(ගයාන් සූරියආරච්චි, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)

හෝමාගම මූලස්ථාන පොලිසිය අත්අඩංගුගත් සැකකරුවක් පොලිසියේ සිටියදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමගම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.‍

අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ මෙන්ම දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාගේ හා උපසේවක රාජකාරී යෙදී සිටි කොස්තාපල්ලවරයාගේ රාජකාරී මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටිති. 

බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශන වලදී හා හා වෛද්‍ය වාර්තා අනුව අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.