අන්තර්ජාල සිදුවීම් පිළිබඳ පැමිණිලි දෙසීයක් සැප්තැම්බර් මාසයේදී ලැබී තිබෙන බව ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ආරක්ෂක ඉන්ජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
ජනවාරියේ සිට සැප්තැම්බර් මාසය දක්වා ලැබී තිබෙන මුළු පැමිණිලි සංඛ්‍යාව එක්දහස් අටසීයකි.
මේ අතරින් සීයට අසුවක්ම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධව පැමිණිලි බවත් වාර්තා වෙයි.
ව්‍යාජ ගිණුම් ඉවත් කළ යුතු ආකාරය සම්බන්ධව පැමිණිලිකරුවන් දැනුවත් කරමින් අන්තර්ජාලය ආරක්ෂිතව පරිහරණය කරන අන්දම ගැනත් උපදෙස් ලබා දෙයි. යම්හෙයකින් පැමිණිලිකරුවන්ට නීතිමය ක්‍රියා මාර්ගයකට පිවිසීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධවත් උපදෙස් දෙන බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆේස්බුක් විතරක් නෙමෙයි, කොයිදේත් ස්වයං විනයක් ඇතුව පාවිච්චි කරනවා නම් කාටවත් කරදරයක් නැහැ.දැන් කාලේ තියෙන තාක්ෂණයත් එක්ක නීතිරීති දාලා මේ වගේ දේවල් නවත්වන්න ගොඩක් අමාරුයි (නි)
දන්න කෙනෙක් ඉන්නවා නම් ෆේස්බුක් අපචාර වලට පැමිණිලි කරන්න අංකයක් ලබා දෙනවද (නදී)
පාසැල් ළමුන්ට සහ ව්‍යාජ නම් වලින් තියෙන ෆේස්බුක් තහනම් කළ යුතුයි (නදී)
නියමයි නියමයි (නදී)
ෆේස්බුක් එක තහනම් කරලා මනුස්සයෙක්ගේ හිත වෙනස් කරන්න බෑ. ගණිකා මඩමක් වහල මිනිස්සුන්ගේ ආශාවන් නැති කරන්නත් බෑ. පොඩ්ඩක් ලෝකය දිහා බලන්න මිනිස්සු ජීවිතය විඳිනකොට ලංකාවේ අපි ජීවිතය විඳවනවා. (ස)
ලෝකයේ දියුණුවීමත් සමඟම මිනිසාගේ ඉදිරි පියවර අපිට වළක්වන්න බැහැ. ඉස්සර නම් වෙඩි බෙහෙත්, පරමාණු ශක්තිය වගේ දේවල් වැරදි විදිහට යොදාගෙන හොඳ පාඩම් ඉගෙනගත්තා. නමුත් දැන් තියන දේවල් ගැන අවබෝධයෙන් ක්‍රියාකරන්න තව කාලයක් යාවි. කොහොම වුණත් පිහිය රත්තරන් කියලා ඒකෙන් ඇනගන්න උදවියත් තව බොහෝ කාලයක් අප අතර සිටීවි. ඒ අතර මිනිසුන්ට හරි මඟ පෙන්වන විශ්වාසවන්ත මඟපෙන්වීම් අනුගමනය කරන අතලොස්සක් ජිවිතයෙන් ජයගනීවි. (නි)
අන්න නියමයි! (නි)
නියමයිනේ. මොනවාද දැන් ඕකට දෙන බෙහෙත්? (නි)
ෆේස්බුක් සදහා නිසි ක්‍රියාමාර්ග ගත යුතු කාලය එළඹිලා තියෙන බව තමා පෙන්නුම් කරන්නේ. සමීක්ෂණයක් කළා නම් හොඳයි. (නි)
ෆේස්බුක් තහනම් කරනවට මම නම් විරුද්ධ නැහැ. නමුත් බුද්ධිමත් ලෙස එය පාවිච්චි කරන්නන්ට ඉන් අවාසියක් වෙනවා (නි)
තම තමන් දැනුවත් වෙන එක නේද හොඳ? (නි)
මේ සමඟම ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළොත් ළමා පරපුරත් හැදෙයි (නි)
වරද තියෙන්නේ ෆේස්බුක් එකේ නොව එය භාවිතා කරන ආකාරයේයි. දෙමාපියන් දරුවන්ට වටිනා ජංගම දුරකතන අරගෙන දෙනවා. ඒ අය කරන්නේ ෆේස්බුක් එකෙන් ගනුදෙනු කරන්න එය යොදාගැනීමයි. පාසල් ළමුන්ට අන්තර්ජාල පහසුකම් තිබෙන දුරකතන තහනම් කරන්න ඕනෑ.ගෙදර සාලයේ පරිගණකය තියාගෙන වැඩ කරන්න පුරුදු කරන්න ඕනෑ. එවිට අයථා භාවිතය අවම කරගන්න පුළුවන්. (නි)
ඒ වගේම නියම වෙබ් අඩවියට සමාන නමකිනුයි, සමාන පෙනුමකිනුයි හදන වෙබ් අඩවි වලට මිනිස්සු අනන්තවත් රැවටෙනවා. මමත් කිහිපයක් පැමිණිලි කළා. ඒත් කිසිම වැඩක් නැහැ. (නි)
ගොඩක් අය කියන්නේ ෆේස්බුක් නිසා දිවිනසා ගැනීම් වැනි දේවල් සිදු වෙන්නේ කියලයි. නමුත් ෆේස්බුක් මාර්ගෙන් දැනහැදින ගත් පසුව එම පුද්ගලයන් අතර ඇතිවෙන ප්‍රශ්න වලට වග කියන්න ඕන ෆේස්බුක් ද? (අ)
අපි දන්නා විදිහට නම්, ෆේස්බුක් නම ඇහෙන විටත් ගැරඬි නට භූමිතෙල් ගෑවුන වගේ කුලප්පු වෙලා දඟලන්නේ ලෝකයේ දුර්දාන්ත ඒකාධිපති පාලනයක් කරන රටවල්වල පාලකයිනුයි. ඒ අයට ෆේස්බුක් නම ඇහෙන විටත් බඩේ අමාරුව හැදෙන ගතියක් තමයි පෙන්න තියෙන්නේ. අතොරක් නැතිව පෙම් කරන්න හදන අයට නම් ඉතින් ෆේස්බුක් භාවිතය නෙමේ සිංහලබුක් භාවිතයත් පරහට හිටින්න පුළුවන්.(අ)
ෆේස්බූක් කියන්නේ හොඳ සමාජ වෙබ් අඩවියක්. ඒත් අද අපේ ලාංකීය සමාජයේ ඉන්න කාමාතුරයන් මේ වෙබ් අඩවිය හරහා ගැහැණු ළමුන් අනිසි ලෙස යොදාගන්න උත්සාහ දරනවා. ගොඩක් අවස්ථාවල මේ ප්‍රශ්න වල අවසානයේ අහිංසක ගැහැණු ළමයෙක්ගේ මරණය තමයි අහන්න ලැබෙන්නේ. (නි)
මම නම් කියන්නේ අපි දැන් ළිඳෙන් එළියට එන්න ඕනෑ.හැබැයි අපි දැනගන්නත් ඕනෑ එළියට ඇවිල්ලා පරිස්සමට කල්පනාකාරීව මේ දේවල් විඳින්න. අපි මනස විවෘතව හිතන්න ඕනෑ. සමාජය දැනුවත් කිරීම නම් අවශ්‍යයි. (නි)
ගොඩක් දුරට වැරදි කරන අය ඒවා කරන්නේ ව්‍යාජ ගිණුම් වලින් (නි)
පැහැසර, ඔයාගේ ලෙඩේට බෙහෙත් ටිකක් අරගෙන ඉන්න. විවාහ වූ හැම කෙනෙකුටම අවලාද නගන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. රටක අපරාධ වෙන්නේ විවාහක හෝ අවිවාහක කියන නාමයන්ගෙන් නොව මිනිසුන්ගේ හිත්වල තිබෙන අපිරිසිදු සිතිවලින් හා හැදෙන පරිසරය අනුකරණය කිරීමෙන් (නි)
පැහැසර, සමාජ ජාලයක් කියන්නෙ විවාහයට කෙනෙක් හොයන තැනක්වත් වෙනත් ආස්වාදයන් පසුපස යන තැනක්වත් නෙමෙයි. මිනිසුන්ගෙ හැසිරීමෙයි වරද තියෙන්නෙ. ඔබ ඔය කියන ආකාරයට මිනිසුන් ගෙදරින් එළියට බහිනකොට තමන්ගෙ උප්පැන්නය සහ විවාහ සහතිකය පිටේ එල්ලාගෙන යායුතුයි. මොකද මේ රටේ අපරාධ වලින් ඉතාම සුළු ප්‍රතිශතයක් තමයි ෆේස්බුක් කේන්ද්‍ර කරගෙන ඇතිවෙන්නෙ. (නි)
යෝජනාවක් කරන්න කැමතියි. ෆේස්බුක් ගිණුමක් ආරම්භ කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර එය කිරීම යෝග්‍යයයි.අනිත් දේ තමයි වයස 21 ට අඩුඅයට ෆේස්බූක් ගිණුම් ආරම්භ කිරීම තහනම් කළ යුතුයි. මොකද අපරාධ බොහොමයක් කරන්නේ ඒ අයත් ඒ වගේම විවාහ වුණ අයත් නිසා.ඒක නිසා විවාහවුණ අයත් ෆේස්බූක් එකේ ගිණුමක් සදනවා නම් තමාගේ විවාහ වුණ කෙනා සමඟ එය ඇතුළත් කර ගිණුම සකස් කළ යුතුවෙනවා (නි)
මෙය සාර්ථක වේවා! (නි)
හොයලා බලලා හොඳ විසඳුමක් ගන්න. මොකද හැමෝම වැරදි නැහැ. හැබැයි සමාජයේ ගොඩක් වැරදි මේකෙන් පෙන්වන්න පුළුවන්. හොඳ ක්‍රමයක් වෙයි මේක (නි)
අපිට රොෂාන් මහත්මයා සම්බන්ධ කරගන්න ක්‍රමයක් නැද්ද? (නි)