ලෝක ළමා දිනය නිමිත්තෙන් පැවති ප්‍රශ්නෝත්තර තරගාවලියකින් ජයග්‍රහණය කළ දරු දැරියෝ 50 දෙනෙක් කටුනායක සිට මත්තල ගුවන්තොටුපොළ තෙක් අද ගුවනින් ගියහ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය මේ ගමන සංවිධානය කළේය.
වව්නියාව, බිබිල, අම්පාර ඇතුළු විවිධ ප්‍රදේශවලින් පැමිණි දරු දැරියෝ ඊට එක්වූහ.
සාමාන්‍ය ගුවන් ගමනක අත්දැකීම් ඔවුහු ලැබූහ.
ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 828 ගුවන්යානය කටුනායක සිට මත්තල හරහා චීනයේ බෙයිජින් නුවර බලා යාමට සුදානම් කර තිබිනි. චීන ජාතිකයන් රැසක් ගමන් ගත් එම යානය දහවල් 12.10ට ගුවනට පිවිසියේ දරු දැරියන්ගේ සතුටු සිනහ සහ ඔල්වරසන් මැද්දේය.
මෙම බොහෝ දරුවන් කිසිදා ගුවන්තොටුපොළක්වත් දැක නොතිබූ බවත් මෙය සිහිනයක් සැබෑ වූවාක් මෙන් දැනෙන බවත් ඔවුහු ගුවන්යානයේ කවුළු වලින් සිරි නරඹමින් පැවසූහ.
මගීන් 256 දෙනකුට ගමන් කළ හැකි මේ යානයේ ප්‍රධාන නියමුවා ලෙස කපිතාන් සුජිත් ජයසේකර ද, සහාය නියමුවා ලෙස ප්‍රකාශ් ගුණසේකර ද වූහ.
විනාඩි 25 ක ගුවන් ගමනකින් පසු යානය මත්තලට ළඟා විය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 114 ගුවන් යානයෙන් සවස 2.15ට පමණ ඔවුහු යළි කටුනායකට ආහ.

























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් කළත් සමහරුන්ට වැරදියි (නි)
ජාතික නාලිකාවෙන් දරුවන් වෙනුවෙන් ලොකු තෑග්ගක්. ජාතික රූපවාහිනියට සුභ පැතුම්. (නදී)
ගම්වල ඉන්නවා පාසල් යන්න අපහසු ළමයි. ඒගොල්ලෝ ගැන බලන්නේ කව්ද? (නි)
කිසිම නාලිකාවකට දරුවෝ වෙනුවෙන් මේ වගේ වැඩක් කරන්ට බැරි උනා. ජාතික නාලිකාවට සුභ පැතුම් (නදී)
කිසිම නාලිකාවකට දරුවන් වෙනුවෙන් මේ වගේ වැඩක් කරන්ට බැරි වුණා. ජාතික නාලිකාවට සුභ පැතුම් (නි)
මත්තලද කටුනායකද කියන එක නෙමෙයි මෙතන තිබෙන වැදගත් දේ. ඒ ළමයින්ගේ මූහුණේ තිබෙන හිනාව.ළමයින්ගේ සතුට. මේ තියෙන සමහර අදහස් කියෙව්වහම හිතෙනවා මේ රටේ මිනිස්සු කොච්චර මෝඩද කියලා. (නි)
මේ ළමයි එහෙම අර අහවලා වගේ අඩි 35000ක් උඩදි ලැට් එකේ දොර කියලා ප්ලේන් එකේ ප්‍රධාන දොර එහෙම අරින්න හැදුවේ නෑ නේද? (අ)
ඉතාම හොඳ වැඩක් (නි)
දරුවන්ගේ සිත්වලට සතුටක් ගෙනදෙන එක ලොකු පිනක්. (නි)
ශ්රී ලන්කන් වල ඉස්සර කොච්චර ලස්සන කෙල්ලො හිටියද? (නි)
අනේ වාසනාවන්! (නි)
හොඳ වැඩක්. මම නම් තවම ගුවන් යානයක ගිහිල්ලා නැහැ. හම්බන්තොට අපිට මොන සල්ලිද? ළමයින්ට හරි මෙහෙම අවස්ථාවක් දුන් එක ගැන සතුටු වෙමි. (නි)
චීනයට යන්න සෙනඟ පෝලිමේ ඉන්න ඇති නේද?මේ වගේ වැඩක් ඉස්සරත් කළා කියලා මට මතකයි (නි)
දරුවන්ගේ සිත් වලට සතුටක් ගෙනදෙන එක ලොකු පිනක් (නි)
ඔන්න මත්තලට ආයෙත් යානයක් ඇවිල්ලා. හරිම සන්තෝෂයි. (නි)
මේ වගේ වැඩ නවත්වලා ළමයින්ට සිදුවන අතවර අවම කරගැනීමට වැඩසටහනක් දියත් කළොත් නරකද? (නි)
ගොඩක් හොඳ වැඩක්... (නි)
ඉස්සර නම් මොනතරම් ලස්සන යුවතියන් සිටියද මෙම ගුවන් සේවයේ? සියල්ල දේශපාලනීකරණය වූ ලෝකය එතරම් සුන්දර නැත. (නි)
ඉස්සර මම හරිම ආසයි ගුවන් සේවිකාවෝ බලන්න... (නි)
නියමයි , (අ)
බෝහොම හොද වැඩක්. (අ)
මෙවැනි දේවල් කරමින් සාමාන්‍ය ජනතාව තව තවත් හීනවලම හිර කරමින් ජනතාවගේ මුදල් කාබාසිනියා නොකර මේ දු දරුවන්ට හොඳ අනාගතයක් උදා කර දෙන්න වැඩ කරනම් වටිනවා. (අ)
මත්තල තියන එක කොළඹ කටුගෙට වඩා ලස්සනයි කියල මමත් අහල තියනවා. හරිම පාලු ඇති නේද? (අ)
ඉතා ලස්සන වැඩක්. හැම ළමයෙකුටම මේ අවස්ථාව ලැබුනොත් ළමයි සන්තෝෂ වෙයි. (නි)
හොඳ වැඩක් (නි)
ඇත්තට අපේ රටේ දරුවන් වෙනුවෙන් මෙවැනි දෙයක් කිරීම වැදගත්. දරුවන් කියනේ රටේ අනාගතය. ඔහුන්ගේ සිත් සතුටින් තැබීම හැමකෙනාගේම වගකීමක්. (නි)
බොහොම හොඳ වැඩක්. දරුවන්ගේ මුහුණු වල ඇති සතුට බලන්න (නි)