ළමා සහ තරුණ පරපුර පන්සලට සමීපකිරීමේ අරමුණ ඇතිව ලෝක ළමා දිනය නිමිත්තෙන් ‘‘ළමා ගිහි පිරිත් දෙසුමක්” සංවිධානය කිරීමට පොල්හේන්ගොඩ රතන අරම විහාරස්ථානයේ ‘‘උතුම් මනුසත්ව සමාජය” සැරසෙයි.
දරුවෝ 15 දෙනෙක් ගිහි පිරිත් කියයි . පොල්හේන්ගොඩ රතන අරම විහාරවාසී දෙනගම ධම්මරක්ඛිත හිමියෝ දරුවන් පුහුණ කරති
ඔක්තෝබර් පළමුවැනි දින සවස හයට පොල්හේන්ගොඩ මන්සන්ධියෙන් ආරම්භ කෙරෙන පෙරහරින් දරුවන් විහාරස්ථානය වෙත කැඳවාගෙන යන අතර එදින රාත්‍රී අටට ආරම්භ වන පිරිත් දේශනාව රැය පහන්වන තුරු පැවැත්වේ.
විහාරාධිපති නරවැල්පිට රතනසාර හිමිපාණන්ගේ අනුශාසනාපරිදි පිංකම් වැඩසටහන සංවිධානය කෙරෙයි.
මෙම පිංකම සඳහා ඔබටත් දායක වීමට තොරතුරු විමසන්න -0712603578 අමතන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හොඳ අර්ථවත් වැඩක්. තෙරුවන් සරණයි! (නි)
ඉතා හොද වැඩක් තරුණ පරපුර වල්මත් වී සිටන මොහොතක මෙවන් දෙයක් කිරීම කාලයට ඔබිනවා. (නදී)
වර්තමානයෙන් අනාගතය ගොඩනගන්න දරන උත්සාහයට ප්‍රණාමය (නදී)
කාලයට උචිත ; පින්වත් වැඩක්! (ස)