ගොඩකවෙල මල්වත්තේ දී සහල් කිලෝ පහක් නිසා පාරේ නිදා සිටි පුද්ගලයකු මරා දමා ඇතැයි පොලීසිය කියයි.
කඩයකින් සහල් මිලදී ගත් පුද්ගලයකු එම සහල් මල්ල තැබු ස්ථානය අමතක වී ඇතැයි ද පාර අයිනේ නිදා සිටි පුද්ගලයගෙන් ඒ ගැන විමසා ඇතැයිද පොලීසිය කියයි.
පොලීසිය පවසනුයේ එම සිද්ධිය මත මෙම ඝාතනය සිදු වන්නට ඇති බවයි.
පොලිස් සුනඛ සනාගේ උදව්වෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙකට,මාධ්‍යයට ලියන ලිපියකට මිනීමරන මේ රටේ හාල් කිලෝ පහකට මිනියක් මරන එක මහා ලොකු දෙයක් නොවේ. (නි)
ඕවා සාමාන්‍ය දේවල් වෙයි තව ඉස්සරහට (නි)
ආසියාවේ ආශ්චර්යයනේ.(නි)
බන්දුල පෙරේරා මහතා ටික දවසක සිට හෝ පීල්ලට වැටී ඇති බව පෙනේ.එය සන්තෝෂයට කරුණකි.දිගටම, හරි පීල්ලේම ගමන්ගන්නා මෙන් ඉල්ලමි. (නි)
පොලේ ගිහින් අරන් එන එලවලු මල්ල බෙල්ල කපල උස්සන් දුවන කාලයක් ඉදිරියට එනවා. හරියට දැන් පිලිපීනයේ වගේ. (නදී)
අපෝ මිනිස්සු හාල් කිලෝ 5 කට මිනී මරණ එක ආණ්ඩුවේ වරදක් නොවේ. එක ඇමති කෙනෙක් කිව්වේ රස්සා දෙන එකවත් කෑමබීම දෙන එක වත් රජයේ වැඩක් නෙවෙයි කියලා. ඒවා කරන්නේ වෙන රටවල ආණ්ඩු. ලංකාවේ ආණ්ඩුවට එහෙම පිස්සුවක් නැහැ. ඔය ඉන්දියාවේ තියෙන මෝඩ ආණ්ඩුව නම් රස්සාවල් දෙනවා, ගොවියන්ව ආරක්ෂා කරනවා.(අ)
හතර බීරි කතාවක් යන දුර,(අ)
දැන් ඔක්කොමල කියන්නේ මේක ආණ්ඩුවේ වැරද්දක් කියලද? ඔක්කොටම පිස්සු හැදිලා වගේ (අ)
බන්දුල පෙරේරා මහත්මයාට මොකද වෙලා තියෙන්නේ? (නදී)
දැන් සහල් හිඟයක් තියෙනවා කියලනේ සහල් ගණන්.පාලුවට ගිය ,පුරන් වුණ කුඹුරු කොච්චර තියෙනවද ? ඒවා වගාකරන්න ගොවියාට සහන ලබාදෙනවානම් හොඳ නැද්ද? සමහර කුඹුරුවල මිනිසුන්ට වැඩිය උසට වල් වැවිල."ගොවිජන සේවා "ලෙස නියෝජිතයන් පත්කරලා ඉන්නෙ ඇයි .මිට අවුරුදු10 විතර කලින් මේ කුඹුරු වගා කරලා තිබුන විදිහ මතක් වෙද්දී අද ගොඩක් දුක හිතෙනවා.බොරු වැඩ වලට වියදම් කරනවට වඩා හොදනැද්ද මේවා දියුණු කලොත්.?සුපර් මාකට් හදන්න කලින් දුප්පත් මිනිසුන්ට කන්න සහල් ලබාගන්න කටයුතු කලොත් හොද යි නේද?(අ)
මේ මිනීමැරුම පිටුපස දේශපාලනය නැද්ද (නදී)
මිනිසුන් මොනතරම් පීඩනයකින් එදා දවස ගෙවනවද කියන ප්‍රශ්නෙට හොද උත්තරයක් මේක. දැන්වත් මිනිසුන්ගේ බඩගින්න නිවන්න වැඩපිළිවෙලක් අරඹන්න (නි)
ඔව් හාල් පොල් වලට විතරක් නෙවෙයි කොස් ගෙඩියටත් මිනී මරාගන්න යුගේ නැවත පැමිණෙමින් තිබෙනවා ! (ස)
බණ්ඩාර ඔයා හෙළ උරුමේද? (නදී)
මේ වගේ මිනිසුන්ට මොනවා කරන්නද මන්දා (නි)
"බන්දුල පෙරේරා 2014-08-31 06:42:42", ඔබතුමා අර ඉස්සර ආණ්ඩුව වෙනුවෙන්ම කතා කරපු "බන්දුල පෙරේරා" නොවෙයි නේද? (අ)
මෙන්න හෙට ප්‍රවෘත්ති, "හාල් හුන්ඩු බාගෙට මිනිහෙක් මරයි"(අ)
මිනිසත් බව නැතිවීගෙන යන අවාසනාවන්ත කාලයක්..(අ)
මේවගේ කාලකන්නි ඉන්නවා මොන රාජ්‍යයෙත් සමරනායක මහත්තයට නම් මේක ලොකු මාතෘකාවක් වගෙයි ......(අ)
ගොවියා ශක්තිමත් කරන්න පිට රටින් එන දේට බදු වැඩි කරනවා. දේශීය ගොවියාගෙන් වෙන බදු ,රක්ෂණ කියල මුදල් කඩනවා. කොහොම කොහොම හරි බඩු මිල අහස උසට ගෙනියනවා. අන්තිමට ඡන්දෙ කාලෙට ලොකු විවෘත කිරීමේ උත්සව ටිකක් පෙන්නනවා. යුද්ධයක් නැති අපේ රටට, වරාය සහ අනෙකුත් මාර්ග වලින් අති විශාල ආදායමක් ලැබෙනවා. ඒ වුණාට සේරම සංවර්ධන වැඩ කෙරෙන්නේ ණය වලින්. දෙයියනේ මේ සල්ලි වලට මොකද වෙන්නේ ඡන්දෙ දෙන අපිට පිස්සුද මන්ද(අ)
දෙයියනේ මෙහෙමත් අපරාධ කරන මිනිස්සු (අ)
කොහෙද ලංකාවේ අපරාධ, කොහෙද දුප්පත්තු ඉන්නේ. ගොඩකවෙලට කැරකෙන ආපන ශාලාවක් සහ දිය මත පාවෙන මොකක් හරි හදල දෙන්ඩකෝ.. අපිට අඩු පාඩුවකට තියෙන්නේ එපමණයි.(අ)
ධර්ම රාජ්‍යය ගොඩනගා ඇති අපූරුව.(අ)
අහිංසක මිනිසෙකුට නේද මේ අපරාධය. (අ)