IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හැම්ලට් හෙවත් උමතු කුමාරයා

2016-12-16-ent-51

බස්නාහිර සෞන්දර්ය නිකේතනය හෙවත් නාඩා එකේ උඩම තට්ටුවේ අපි ඉන්නේ. මෙතන එහෙන් මෙහෙන් ලයිට් ගහ ගත්තු, හතර පැත්තෙන්ම කැමරා අටවා ගත්තු වගේම මොනිටරය දිහාම බලාගෙන රංගනයේ අඩු පාඩු හොයන අධ්‍යක්ෂවරයෙක් නැහැ. මෙතන දර්ශන තලයක් නෙවෙයි. මෙතන රංග භූමියක්. ඒ කියන්නේ නාට්‍යයක පෙර පුහුණු වීම් කරන තැනක්.

2016-12-16-ent-39කළු තොප්පියක් දා ගත්තු, රතු පාට, සුදු පාට අත් දිග ටී ෂර්ට් එකක් ඇඳ ගත්තු, ඇඟටම කිටි කිටියෙ හිර වෙච්ච කලිසමක් ඇඳ ගත්තු තරුණයෙක් එහාට මෙහාට දුවමින් නළු නිළියන්ට රංගනයේ අඩු පාඩු පෙන්වා දෙමින් තමන්ගේ අලූත්ම නාට්‍යය හොඳම මට්ටමකට ගෙන ඒමට මහන්සි වෙනවා.

ඒ තරුණයා තමයි බුද්ධික දමයන්ත.

බුද්ධික දමයන්ත කියන්නේ මීට පෙර සිංහල වේදිකාවට සම්මානනීය නාට්‍ය ගණනාවක් තිළිණ කරපු දක්ෂ නාට්‍යකරුවෙක්. ඒ වගේම අවුරුද්ද පුරාම ක‍්‍රියාශීලීව වැඩ කරන නාට්‍යකරුවෙක්. අධිපතියාගේ මරණ මංචකය, පුංචි ආදර බල කිරීමක්, පුංචි පළිඟු ?න, පුතා එනකන් වැනි නාට්‍ය ගණනාවකගේ නම් බුද්ධික දකින කොට අපට සිහිපත් වීම නිරායාසයෙන් සිදුවන්නක්.

බුද්ධික වේදිකාවේදී සොඳුරු ආඥාදායකයෙක් කියලා අහලා තිබුණාට ඒක දෑස් පනාපිටම දැකලා තිබුණේ නැහැ. මේ ඒකට හොඳම අවස්ථාවක්. බුද්ධික නළු නිළියන්ගේ රංගනය දෙස මොහොතක් බලා ඉඳලා නැවතත් ඔවුන් ළඟට ගිහිල්ලා සූක්ෂමව ඔවුන්ගේ රංගනය එළියට ගන්න හපනෙක්. සමහර වෙලාවට බුද්ධිකගේ විදිහට ඒ අය රංගනයේ නිරත නොවුණාම ”මට ආයේ කියන්න තියන්න එපා” කියලා පුංචි ගෝරනාඩුවක් දාන්නේ නළු නිළියන් එක්ක තරහටම නෙවෙයි. වැඬේ උපරිමව කර ගන්න.

බුද්ධික නිර්මාණය කරමින් තිබෙන අලූත්ම නාට්‍යය හැම්ලට්. විවිධ රටවල විවිධ ප‍්‍රවීණ නාට්‍යකරුවන්ගේ නාට්‍ය නිර්මාණ ලාංකීය වේදිකාවට දායක කරපු බුද්ධික මෙවර ශේක්ස්පියර්ගේ ”හැම්ලට්” නිර්මාණය වේදිකාවට දායක කිරීමට ආසාවෙන් පසු වෙනවා. වෙන නාට්‍ය නිර්මාණවලටත් වඩා බුද්ධික මෙවර අත ගහපු නිර්මාණය කොතරම් දැවැන්තද කියලා තේරෙන්නේ නිර්මාණයේ වෙහෙසකර පුහුණුවීම් දකින කොටයි.

හැම්ලට් හෙවත් උමතු කුමාරයා නාට්‍යයේදී ඔබට මුණ ගැහෙන්නේ එසේ මෙසේ චරිත නෙවෙයි. බුද්ධික තමන්ගේ නාට්‍යයේ රඟපාන නළු නිළියන් එකින් එක හඳුන්වා දෙන්න ගත්තා. ආ මේ ඉන්නේ හොර්පියෝ. මේ අවතාරය ඒ කියන්නේ හැම්ලට්ගේ පියා. මේ ක්ලෝඩියස්. ගර්ට්ටෘඞ්, පොලෝනියස්, ලෙයාටස්, ඔෆිලියා, වොල්ටමන්ඩි, කොර්නේලිස්, රොයෙන්ක‍්‍රාන්ටිස් වගේ එකින් එක පිළිවෙළට හැම්ලට් නාට්‍යයේ චරිත බුද්ධික හඳුන්වා දුන්නේ අපේ වැඬේ වඩාත් පහසු වෙන්න.

ජයනාත් බණ්ඩාර කියන වේදිකාවේ පළපුරුදු නළුවාත් හැම්ලට් නාට්‍ය හා දායක වෙනවා. ඊට අමතරව මේ හරහා තවත් අලූත් නළු නිළි පරම්පරාවක් වේදිකාවට තිළිණ කරන්නත් බුද්ධික සූදානමින් සිටින්නේ.

ඔෆීලියා මේ අතරේ රංග භූමියේ සෙමින් සෙමින් පියවර මැන ඉදිරියට එනවා. ඇයට දැන් තියෙන්නේ දුක්බර හඬින් ඇගේ දුක ගීතයක් බවට පත් කරන්න. බුද්ධිකත් ඇගේ රංගනය ගැන උනන්දුයි.

 

නෙත් කඳුළැලි වැසි වස්සා

නිරන්තරව මිනීවළට

සමුගනිමි මා පෙම් සබඳ

ඔහු නැවත පැමිණෙයි ද

ඔහු නැවත පැමිණෙයි ද

නෑ ඔහු මිය ගොස්ය

පලයන් තොපගේ මරණ මංචකයට

ඔහු කෙදිනකවත් නැවත නොඑනු ඇත.

 

ඔෆිලියා ගැයුවා. නාට්‍ය කණ්ඩායමේ හැමෝම ගල් ගැහුණා වගේ ඇගේ දුක ඔවුන්ටත් දැනිලා වගේ.

කෝ ඊළඟ සීන් එක. බුද්ධික අහන්නේ ඉක්මණින් ඉක්මණින්ම වැඬේ ඇදගෙන යන්න උවමනා නිසා. එත් ඊළඟ සීන් එකට ඉන්න ඕන නළුවෙක් ළඟ පාතක පේන්න නැහැ. කෝ බං මේ මනුස්සයා බුද්ධික අහන්නේ බොරු තරහක් මවාගෙන.

ඔය කොහෙට හරි අතුරුදහන් වෙලා මලක ඇති. කවුරු හරි බුද්ධිකගේ ප‍්‍රශ්නෙට උත්තර දෙන්නේ ඒ විදිහට.

කොහොමින් කොහොම හරි ඊළඟ ජවනිකාවත් පටන් අරගෙන. වැඬේ ඇදී ගෙන යන්නේ ඊළඟ කෑල්ල තවත් රසවත් විදියට. දැන් තියෙන්නේ අයියයි නංගියි සමීප විදිහට රඟ පාන්න ඕන ජවනිකාවක්. ඒත් බුද්ධිකට ඒ ළං වීම මදි. අයියෝ අයියාව තව බදාගෙන ළං වෙනවකෝ. පිටපතේ තියන දේ තව ක‍්‍රියේට් කරලා කියන්න, නිකන් දෙබස් කියන්නේ නැතිව ඒවාට පණ දීලා කියන්න. බුද්ධිකට එක මොහොතක් පුටුවේ වාඩි වෙලා ඉන්න හිතක් නැහැ. පුංචි අඩුපාඩුවක් දුටුවත් රංගනය අතර තුරදීම ඒක නිවැරැුදි කිරීමටයි ඔහුට උවමනා වෙන්නේ.

කොහොමින් කොහොම හරි බුද්ධිකව එක විනාඩියක් පුටුවේ රඳවගෙන හැම්ලට් ගැන ඔහුගෙන් දැනගන්න මට උවමනායි.

මේ නාට්‍ය කරන එක කොච්චර අමාරු ද කියලා පේනවා නේද?

මං බුද්ධිකගෙන් ප‍්‍රශ්නයක් අහන්න කලින් බුද්ධික මගෙන් ප‍්‍රශ්නයක් ඇහුවා. මං ඒ අදහස පිළිගන්න ගමන්ම හැම්ලට් ගැන ඔහුගේ අදහස කියන්න ඉඩ කඩ විවර කළා.

මේ දශක දෙකක කාලය තුළ විවිධ හැඩයේ නාට්‍ය ගණනාවක් මා අතින් නිෂ්පාදනය වුණා. වෘත්තීය ගණයේ නළු නිළියන් එක්ක එක දිගට දවස් පහක් පුහුණු වීම් කිරීම අපහසුයි. ශේක්ස්පියර්ගේ නාට්‍යයක් කිරීම මගේ සිහිනයක් වෙලා තිබුණේ. ඒ නිසා හැම්ලට් අලූතින් කියවමින් නූතන සමාජයට ගැළපෙන විදිහට මේ නාට්‍යය නිර්මාණය කිරීමට මම බලාපොරොත්තු වෙනවා. බලලෝභයෙන් පෙළෙන මිනිහෙක් රජකම හා රාජ්‍ය පාලනය වෙනුවෙන් නොකරන දෙයක් නැහැ කියන එක මේ නාට්‍යයෙන් නිරූපණය වෙනවා.

අද නාට්‍යයක් කරන්න ලක්ෂ පහළොවක් විතර යනවා. ඒත් නාට්‍යයකට අනුග‍්‍රහය දක්වන්න කවුරුත් නැහැ. හැම්ලට් මෙච්චර කාලයක් ලංකාවේ නොකෙරුණේ ඇයි කියන එක දැන් තමයි මට තේරෙන්නේ.

බුද්ධික කියන්නේ හරිම සැහැල්ලූ විදියට. බුද්ධිකගේ අරමුණ හැම්ලට් පාසල්වලටත් දර්ශන වාර දෙන ගමන්ම එල්ෆින්ස්ටන් රඟහලේ එක දිගට දින පහක් වේදිකා ගත කිරීම.

මේ හැමදේම අතරේ ජයනාත් බණ්ඩාර තමන් පුහුණුවීම් කරන තැනට අරගෙන ආපු සරච්චන්ද්‍ර මහතාගේ මනමේ නාට්‍යයේ සංයුක්ත තැටියක් නැති වෙලා හොයනවා. රඟපෑමේ මහන්සියට වඩා ජයනාත්ට දැන් දාඩිය දාලා තියෙන්නේ ඒකට. ඒක නැති වුණොත් මං කපෝතියි කියලා ජයනාත් කියන්නේ ඒකේ වටිනාකම ඔහුටම දැනෙන නිසා. ඒ අතරේ පුටුවක් යට වැටිලා තිබුණු සංයුක්ත තැටිය ජයනාත්ට හොයලා දුන්නේ නාට්‍යයේම ශිල්පියෙක්.

ජයනාත්ට මම නාට්‍ය ගැන ඔහුගේ අදහස කියන්න ආරාධනා කළා.

මං මෙහි රඟපාන්නේ ක්ලෝඩියස් විදියට. මේක දුෂ්ඨ චරිතයක්. ශෝකාන්ත නාට්‍යයක සාමාන්‍යයෙන් දුෂ්ඨයකු සිටිනවා. මේ නාට්‍යයෙත් පෙන්වන්නේ අද වගේම එදාත් තිබුණු දේශපාලන කුමන්ත‍්‍රණ තමයි.

ශෛලීගත සහ ස්වාභාවික ගණයේ නාට්‍ය ගණනාවකට සිය රංගන දායකත්වය ලබා දෙන ජයනාත් ක්ලෝඩියස්ට පණ දෙන විදිය ගැනත් නරඹන්න ආසාවෙන් බලාගෙන සිටිනවා. එහෙම නේද?

 

අමිල චින්තක ගමගේ / ඡායාරූප - ඉෂංක සුනිමල්

 

2016-12-16-ent-50
2016-12-16-ent-49
2016-12-16-ent-48
2016-12-16-ent-47
2016-12-16-ent-46
2016-12-16-ent-45
2016-12-16-ent-44
2016-12-16-ent-43
2016-12-16-ent-42
2016-12-16-ent-41
2016-12-16-ent-40



අදහස් (0)

හැම්ලට් හෙවත් උමතු කුමාරයා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 128 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 545 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 751 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 441 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 377 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1236 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40231 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26026 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 288 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 414 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1339 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site