හම්බන්තොට බඳගිරිය වී සොරකමට අදාළ සිද්ධියේ දී හම්බන්තොට පොලිසිය ව්‍යාජ සටහන් යොදා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
තරුණයින් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත්තද හම්බන්තොට පොලිසිය දෙදෙනකු පමණක් අත්අඩංගුවට ගත් බවක් පොලිස් පොතේ සටහන් කර තිබෙන බවද ඔහු කීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකැරෙන පරීක්ෂණ තවත් දින දෙකකදී නිමකළ හැකි අතර පොලිස් නිලධරයකු බලය අයුතු ලෙස යෙදීම හෝ සාපරාධී ක්‍රියාවක් කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක කොල්ලව මරල දාලනම් උන්ට මොකද කරන්නේ? මුන්ට ජීවිතයක් කියන්නේ සිම්පල් එකක් වගේ......(බ)
පළාතේ වැරැද්දක්ද මන්දා.....(බ)
කාගේ බලයක් අරගෙනද මෙහෙම රාජකාරි කරන්නේ. මෙයාලට නිතිය හරියටම ක්‍රියාත්මක කරන්න අනික් අයටත් තේරුම් ගන්න මෙවන් අපරාධ. නැත්නම් රාජකාරියේදී නිල ඇදුමේ ගරුත්වයත් රකින්න කියාදෙන්න. (බ)
නීතිය තදින් ක්‍රියාත්මක කරන්නේ ඔයාල ඇඹිලිපිටියේ කළා වගේ ද ? (බ)
ඕක අහන්නත් දෙයක්ද? සෙල්ලම් පිස්තෝල නගරාධිපතිලා ඉන්නෙත් හම්බන්තොටනේ. (බ)
මේක හරිම භයානක වැඩක්.පොලිසිය තමන්ට ඕනේ විදිහට නීතිය අතට අරන් වැඩ කරන එක.මේක ඉතින් ලංකාවේ කලෙක ඉඳන් වෙන දෙයක්.වහාම මෙය නැවැත්විය යුතුයි.මෙහෙම ගියොත් මිනිස්සුන්ට ලොකු අපහසුතාවයක් වෙන්නේ. (බ)
පොලොසියට දඬුවම් කරන්න බලයක් නැත කියල හැමදාමත් කීවට මෙයාල තාමත් කරන්නේ එකම දේමයි , අවසානේ නිකන් රස්සාව නැති කරගෙන හිරගෙවල් වල තපිනවා , (අ)
හොරාගේ අම්මගෙන් පේන ඇහුව වගේ (අ)
මට මතක් වෙන්නේ අර අපමණ අගය. (අ)
පොලිසියට ගණිතය පස්ස අය ගත්ත නම් ඔය ගණන් වරදින්නේ නෑනේ (අ)
නිතිය ක්‍රියාත්මක කිරීම කියන එකට හොදම උදාහරණය තමයි ඇඹිලිපිටියේ සිදුවීම. අපේ පොලිසිය හරිම සාධාරණයි. (අ)
යහපාලනයක්නේ දැන් තියෙන්නේ (නි)
මට පෙනෙන්නේ ලංකාවේ ගොඩක් පොලිසි මේ වගේද කොහෙද (නි)
මේවට වගකිව යුත්තේ දේශපාලකයෝ හා පොලිසියේ ප්‍රතිපත්ති සම්පාදකයෝයි. පුහුණුව කියන්නේ වෙනසකට. 2009 යුද්ධය ඉවර වුණා. නමුත් පොලිසිය තාම එතනමයි. (බ)