ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ පින්තූරයක් පළකිරීම සම්බන්ධයෙන් සිසුවියට තරවටු කළ කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයයේ විදුහල්පති ළමා රක්ෂණ අධිකාරිය මගින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විදුහල්පතිගේ තරවටුවෙන් පසු සිසුවිය දිවි නසා ගත්තාය.
විදුහල්පතිට පක්ෂව අද කුරුණෑගල දී උද්ඝෝෂණයක් ද පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වේවා............(අ)
නියම වැඩ (අ)
මේ ජාතියේ තව උන් ඉන්නවා හැමෝවම මේ දෙන්න ඉස්සරහින් දන ගස්සල තියන්නවත් ඕන.(අ)
නීතියක්,විනයක් නොමෙතිව දුවන රටකට මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිදුවෙනවා.කෙසේ නමුත් රටේ යහ පාලනය සුරක්ෂිත කරමි කියා ජනතාවට පොරොන්දු වී බලයට එන දෙසපාලකයෝ මේවාට වග කිව යුතුය.. (දී)
දැන් ඉතින් වෙන කුමක් කරන්නද (දී)
ෆේස් බුක් නවත්තන්න වහාම (දී)
අහිංසක කෙල්ල පව් (දී)
මෙම සිදුවීම පාඩමකට අරගෙන, දරුවන්ට අවවාද දෙන විට, ඔවුන්ගේ වරදක් පෙන්වන විට ඉමහත් කරුණාවකින් සහ සෙනෙහසින් එය සිදු කරන ලෙස ගුරු මහත්ම මහත්මීන් ගෙන් හා වැඩිහිටියන් ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. (දී)
නියමයි (දී)
ලංකාවට වෙච්ච දෙයක් (දී)
අනේ පව් අර අහිංසක ළමයාගේ ජීවිතේ. ඒ ළමයා හරි හෝ වැරදි හෝ විදුහල්පති මුළු පාසලක් ඉදිරියේ ඒ ලමයව ලැජ්ජාවට පත් කලාම එයාට මොනවා හිතෙන්න ඇත්ද?. (දී)
බොහොම සෝචනීයයි , සිසුන්ගේ විනය ගැන සෙවීමත් ගුරුවරුන් ගේ වගකීමක් . සිසුන් නොමග යාම ගැන සොයා බැලු විදුහල් පති තුමා ගේ ඉරණම ඔය නම් රටේ අනාගතය දෙවියන්ට භාර දෙමු . පාසල් වසා සිර ගෙවල් ඇති කරමු . ගරු ජනාධිපති තුමාවත් මෙයට මැදිහත් වී අවංකව ව රාජකාරී කරන ගුරුවරුන්ගේ අනාගතය සුරක්ෂිත කලයුතුයි . එසේ නොවුනහොත් රටේ අනාගත පරපුර අශීලාචාර තිරිසනුන් වනු ඇත . (දී)
අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරදි (දී)
කිසිවිටක සියදිවි නසා ගැනීම සදාරනිකරරණය කරන්න එපා. මේ සිද්දියෙන් ඒ දැරිය වීරවරියක් වෙලා අවසන්. විදුහල්පති වැරද්දක් කළා නම් ඇය කලයුත්තේ දෙමව්පියන්ට දැනුම්දීල ඊට පියවරක් ගන්න එකයි විදුහල්පති වැරද්දක් කළා නම් එකට දඬුවම් දිය යුතුයි. එත් මෙවැනි සිද්දි සානුකම්පිතව සාධාරණිකරණය කරහම ප්‍රශ්න වලට මුහුනදෙන්න පෞරුෂයක් නැති තවත් අය ඒක විසඳුමක් කරගන්නවා. (දී)
ගෙදරක, පාසලක හෝ වෙනයම් ආයතනික ව්‍යවුහයක විනයක් නොපවතින්නේද එයම පිරිහීමට පත්වීම වැළැක්විය නොහැක. මේ සියලුම, සමාජමය වටපිටාවේ සෝචනීය ඛේදවාචකයට හේතුවන කරුණු කාරණා අතර විනය පිරිහීම අංක එක බවට පත්වී හමාරය. මෙයට ඉක්මන් පිලියමක් යෙදීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. දැන් අශ්වයා දොරටුව ළඟ හිටගෙන බලාසිටී. ඉස්තාලය ඇරලා තියනවාද? වහනවාද? (දී)
ඕනෑම තාක්ෂණ ක්‍රමවේදයකම හොඳ හා නරක දෙකම ඇත. නොදන්නා දේවල් යක්ෂයන් ලෙස හිතන සමාජයක අප සිටි. ඒ වාගේම නොදන්නා නිසා තම දරුවන් ඒ තුළ සිටිය යුතු සීමාවන් පිළිබඳව වැඩිහියන්හට කියා දිය නොහැකි. මෙයයි ප්‍රශ්ණය. ඒ වගේම බටහිර ජාතීන්ට සංසෘතියක් නොමැත නමුත් ශ්‍රි ලංකිකයන් වන අපට සංසෘතියක් ඇත. එය රැකෙත පරිදි තාක්ෂණ භාවිතා කිරීම හා භාවිතා කිරීමට උපදෙස් දීම අප සැමගේ වගකීමයි. (දී)
ගුරුවරු අත්ඩංගුවට අරන් වැඩක් නෑ ... එයාලට පුහුනුවක් දෙන්න ... කොහොමද ගැටලු විසදන්නෙ කියන එක ගැන. දෙයක් දැක්කහම වලන් කඩයකට පැන්න ගොනෙක් වගෙ හැසිරෙන්නෙ නැතිව... ළමයිනුත් හරිමගට අරන් ගැටලුවත් විසදා ගන්න (දී).
මුහුනු පොත නවත්තන්න කටයුතු කරන්න (දී)
දැන් මෙයාගේ අසනීපෙ සනීප වෙයි (දී)
මේ සිද්දියේදී විදුහල් පති හරි (දී)
ඒ ළමය එක්ක විදුහල්පතිගේ ලොකු ඉරිසියාවක් තිබුන කියලයි මට හිතෙන්නෙ. (දී)
විදුහල්පතිගේ තරවටුකිරීමට සියදිවි හානි කරගැනීම සාධාරණී කරන්න එපා. ඇයට මානසික රෝගයක් තිබෙන්න ඇති. විදුහල් පති කෙනෙකුට සැරකිරීම්, තරවටු කිරීම් කරන්න වෙනවා. එසේ නොමැතිව පාසලක් පාලනය කරන්න බෑ. (දී)
ඔය වගේම ළමා ධුෂකයන් වත් අත්අඩංගුවට ගන්න ළමා රක්සන අදිකරියට බැරි ඇයි කරුණාකරලා ඒවටත් ඔය වගේම කියාකාරී වනවානම්..... (දී)
එතකොට මොකද්ද වෙන්න ඕනේ? අනේ දුවේ හරි ලස්සනයි තව ඔය වගේ ෆොටෝ දාල, පාසලේ නමත් දාල කොල්ලොත් එක්ක හොඳට නටන්නකෝ ......" විදුහල්පති එහෙම අවවාද කලානම් ද හරි? කොල්ලෝ කෙල්ලෝ කරන දහදුර වැඩ පාසලෙන් අනුමත කරන්නද කියන්නේ? චක්‍ර ලේකනයකින්ම එක කිවොත් නරකද? (දී)
නවීන ලෝකය අදුනන්නේ නෙති,තරුණ දියණියකට අවවාද දෙන්න දන්නේ නෙති මෙවැනි පහත්,ඔලුව ඉදුමිමුනට දැඩි දඩුවම් දෙන්න ,පාසලේ ළමුන් 5000 පමණ ඉදිරියේ අපහස කොට ඉතාම පහත් අයුරින් අත්ම ගරුත්වය නෙති කොට .මරණය කරා යොමු කරීම මත දීර්ග සිරදඩුවම් දිය යුතුය ,නැවත ඇයට පාසලට එන්න වතාවරණයක් තිබුනේ නෙහ ,ලංකාවටම ආදර්ශයක් දෙන්න තරුණ දුවරුන් ,පුතාලා පාසෙල්න් මානසික නොවැටි හදිසි තීරණ ගන්නා තැනට තල්ලු නොකරන්න ,මෙවැනි තවත් විදුහල්පති වරුන් බිහි නොවන්න මොහුට දඩුවම් දෙන්න (දී)
දරුවන්ගේ නව යොවුන් මානසිකත්වයවත් හදුනාගන්න බැරි විදුහල්පතිවරයෙකුගෙන් වැඩක් නැත. වත්මන් ලාංකික දරුවන්ද බටහිර දරුවන් මෙන් සම්ප්‍රදාය වෙනස් කරන්නට උත්සහ කරයි. එය ඕනෑම රටකට පොදුය. මීට වසර 20කට පමණ පෙර හුන් දරුවන්ට වඩා මෙකල දරුවෝ ඉතා සංවේදීය. ඉදිරියේදී පවා මෙවැනි දේ සිදුවීම වැලක්වීමටනම් මෙම විදුහල්පතිට දඩුවම් කල යුතුමය. (දී)
අන්තිමේ දෙමවුපියන්න්ට දරුවෙක් නැති උනා (දී)
දයාසිරි කලින් කිව්වේ අම්මයි තත්තයි වග කියන්න ඕන කියලනේ. (දී)
විදුහල් පති වග කියන්න ඕනේ (දී)
සියලුම ගුරුවරුනට ළමා මනෝවිද්‍යාව පිලිබදව දැනුමක් ලබා දිය යුතුයි. ගුරුවරුන්ගේ මානසික තත්වය හොඳ නොවුනොත් මෙවෙනි දේවල් තව තවත් වේවි. (දී)
ප්‍රින්සිපල්ට දැන්ළමයින්ට අවවාද දෙන්නත් බැරිද ? මේ ළමයාගේ පැත්තේ නුත් අසාදාරනයක් වෙලා තියෙනවා එත් ඉස්කෝලෙන් තරවටු කල කියල ගෙදරට කියන්න බැරි තරම් වැරද්දක් මෙලමයත් කරලා තියෙනවා වගේ තමයි පෙන්නේ (දී)
ඔය ෆේස් බුක් වහාම ලංකාවෙන් නතර කලයුතුයි ඕක නිසා කි දෙනෙක් නම් දැන් ජීවිත පුජ කරලා තියෙනවද කොපමනනම් පවුල් අවුල් වෙලා තියෙනවද? දන්නවද ලෝකේ 50% දැන් දික්කසාද වෙන්නේ ඔය බුකිය නිසාලු (දී)
ඔය කියන විදුහල්පතිලා අන්තර් ජාලය, මුහුණු පොත, ඔය මේලෝකේ දෙයක් දන්නේ නැති පණ්ඩිතයෝ.. (දී)
අනේ මන්ද. මම ඉස්කෝලේ යන කලේ ගුටි කාල තියෙනවා ඇතිවෙන්න. බැනුම් අහල තියෙනවා සීමාවක් නැතිව. පාසලට අම්ම තාත්ත ගෙන්නලා තියනවා කීප සැරයක්ම. කවදාවත්ම දිවිනසගන්න හිතුවේ නෑ. දිවිනසා ගන්නවා කියන එක කවදාවත්ම මගේ හිතට ඇවිල්ල නෑ. (දී)
මියගිය වෙනූෂාට සාධාරණය ඉටු වේවා. (අ)
මගේ දරුවන්ට මම බ්ලොග් අඩවිදෙකකුත් සකස්කර පවත්වාගෙන යාමට ඉඩදී තිබෙනවා. ඔවුන් වයස අවුරුදු 10 අඩු දරුව. නව තාක්ෂනය දැනගෙන භාවිතාකිරීම කිසිම වරදක් නොවෙයි. මේපිලිබද දරු දෙමාපිය මෙන්ම ගුරුවරුන්ද දැනුවත්වීම් ඉතා වැදගත්. මොකද අන්තර්ජාලය අතිශයින්ම ප්‍රයෝජනවත් මෙන්ම අතිශයින්ම භයානකයි. (අ)
අධ්‍යාපනයට අරක්ගත් චන්ඩියෙක් නායකත්ව පුහුණුවක් විදුහල් පතිවරුන්ට හා ශිෂ්‍යයන්ට දෙන්න තීරණය කළා ට පසු මේ ක්ෂේත්‍රයේ ජීවිත ගණනාවක් රටට අහිමි උනා. අධ්‍යාපන මනෝ විද්‍යාවේ මුල අකුර වත් නොදන්නා පුද්ගලයෝ මේ උතුම්වූ ක්ෂේත්‍රයට අත ගසනවා කියන්නේ නරියාට බොක්ක හෝදන්න බාර දුන්න වගේ වැඩක්. (අ)
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මාගේ ප්‍රණාමය! (අ)
සියල්ල සිදුවී හමාරය. 1. විදුහල්පතිවරු මෙන්ම ගුරුවරුන් අති බහුතරය නව තාක්ෂනය ගැන නොදනී. දෙමපියන් අතිබහුතරයද එසේමය. අන්තර්ජාලයට බයකර හෝ බයවී නොව වටිනාකම පිලිබද පැහැදිලි අවබෝධයෙන් මේ ගමන යායුතුය. සරල ක්‍රම වලින් මොවුන් පුහුණුකරන්න. සියදිවි හානි කර නොගත්තත් පාසැල් ජාලය තුල පරිගණක දැණුම් අවම තරමෙන් දරුවන් හා සමාන්තරව වත් පවත්වාගැනීම මෙයට විසදුමයි. 2. මගේ වයස අවුරුදු 10 ට අඩු කුඩා දරුවන් දෙදෙනාටම වෙබ් අඩවිදෙකක් ඇත. අන්තර් ජාලය හවිතයට ඉඩ ලබාදෙයි. හැබැයි මා දැනුවත්ය. 3. මගෙ දරුවන්ට අතිශය සැරපරුෂ ගුරුවරුන් ලැබිණ එය තුල ඇති මහත්වූ වාසනාව මම ඔවුන්ට අවභෝධ කරදුනෙමි. 4. සැමදිනකම අවම තරමින් මිනිත්තු 05 වත්(දුරකථනයෙන් හෝ) දරුවන් සමග පාසැල් කටයුතු සාක්ච්ඡකරමි. මාගේ ප්‍රායෝගික අත්දැකිමට අනුව මේ සියලුදේ ඉතාපහසුවෙන් කෙටි කාලයකින් පාසැල් ජාලය තුල ගොඩනැගිය හැකිය එය සිදුකරන අයුරු ප්‍රායෝගිකව පහදාදීමද සුළුදෙයකි කැමතිනම් මෙය බලධාරීන්ට යොමුකරන්න. රටට සෙතකි. (අ)
මම ප්‍රින්සිපල් නිවැරදි කියන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්නයේ තව පැත්තක් තියනවා. මේ ළමය ගේ මුහුණු පොතේ ඒ ළමය ලියල තිබුන සමහර දේවල් මේ ළමය මරණය සහ ප්‍රේම සම්බන්දය කඩා වැටීම ගැන කියල තියනවා. විදුහල්පති සම්බන්ද සිද්දිය ආසන්න සිද්ධිය වුනත් ළමය දිවි නසා ගැනීමට එකම හේතුව වෙන්න නොහැකි. අනෙක මේ ළමය ගේ අම්මා හා ළමය අතර හොඳ සම්බන්දයක් නැති බවත් ඒ ලියුමේ තියනවා. (අ)
නිසි දඩුවම් ලබා දෙන්න. (අ)
ළමා මනස තේරුම් ගෙන ගුරුවරු සිල්පය ඉගැන්නුවා නම් හොඳයි. ළමයෙක් හිස තෙල් ගාගෙන පාසලට නාවොත් පොල්තෙල් නාවා ගෙදර යවති.කමිසයයේ බොත්තම් ක් නැතිවුනොත් සේරම බොත්තම් ටික කපා ගෙදර යවති.ගවුම කොට වුනොත් දවසේම දනගසවා තබා ගවුමේ වාටිය ගලවා ගෙදර යවති.ආදර හසුනක් අසුවුනොත් පන්තියේ අනෙක් ළමයි ඉදිරියේ අපහසු තාවයට පත් කර එම ළමයා ලවා එම හසුන පන්තියේ ඉදිරියේ කිය වීමට බල කිරීම.මෙම කරුණු වලින් ළමයින් ලැජ්ජාවට පත් වී එය දරාගැනීමට නොහැකිව දිවි නසා ගනී. (අ)
පාසල් ළමයෙකුට අවවාද කරනකොට සිද්දිය රහසිගතව සොයාබලා සත්‍යදැයි දැනගැනීමෙන් පසු රහසිගතව කරුණාවෙන් අවවාද දිය යුතුබව බුද්දිය ඇත්තන්ට තේරුම් යායුතුයි (අ)
මේක කොහොමවත් අනුමත කරන්න බැරි දෙයක්. මේ වගේ සිද්ධි නිසා පාසල් තුළත් අපචාර සිද්දි ඉහල යන එක වැඩි වෙන්න ඉඩ තියෙනවා. පාසලේදී තිබිය යුතු ළමයින්ගේ සදාචාරය, විනයගරුක බව වගේ දේවල් දෙමව්පියන්ගේ ක්‍රියා කලාප නිසා නැති වෙනවා. මෙතන සමහරවිට පිල් දෙකක ගැටුමක් ඇති. ගුරු - ගෝල - දෙමවුපිය සම්බන්දතාවය අනිවාර්යෙන්ම තිබිය යුතුයි. දයාසිරි මහත්තයාගේ කතාව අනුමත කරනවා. (අ)
ප්‍රම්දවී හෝ ජාතික ළමා ආරක්ෂක අදිකාරිය රාජකාරිය පටන්ගැනීම සතුටු දායකයි.විදුහල්පතිට පක්ෂව ජනතා උද්ගෝෂණය ගණන් ගන්න එපා!!ඔය විදුහල්පති ඒ ශිෂ්‍යාවට කල අපහාසය සමස්ත පාසල් පද්ධතියටම අවමානයක්.අද උද්ගෝෂණ නොකරන්නේ මොකටද? (අ)
ජාතික ළමාරක්ෂක අධිකාරියට නව සීලන්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් ප්‍රණාමය!! (අ)
මව්පියන් මීට වඩා දරුවන් ගැන සොයා බැලිය යුතුයි (දිල්)
ආකල්පයම වෙනසක් දැන්වත් ඇති විය යුතුයි (දිල්)
මෙවැනි දේ පිළිබඳව මොළේ පාවිච් කර වැඩ කළ යුතුයි (දිල්)
දැන් කාලේ හැටි ඔහොමයි (අ)
එතකොට අර දරුවා ජීවත්ව ඉන්න කාලේ එයාගේ මුනවත් නොබලා කතා නොකර අත් හැරලා හිටපු එයා මෙලොවට බිහි කල කෙනාට දෙන දඩුවම මොකක්ක්ද? දරුවාගේ ලිවුමේත් මේ ගැන සදහන් වෙනවා. (අ)
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මාගේ ප්‍රණාමය! දැන්වත් නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වේවා මේ ජාතියේ තව උන් ඉන්නවා හැමෝවම මේ දෙන්න ඉස්සරහින් දන ගස්සල තියන්නවත් ඕන කෙල්ලන් හට තමන්ගේ ඡායාරූපයක් දන්නා බැරි කමක් නැහැ නේ (අ)
මෙහෙම කරපු එක හොඳයි. උද්ගොෂන් නතර කරලා සාමකාමී පරිසරයක්වත් දැන් හැදෙයිනේ. (අ)
මිනුවන්ගොඩයි මියුසියස් එකෙයි දැරියන්ට දිවිනහගන්න සිද්ධ කරපු මිනීමරු ගැහැණුන්ව අත්අඩංගුවට නොගන්නේ උන් ගැහැණු හින්දද? (අ)
ගුරුවරයෙක් දරුවෙකුට අවවාද කරන්නේ ඒ දරුවාගේ මොනයම් වැරදී කාරණයක් නිසානේ.දරුවන්ව යහමගට ගන්නනේ එයාලත් බලන්නේ.මේක පල කරපු එකාට දඩුවම් කරනවා මිසක මේ අහක යන ගුරුවරයෙක්ව පටලවගන්න එකද අපේ රටේ අලුත්ම නිතිය..(අ)
දැන් ඇත්ත එළිවෙයි (අ)
මෙතන ,මම නම් හිතන විදියට වරද තිබෙන්නේ ෆේස් බුක් එකේ වත් විදුහල්පතිගේ වත්,ළමයාගේ වත් නොවෙයි ?දෙමාපියන්ගේ තමයි සම්පුර්ණ වරද ?ඇයි පාසල් යන වයසේ ළමයිට අන්තර් ජාල පහසුකම් ඕන ඕන විදියට දෙන්නේ,මෙතන දඩුවම් කරන්න ඕන දෙමාපියන්ට ?(අ)
අද පැවැත්විමට ඇති උද්ඝෝෂණනයට සහභාගිවන ලෙස නිවසේ සිට දුරකථනයෙන් විදුහල්පති විසින් දෙමාපියන්ට දන්වයි.(අ)
එල එල නියමයි අපගේ උපහාරය !(අ)
විදුහල්පති තුමා කළයුතුව තිබුනේ වෙනත් ගුරුවරියක් හරහා මේ ගැන උපදෙස් දීමය ළමා මනසට දරාගත හැකි මට්ටමට අවවාද කලයුතුය ඔහු මආ පුහුණුවක් හික්මීමක් ඇති අයෙක් විය යුතුය හැමෝටම විදුහල්පතිකමට නුසුදුසුය ඔහු අගම දහම දන්නා මනා පරිචයක් ඇති පුද්ගලයෙක් වියුතුයි එසේ නොවනවිට මෙවැනි ප්‍රතිපල බලාපොරොත්තුවිය යුතුය.(අ)
පරක්කු වී හෝ සාධාරණය ඉටු වීම පිළිබඳව අපගේ ප්‍රණාමය (දිල්)
විදුහල්පතිවරුන්ද මේ පිළිබඳව දැනුම්වත් කළ යුතුයි (දිල්)
මේ ළමය වස බොන්න තරමට විදුහල් පති මොනවද කියල තියෙන්නේ (දිල්)
දැන් ඉතින් මොනවා කලත් වැඩක් නැහැ අහිංසක දරුවා ජිවතයට සමුදීලා ඉවරයි .පුදුම වැඩේ කියන්නේ අපේ මිනිස්සු හොදට නරකට දෙකටම උද්ගෝෂණ කරන්න පටන් අරන්. මේ දරුවට වෙච්ච අසාධාරේ නේට මේකෙන් විසදුමක් ලැබෙයිද ?? (අ)
දරුවන් අපගේ අනාගතය වේ. .මෙවන් විදුහල්පතිවරුන් නෙරපා දැමිය යුතුය.(නදී)
මෙයාව බේරාගන්න දේශපාලකයෝ සෑහෙන උත්සාහ ගත්තා නේද?? ළමයාගේ මරණයට වගකිවයුත්තේ දෙමව්පියන් කියලාත් ඒ අය කිව්වා නේද?? (අ)
ලංකාවේ ෆේස් බූක් තහනම් කල යුතුයි. මොකද මේවා ගේ වැඩ ගොඩාක් වෙනවා,,අපිට දැන ගන්න ලැබෙන්නේ අල්පයක් පමණි,,,,අහිංසක කෙල්ලෝ විනාස කරන සක්කිලි වෙබ් අඩවි නැති කරන්න ,,,(අ)
කවුරුත් ළමයාගේ වැරදි හොයන්නේ නැත්තේ ඇයි? (අ)
විදුහල්පති අත්තඩංගුවට අරගත්ත එක හොඳයි ඒත් මේ දෙමාපියනුත් මතක තියා ගන්න ඕන ඒ දෙන්නත් මේ මරනෙට වග කියන්න ඕන බව. (අ)
වැඩේ නියමයි. ප්‍රසිද්ධියේ මේ වගේ අපහාස කරන එකට මේ විදුහල්පතිවරයාව ගෙදර යැවිය යුතුමයි. අවුරුදු 15ක ළමයෙකුගේ නොමෙරූ මනස තේරුම් ගන්න බැරි උන් විදුහල්පති සේවයේ ඉඳල වැඩක් නැහැ. (අ)
මෙවැනි විදුහල්පතිවරුන්ට නවලොව තාක්ෂණික දැනුම ලබාදෙන්න .(අ)
ගොන් කෙල්ලෝ එක එකා එක්ක ෆොටෝ අරගෙන ඉන්ටෙර්නෙට් දාල ....හොදම වැඩේ තමා වැඩිහිටියෝ හැටියට ඕනෑම දෙයක් නොදැක්ක වගේ ඉන්න එක (අ)
දැන් ඉතින් කිසිම ගුරුවරයෙක් කිසිම ළමයෙකුට මොනම හේතුවක් නිසා වත් දොස් කියන්නේ නැහැ. (අ)
අද ෆේස්බූක් කියන්නේ මහාලොකු දෙයක් නෙවේ. විනයක් නැටි අය ඉන්නව මේ හැමෝටමත් නිතියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. (අ)
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මාගේ ප්‍රණාමය! දැන්වත් නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වේවා.....(අ)
මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වලක්වා ගැනීමට මේ පිලිබදව සාදාරන පරීක්ෂණයක් සිදුකොට මොහුට දඩුවම් දිය යුතුයි. පවතින නීති ප්‍රමාණවත් නොවේ නම් නව නීති සම්පාදනය කළ යුතුයි. (අ)
අනෝමා දිසානායක මැතිනියනි ඔබතුමියට ජාතියේ උපහාරය (අ)
මේ ළමය ගේ පැත්තෙනුත් අඩු පාඩු කම් ගොඩක් තියනවා . මම විදුහල්පති සුද්ධ කරනවා නෙවී . නමුත් ළමය ගේ ෆේස් බුක් පිටුව එක බැලුවොත් එකේ සඳහන් දේවල් පාසලේ ගෞරවයට හානියක් බව ඕන කෙනෙකුට තේරෙනවා. නැටුම් හා විලාසිත කරන අනික් ගෑනු දරුවෝ හැමෝම විදුහල්පති ල ගෙන් බැනුම් අහල දිවි නසා ගන්නේ නැහැනේ. (අ)
දැන්වත් ඇති පොලිසියේ ඇස් පැදුනා (අ)
පව් කාරයන්ට දඩුවම් කරන්න ඕන පොඩි දරුවන්ගෙන් පළි ගන්නා ඒකා දෙමපියක්ද දැන්වත් නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක කරන්න (අ)
විදුහල්පතිට දඩුවම් කරනවා වගෙම තව දෙයක් සිදුවිය යුතුයි,අද ළමයි මේ තරම් මානසිකව දුර්වල වීමට හේතුව හොයන්න ඕන,මේ මෙවෑනි පලමු සිදුවීම නෙමෙයි අපෙ රටේ..ගුරුවරයත් දත යුතුයි අවවාද දෙන විදියට දෙන්න,එහෙත් ළමය දෑන ගන්නම ඕන තමන්ගේ ජීවිතේ වටින්නේ තමන්ටයි,තමන්ගෙ දෙමව්පියන්ටයි කියන එක. (අ)
ළමයෙකුට දඩුවම් කිරීම විදුහල්පති කෙනෙකුගේ අයිතියකි. පාසල් ළදරුවෙකුට ෆෙස් බුක් යාම ඉතා අහිතකරය. ඔහු අත්අඩංගුවට ගැනීම යහපත් නොවේ . එය පාසල් ළමුන්ගේ විනය පිරිහීමට ආරම්බයක් විය හැකිය. (අ)
ඒ දරුවා ලියා තිබු කරුණු සත්‍යයක් නම් මොහු අත්අඩංගුවට ගැනීමට මෙතරම් ප්‍රමාද වුණේ ඇයි ? එක දරුවෙකුගේ ජීවිතය අහිමි වුණා ,මේ වයසේදී වැරදි කිරීම සාමාන්‍ය දෙයක්. ඔවුන්ට ඒවා හොදින් පැහැදිළිකර දී හොඳ මගට ගැනීම ගුරුවරුන්ගේ සහ දෙමව්පියන්ගේ වගකීමක්. මේ බව වැඩිහිටියන් වූ අප තේරුම් ගත යුතුයි.(දිල්)
ඉතාමත් වටින අගය කලයුතු ක්‍රියාවක් මේක මේ වගේ අමන ගුරු හොරුන්ට දෙන්ඩ ඕන අමතක නොවෙන දඩුවම් අවංක නීතියට අපේ උපහාරය (අ)
තමන්ගෙ ළමයෙකුත් ෆේස්බුක් ඇවිත් මෙහෙම සමාජයෙන් අපහාසයට ලක්වුණාම තේරේවි...මුලින්ම අත්අඩංගුවට ගන්න ඕන ඒ ළමයගේ මවුපියන්ව මම දැක්ක නැටුමකටත් එක්තරා මාධ්‍යක යවල ... තමන්ගෙ දරුවට චරිතය රැකගෙන ඉන්නෙ කොහොමද කියල ගෙදරිනුයි කියල දෙන්න ඕන...මොනවා වුනත් මේ ළමයා සමාජයට දුන්නෙ නරක ආදර්ශයක්...මොකද වැරැද්ද හදාගෙන ජීවිතය ජයගන්නවා වෙනුවට සියදිවි නසා ගැනිම නිවැරදි මාවත නොවෙන නිසා (අ)
වරද උනාට පස්සේ තරවටු කළාට පළක් නැත ඊට කලීන් අවවාද කල යුතුයි (අ)
මේ වැඩ වලින් දරුවන් තවත් නොමග යනවා නම් අවවාද කළාම මොකද වෙන්නේ. මොකද ගුරුවරු අවවාද කරාම එල්ලිලා මැරෙන එකද මේ මිනිස්සු හොදයි කියන්නේ ? එහෙමත් නැත්තම් ගුරුවරු දරුවෙක්ට අවවාදයක් දෙන එකක් නෑ කවදාවත්. එකෙන් පාඩුව දරුවන්ටමයි (අ)
විදුහල්පති හරි , මොකද ගුරුවරයෙකුට ළමයකුට බනින්න අයිතියක් තියෙනවා. එහෙම නැත්නම් කොහොමද ළමයි හදන්නේ. ඕක දෙමාපියන්ගේත් වැරැද්ද ක් ... ළමයට සමාජයේ ඉන්න කියල දීල නැ. (අ)
හොඳයි
ඔය පොඩි දේට ඔහොම දඬුවම් කරන එක අසාධාරණයි (අ)
අනේ අසරණ නංගිය වෙනුවෙන් සදාරනය ඉටුකරන්න (අ)
අවවාදයක් කරන කොට ඒ ගැන හොදට හිතා බලා කටයුතු කරන්න ඕන මීට වඩා (අ)
සධාරණයක් ඉෂ්ටකරන්න......
විදුහල්පති වැරදි නෑ ෆේස් බුක් පාසල් දරුවන්ට වැදගත් එකක් නොවෙයි (අ)
ළමයෙක්ට අවවාද කරන්න ගුරුවරුන්ට අයිතියක් තියෙනවා . එක වරදක් නෙමේ . ගුරුවරුත් ඇන ගන්න ඕන ළමයෙක්ට අවවාද කරන විදියක් තියෙන බව . (අ)
ගුරුවරුන්ගේ අවවාදය දෙමව්පියන්ටත් වඩා දරුවන්ගේ හදවතට දැනෙනවා. (දිල්)
අධ්‍යාපන ක්ෂේත්‍රයේ නරකම ආදර්ශයක් (දිල්)
ගුරුවරුන්ට අයිතියක් තියෙනවා දරුවන්ට අවවාද දෙන්ඩ ඒය වුණත් නිසි විදියට කරන්න ඕනී (දිල්)
මෙහෙම ගියොත් ගුරුවරයෙක්ට දෙමව්පියකුට එරි වැරැදි කියලා දීලා ළමයෙක්ව හදාගන්න බැරි වෙනවානේ (දිල්)
මමනම් කියන්නේ විදුහල්පති හරි (අ)
අවවාද දීම හොඳයි, අත්‍යවශ්‍යයි. අවවාදය තුල අවලාද, අපවාද, සහ අපහාස අඩංගු වීමයි වරද. (අ)
ගුරුවරුන් දරුවනට අවවාද දියයුතුයි අවවාද දීම වැරද්දක් නෙමෙයි විදුහල්පතිතුමනි, එතැනදි මම ඔබගෙ පැත්තෙ. නමුත් ඒ අවවාද දියයුතු ක්‍රමයක් තියෙනවා... අවවාදයක් හේතුවෙන් දරුවා දිවිනහ ගන්නවානම් ඒ අවවාදය අසාර්ථකයි.(අ)
ළමය ට අවවාද දෙනවා කියන්නේ අනිත් ළමයි ඉදිරියේ ලජ්ජාවට පත්කරනවා නොවේ. මෙතන සිදු කරලා තියෙන්නේත් ඒකයි .දිවිනහ ගත්තේ ඒකයි. පුද්ගලිකව ඒ ගැන විමසල තීරණයක් ගන්න විදුහල්පතිට අයිතියක් තියෙද්දිත් ,එයාගේ බලය පෙන්නලා ,ඒ දරුවා අපහසුතාවයට පත්කරලා තියෙන බව හොඳට තේරනවා. (අ)
ගුරුවරුනට තරවටු කරන්න අයිතියක් නැහැ .අවවාද කරන්න පුළුවං .දියුණු රටක නම් විදුහල්පති ගස් .(අ)
මේ දරුවා 10 වසර වෙනකන් නොයකුත් ගුරුවරුන්ගේන් තරවටු මැද ඉදිරියට පැමිණියා.නමුත් මේ විදුහල්පතිවරයාගේ තරවටුකම ඇයි සියදිවි හානි කරගන්නතරම් දුරදිග ගියේ. ඒකෙත් මොකක්හරි රහසක් ඇති අනිවාර්යෙන්ම (අ)
ගුරුවරුනට අවවාද කරන තත්ත්වයට දරුවන් හැදිම මාපියන්ගෙ වරදක්. (අ)
මේවගේ ළමයට තරවටුකරම ගුරුවරු අත්තඩ0ගුවතට ගත්තම මේ සමාජය හදන්නේ කොහොමද.ඒ ළමය කොල්ලත් එක්ක රවූන් ගහල වෙඩ වැරදුනාම සියදිවි නසගත්තට ගුරුවරු පලිද? (දී)
හැම ගුරුවරයාම එක වගේ නැහැ.. (දී)
ගුරුවරුනට තරවටු කරන්න අයිතියක් නැහැ .අවවාද කරන්න පුළුවං (අ)
ළමයෙක්ට අවවාද කරන්න ගුරුවරුන්ට අයිතියක් තියෙනවා . එක වරදක් නෙමේ . ගුරුවරුත් දන ගන්න ඕන ළමයෙක්ට අවවාද කරන විදියක් තියෙනවා කියල. ඔය පොඩි දේට ඔහොම දඬුවම් කරන එක අසාධාරණයි. නමුත් ඒ අවවාද දියයුතු ක්‍රමයක් තියෙනවා... අවවාදයක් හේතුවෙන් දරුවා දිවිනහ ගන්නවානම් ඒ අවවාදය අසාර්ථකයි (අ)
නියමයි (අ)
විදුහල්පතිවරුන්ට,ගුරුවරුන්ට දඩුවම් දෙන්න ඉල්ලන සමාජයක අනාගතය කුමක් වේවිද?මෙයට වඩා තම දරුවන් ගැන දෙමාපියන් සොයා බැලිය යුතු නොවේද?ගුරුවරයා සහ දෙමාපියන් අතර හොද සම්බන්දතාවක් ඇතිනම් මෙවැනි දේවල් වළක්වගන්න පුළුවන්.(දිල්)
දැන් මොනවා කිව්වත් මේ ළමයට පන ගන්න බැහැනේ (දී)
ෆේස්බුක් නිසා අපේ ළමයි සියදිවි නසා ගනිති. අවවාද කළ විදුහල්පතින්ට විරුද්ධව නඩු කියා ගනිති. ලෝකයේ තවත් රටවලද මෙවැනි සිදුවීම් ෆේස්බුක් නිසා සිදුවී ඇත. ෆේස්බුක් යනු දෙපැත්ත කැපෙන කඩුවකි. තත්වය වටහාගෙන දැන්වත් ප්‍රවේශම් වන්න. ලෝකයේ ෆේස්බුක් නිසා දරුවන් මිය යන අතර ෆේස්බුක් අයිතිකරු මාර්ක් සුකර්බර්ග් අද ඇමෙරිකානු ඩොලර් බිලියන 19කට "වට්ස්ඇප්" මිලදී ගත් බව ප්‍රවෘත්තිවල සඳහන් වේ.(දී)
අහක ඉන්න විදුහල්පති හිරේ (දී)
මෙතන ගුරුවරයා වැරදි නැහැ.මේ දැන් හැදෙන උන්ගේ නැහැදිච්චකම.(අ).
රටටත් බරක් සමාජයටම බරක් වෙන අය මැරෙන එක හොඳයි (අ)
ෆේස් බූක් එක දෙපැත්ත කැපෙන කඩුවක් කියන එක පහාදාන්න. එසේ නම් ලංකාවේ පත්තර වල පෑනේ මිතුරු සමාජ කියල තම ලිපිනයන් තොග ගානේ දකින්න තියෙන්නේ!!. රටේ සංස්කෘතිය සභ්‍යත්වය ෆේස් බුක් එකෙන් කෙලෙසෙනවද? (අ)
චන්ද්‍ර වීරසිංහ මහතා අසා ඇති නිසා සුළු උදාහරනයක් ලියමි. ඹබ රැකියාවකට ඉල්ලුම්පතක් දැමුවිට ඹබ සහ ඔබේ වටපිටාව ගැන සෑහෙන දුරක විස්තරයක් ආයතනයේ නිලධාරීන්ට ෆේස්බුක් මැදින් ලබාගත හැක. යම් අයෙකු විසින් යවන ලද සමාදාන විනිසුරු ආදීන්ගෙන් ලබාගත් චරිත සහතික වලට වඩා ඔහුගේ සත්‍යබාවය ෆේස්බුක් කියයි. ඒ හේතුවෙන් ඹබ ඒ රැකියාවට නුසුදුසු බව ආයතනයේ කළමනාකරුට තීරණය කළ හැක. (අ)
ඔයාල කිසි කෙනෙක් අවුල් වෙන්න එපා , විදුහල්පතිතුමා නිදහස් කරලා වෙන තැනකට මාරු කරලාලු , අර දෙමවුපියන්ට දරුවෙක් නැති උනා විතරයි, (දී)
කොහොම හරි අහිංසක දැරියකගේ ජීවිතය අහිමි වෙලා තියෙනවා.මේකට වගකියන්න ඕනේ විදුහල්පතිතුමබව දැරියගේ ලිපියෙන් අනාවරණය වෙනවා.මම හිතන්නේ මේක එක අතකින් මනුෂ්‍ය ගතනකක්.විශේෂයෙන් ගනු ළමයෙකුගේ වරදක් මේවිදියට පිරිසක් ඉදිරියේ කිව්වම කොච්චර අසරණ වෙනවද මේකට උපරිම දඩුවම් දෙන්න ඕනේ . (දී)
හැඳි නොගපු හොද්දයි වේවැල් පර නොකාපු දරුවගෙයි ඇති වැඩක් නෑ කියල ඉස්සර ඉඳල කියල තියෙන්නේ කට කහනවට නෙවෙයි. දරුවන් ගැන හොද අවධානයකින් මව්පියන් මෙන්ම ගුරුවරු සිටිය යුතුයි (දිල්)
දැන් අපි මොනදේ කිව්වත් පලක් වෙන්නේ නැනේ.මේ දෙපැත්තම වැරදියි.ඉදිරියටවත් මේ වගේ දේ නොවෙන්න දෙමාපියෝ,ගුරුවරු,වගේම පාසල් යන දරුවොත් අපි මොනාද කල යුතු දේ,නොකළ යුතුදේ තේරුම් ගත යුතුයි. (දී)
ලමා මනස සියල්ලන්ගේම එක වගේ නැත. අයෙකුට ඕනෙම දෙයක් දරා ගැනිමට හැකියව ඇති අතර තවත් අයෙකුට සුළු දෙයක් උවද දරා ගෙනිමට අපහසුය. දරුවකුට අවවාද දීමේදී එම දරුවාගේ මානසිකත්වය තේරුම් ගෙන ඒ දරුවා අපහසු තාවයට පත් නොවන අයුරින් අවවාද කිරීමට ඕනෙම වැඩිහිටියෙකු සිතට ගත යුතුය. විදුහල්පති ගේ ක්‍රියා කලාපය පිලිබඳ මගේ අප්‍රසාදය.(නදී)
අවවාදයක් තරවටුවක් දඬුවමක් ඉවසන්න බැරි මේ වගේ ළමයි රටටම සාපයක්. මෙයාලට අනුකම්පා කරන්න නෙමි මේ වගේ අයට දෙන්න ඕන රජකාලේ දඬුවම්. මේවගේ ළමයි මුළු බාල පරම්පරාවටම නරක ආදර්ශයක් දෙන මෝඩ සහ සංකර විදිහට හැදුනු දෙමාපිය ග්‍රගනයෙන් මිදිලා අයාලේ ගිය ළමයි. (අ)
දේශ පාලන එහෙයියන් විදුහල්පති තනතුරු ගත්තට යොවුන් මනස ගැන දැනීමක් නැහැ. ශිෂ්‍ය ජීවිත කොපමණ මොවුන්ගේ වරදින් විනාශ වෙලා තියෙනවාද?(අ)
බොහෝ ගුරුවරුනට කොම්පියුටරය සහ අන්තර් ජාලය ගැන දැනීමක් නැති නිසා තමා මෙවැනි ඛේදවාචක සිදු වන්නේ..සමහර ගුරුවරු කොම්පියුටර ගෙදර ඇති ළමයන් සමග තරහයි.(අ)
ඔයිට වඩා සැර පරුෂ විදුහල්පත්වරු මේ රටේ ඉන්නවා. ඒ පාසල්වල හොඳ විනයක් තියෙනවා. අද සමාජය මේ වගේ ජරා ජීර්ණ වෙලා තියෙන්නේ හරි හමන් විනයක් නැති නිසයි. කෙනෙකුට බැනුම් අහන්න බැරි නම් බැනුම් අහන වැඩ නොකර ඉන්න දැන ගන්න ඕනේ. දැන් විදුහල්පතිට චෝදනා කරලා වැඩක් නැ. දරුවෝ මොනවද කරන්නේ කියල අම්ම තාත්තත් හොයල බලන්න ඕනේ. වෙලා තිබුණ දේවල් වල හැටියට විදුහල්පතිතුමා උඩ බලාගෙන හිටියනම් හරිද? අනෙක් ළමයි ටික වත් හරියට හදාගන්න විදුහල්පතිතුමාට දැන් ඉඩ දෙන්න ඕනේ. (ස)
ගුරුවරු වෙනුවට පඹයන්ව හෝ රොබෝවරුන් ආදේශ කර ළමයින්ට පාසැලක ශික්ෂණය (දැනුම හා විනය) හැර වෙනත් ඕනෑම දෙයක් කිරීමට ඉඩ හරිමු. ෆේස් බුක් පිටුවක් නැති දරුවෙක්ගෙන් වැඩක් නැති බවටත්, නවීන තාක්ෂණය කියන්නේ ෆේස් බුක් බවටත් මතයක් වපුරමු. නවීන තාක්ෂණය කියන්නේ ෆේස් බුක් බව සිතන දරුවන්ද එලෙසම සිතන දෙමවුපියන්ද මේ සංස්කෘතික විප්ලවය සදහා සහයෝගය ලබා දෙනු ඇත.(නදී)
මොන විකාරයක්ද, ගුරුවරයෙක්ගේ අවවාදයක් දෝස්මුරයක් ඉවසන්න බැරුව ගුරුවරයාගෙන් පලිගන්න හිතාගෙන තමුන්ගේ දිවි නහගන්නේ, මේ ළමය මොනතරම් මුරණ්ඩු ද?(දිල්)