ඉන්දියාවට නීති විරෝධී ලෙස රත්රන් රැුගෙන ආ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින් ඇතුළු 13 දෙනකු සැප්තැම්බර් මාසයේදී චෙන්නායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි තානාපති ආරංචි මාර්ග කියයි. ඔවුන් රත්රන් කිලෝ 3 1/2කට අධික ප‍්‍රමාණයක් මෙසේ හොරෙන් රැගෙන ආ බවද කියති. ඩුබායි හා සිංගප්පූරුවේ සිට ඉන්දියාවට නීති විරෝධී ලෙස රත්රන් රැගෙන ඒමේ හුවමාරු පොළක් ලෙස ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව භාවිතා කරමින් සිටින බවද චෙන්නායි ගුවන් තොටුපළ බලධාරීන් පෙන්වා දෙන බවද එම ආරංචි මාර්ග කියා සිටී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් ඇයි ඔච්චර ඉස්තරම් ඉන්දියාවට ? ලංකාවට රත්තරන් වලිට තැනක් නැද්ද ? එක අතකින් ලංකාවේ තියෙන්නේ ගුද මාර්ග රත්තරන්. (ස)
කොහොමහරි මෙහෙන් පැන්නත් එහෙන් කොටුවෙලා. (ස)
එදා ඉදලම ඉතිං හොර වැඩ වලට දක්ෂයිනේ. (නි)
රට ඇතුළේ අපරාධ හොරකම් වැඩිවෙනවා මදිවට දැන් ලංකාව ජාත්‍යන්තර හොරබඩු හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වෙමිනුයි යන්නේ. කාටත් සුභ අනාගතයක්! (නි)
අපි නම් ඕක එදා ඉඳලම දන්නවා මෙක හොර ගුහාවක් බව .(ස)
කවදා හරි ලංකාවත් සෝමාලියාව වගේ වේවි (ස)
ඇයි අපේ කැලණි ගඟේ රත්තරන් නේද රත්තරන් (ස)
අපේ රේගුවේ සහ ආරක්ෂක අංශ වල අයට ගුද මාර්ගයෙන් ගෙනියන රන් අල්ලන්න විශේෂ පුහුණූවක් ලබා දෙන්න. (නි)
වරුණ ඔබ හරි , ඔබට ජය (ස)