කහටගස්දිගිලියේ වැසියන්ට නියන් සහනාධාර බෙදීමට ගිය පොලිසියට සහ ග්‍රාම නිලධාරින්ට බාධාවන අයුරින් කලහකාරී ලෙස හැසුරුනැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හොරෙව්පතාන එක්සත් ජනතා නිදහස් සංධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු පස් දෙනකු ලබන 17 දක්ව රිමන්ඩ් කරන්නැයි අනුරාධපුර මහේස්ත්‍රත් යුරේෂා ද සිල්වා මෙනෙවිය අද නියෝග කළාය. සැකකරුවන් එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කරන්නැයි ද නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියඟයෙන් පීඩාවිඳින ජනතාවට රජයෙන් නොමිලයේ දෙන සහනාධාරයක් සන්සුන්ව, රජයේ නිලධාරීන් හෝ පොලිසීය සමඟ එක්ව බෙදා හදාදීම ප්‍රදේශය බාර දේශපාලකයාගේ යුතුකමක්. ඒවාට අකුල් හෙළීම නම් දඬුවම් ලැබිය යුතු වරදක් ! (නි)
සහනාධාර බෙදන්න පුදුම උනන්දුවක්නේ මේ දවස් වල තියෙන්නේ. (නි)
පොලිසියට සහ මහේස්ත්‍රාත්තුමියට මගේ උපහාරය! (නි)
මට මතක් උනේ අර පක්ෂ මහලේකම් කෙනෙක් කිව්වානේ මැරයන්ට චන්දෙ දෙන්න එපා කියලා.. ඒ ගොල්ලෝ මැරයන්ට අපේක්ෂක කම දෙනකොට ඡන්ද දායකයින්ට වෙන විකල්පයක් නැහැනේ. (ස)
පලා බබාලා ගිය තැන වලි (නදී)
දැන් මොකද මොහාන් පීරිස් මහත්තය කියන්නේ? (නදී)
හඳුනා ගන්න බැරිවෙයි නේද? (නදී)
අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)