ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොන්ඩමන් ඇතුළු 24 දෙනකුට තුවාල සිදුකරමින් එක් අයකු මරුමුවට පත් කළ හමර් ජිප්රිය පැදවූ රියදුරා අද බදුල්ල පොලිසියට භාර විය.
ඔහු අද බණ්ඩාරවෙල පොලිසියට භාරදීමට නියමිතව සිටියේය. ඔහු තොන්ඩමන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි. මේ අතර තොන්ඩමන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි, පළාත් සභාවට ඉල්ලන මිනිහ ලඟත් හමර්! පේනවනේ කොහොමද සංවර්ධනය කියල! (අ)
අපරාදේ ,පව්. (අ)
රියදුරා, හමර් එකේ වාඩි වුනාට පස්සේ හිතුවද දන්නැහැ රොකට් එකේ වාඩි වුනා කියලා.පුළුවන් වාහනයක් දෙන්න එපයි එලවන්න.(අ)
මේ හමර් එකක් සින්දු කියන අලියටත් තිබුන නේද ? (ස)
අනතුර සිදුවෙන හැටි දැක්කම හිතෙන්නේ නම් කවදාවත් වාහනයක් පදවා නැති කෙනෙක් වාහනය පදවනවා වගේ (නි)
කොච්චර වතු ජනතාව ඉන්නවද හරියට කන්න බොන්න නැති, ගෙයක් දොරක් නැති? නමුත් ඒ පෙදෙස් වල දේශපාලකයන්ට "හමර්". (නි)
මේ වගේ ගොඩක් අයට රාජ ඌෂ්ණය තියෙනවානේ! (නි)
මම මේ අනතුර වෙන වීඩියෝ එක දැක්කා.ඇඟ කිලිපොලාගෙන යනවා ඒක බැලුවහම.පුදුමයි වැඩි ජීවිත හානියක් නොවුණ එක. (නි)
අධිවේගී මාර්ගය හැදුවේ මැති අමතිලාටම විදුලි වේගයෙන් යන්න ! දැන් හොඳයි! හැමදාම අපි ඒවා කඩල ගිනි තියල නැවතත් ජන මුදලින් අලුත් වැඩියා කරමු ..! පේලියට වාහන හප්පා ගමු ..! (ස)
මිනිහට මෙච්චර වටිනාජීප් එකක් කොහෙන්ද? මෙයා පාර්ලිමේන්තු ඇමති කෙනෙක් උනොත් පෞද්ගලික ජෙට් එකක් ගනියි නේ. අපිට පරණ මරුටියක් ගන්ඩවත් සල්ලි ඉතුරු කරගන්ඩ බෑ. එච්චරට වියදන් සැරයි. මෙයාගෙ වාහනේට මෙයාම හැප්පුන හින්ද හොදයි. වැඩ ඇරිලා ගෙදර යන දරු පවුල් කාරයෙක් හරි පොඩි එකෙක් හරි හැප්පුන නං හප්පපු එකා එක පැයක් ඇතුලේ තියන්නේ නැතුව මෙයාම ගිහින් එළියට ගනියි.(අ)
කරුණාකර මේ අයට මඩගැසීමෙන් වළකින්න කියා මම අදහස් දක්වන්නන්ගෙන් ඉල්ලා සිටිනවා (නි)