කොළඹ විශ්ව විද්යාල ශ්රී පාලි මණ්ඩපයේ ජාත්යන්තර පර්යේෂණ සම්මන්ත්රණය ඔක්තෝම්බර් 30 වැනි දින පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කොළඹ විශ්ව විද්යාලයේ ශ්රී පාලි මණ්ඩපයේ දී උත්සවාකාරයෙන් පැවැත්වේ.
" ඩිජිටල් සන්දර්භය තුළ මාධ්ය සහ ලිබරල් කලාව "තේමාව යටතේ පැවැත්වෙන සම්මන්ත්රණය සඳහා මාර්ගගත (online)ක්රමය ඔස්සේ ද සම්බන්ධ විය හැක.
ශ්රී පාලි මණ්ඩපයේ මණ්ඩාධිපති මහාචාර්ය ප්රතිහා මහනාමහේවා මහතාගේ උපදේශකත්වය යටතේ පැවැත්වෙන සම්මන්ත්රණයේ ආරාධිත දේශනය "ඩිජිටල් යුගයේ ආසියානු ජන මාධ්ය ක්ෂේත්රය යටත් විජිතවාදී බලපෑම් වලින් මුදා ගැනීම, සංවර්ධනය කෙරෙහි වන ඇඟවුම් "මැයෙන් පිලිපීනයේ ඇටෙනියෝ ද මැනිලා විශ්ව විද්යාලයේ සන්නිවේදන අධ්යයන අංශයේ සහකාර මහාචාර්ය වයලට් බී. වල්ඩෙස් (Prof. Violet B. Valdez) විසින් පැවැත්වීමට නියමිතය.
උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස කොළඹ විශ්ව විද්යාලයේ උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා සහභාගී වන අතර ආචාර්ය කුමේෂ් ප්රභාෂිණි මහත්මිය සභාපති ධූරය දරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd