ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රධාන කරුණු තුනක් සලකා බලන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියයි.
තම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනවාද අවංක පොදු අපේක්ෂකයකුට සහයෝගය දෙනවාද එසේත් නැත්නම් එජාප අපේක්ෂකයාට සහාය දෙන ලෙස කර ඇති ඉල්ලීම සලකා බලනවාද යන්න එම කරුණු තුන බව ඔහු රාජගිරියේ මැටි අම්බලම පක්ෂ කාර්යාලයයේදී කීවේය.
මෙයින් කිසිම කාරණයක් ගැන තීරණයක් ගෙන නැතැයිද පක්ෂය සමග සාකච්ඡාකර තීරණයක් ගන්නේ යැයිද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දකින් විදියට හොඳම දේ තමයි ජනාධිපතිතුමා සමඟ එකතුවෙන එක. පහුගිය තරහ මරහා අතහැර දමා යුද්ධය ජයගත්තා වගේ නැවත වරක් සුභ අනාගතයක පෙර දැක්මට අතදෙන්න. (නි)
"කොම්පියුටර් ජිල්මාට්" වලට මුහුණ දෙන්න පොදු විපක්ෂය සමග සන්දාන ගත වෙන්න.මුලින්ම රට "නිදහස්" කර ගන්න.පසුව තනතුරු ගැන හිතන්න.(අ)
රට දුසනයෙන් ,වංචාවෙන්,හොරකමින්,කුඩු සංස්කෘතියෙන් නිදහස් කර ගන්නවානම් ජෙනරාල් පමණයි ඉන්නේ.කරන දේ කියන,කියන දේ කරන එක ගැන හොදටම විස්වාසයි.(අ)
බන්දුල පෙරේරා, දැන් ඉන්න අය විවේචනය කළොත් මුහුදු වතුර බීලා මැරෙන්න,නැත්නම් වාහන වලට හැපිලා මැරෙන්න,හකු කටු,අතපය,ඔලු කටු කුඩු කරගන්න තමයි සිද්ධවෙන්නේ. (නි)
අපිට නම් පොදු අපේක්ෂකයා ඔබම තමයි. (නි)
බන්දුල පෙරේරාට දැන් ටිකක් සනීපයි වගේ. හොඳ අදහසක් ඉදිරිපත් කරලා තියෙන්නේ. දිගටම බෙහෙත් ගන්න. (නි)
එක එක්කෙනාගේ බයිලා කතා අහන්න එපා.මේ වෙලාවේ විපක්ෂය සමග එකතුවී විපක්ෂය බලවත් කරන එක ඔබතුමාගේ යුතුකමක් සේ සළකමි.තවද තනිවම සටන් කිරීමෙන් තැනකට එන්න අමාරු බවද සළකමි. එසේම කසුන් කිව්ව දේ නිවැරදි බව පිළිගනිමි. එමනිසා හොඳම දේ විපක්ෂය ශක්තිමත් කිරීම සඳහා එකතුවීම බව මගේ අදහසයි. (නි)
මිනිස්සු මොනවා කිවුවත් ඔබතුමාගේ වෙලාව හොඳ නැත්නම් මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ. වෙලාව අනුව තමා ඔක්කොම සිද්ධ වෙන්නේ. (නි)
"කොම්පියුටර් ජිල්මාට්" කියන වචනය ශ්‍රී ලංකා දේශපාලනය හා බැඳුනට පස්සේ ගොඩක් දේ සිදුවුණා. හැබැයි මේ ලෝකයේ කිසිවක් සදාකාලික නැහැ. (නි)
මුළු ලෝකයම කිව්වේ කොටින් සමඟ සටන් කිරීමට බැහැ කියලා. නමුත් එතුමා එඩිතරව ඉදිරියටම ගොස් සටනට නායකත්වය දුන් නිසා සටන ජයග්‍රහණය කළා.අපි ඔබට සදා ණයගැතියි. (නි)
සන්ධානගත වෙන්න ආරාධනා කිරීම සුදුසුයි කියන එකයි මගේ හැඟීම. (නි)
ඔබතුමා හැර වෙන කෙනෙක් මේ රටට නැත (නි)
සියල්ලටම පෙර මේ රටේ නීතිය හදන්න ඕනෑ, සැමට සමානව (නි)
රටේ තීරණාත්මක මොහොතක රටට ආදරෙන් නම් ඉදිරිපත් වුණේ, රටට ආදරය ඇති නායකයෙකු ලෙස තීරණයක් ගන්න. (නි)
අද වැට උඩ... හෙට? (නි)
කෝ දැන් ඔබතුමා වෙනුවෙන් කතාකළ අය? තවත් නම් ලණු කන්න එපා අපේ මහත්තයෝ (නි)
මොන තීරණය ගත්තත් ඔබ තුමා කොට උඩ තමයි. හමුදාවක් පාලනය කල විදියට රටක් පාලනය කරන්න බැහැ කියල දැන්වත් තේරුම් ගන්න. කැමති උනත් අකමැති උනත් අනුන්ගේ මත ඉවසන්න දේශපාලකයෙකුට පුළුවන් වෙන්න ඕන. තමන්ට එල්ල වෙන විවේචන පිළිගන්න පුළුවන් වෙන්න ඕන. මහන්තත්වය හිතෙන් අයින් කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම කරන්න හැකියාවක් නැති ඔබට වඩාත් සුදුසු තීරණය වෙන්නේ දේශපාලන භූමියෙන් ඉවත් වී සිටීම. ක්‍රෝධය වයිරය පලිගැනීම වගේ දුර්ගුණ හිතේ රදවාගෙන කරන දේශපාලනය කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. (නදී)
ගිහාන් ඇතුළු සමහරක් දැන් බය වෙලා. ඔබතුමා කල යුතු නුවණැති දේ තමයි බලගතු විපක්ෂ එකතු කර ඔබත් එකතු වෙන එක. ඔබට ජනතාව ණයයි. ඔවුනට ඔබ එදත් අදත් ගැලවුම් කාරයෙකු වනු ඇත. (නදී)
බන්දුල කඩේ යනවා විතරක් නෙවෙයි පස්සත් ලෙවකනවා. (නදී)
පොන්සේකා ඉතින් කොට උඩ ඉඳලා වැට උඩට තමා යන්න තියෙන්නේ (නදී)
අහෝ බන්දුල නොයනු කඩේ (අ)
පොදු සතුරා පරදවමු එකතු වී, සමගි වී..... (නි)
ඔබ එදා ඉක්මන් වුණා වැඩි. ඔබ ඉවසල ඉඳල මෙවර ඉදිරිපත් වුණා නම් අනිවාර්යෙන් දිනනවා. හොඳම දේ මේ ජරා දේශපාලනයෙන් ඉවත්වෙලා ඉන්න එක .(අ)
මෙතුමාගේ කතා ඇහුවාම මතක් වෙන්නේ" නයි නටවන්නා නොමැතිව නටාපු නයාගේ කතාව"... කොච්චර පැරදුනත් රනිල් අපිට වටිනවා. (නි)
රෝහණ මහත්තයාගේ හැදියාව සහ කතාව තරයේ හෙළා දකිනවා (නි)
රජයේ සේවකයා ගෙන බලන්නේ නැහැ. මේ පාර 5000 වත් පඩි වැඩි කළේ නැත්නම් අපි ආණ්ඩුවට සහයෝගය දෙන්නේ නැහැ (නදී)
තණ්හාය ජායතී ශෝකෝ. (අ)
18 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත නොවුණා නම් ඔබ මෙවරත් පොදු අපේක්ෂකයා. ඔබට අවස්තාවක් දීල රනිල් මහත්තය තුරුම්පුව බෙිරගත්තා. (නදී)
ටිකිරි බණ්ඩා එක තැනක කියනවා චන්ද්‍රිකා මැඩම්ට ඇවිත් රට බේර ගන්න කියලා. මෙතන කියනවා පොන්සේකා මහත්තයට ඇවිත් රට බේර ගන්න කියලා. අපි ඉගුරු දීල මිරිස් ගත්තු කතා අහල තියෙනවා. ඒ වුනාට ඉගුරු දීල පරමාණු බෝම්බ ගත්ත කතාවක් නම් අහල නැහැ. පොඩ්ඩක් දැවිල්ල උනාට මේ ඉගුරු කෑල්ල හොදයි ගුණයි මහත්තයෝ. ඔයා පරමාණු බෝම්බ බදා ගන්න හැබැයි අපි ඉන්න අහල පහලක පුපුරුවා ගන්නේ නැතුව. (නදී)
ඔබම අපේක්ෂකයෙක් දාල බලන්න. වෛරයෙන් හදපු දේශපාලන පක්ෂ වලට තැනක් නැහැ. (නදී)
මම නම් කියන්නේ මහින්ද මහත්තයටම මුක්කුව ගහන්න කියලා. එතකොට ඇමති කමක් ගන්න පුළුවන්. (නදී)
ඔබතුමා ඔබතුමා ගැනම අධි තක්සේරුවකින් ක්‍රියා කළා. එක්සත් ජාතික පක්ෂයට බැඳෙන්න තිබුනේ තමාගේ පක්ෂයක් හදා ගන්නට කලින්. එහෙම උනා නම් කට්ට කාගෙන හරි ඉඳලා දැන් තැනක් ලැබෙනවා . දැන් ඒ අවස්තාව ගිලිහුනා. ටික කලකටවත් වැට උඩ ඉන්න එකේ හේත්තුවක් දාන්න ගිහින්. කොට උඩ ඉන්න වෙනවාට වඩා ඒක හොඳයි. (නදී)
ඔබ දේශපාලනයට කිසිසේත්ම සුදුසු මානසිකත්වයක් තිබෙන පුද්ගලයෙක් නොවෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී යම් හෙයකින් ඔබ ජයග්‍රහණය කලා නම් ඔබ මෙරට ලේ විලක් කරනවා සිකුරුයි. පසුව ඔබ කල ප්‍රකාශ වලින් සහ ඔබගේ හැසිරීම් මගින් ඒ බව පැහැදිලි වුනා. ඔබ තවමත් පසුවන්නේ පළිගැනීමේ චේතනාවකින් හැකි ඉක්මනින් ඔබ දේශපාලන භූමියෙන් ඉවත් කර දැමීම රටට කරන යහපතක්. ඒ බව මෙරට ජනතාව හොඳින් තේරුම් අරන් තිබෙන බව ඡන්ද ප්‍රතිපල වලින් පැහැදිලියි. කරුණාකර දේශපාලනයෙන් ඉවත්වී පම්පෝරි කතා නතර කර නිස්ශබ්දවන්න. (නදී)
යුද්ධය දිනුවෙත් ත්‍රිවිද හමුදාවම සන්ධානගතවෙලා. තමන්ට තිබෙන පිළිගැනීම සහ ශක්තිය බුද්ධිමත්ව තේරුම්ගෙන තීරණයක් ගන්න (නි)
යුද්ධය දිනුවා වගේ ඡන්දෙත් දිනන්න පුළුවන් වුණත් වැඩේ තියෙන්නේ ඡන්දෙ දෙන ජනතාවගේ අතයි (නි)
රට වැටි ඇති තත්වයන් ගොඩගැනීම සඳහා ජෙනරාල් ෆොන්සේකාට ඉතා හොද සාමුහික තීරණයක් ගැනීමට හැකියාව උදාවේවා.(අ)
ෆොන්සේකා මහතාණනි ඔබ දක්ෂ හමුදාපති කෙනෙක්,නමුත් දක්ෂ දේශපාලකයෙක් නොවෙයි,ඔබට ලැබුන හොඳම හා එකම අවස්ථාව පසුගිය ජනාධිපතිවරනයි,එපමනයි . (අ)
2009 පෙර ඔබ සිංහයෙකි. පසුව ඔබ විහින් බලු උනා. ඔබට නැවත සිංහහෙක් වෙන්න පුලුවන් ඔය මැතිවරණයට නොගිහින් හිටියොත් (නදී)
මම නම් 2009 කිව්වෙත් ඔබතුමා ගරුත්වය තියාගෙන මහත්මයෙක් වගේ ඉන්න කියලයි. අද කියන්නෙත් ඒ ටිකම තමයි. හමුදාවේ කරන විදියට දේශපාලනේ කරන්න බෑ. මේවට එන්නේ අන්තට්ටු පිටින් ගිලපු අය. ඔබතුමා තවදුරත් හිටියොත් වෙන්නේ තව තවත් පිරිහිලා නිකම්ම දේශපාලුවෙක් වෙන එක විතරයි. තවම සුදු කොඩි කතාව ලෝකෙ පුරා හොල්මන් කරනවා. (නදී)
ඒ .ජා ප ය සමග එක්වන්න ජය .........ජය ............ජය (නදී)
වැට උඩම තමයි. වැටෙන් කොයි පැත්තට පැන්නත් වැඩක් නැහැ.(අ)
මෙතුමා දැන් වැට උඩ. චන්දෙන් පස්සේ කොට උඩ .(අ)
ඔබට ආත්ම ගෞරවය තිබෙන කිසිදිනෙක යු.එන්.පි.යට නම් හේත්තු වෙන්නේ නැහැ. මොකද, ඔබට ගියවර එකතුවෙන්න කියල කීප වරක්ම ආරාධනා කල විට ඔබ කි කතා මතක නම් තනිවම තරඟ කරන්න. හැබැයි එකක් නම් කිව යුතුයි. ඔබ පක්ෂයේ ඉන්න පිරිස කවුද කියලා හිතා බලන්න. ජනප්‍රිය මුහුණු ඉන්නවාද.? කවුරුවත් නැහැ. අර්ජුනලා අලස්ලා නැහැ. ඒ උනත් ඔබ නැගෙනහිර දකුණ දෙකේදීම ඔබේ හයිය පෙන්නුවානේ. යුඑන්පියට 29 වැනි වතාවටත් පරාජය අත්වෙද්දී ඔබත් එහි දායකයෙක් වෙන්නේ හදන්න එපා. තනිවම සටනක් දෙන්න. බය වෙන්න එපා. බයවෙලා වෙනත් තැනකට මුක්කු ගහල එතනත් අලකලංචියක් ඇතිකරලා ඉන්න සුළු කොටසත් නැති කරගන්න එපා. තනිවම එන්න. (අ)
ලලිත්, සුභ අනාගතයක් ! (අ)
ගිහාන් මෝඩ කතාවක්නේ කියන්නේ. ගෆුර් කිව්වා වගේ මෙතුමා ගැන ජනතා ප්‍රසාදය හීන වෙලා තියෙන්නේ. එහෙව් එකේ මෙතුමාට දිනන්න පුළුවන් වෙයි කියලා හිතෙනවාද...? මෙතුමා තනිවම තරග කරනවා කියන්නේ ඡන්ද කඩනවා කියන එකයි. " සුභ අනාගතයක් " හැරෙනකොට අපි දන්නවා මොකාටද එන්නේ කියලා. (නදී)
ලලිත් වගේ මෝඩයෝ කියන දේවල් ගානකට නොගෙන රනිල්ට මුක්කුවක් ගහන්න ගොඩ යන්න පුළුවන් (නදී)
මම නම් සිතන්නේ 2009 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනු මුල් අවස්ථාවේ ජෙනරාල් තුමාට තිබුණු පිළිගැනීම හා ජනතා ප්‍රසාදය මේ වන විට බොහෝ දුරට හීන වී ඇත. මෙතුමාගේ මුවින් පිටවුණු සමහර වදන් ඔහුගේ දේශපාලන ඉදිරි ගමනට බාධාවක් වනු නොඅනුමානය. පසුගිය ඌව පළාත් සභා මැතිවරණයදී එය කැපී පෙනුනා. මාගේ අදහස නම් කොහේ හරි මුක්කුවක් ගහන එක තමා. (නදී)
ඔයා මේ සැරේ පොදු අපේක්ෂකයා උනොත් දිනනවා සිකුරුයි (නදී)
ඔබලා එක්සත් ජාතික පක්ෂයට එකතු උනොත් අනාගතයක් හිටීවි. නැත්නම් කොට උඩ. දැන්ම ආත්ම ගරුත්වය රැක ගෙන සහයෝගය දෙන්ඩ. පාර්ලිමේන්තු ආසන දෙකක් දිනා ගත හැකියි. (නදී)
ලංකාවේ ඡන්ද දායකයන්ගේ දේශපාලන වහල් මනස තේරුම් ගෙන ජනාධිපති විදායක ව්‍යස්ථාව වෙනස් කළහැකි මාර්ගයක් සෙවීම සහ කාටත් සාමයෙන් විසිය හැකි සිංහල රටක් බිහි කිරීමට කටයුතු කිරීමයි කළ යුත්තේ. (නදී)
ෆොන්සේකා මහත්මයා, ඡන්ද කඩන්නේ නැතුව ඉන්න බලන්න. (නදී)
කව්රුත් වැට උඩ තමයි දැන්න ම් (නදී)
ඔබ එදා යුඑන්පි එකත් එක්ක සම්බන්ධ උනානම් අද ආණ්ඩුවකුත් පිහිටුවලා එ්කේ ඇමතිකමකුත් අරගෙන. අද ඔබේ තත්වය ඊට වඩා වෙනස්. මහජනයා ඔබ ගැන කතා කරන්නේ නැහැ. එ්කට මහජනතාවට බැනල වැඩක් නැහැ. කලින් ඔබතුමා තමයි අනාගත මහරජුය කියල මේ තීරුවට පතරංග ජාතක වැනි කොමෙන්ට් දැම්ම ඔබට පක්ශාපාති කට්ටිය අද හොයාගන්නවත් නැහැ. ඉන්න ටික දෙනා හරි කියන්නේ යුඑන්පියට මුක්කු ගහන්න කියලයි. ඔබ එවැනි තීරණයක් ගත්තොත් ඒ ඔබේ පක්ෂයේ අවසානය වෙන්නට පුළුවන්. ඔබත් සමගම ඔබේ ඉතුරුවෙලා ඉන්න පිරිස යුඑන්පියේ සාමාජිකත්වය ලබාගනිවී. එම නිසා මා කියන්නේ තනිව සටනකට යන්න. මේ ඔබේ වාරයයි. (නදී)
දැන්වත් ගෙදර යන්න. ඔබ රටට ලොකු සේවයක් කළා. තවත් පීචන් වෙන්න එපා. (නදී)
පි.බි.මානවඩුට ජයවේවා ! (නදී)
මෙතුමා හැමවිටම තමාට වඩා රට ගැන හිතපු කෙනෙක්. එ්ක නිසා මේ අවස්ථාවේ ඡන්ද කඩන්නේ නැතිව විපක්ෂය සමග සන්දාන ගතවෙයි කියලා මම හිතනවා. (නදී)
මේ රටේ දේශපාලනේ කරන එක් ලේසි නැහැ මහත්තයෝ. (නදී)
නරකද ඔය කෙහෙල්මල් දේශපාලනෙන් ඉවත් උනොත්. (නදී)
අැයි මේ කට්ටිය බය වෙලා. ඔබට ජය!.(නදී)
අනේ මෙතුමාට වෙච්ච දෙයක්. (නදී)
මට මතකයි යුද්දේ ඉවර උනහම ඔබ කිව්වා ටෙලිවිෂන් සාකච්ඡාවකදී කිව්වා '' මම දේශපාලනය ට එන්නේ නැහැ . මම දේශපාලනය දන්නෙත් නැහැ. මම ආවොත් ලෝකේ ඉන්න අසාර්ථකම දේශපාලකයා වේවි'' කිව්වා. මම නැවත එය සිහිපත් කරමි (නදී)
පක්ෂයෙන් අහනවා කියන්නේ මොකක්ද.? ඔබ හිතන දේ තමා තීරණේ. බස්නාහිරත් දකුණේත් ඔබ පක්ෂය ලද ප්‍රතිපලය කුඩා එහෙත් අලුත් පක්ෂයකට ලොකු පිළිගැනීමක්. මා හිතනවා වාගේම වැඩි දෙනෙක් හිතන්නේ ඔබ හෝ ඔබේ පක්ෂයෙන් කිඳෙල්පිටිය වැනි කෙනෙකු යෙදුව්වොත් හොඳයි කියාය. (නදී)
ෆොන්සේකා මහතාණනි ඔබ දක්ෂ හමුදාපති කෙනෙක්. නමුත් දක්ෂ දේශපාලකයෙක් නොවෙයි. ඔබට ලැබුන හොඳම හා එකම අවස්ථාව පසුගිය ජනාධිපතිවරනයයි. එපමනයි. ඔබ දේශපාලනයෙන් සමු ගන්න (නදී)
ඔබතුමා මුක්කුවක් ගහන්න. අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙන්න එපා. ඒක තමයි නුවනක්කාරම වැඩේ. මෙතන ඉන්න පිස්සා, කියන කතා ගැන, ඒ තරම් හිතන්න එපා. (නදී)
මොන පක්ෂෙකට හරි එකතු වෙලා මේ රට බේරගන්න (නදී)
ඔබ වාසුදේව,ඩීව් ගුණසේකර,දිනේෂ්,විමල්, හකීම් ආදී පක්ෂ නායකයින් වගේ නොවී වික්‍රමබාහු වගේ පක්ෂ නායකයෙක් වෙයි කියලා මට දුකයි. (නදී)
ඔබතුමා ජනාදිපතිවරණය ඉල්ලන වෙලාවේ ඔබතුමාට වැඩියෙන් ඡන්දෙ දුන්නේ යු.එන්.පි එකේ අය. යු.එන්.පි එක සමගියක් නැති නිසා බස්නාහිර, වයඹ , දකුණ පළාත් සභාවල යු.එන්.පි පාක්ෂිකයෝ ඔබතුමාගේ පක්ෂෙට ඡන්දය දුන්නා. ඒත් උෟව පළාත් සභාවේදී ඒ.ජා.ප ය සමගි උනු නිසා කලකිරිච්ච පාක්ෂිකයොත් යු.එන්.පි යටම ඡන්දය දුන්නා. ඔබ තුමාට එක මන්ත්‍රි දුරයක්වත් නැති උනා නෙමෙයි 4 වෙනි තැනවවත් එන්න බැරි උනා (නදී)
ඔබතුමා අපේක්‍ෂකයෙක් කර ගත්ත බහුතරය යුද්දෙ පරදිනකල් බලාගෙන හිටිය උදවිය. 2007 දි අයවැය පරද්දලා කොටි බේරගන්න උත්සාහ උදවිය. එයාලට අවශ්‍ය වුනේ මහින්ද රාජපක්‍ෂ පැරදවීම කියන අවශ්‍යතාවය. ඒක පොදු ජනතාවගේ අවශ්‍යතාවය වුනේ නැහැ. මේ වෙනකොට ඒ අය කැඩිල බිදිලා ජේ.වී.පී සහ පෙරටුගාමී වගේ. දැන් කිසි කෙනෙකුට ඔබව අපේක්‍ෂක කරන්න අවශ්‍ය නැහැ. ඔබ තුමා අපේක්‍ෂකයෙක් විධියට ඉදිරිපත් වෙලා තමන්ට හිමි නියම ස්ථානය තේරුම් ගන්න. නැත්නම් ඉතිං පරදින පිලකට මුක්කුවක් ගැහුවා කියලා තේරුමක් නැහැ. (නදී)
යු එන් පී එක එක්ක සම්බන්ද වීමෙන් රටේ අනාගතයට ලොකු දායකත්වයක් දෙන ගමන් ඔබතුමාගේත් දේශපාලන අනාගතය සුරක්ෂිත කරගත හැකිය කියන එක මගේ හැඟීමයි (නදී)