(ඩයනා උදයංගනී)
කම්කරු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සහ ආසියානු ඵලදායීතා සංවිධානයේ දායකත්වය ඇතිව ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය සංවිධානය කල ‘හරිත ඵලදාතා මෙවලම් සහ ශිල්ප ක්‍රම මුද්‍රණ කර්මාන්තයට ව්‍යාප්ත කිරීමේ සම්මන්ත්‍රණය’ කම්කරු අමාත්‍ය නිමල් සිරිපල ද සිල්වා මහතාගේ ප්‍රදානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (22) පැවැත්විණි.
ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කර ඇති ‘හරිත ඵලදාතා මෙවලම් සහ ශිල්ප ක්‍රම මුද්‍රණ කර්මාන්තයට ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙල යටතේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සහ විජය පුවත්පත් සමාගම සම්බන්ධ කරගනිමින් මාස 18 ක කාලයක් පුරා ආදර්ශ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කෙරුණු අතර එහි සාර්ථකත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
හරිත ඵලදායිතාව සහ ද්‍රව්‍ය ප්‍රවාහ පිරිවැය ගිණුම්කරණය යන සංකල්ප භාවිතා කරමින් ආසියානු ඵලදායිතා සංවිධානයේ හරිත ඵලදායිතා විශේෂඥ ඇලෙක්ස් යැප් මහතාගේ උපදේශකත්වය යටතේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේත්, විජය පුවත්පත් සමාගමේත් ක්‍රියාත්මක කළ ආදර්ශ ව්‍යාපෘති වල ප්‍රතිඵල මෙහිදී ඉදිරිපත් කෙරුණු අතර එම ආයතන වෙත ඇගයීම් සහතික ප්‍රදානය කිරීම ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් මෙහිදී සිදුකෙරිණි.
විවිධ කර්මාන්තවලදී සිදුවන බලශක්ති හා යෙදවුම් නාස්තිය හා කාබන් විමෝචනය අවම කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර විජය පුවත්පත් සමාගම ලබන වසර වන විට කාබන් විමෝචනය ශුන්‍ය කිරීමටත්, මුද්‍රණ කටයුතු වෙනුවෙන් සූර්ය බලශක්තිය යොදාගැනීමටත් සූදානමින් සිටී.
කම්කරු අමාත්‍යාංශ ලේකම්, ආසියානු ඵලදායිතා සංවිධානයේ ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ එම්.පී.ටී.යූ.කේ මාපා පතිරණ, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති සහ විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ජනක රත්නකුමාර, විජය පුවත්පත් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු නිහාල් ගුණරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ජායාරූප: රුෂිරුකොළඹතන්ත්‍රීගේ)
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හරිත ඵලදායිතා මෙවලම් සහ ශිල්ප ක්‍රම භාවිතය වෙනුවෙන් විජය පුවත්පත් සමාගම ඇගයේ
සමන් පාලිත Tuesday, 23 November 2021 04:38 PM
විශිෂ්ඨ ඇගයීමක්. සුබ පැතුම්...!!!