පැරණි ක්‍රමයට රෙදි ගෙනැවිත් නියමාකාරයට මසා පඬු පොවා දර්ශනීය පෙරහරකින් වැඩම කරවා මහාසංඝරත්නයට අද අලුයම පූජා කෙරිණි.
වසරක් පාසා මෙම පිංකම සිදු කෙරෙන බව විහාරාධිපති සේනාධිරියාගම ධම්මරතන හිමියෝ පවසති. දායක දායිකාවන් එක්ව සුදු රෙදි රැගෙනවිත් හේවිසි හොරණෑ ශබ්ද පුජා මධ්‍යයේ එම රෙදි පිරිකර පන්සලට වඩම්මවා විනයාකූලව එය මසා හැලියක් ලිප තබා ගිනි මොලවා වර්ණක ගැන්වීම සදහා අවශ්‍ය කොළපොතු තම්බා දැව ඔරුවක දමා මුලින් පාට ගන්වා නැවත ලිපේ ඇති මුට්ටියට එම චිවරය බහා පඬු පෙවීම කරයි.

![DSC01642[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC016421.jpg)
![DSC01658[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC016581.jpg)
![DSC01664[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC016641.jpg)
![DSC01695[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC016951.jpg)
![DSC01706[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC017061.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මෙහෙම කළාට දැන් ගොඩක් ගම්වල කඨින චීවරය ගෙයින් ගෙට ගෙනිහින් පූජාවල් පවත්වන මුවාවෙන් සල්ලි එකතු කරන්න යොදා ගන්නවා. නියම විදියට කඨින චීවරය මහන්නෙත් එදින උදේ පාන්දරට (බ)
උපුල්,ඔය නොදන්නා දේ ගැන කතාකරන්න එපා. සල්ලි එකතු කරන්නේ කාටවත් තියාගන්න නොවෙයි. කඨින චීවරය විතරක් නොවෙයි, පන්සලේ වැඩසිටින හිමිවරුන්ට චීවර පුජා කිරීමටත්, පිංකමට වඩින ස්වාමින් වහන්සේලාට පිරිකර පුජාවටත්, ප්‍රවාහන පහසුකම් වලටත්, හේවිසි, නැටුම් සහ වෙනත් අවශ්‍යතා වලටත් මුදල් යොදවනවා. දන්දීම යනු ආහාර පුජා කිරීම පමණක් නොවෙයි. (නි)
හේමන්ත, දන්දීම කියන්නේ ශ්‍රද්ධාවෙන් අප විසින් සිතා පින් බලාපොරොත්තුවෙන් කරන්නා වූ දානයයි. උපුල්, කියන ලෙස චීවරයත් සමඟ ගෙදරට පැමිණෙනවිට ලෙඩට දුකට තිබෙන මුදල හෝ හිතේ අමාරුවෙන් හරි ලබාදෙනවා. මම නම් දකින්නේ අප විසින්ම පන්සල වෙත ගොස් ලබාදෙන නූල්පට වුණත් උතුම් වූ සාංඝික දානයක් ලෙසයි. අධිෂ්ඨානය සහ මහන්සිය යන දෙකම එක්වූවිටයි කුසල කර්මයක් සාර්ථක වෙන්නේ. (නි)
හේමන්ත, උපුල් කියන දේ මටත් හොඳට තේරෙනවා. සමහර පන්සල් වලට මුදල් එකතු කිරීම වර්තමානයේ ව්‍යාපාරයක් වෙලා.අද කඨින චීවරය වෙළඳ භාණ්ඩයක් වගේ වෙලා. වස් සමාදන් වූ උපසම්පදා භික්ෂුව මේ වෙනුවෙන් නිවෙස් වලට යාම මමද අනුමත නොකරමි. වස් ආරාධනා කරන ගිහියන් උන් වහන්සේට දානමානාදී සියලු ඇප උපස්ථාන කිරීමට සැදී පැහැදී සිටින බව අපි දනිමු. (නි)
ඉතාම හොඳ ආදර්ශයක් (නි)
කලාතුරකින් දැකගන්න ලැබෙන දෙයක් (නි)
බුදුන් වහන්සේ වැඩ විසු සමාජ පරිසරය කාලයේ රිද්මයට අනුව වෙනස්ව ඇත. ලෝකයේ දැන් පවතින කිසිම ආගමක්, දර්ශනයක් මුල් ස්වරුපයෙන් මේ මොහොතේ පවතින්නේ නැත. විහාරවාසී භික්ෂුන් වහන්සේලා ජිවිත පවත්වා ගැනීම සඳහා මුදල් පරිහරණය කිරීම අනිවාර්ය වී ඇත.කථින චිවරය දායකයින්ගේ අතින් සකස් කර පුජා කිරීම කලාතුරකින් දකින්න ලැබෙන අවස්ථාවක්. අගය කලයුතු උතුම් ආදර්ශයක් . ....(රේ)
කඨින චීවර පූජාව මහත් පිං ලැබෙන පුන්‍යකර්මයක්. (ර)
ජන සමාජයෙන් ගිලිහීයන පුරාණ තාක්ෂනය දැක ගැනීම අපට මහත් ආඩම්බරයකි. අද අපගේ ළමයි දන්නේ රටින් රෙදි, ඇදුම් ගේන එක පමණයි. (ර)
මට මතක් වෙනවා අපි පුංචි කාලේ අපේ පන්සලේ ඔය විදිහටම කටින චීවර සකසනවා. දැනුත් එහෙම කරනවා ඇති මම හිතන්නේ. (ර)
විපුල කියන විදිහට අද කාලෙ ළමයි දන්නෙ රටින් රෙදි සහ ඇඳුම් ගේන එක පමණයි. ඒත් අපිම ළමයින්ට රට රෙදි, ඇඳුම් අරන් දීලා ඊට වැඩි දෙයක් බලා පොරොත්තු වෙන්න පුළුවන්ද? පොඩි කාලේ ඉඳල ළමයින්ට කමිස, කලිසම් අන්දල ලොකු වෙලා ලංකාවෙ ජාතික ඇඳුම මොකක්ද කියලා කියා ගන්න බැරි වුනාම වැරැද්ද ළමයාගෙද? (ර)