ෆේස් බුක් ගිණුම් මගින් ලොව පුරා සිදුවීමට ගිය සමාජ ව්‍යසනයක් සම්පුර්ණයෙන්ම අඩපණ කැර දැමීමට ඇමෙරිකාවේ ෆේස්බුක් මුලස්ථානයේ බලධාරීන් පියවර ගත් බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
ෆේස් බුක් ගිණුම් වලට අසභ්‍ය ඡායාරූප සහ අසභ්‍ය තොරතුරු රැගත් ලින්ක් (සබැඳියක්) සටහන් කිරීම මෙම සමාජ ව්‍යසනයයි.
මේ බවට දැක්වෙන පැමිණිලි පහක් පමණ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත ලැබී තිබිණි.
මේ පිළිබඳව පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ අදාළ ෆේස්බුක් ගිණුමේ හිමිකරු තම ගිණුමේ සටහන් වු තමන් නොදන්නා ඡායාරූප සහ ලින්ක් (සබැඳියන්) කිසිදු සොයා බැලීමකින් තොරව ක්ලික් කිරීම හේතුවෙන් අනවශ්‍ය ගැටළු පැන නැඟි ඇති බවයි.
එසේ ක්ලික් කිරීම නිසා අදාළ ගිණුම හා සම්බන්ධ සෙසු ගිණුම් අතරේද මෙය පැතිර යාම නොවැළැක්විය හැකි කරුණකි.
මේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ෆේස්බුක් නිලධාරීන් වෙතට දැනුම් දීමක් කළේය. ලෝකයේ තවත් රටවල් කිහිපයක්ම මේ ගැන වාර්තා කර තිබෙන බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
අවසානයේදී මෙම අර්බුදය අඩපණ කිරීමට ශක්තිමත් පියවරක් යෙදීමට ෆේස්බුක් බලධාරීන් සමත් වී ඇත.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අවබෝධයෙන් යුතුව ක්‍රියා කරන ලෙසට සියලුම ෆේස්බුක් ගිණුම් හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි . මොනම හේතුවක් නිසාවත් තමන් නොදන්නා ඡායාරූප හෝ ලින්ක් ක්ලික් කිරීමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි තොරතුරු සංසදය දැනුම් දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෆේස්බුක් ලින්ක් ක්ලික් කරන්නේ බලාගෙනයි
සුමිත් දොරඹවිල Tuesday, 03 March 2015 09:57 AM
ඕනෑම දෙයකට මූණදෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතිව ක්ලික් නොකර හරියන්නේ නැහැ නේද ?(නදී)
මගලී ෆොන්සේකා Tuesday, 03 March 2015 11:12 AM
මොනා හරි හොදකට අවවාදයක් කියපුවාම මාර පණ්ඩිත දේවල් ලියන්නේ. අපේ අය කොහොමත් අසභ්‍ය දේවල් බලන්න මාර අාසයි එ්කයි මේ (නදී)
සද්දානන්ද Wednesday, 04 March 2015 07:55 AM
ඇත්තටම මේකේ හොද පැත්තක් හෝ නරක පැත්තක්ද ඇත එම නිසා මෙහි සිටින සියලු දෙනාට කියා සිටින්නේ බොභෝ සෙයින් මෙය හොඳ අතට පාවිච්චි කරන ලෙසටය මෙය නරක ලෙස පාවිච්චිය නිසා ලංකාව තුළ ජීවිත රාශියක් මේවන විට වීනාශ වී ඇත ,මේ ගැනත් සැලකිලිමත් වන්න (බ)
දුමින්ද Tuesday, 03 March 2015 08:02 AM
සමහර සබදතා නැති එක කාට-කාටත් ගුණදායක වේ. (ර)
අනුර Tuesday, 03 March 2015 08:30 AM
සම්බන්දතා නැතුව ලෝකයක් පවතින්නේ නැහැ. (ර)