IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හොරට ඉතාලි පනින්න ගිය අයෙක් මාට්ටු

(ටී.කේ.ජී.කපිල)

කූඨ ලෙස සකස් කළ පෝලන්ත නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද (8) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 23 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මොහු කටාර් රාජ්‍යයේ දෝහා බලා පස්වරු 06.40 ට පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 217 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඔහු  සිය නිශ්කාශන කටයුතු සිදු කර ගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළුව වෙත ඉදිරිපත් කළ ලියකියවිලි පිළිබඳව ඇති වූ සැකය මත මෙම තරුණයා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා වලදී මෙම පෝලන්ත නේවාසික වීසා බලපත්‍රය ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ එකක් බව සනාථ  වූ අතර, ඉන්පසුව මෙම තරුණයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම වීසා බලපත්‍රය රුපියල් ලක්ෂ 40 ක් තැරැව්කරුවෙකුට ලබා දී සකස් කරවා ගත් බව අනාවරණය කර තිබුණි.

ඉන් අනතුරුව තවදුරටත් ඔහු රැගෙන විත් තිබූ අත් බෑගය පරීක්ෂා කිරීමේ දී ඒ තුළ ව්‍යාජ ආගමන විගමන මුද්‍රා සටහන් දෙකක් සහිත තවත් ගමන් බලපත්‍රයක්, ශ්‍රී ලංකා ආගමන විගමන මුද්‍රාවක් සහ ගල්ෆ් ගුවන් සේවයේ ව්‍යාජ ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් ද තිබී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ  නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

ඉන්පසුව ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින්  මෙම තරුණයා අත් අඩංගුවට ගෙන  ඔහුගේ කූඨ ලේඛන සියල්ල ද සමග, මේ පිළිබඳව  වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.



අදහස් (5)

හොරට ඉතාලි පනින්න ගිය අයෙක් මාට්ටු

Bunny Preena Saturday, 09 September 2023 10:04 AM

කූට ලේඛන සකස්කර රට යන්න ගිහින් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට පත්වුණු පුද්ගලයින් ගැන අනන්‍යතාවයක් පුවත්පත්වල පලවුණා. නමුත් එවැනි දේවල් දිගටම සිදුවෙමින් තියෙනවා. මම හිතන්නේ හුඟ දෙනෙක් පත්තර කියවන්නේ නැහැ. රූපවාහිනී නාලිකා තමයි බලන්නේ. එම නාලිකාවල මෙවැනි දේවල් සම්බන්ධව වාර්තා කරනවා අඩුයි. රූපවාහිනී නාලිකා වලත් මෙවැනි දේවල් වාර්තා කරනවා නම් හුඟ දෙනෙක් දැනුවත් වෙයි. වැරැදි දෙයක් කරන්න ඉස්සෙල්ලා දෙපාරක් කල්පනා කරලා යම් තරමකට එවැනි දේවල් වලට පෙළඹෙන එක අඩුවෙයි.

:       0       5

රමණී ප්‍රනාන්දු Saturday, 09 September 2023 12:23 PM

ඇත්ත ලියකියවිලි ඉදිරිපත් කරලාත් එම්බසියෙන් වීසා ගහලා පොත් දෙන්නේ ලක්ෂ 10 ක් 12ක් ඉල්ලනවා මේවා හොයන්න.

:       0       9

Ramani fernanado Saturday, 09 September 2023 12:25 PM

ඇත්ත ලියකියවිලි ඉදිරිපත් කරලත් එම්බසියෙන් වීසා ගහලා පාස්පෝට් පොත් ගන්න පගාව දෙන්න ඕන රටක් මේක..!

:       0       9

Ramani fernanado Saturday, 09 September 2023 12:28 PM

ඔයිට වැඩිය හොර වැඩ වෙනවා අපේ, රටේ ඒවා අල්ලපියව්...

:       2       7

Deamon Saturday, 09 September 2023 02:09 PM

බැංකුව මංකොල්ල කාපු කෙනා රටින් පැනපු වෙලාවේ ඇල්ලුවාද?

:       1       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 67 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 4919 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4128 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6706 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 938 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1656 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site