ආරක්ෂක හමුදාවේ ද ඇමැතිවරයෙකුගේ ලේකම්වරයකුගේ ද නම විකුණා කහකුරුල්ලන් පැලැස්සේ සිට ගංජා තොගයක් ගෙන ඒමට තැත් කළැයි කියන පස් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව හම්බෙගමුව පොලිසිය කියයි. එක් තැනැත්තකු ඇමැති ලේකම්ගේ සහෝදරයකු බවත් තවත් දෙදෙනකු ළඟ යුද හමුදා හැඳුනුම්පත් තුබූ බවත් පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පුවතක් (ස)
ලොකු ලොක්කන්ගේ හොරුන්ට දීර්ඝායුශ ලෑබේවා! (ස)
20තියා මාළග ඔබ අරං යන්න මල්..!(නු)
දැන් ඉතින් ඔයවගේ දෙයක් කරනවා මිසක් වෙන මොනවා කරන්නද ? (ස)
මේ.......... ගංජා ගෙනියන්න ලොක්කන්ගේ කට්ටියට පුළුවන්ද? (ස)
මේ වගේ රස කතා සෑම දාම අපි පුවත්පත්වලින් දකිනවා. රටේ නීතිය ලොකු කෙනාට එක විදියක් පොඩි කෙනාට තව විදියක්... එබදු අරුම පුදුම දේවල් තුලින් විනාශ වෙන්නෙ අපේ රටයි..!(නු)
ඔව් ඉතිං දැං හමුදාවට වැඩි වැඩත් නැහැනේ.!(නු)
නොකිවුවට ගොඩක් කොල්ලෝ මේවා බොනවා. ඒකනේ මෙච්චර ඉල්ලුම. (නි)
කරන්න තියෙන නරක වැඩ සියල්ලම කරලා වසර අවසානයේ කැළණි පන්සල් ගියහම ඔක්කොම හරිද? (නි)
අනේ අනේ! රණවිරුවන්ට ගිය කලක්! (නි)
ඔය අල්ලන අයට උපරිම දඩුවම් දුන්නොත් අනෙක් අයටත් ඒක හොද පාඩමක් වේවි. (නි)