ව්‍යාජ වීසා භාවිතා කරමින් ඉතාලි යාමට උත්සහ කළ උතුරේ තරුණයෙක් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු 36 හැවිරිදිය. ඔහු කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි බව පොලීසිය කියයි.
සැකකරු ඕමාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මස්කට් හරහා ඉතාලි යාමේ අරමුණින් ගුවන් තොටුපොලට පැමිණ ඇතත් ඔහු පිළිබඳ ලැබුන ඔත්තුවක් මත ඔහු අත් අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ සැබෑ ගුවන් ගමන් බලපතට ව්‍යාජ වීසා ස්ටිකරයක් අලවා ඇති බව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරු මීගමුව ප්‍රදේශයේ තැරැව්කරුවෙකුට රුපියල් එක් ලක්ෂ විසි දහසක මුදලක් ගෙවීමේ පදනම මත මෙලෙස ව්‍යාජ වීසා සකස් කර ගෙන ඇත.
ඉතාලියේ පවත්වාගෙන යන ඉන්දියානු කඩයක සේවය සඳහා ඔහු මේ අයුරින් විදෙස් ගත් වීමට උත්සහ දරා ඇති බව හෙළි වී තිබේ.
සැකකරු අද මීගමුව අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොර පාරෙන් ඉතාලි යන්න බැරිවෙයි
නිපුන Wednesday, 06 July 2016 12:14 PM
පව්, අහිංසකයෝ... කාටවත් කරදරයක් නොකර පිටරට ගිහින් කීයක් හරි හොයාගන්න හදපු කෙනෙක්. (ර)
පිටිගල මිලානෝ Wednesday, 06 July 2016 01:54 PM
යුරෝපීය රටකින් වීසාවක් නිකුත් කළ මොහොතේම එය ආගමන අංශයේ පරිගණකගත වනවා. මේ නිසා ව්‍යාජ වීසාවකින් මෙම රටකට ඇතුළුවන්න කොහෙත්ම බැහැ. එතන ඔබේ නම නැත්නම් ලංකාවේ තානාපති කාර්යාලයෙන්ද විමසා බලනවා ඔබට වීසාවක් නිකුත් කර ඇද්ද කියා. (නි)
රජිත් Wednesday, 06 July 2016 05:59 PM
මම මේකේ නීතිමය වැරැද්ද සහ වංචාව ගැන කතාකරන්න යන්නෙ නැහැ. මේවා තමයි අපි අවුරුදු 30 ක් රසවින්ඳේ. එක එක හැඩේට එක එක රසට (නි)