බන්ධනාගාර රැඳැවියන්ට තම ඥාතීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා දුරකතන ඇමැතුම් ලබා ගැනීමේ මධ්‍යස්ථානයන් වැලිකඩ බන්ධනාගාරයේදී අද (15) විවෘත විය.
බන්ධනාගාර පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වු මේ සේවාව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය එක්ව පවත්වයි.
රැඳැවියන් අටදෙනකුට එකම මොහොතේ දුරකථන ඇමැතුම් ගැනීමට හැකිවන පරිදි දුරකතන කුටි අටක් මෙහි ස්ථාපිත කැර ඇත.
සිය අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු රැඳැවියන්ට දුරකතන ඇමැතුම් ලබා ගත හැකයි. සියළු දුරකතන සංවාද මෙන්ම සිසිටිවී කැමරා තාක්ෂණය ඔස්සේ ද රැඳවියන් නිරික්ෂණය කිරීම සහා වෙනම විශේෂ මෙහෙයුම් මැදිරියක් ද මෙම සේවයට අයත්ය.
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර,ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුද මේ අවස්ථාවට එක් වුහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැද පෙරදිග රටවලත් ඔව්ව පටන් අරගන දැනට අවුරුදු 10 කට වැඩියි. අනේ මන්ද ලංකාවේ හැමදේම අන්තිමට ටම..ඒ වුනාට ඉතිහාසය ගොඩක් දුරයිලු. (අ)
ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් කළ මේ මහඟු සේවාව අගය කොට සලකමු.හොඳ වැඩක්..සිරකරුවෝද මනුෂ්‍යයෝ.(හේ)
සියලුම සිරකරුවෝ මනුෂ්ස්යයෝය. එම නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් කල මේ මහඟු සේවාව අපි අගේ කොට සලකමු. සන්නිවේදන ඉතිහාසයේ පුරෝගාමිකයෝ වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට මෙවන් සේවාවන් තව තවත් සිදු කිරීමට ලැබේවා, (නදී)
සරාම් ඔය තරම් නපුරු වෙන්න එපා. හිරේ ඉන්න කෙනාට වැඩිය දුක් විදිනවා ඒ අයගේ බිරිද දරුවෝ අම්මා තාත්තා. මේ අයට ලොකු සහනයක් ලැබෙනවා මේ තුලින්. මේ දෙයට දායක උන සැමකෙනෙකුටම ගොඩක් පින්. හොඳ දේට හොඳයි කියමු. නේද සරාම්? (ස)
මේ දේවල් කරන එකෙන් තවත් අපරාධ වැඩි වෙනවා විතරයි.(හේ)
බලන්නකෝ ඒකෙත් හැටි. (නි)
මටත් හිරේ යන්න හිතෙනවා කුඩු ටිකක් විකුණලා , ගෙදර ඉන්නවට වැඩිය ලාබයි. කෑම නොමිලේ. බෙහෙත් නොමිලේ. ඉන්න නොමිලේ. මළගෙවල් ම්ගුල්ගේවල් වියදම් නැහැ . දැන් ටෙලිෆෝන් එකත් නොමිලේ . (ස)
මේක පුදුම රටක් තමයි. හිරේ ඉන්න අය ගෙදර යවන්න හදනවා , ගෙදර ඉන්න අහිංසකයෝ හිරේට දන්නා හදනවා . කාට කියන්නද මේවා . (ස)
දිලූ මැදපෙරදිග බන්ධනාගාර ගැන හොඳට දන්නේ ඒවායේ කාලයක් හිටි කෙනෙක් වගේනේ. (නි)
දිලුක් කියන්නේ බොරුවක් (අ)
ඔය මොනවා කීවත් කලත් , රැඳවියන් බොහෝ දෙනෙකු ළඟ මොබයිල් ෆෝන් තියෙනවාමයි .නැති ඈයෝ තියෙන අයට වැඩිපුර මුදල් ගෙවා පහසුකම් ලබාගන්නවා.ගෙදරට හලෝ... වැදගත්,පාතාලේ අකටයුතු නම් මේ නිසා නොවැද ගත් ! (අ)
සිරකරුවෝද මනුෂ්‍යයෝය... (නි)
කුඩු බිස්නස්, කප්පම් ගැනීම තව වැඩිවෙයි කියලයි මට නම් බය. "මම බන්ධනාගාරයෙන් කතාකරන්නේ, සල්ලි ලැහැස්ති කරලා තියන්න" කියයිද දන්නෙ නැහැ (නි)
හොඳ වැඩක්. දැන් ඔවුන්ට අවශ්‍ය විටදී පවුල්වල අය, නෑදෑ හිතමිතුරන් සමඟ සම්බන්ධවිය හැක. ඉහත දක්වා ඇති පරිදි දුරකතන සංවාද යම් අධික්ෂණයකට ලක්කිරීම අත්‍යවශ්‍යයි. එමඟින් නීතිවිරෝධී ක්‍රියා අවම කළ හැක. තවද මින්පසු මොවුන් සිරමැදිරි තුළ ජංගම දුරකථන භාවිතා කරන්නේ නම් ඔවුන්ට දැඩි දඬුවම් දිය යුතුය. (නි)
සියලුම ඇමතුම් පටිගත කළොත් හොඳයි කියලා මට හිතෙනවා (නි)
මේක නම් හොඳ වැඩක් (නි)
බොහොම කාලෝචිතයි. (නි)
මමත් කියනවා මේක කාලෝචිතයි කියලා. (නි)
(අ) ට ස්තුතියි මගේ නම නිවැරදිව පලකිරීම ගැන (හේ ) පලකරනේ ගාමිණී පමණකි.එයාගේ අතින් පයින් යනවද සිරිවර්දන නම පල කිරීමට. ගාමිණී නමින් වෙනත් අය ප්‍රතිචාර දක්වන නිසයි එයාට 3 වතාවක්ම දැනුම් දුන්නේ.තව දුරටත් එසේ කරන්නේ නම් කර්තෘ මණ්ඩලයටත්, පාලන අධිකාරියටත් දැනුම් දීමට මා හට සිදුවෙයි I (අ)