IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හරිතාගාරවල වැව්වොත් ලක්ෂ 5ක් රජයෙන්

(අංජුල මහික වීරරත්න)

හානි අවම වගා ක්‍රමයක් වන හරිතාගාර ( Poly Tunnel Growing)වල එළවළු වගා කරන ගොවීන් සඳහා රජයෙන් ලක්ෂ පහක ආධාරයක් දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ වැඩසටහනට  එක් දිස්ත්‍රික්කයකින් ගොවීන් 30ක් තෝරාගන්නා බව අමාත්‍යවරයා කීය.

හරිතාගාර වගා ක්‍රමය ඇරඹීමට රුපියල් ලක්ෂ 10ක් වැය වන අතර ඉතිරි ලක්ෂ පහ ගොවියා විසින් දැරිය යුතු බව අමාත්‍යාංශය පවසයි.

 පොලිටනල් තුළ වගා කිරීමේ ව්‍යාපෘතිය නව කෘෂි තාක්ෂණය ගොවීන්ට හදුන්වා දීමේ තවත් එක් පියවරක් බව කී අමාත්‍යවරයා  එළවළු වගාවේ දී වන වගා හානි අවම වීම, ප්‍රමිතියකින් යුත් එළවළු වෙළෙඳපොලට සැපයීම හා වසර කිහිපයක්ම පොලි ටනල් යොදා ගැනීම  කළ හැකි බැවින් ගොවීන්ට හොඳ ආදායමක් ලබා ගැනීමට ද හැකියාව ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 අතරමැදියන් නොමැතිව අස්වැන්න වෙළෙඳපොලට ලබා දීම හා පාරිභෝගිකයාට සාධාරණ මුදලකට අලෙවි කිරීමටත් මෙමගින් අවස්ථාව සැලසෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

හරිතාගාර වල එළවළු වගාව ප්‍රචලිත කිරීමට  ගොවීන් උනන්දු කරවීම සදහා රජය රුපියල් මිලියන 500ක්  මෙම වසර සඳහා ලබා දී තිබේ.



අදහස් (5)

හරිතාගාරවල වැව්වොත් ලක්ෂ 5ක් රජයෙන්

lakshana Thursday, 14 September 2023 12:05 PM

ඉංජිනේරු සංස්ථාව මැදිහත් කරගෙන උසස් අමුද්‍රව්‍ය යොදාගෙන උසස් තත්වයේ පොලි ටනල් හදල දෙන්න. එහෙම බැහැ නේද? ඊ ළඟ චන්දෙදි ඔබතුමාට වියදම් කරන, ඔබතුම අඳුරන කෙනෙකුට බිස්නස් එක හදල දෙන්න.

:       0       16

අමරවීර Thursday, 14 September 2023 07:40 PM

ඉංජිනේරු සංස්ථාවේ ඉන්නේ ගොබ්බයො.උන් දන්නා කෙහෙල්මලක් නැහැ.උන් දන්නේ පොතේ තියෙන දේවල් විතරයි.අලුතෙන් හිතන්න පුළුවන් උන් එකේ නැහැ.නිකම් පඩි කන උන් වගයක් ඉන්නේ.මාව ඒ අංශය භාර ඇමති කලානම් ඔය මගුල වහලා සැහෙන කාලයක්.ඔව් මගේ කට්ටියක් ඉන්නවා ලාබෙට හොඳට වැඩේ කරනවා.ඔබටත් අවශ්‍යනම් මගේ ලේකම්ව අමතන්න හැබැයි අල්ලස් එකේ උන්ව එක්කන් ආවොත් බලාගන්න පුළුවන් හරිද ?ඉඳලා හිටලා මගේ පංගුව ගෙනියන්න මගේ බට්ටේක්ව එවනවා .ඒවා කලට වෙලාවට කලයුතු යුතුකම් හරිද ? ඒවා පහර හැරියොත් පහුවෙනිදාට ග්‍රීන් හවුස් එක අතුරුදහන්වෙලා තියේවි.ඒ ගැන පොලිසියට කිවොත් ඔහෙවත් අතුරුදහන් වේවි.මට ඒ පිළිබඳව හොඳ ඉතිහාසයක් තියෙනවා,මගේ ගංජා හේන ගැන ඔත්තු දුන් කි දෙනෙක් දැන් පොලොව යටද.මේවා ඔක්කොම ගැන හොඳට හිතලා වැඩේ පටන්ගන්න තෙරුවන් සරණයි.

:       0       2

රනේ Thursday, 14 September 2023 01:42 PM

අපේ රට නම් පුදුම එකක්. ඔය මොනව කලත් වගා කරුවටවත් පරිභෝජනය කරන්නාටවත් වාසියක් නම් නෑ..

:       0       7

පැරකුම් Thursday, 14 September 2023 02:47 PM

මොනව කලත් වැඩක් ඇත්ද ගොවියාගේ නිශ්පාදන සාධාරන මිලකට විකුනගන්න බැරිනම්. පලමුව කලයුත්තේ කෘෂි නිශ්පාදන අලෙවිය සදහා සුදුසු ක්‍රමවේදයක් සැකසීමයි.

:       0       7

Wimalaweera Friday, 15 September 2023 11:08 PM

මෙයාගේ ලොකු කතා විතරයි. කරපු දෙයක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 126 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 958 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 532 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3372 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2501 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4500 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site