බිමල් ශ්‍යාමන් ජයසිංහ
හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්තශාලාවේ පස්දෙනෙකුට මරු කැඳවු සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට බාරවු කර්මාන්තශාලාවේ හිමිකරු සරත් විජේරත්න මැයි 11 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (27) නියෝග කළේය.
ජනාධිපති නීතිඥ හා නීතිඥ සංගමයේ සභාපති යු .ආර්. සිල්වා මහතා ප්‍රමුඛ නිතිඥ කණ්ඩායමක් කර්මාන්ත ශාලාවේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටියහ.
මීට අමතරව කර්මාන්තශාලාවේ කළමනාකරු ඒ.කේ.ඩී.ආර්. එදිරිසිංහ සහ එහි රසායන පාලිකාව වන ඉනෝකා සජිවනී යන දෙදෙනා ද මැයි 11 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කැරිණි.
ඉකුත් 19 වැනි දා සිදු වු මෙම ඛේදවාචකයෙන් එම කර්මාන්තශාලාවේ සේවකයන් දෙදෙනකු ඇතුළු පස් දෙනෙකු මිය ගිය අතර 34 ක් රෝගාතුර විය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හොරණ කම්හලේ හිමිකරු රිමාන්ඩ්
සතයපාල Friday, 27 April 2018 07:56 AM
අනිවාර්යෙන්ම මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්විය යුතුයි. ඒ වගේම තම ධනබලය ප්‍රදර්ශනය කරමින් නීතිඥ සංගමයේ සභාපති ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් සමග පැමිණිම විශේෂයෙන් පොලිසියට බලපෑම් කිරිමේ අරමුණ ඇතුව විය හැකිය.
de silva berlin Friday, 27 April 2018 08:05 AM
දැන් කල යුත්තේ බලධාරීන් මැදිහත් වෙලා අයිතිකරුවන් සමග සාකච්ඡා කර, කරුණාකර මිය ගිය පුද්ගලයින්ගේ පවුල්වලට සාධාරණ වන්දියක් ලබාදෙන්න කටයුතු කර (අඩුම තරමේ එක පුද්ගලයෙකුට ලක්ෂ 50 වත්) සහ රජය මැදිහත් වී කම්හලේ තිබෙන අඩුපාඩු පිළිසකර කර නැවත නිෂ්පාදනය අරඹලා රැකියා අහිමි වූ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරන්න. මෙම අනතුරට කම්හල් පාලකයෝ පමණක් නොව පරිසර අධිකාරිය ඇතුළු ආයතනවල නිලධාරින්ද වගකිව යුතුය. කම්හල් වහලා කලමනාකරුවන්, අයිතිකරුවන් සති කිහිපයක් රිමාන්ඩ් කර පසුව ඇප දීලා එළියට දමා නඩුව අවුරුදු 10ක් විතර ඇදගෙන ගියා කියලා... මියගිය පුද්ගලයින්ගේ පවුල්වලට සහ රැකියා අහිමි වුණු සේවකයන්ට වෙන සෙතක් නැත. මෙම පාලකයෝ සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර පැහැර හැර ඇතිබව ඇත්ත... නමුත් ඔවුන් හිතාමතාම මිනි මැරීමේ චේතනාවෙන් මෙය කර නැත.
සතයපාල Friday, 27 April 2018 08:12 AM
අනිවාර්යෙන්ම මෙයා රිමාන්ඩ් භාරයට පත් කළ යුතුයි. මෙයාගේ බලපුළුවන් කාරකම පෙන්වන්න වෙන්න ඇති නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු නීතිඥ කණ්ඩායමක් එක්ක ඇවිත් උසාවියට බාර වුනේ. පොලිසියත් මෙයාගේ බලයට යටවෙලා තමයි බාරවෙනකම්ම ඇඹරි ඇඹරී හිටියේ...