IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


හැමොම කියන්නේ මම කතාවට දක්ෂයි කියලා

2016-04-01-ent-119

මේ රංසි කවුද කියලා දන්නවා නේද? අසිනි චායා, ආවර්ජනා, මුතු නාට්‍ය සමග රංගනයෙන් හමු වූ ඇය මේ දිනවල වැඩි හරියක්ම කරන්නෙ නිවේදන කටයුතුයි. සිරසෙ සිරසාලින්දය සමග හමුවන ඇය සිරස මගේ සිංදු පැය වැඩසටහනත් මෙහෙයවනවා. ස්වර්ණවාහිනියෙ විකාශයට නියමිත අලූත් නාට්‍ය දෙකකින් ඉදිරියේදී හමුවීමට නියමිත රංසි තවත් දේ සඳහා දක්ෂයි. ඒ මොනවටද කියලත් ඇය අපට කියාවි.

 

2016-04-01-ent-117"රංසි හරිම බිසී” කියලා තමයි නේද කියන්න වෙන්නෙ ?

රූපවාහිනී වැඩසටහන්වලට අමතරව, මගේ රංසි ඩාන්ස් ඇකඩමිය නිසා කාර්ය බහුලයි. මේ රංගන, නිවේදන කටයුතු සියල්ලට පෙර මම පටන් ගත්තෙ නර්තන අංශයෙන්. නර්තන ශිල්පිණියක ලෙස තමයි කලාවට ආවේ. ඒ විදියට ඇවිත් 2011 දී තමයි ”රංසි ඩාන්ස්” ඇකඩමිය ආරම්භ කළේ. සිරසෙ නිවේදිකාවක ලෙස කටයුතු කරන්න ලැබුණෙ ඉන් පසුවයි.

 

ඇයි මේ ගොඩ බදාගන්නෙ ? එක දෙයක් කළොත් නරකද ?

ඔය ප‍්‍රශ්නයට උත්තර දෙන්නට පෙර තවත් දෙයක් ගැන කියන්න වෙනවා.

 

ඒ මොකක් ගැනද?

ලයිසියම් එකේ ටීචින් උපාධිය සඳහා හදාරනවා. දැන් මම එහි ෆයිනල් විභාගයට සූදානම් වන්නේ. ඒකට තියෙන්නෙ හරියටම තව මාසයයි. ඒ නිසා මේ ඔක්කොටම වඩා මගේ හිත තියෙන්නෙ ඒ පාඩම්වලටයි.

 

ඇත්තටම ඇයි ඔබ එක් අංශයක් හැර බොහෝ දේ කරන්න හදන්නෙ? ගොඩ බදාගන්න හදන්නෙ?

තමුන්ගේ දක්ෂතා හඳුනාගත්තාම එය වැඩි දියුණු කරගන්න ඕනෑ. මම උසස් පෙළට පෙනී සිටියෙත් කලා අංශයෙන්. ඒ අංශය වැඩි දියුණු කරගන්න ආසයි. නර්තන ගුරුවරියක ලෙස බොහොම ආසාවෙන් කටයුතු කරන්නෙ.

 

දැන් මේ නර්තන හෙවත් නැටුම් පංති පැවැත්වීමත් රැල්ලක් වෙලා නේද ?

නර්තනය විතරක් නෙවෙයි, කලින් කලට සමාජයේ බොහෝ දේ රැළි වෙලා. ඕකට හේතුවකුත් තියෙනවා.

 

මොකක්ද ඒ හේතුව ?

සෑම ක්ෂේත‍්‍රයකම දක්ෂ නැති අදක්ෂයින් සිටිනවා. රැල්ලක් හදාගෙන ඒ රැල්ලට හසුවෙලා එන්නෙ දක්ෂයින් නොවෙයි. දක්ෂතාවය නැති නිසා ඒ රැල්ලට එන අය රැලි එක්කම ගසාගෙන යනවා. දක්ෂයින් විතරක් ඉතිරි වෙනවා.

 

ඉස්සර නර්තන අංශයෙ ඉගැන්වූවේ ප‍්‍රවීනයින් කියන කොටස විතරයි. නමුත් අද ප‍්‍රවීනයින්ගෙන් ඉගෙන ගෙන ටික කලකින් පංති දානවා. ඒක හොඳ දෙයක්ද?

ප‍්‍රවීනයින්ගෙන් ඉගෙන ගෙන ගුරුහරුකම් ලබා ස්ථාවර වූ පසු එහෙම කළාට කමක් නැහැ. එවිට එකම තැන රැඳෙන්න ඕනැත් නැහැ. තමන් ලද දැනුම තව පිරිසකට ලබාදීම කළ යුතු දෙයක්.

 

කොහොම වුණත්, ලංකාවේ නවක අය රඟපානවා. ඒ අතරේ නිවේදනයත් කරනවා. හිතුණොත් සිංදුත් කියනවා. ඇයි මේ විදියට එකම පිරිසක් ඔක්කොම දේ කරන්නෙ?

නර්තනය මම පළමුව කළ විෂයයි. ඒ හරහා තමයි නිවේදනයට ආවේ. ඒ වෙනුවෙන් මගේ උනන්දුව උත්සාහය තිබුණා. ඊට වාසනාවත් බලපෑවා. දිනෙක හැරල්ඞ් විජේසිංහ මහතාගේ බිරිඳ මලිති මිස් මගේ දක්ෂතා දැකලා තමයි ”අසිනි චායා” ටෙලි නාට්‍යයට තෝරා ගත්තේ.

 

රංසි මොනවටද වඩා දක්ෂ ?

මට නම් හිතෙන්නෙ නර්තනයට කියලයි. නමුත් මේ කරන සෑම දෙයකටම දක්ෂයි කියලා කියන්න පුළුවන්. හැබැයි හැමෝම කියන්නෙ මම වඩා දක්ෂ &කතාවට” කියලයි. කථනය නිසා රන් පදක්කම් පවා ලබා තිබෙනවා.

 

ඔබ නටන්නෙ මොන වගේ නැටුමක්ද ? මොකක්ද ඔබගේ නර්තන පදය ?

මගේ නර්තනයේ දී උඩරට නැටුම් ප‍්‍රධානයි. ඊට අමතරව ඉන්දියානු සහ ලතින් නැටුම් හදාරනවා.

 

අද මේ විදියට බොහෝ දෙනා බොහෝ දේ කරනවා. හැබැයි අනෙක් අයට ගරු සරු කරන්න දන්නෙ නැහැ. ඔබ ඒ ගැන හිතන්නෙ කොහොමද?

ගරුත්වය තියෙන්නෙ අමාරුවෙන් ගමනක් ආ කෙනාටයි. මට එක පාරටම ඔක්කොම ලැබුණෙ නැහැ. උනන්දුව, දක්ෂතාවය, කැපවීම නිසා ගමනක් යමින් සිටින කෙනෙක්. නමුත් සමහර අයට එක මොහොතකින් අවස්ථාවක් ලැබෙනවා. එවිට එය අවස්ථාවක් කරගෙන ගරු සරු නොකරන අය බිහි වෙනවා. එයාලා නිර්මාණය ගැන හිතනවාට වඩා හිතන්නෙ තමුන්ගෙ මාන්නය ගැන වෙන්නැති. ඇත්තටම කිව්වොත් කලාව කියන්නෙ නිකම්ම අත පත ගාන දෙයක් නෙවෙයි. ඒ ගැන වැටහීම නැති අය සමාජයට ගරු සරු නොකළාට, කලාවේ අගය දන්නා අය අතර ගරුත්වය තියෙනවා.

 

සටහන / ඡායාරූප- සඳුන් ගමගේ

 

sandalla


2016-04-01-ent-115
2016-04-01-ent-116
2016-04-01-ent-118

 



අදහස් (0)

හැමොම කියන්නේ මම කතාවට දක්ෂයි කියලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 20 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 650 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1535 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3433 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1801 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 689 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site