IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හම්බන්තොටට,පුත්තලමට, මොණරාගලට සුපිරි කාර්මික විදුහල්

හම්බන්තොට, පුත්තලම හා මොණරාගල  සියලු පහසුකම්වලින් සමන්විත කාර්මික විද්‍යාල තුනක් පිහිටුවීමට චීන රජය එකඟතාව පළ කර ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යංශය කියයි.

එක් මධ්‍යස්ථානයක එක වර සිසුන් දෙදහසකට අධ්‍යාපනය ලැබිය හැකි වන පරිදි සියලු පහසුකම් ලබා දීමට චීන රජය එකඟ වූ බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා චීනයේ කළ සංචාරයේ දී චීන ජාත්‍යන්තර කටයුතු සහකාර රාජ්‍ය අමාත්‍ය ඩිව් එන්යෝන්ග් සමග කළ සාකච්ඡාවකින් පසු මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට අත්වූ බව ද එම අමාත්‍යංශය කියයි.

ලංකා චයිනා ටෙක් ලෙස එම ආයතන තුන ආරම්භ කිරීමට සාකච්ඡාවලදී තීරණය වී තිබේ.

 



අදහස් (0)

හම්බන්තොටට,පුත්තලමට, මොණරාගලට සුපිරි කාර්මික විදුහල්

ලියනගේ Sunday, 25 December 2016 09:37 AM

රටට කාර්මික විද්‍යාල ඇතිකිරීමනම් .. හොඳ පියවරක් ..අපේ ජර්මානු කාර්මික ආයතනයෙන් ..ඉගෙනගත් අයට ..හොඳ අනාගතයක් තියනවා .ඕස්ට්‍රේලියා වල ....ඒ වගේම ..මේ ආයතනවලින් ඒ වගේ ඉල්ලුමක් ඇතිවේවි ...ඒ වගේම කර්මාන්තපුර ඉලක්ක කර වගේ ...මේ ආයතන බිහි වන්නේ ..හොඳ ක්‍රියාවක් ...(බ)

:       0       0

හිමාල් Saturday, 24 December 2016 05:02 AM

හොඳ ආරංචියක් (නි)

:       0       0

බෙනට් Saturday, 24 December 2016 09:45 AM

නියමයිනේ. ජයවේවා! (නි)

:       0       0

උපුල් Friday, 23 December 2016 04:24 PM

හැමදේම ඒ පැති වලට. අපිට මොකුත් නැහැ (නි)

:       0       0

ගමගේ Saturday, 24 December 2016 12:49 PM

රටේ ඇති කාර්මික විද්‍යාල වල කාර්මික පාඨමාලා ප්‍රමාණවත් තරම් නැහැ. ඇති පාඨමාලා සඳහාද ප්‍රායෝගික වැඩ සඳහා ප්‍රාමාණවත් තරම් අමුද්‍රව්‍ය නැහැ. ඉතින් අලුතින් හැදුවත් ඔය ටිකම තමයි. (නි)

:       0       0

ගමගේ Saturday, 24 December 2016 06:57 PM

ලංකාවේ අහිංසක සතුන් ඔක්කොම ඉවරයි. චීන්නු සත්තු ඔක්කොම මරාගෙන කනවා ෂුවර්. පව් මගේ රටේ සත්තු. (නි)

:       0       0

මුණසිංහ Monday, 26 December 2016 03:02 AM

දැන් බලනකොට ලංකාව ඉන්දියාවේ කොටසක් නොවෙයි චීනයේම කොටසක් කියලයි හිතෙන්නේ. ලංකාව පාලනය කරන්නේ තනිකරම චීනයනේ. (නි)

:       0       0

ජස්ටින් Friday, 23 December 2016 07:09 PM

හම්බන්තොට කට්ටිය ඔය මොකක්හරි අල්ලාගෙන පෙළපාලි යයි. එහෙට හැමෝම වැඩ කරනවා. වෙන පළාතකට දුන්නම නරකද ? (නි)

:       0       0

අසංග Friday, 23 December 2016 10:29 PM

මොකද කට්ටිය කියන්නේ මේ ගැන? (නි)

:       0       0

සත්‍යයා Friday, 23 December 2016 11:31 PM

චීන්නු මුට්ටි හදන්න විතරක් නොවෙයි මුට්ටිය දාලා බලන්නත් හොඳට දන්නවා. පාලකයන්ගේ උදව්ව කෙසේවෙතත් රටේ ජනතාවගේ විරෝධයක් ආවොත් දුවන්න වෙන බව චීන්නු විතරක් නොවෙයි අමෙරිකානුවොත් දන්නවා. (නි)

:       0       0

ජස්ටින් Sunday, 25 December 2016 04:15 AM

කාර්මික විද්‍යාල නැති නිසා තමයි පිටරට කම්කරුවන් ලෙස ගිහින් ලංකාවේ ශ්‍රමිකයෝ දුක් විඳින්නේ අඩු පඩියට. මේකටත් සරසවි සිසුන් පෙළපාලි යයිද දන්නේ නැහැ. කෝකටත් වතුර ටිකක් ලැහැස්ති කරගන්න එක හොඳයි (නි)

:       0       0

සහන් Sunday, 25 December 2016 05:46 AM

හම්බන්තොට කාර්මික විද්‍යාල හදන්න අවශ්‍ය නැහැ කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 25 December 2016 07:27 AM

කතාවනම් සුපිරියි, කෙරුවාව නම් වැඩක් නැහැ. කමක් නැහැ අපි හිතමු සුපිරියටම හදයි කියලා. යාල කැලේ ඉන්න මුව පොව්වන්ටයි, මොනරුන්ටයි, අලි ටිකටයි කතරගම දෙවි හාමුදුරුවන්ගේම පිහිට ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Monday, 26 December 2016 05:01 AM

මේ වගේ පොරොන්දු ඉතා ආකර්ශනීය බව ඇත්ත. ඒත් දැනට තියන කාර්මික විද්‍යාල ටික වැඩිදියුණු කරලා පවත්වා ගැනීමේ ක්‍රමවේදයක් ගැන හිතුවා නම් නේද මීට වඩා හොඳ. විදේශ රටකින් දෙනවා කියන හැමදේම කොන්දේසිවිරහිතව පිළිගැනීමට සුදානම් වීම එතරම් හිතකර දෙයක් නොවෙයි. (නි)

:       0       0

මිගාර Monday, 26 December 2016 05:40 AM

මෙතන අදහස් දක්වන්නන් සමහරකගෙ හීනමානය මනාව පැහැදිලි වෙනවා. හම්බන්තොටත් එක්ක පුදුම තරහක් තිබෙන්නෙ. මෙයාලගෙ වෑරද්ද නොවෙයි පාසල් වලින් ඉතිහාසය ඉවත්කරපු උතුමන්ලා තමයි මේවට වගකියන්න ඕනෑ. (නි)

:       0       0

පාලිත Saturday, 24 December 2016 04:38 AM

ලංකාවට කාපිරි ආවා. ඒ පරම්පරාව අදටත් පුත්තලමේ දකින්න පුළුවන්. නොරොච්චෝලේ ආ අයත් තාමත් හදාගෙන යනවා. කාටද ආඩම්බර? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 455 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 1001 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 307 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 195 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4745 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 978 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26047 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 295 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site