අසල මාර්ගයේ සිට ඊයේ (16) සිට විරෝධතාවක් ආරම්භ කර ඇත.
යුද හමුදා ඉතිහාසයේ හමුදා සෙබළියන් පිරිසක් මේ අයුරින් උද්ඝෝෂණයක නිරත වු ප්‍රථම අවස්ථා මෙය විය.
තමන් 2012 වසරේ සිට කොකාවිල් කදවුරේ සෙබළින් 129 දෙනෙකු සේවය කරන බවත්, වව්නියාවට ලබා දී ඇති ස්ථාන මරුව අවලංගු කරදෙන ආසන්න වෙනත් කඳවුරක ට රාජකාරි සදහා අණුයුක්ත කරන ලෙසට ඉල්ලා මෙම පිරිස විරෝධාවේ නිරත වී ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ මෙම සෙබළින් හමුදා පුහුණුව ලබා ඇති සෙබළියන් නොවන බවත්, ඔවුන් යම් යම් ව්‍යපෘති වෙනුවෙන් හමුදාගත පදනම යටතේ බවද ගත් පිරිසක් බවයි.
හමුදවේ ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය යටතේ, මෙම කදවුරේ පිරිස මැදවචිචිය කදවුර වෙත සම්බන්ධ කිරීමට සුදානම් කර ඇති බවයි.
මෙම ප්‍රතිව්‍යූහගතකරණ සිදු කිරීමේ අපහසුතාවට පත් වන සෙබළියන්ට ඔවුන් පදිංචි ප්‍රදේශයේ ආසන්න කදවුරු වල රාජකාරි කිරීමට හැකියාව ඇති බවත්, එසේ තිබියදී කිසිවකුගේ ආසත්‍ය ප්‍රචාර වලට රැවටී මොවුන් මෙම විරෝධතාවට එක්ව ඇති බවද හමුදා ප්‍රකාශකවරයා කීය.
මේ සම්බන්ධයෙන් හමුදාව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, හමුදා නීතිය අනුව හමුදාවේ කිසිවකුටත් විරෝධතා, උද්ඝෝෂණ වලට සහභාගි වීම පසුරා තහනම් හෙයින් මෙම උද්ඝෝෂණයට යම් සෙබළියන් පිරිස් සහභාගි වී ඇති නම්, ඔවුන්ට එරෙහිව විණ්‍යානුකූල ක්‍රියා මාර්ග ගන්නා බවද හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ
ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා අද(21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.කැසා සැන්ටා මාර්ටාහි පාප්වහන්සේගේ නිවහනේදී ෆ
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 60 ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය න
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හමුදා සෙබළියෝ විරෝධතාවක
ravin Wednesday, 17 May 2023 04:24 PM
හමුදා විනය? මේ රට යන්නේ කොයි දිසාවටද කියලා කාට හරි පැහැදිලි කරන්න පුළුවන්ද?
ලක්මාල් Wednesday, 17 May 2023 09:34 PM
සියලුම දෙනා යුද හමුදා සේවයෙන් අයින් කරන්න ඕනේ...!
Bunny Preena Thursday, 18 May 2023 09:50 AM
මෙවැනි ක්‍රියාවන් නිත්‍ය බල සේනාවක්නම් කීයටවත් කරන්නෙ නැහැ. කවුරුන් හෝ නොමග යවන්න කටයුතු කර ඇති බවකුයි පෙනෙන්ට තිබෙන්නෙ. එම පුද්ගලයා හෝ පුද්ගලයින් වහාම නීතිය හමුවට පමුනවා දඩුවම් ලබා දිය යුතුයි.