මව්පියන් නොමැතිව පොළොන්නරුව පැරකුම් ළමා නිවාසයේ හැදි වැඩුනු ඉන්ද්‍රානි මධුවන්තිගේ (22) විවාහ මංගල්‍යය 14 වැනිදා නවනගරයේ දී පැවැත්වුණු අතර විවාහයේ සාක්කිකරුවන් ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පරිවාස හා ළමා ආරක්ෂක ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අත්සන් කළහ.
මනාලිය රූපලාවන්‍ය ශිල්පිනියක් වන අතර ඇය වව්නියාව ඉරට්ටපෙරියකුලම ගුවන් හමුදා කඳවුරේ සිවිල් අංශයේ නිලධාරියකු වන ප්‍රියන්ත කුමාර (26) සමග විවාහ ගිවිසගත්තාය.
විවාහ මංගල උත්සවය පොළොන්නරුව එක්සත් බෞද්ධ සංගමයේ සභාපති ජයන්ති මහා විහාරාධිපති කදුරුවෙල ධම්මපාල නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැරකුම් ළමා නිවාසයේ කාර්ය මණ්ඩලය මගින් සංවිධානය කර තිබිණි.
සියලූ උත්සව කටයුතු හා සංග්‍රහ කටයුතු ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්, පරිත්‍යාගශිලින් මෙන්ම දානපතීන් අතින් සිදු කැරිණි. උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාද මෙම විවාහ මංගල අවස්ථාවට පැමිණ මනාල යුවලට තෑගි බෝග පිරිනැමීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණයහපත් මවුපියන්ගේ ගුණයහපත් මනාල මහත්මයාට තෙරුවන් ගුණ බෙලෙන් යහපතක්ම වේවා! ජීවිත කාලයටම මේ අහිංසා තරුණිය රැකබලා ගැනීමට සතරවරම් දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබී දෙදෙනාගේ යුග ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! මේ උතුම් කාර්ය වෙනුවෙන් උරදුන් සහභාගි වූ සැමටම තුණුරුවන් අැතුලුකොටගත් සතරවරම් දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබී කරන කියන කටයුතු දිනෙන් දිනම වැඩිදියුණු වේවා! (නි)
ඇත්තටම ගොඩක් ලස්සනයි. අගය කළ යුතු දෙයක්. ඔබ දෙපලට සතුට සාමය රැදී වාසනාවන්ත යුග දිවියක් ප්‍රාර්ථනා කරමි.(හේ)
හැමදේකම අඩුපාඩුවක් හොයන අයට මේ වැදගත් ප්‍රවෘත්තිය ඉතා හොඳයි (නි)
සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත විවාහ ජීවිතයක් ඔබ දෙපලට! (නි)
රටක් ජයගත් රණවිරුවා ගත් එඩිතර තීරණයට ශීර්ෂ ප්රණාම! සුබ මංගලම්! (නි)
හරිම ලස්සන මනමාලියක්. ඔබ දෙපළට තෙරුවන් සරණයි! (නි)
සුබ මංගලම් ඔබ දෙපලට! වාසනාවන්ත යුග දිවියක් වේවා! (නි)
මෙවන් පුවත් පළ කිරීම අනවශ්‍ය බව මාගේ මතයයි. එ් මන්ද යත් මෙවැනි සිදුවීම් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට පවා බලපෑම් ඇති කළ හැකි අතර මෙසේ ලේබල් අැලවීමක් නොවිය යුතුය. මෙවන් සිදුවීම් දහස් ගණනක් අප සමාජයේ කිසිදු ප්‍රසිද්ධියකින් තොරව සිදුවේ.(බ)
හරිම ලස්සන මනාලියක් (නි)
ජනපතිගේ මේ ක්‍රියාව අනිවාර්යෙන්ම අගය කළයුතුය (නි)
දිරිය දියණියනි, ඔබේ මතු අනාගතයට සුබ පැතුම්! (නි)
හිටපු ජනාධිපති, ත්‍රිවිධ හමුදාපති සහ ආරක්ෂක ලේකම්ට මාගේ ප්‍රණාමය! ඔවුන් නොසිටියා නම් මෙවන් දරුවන් තවත් ලක්ෂ ගණනකට අද මවුපියන් අහිමියි (නි)
ඇසට කදුළු එන සංවේදී පුවතක්. මෙවැනි යහපත් උතුම් ක්‍රියා කරන ඔබ සැමටම දළදා සමිදු පිහිටයි! ජනාධිපතිතුමත් වටිනා සද්ක්රියාවකට සහභාගිවීම ගැන බොහොම සතුටුයි. විවාහ වූ දෙපලට සුභ අනාගතයක් වේවා! ඔවුන්ගේ සියලු පැතුම් ඉටුවේවා! (නි)
මට හරිම සන්තෝෂයි. මම පොළොන්නරුවේ රාජකාරි කරන කාලේ හැකි හැම අවස්ථාවේදිම මේ ළමයි බලන්න යනවා (නි)
දෙවන පින්තුරේ දැක්කම නම් හරියට දුක හිතෙනවා (අ)
යුද බිම ගෙනා සෝදුක් කම්කටොළු.... මැද බොඳ වුණ දෙනෙත් තුටු කඳුලින් පිරුණි... අද සඳවත සදිසි ලඳ මල් හී පහර....... කැඳවයි සිනා දැයටම හිරු සමඟ....... (නි)
හරිම සතුටුයි (නි)
සුබ මංගලම් ඔබ දෙපලට වාසනාවන්ත යුග දිවියක් වේවා !!!!(රේ)
බොහොම හොද වැඩක්. බලන්නත් ලස්සනයි මෙහෙම දේවල්.(රේ)
උපන්දාසිට මාපිය සෙනෙහස අහිමිව කෙකුගේ යටතේ හැදී වැඩී තනියම තම ස්වශක්තියෙන් ජීවිතේට මුහුණදුන් ඔබේ ජීවිත ගමනේ...! ඔබට හමුවන සියලුම මනුෂ්‍යයෝ ඔබට ආදරය කරුණාව දක්වන උතුම් මිනිස් ගති පැවතුම් ඇත්තවුන් වේවා ...!ඔබේ සහකරුවාද ඔබේ ජීවිතේ අද පටන් ගෙවෙන සෑම තත්පරයක් විනාඩියක් දවසක් පුරා ජීවිතගමනේ ඔබට සෙනෙහසින්ම ආදරය කරන කරුණාබර පුරුෂරත්නයක්ම වේවා ..!ඔබේ දිවිමග සතුට සෙනෙහස පිරි නිරෝගීමත්වසනාවන්ත සුභ මංගල්ල්‍යයක් ම වේවා ..!!!! (අ)
උතුම් අගය කල යුතු ක්‍රියාවක්, හොද වටිනා කමක් අරන් දීල තියෙනවා ජීවිතයට (අ)
දෙවෙනි පින්තුරය හරිම සංවෙදියි . අනික් පින්තුර දැක්කාහම හරිම සතුටුයි. (අ)
තෙරුවන් සරණින් සුභමංගල්යක් වේවා ඔබ දෙපලට (අ)
සුභ මංගලම් ..ජය මංගලම්....යුග ජීවිතේ වාසනා...නංගෝ. (අ)
තෙරුවන් සරණින් සුභමංගලයයක් වේවා.(අ)
මේ වගේ හැම දරුවෙකුටම මේ විදියට කරන්න පනතක් හදන්න මේදරුවන් වෙනුවෙන් ළමා ගිණුම් ආරම්බ කරන්න පුලුවන්ද. . ඒ දරුවාගේ නම පමණක් ගිණුමෙහි සදහන් වෙන විදියට (අ)
අනේ හොඳයි ,මොනතරම් සතුටක්ද. (අ)
සතුටු කඳුළු (අ)