IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අඟුරු කකා වතුර බිබී කොළඹ සිටන් නානුඔයට

(රංජිත් රාජපක්ෂ)                       

රටවල් 12 ක විදේශිකයන් 38 දෙනෙකු රැගෙන ගල් අගුරු දුම්රිය 09 වැනිදා  කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර ඇති අතර දුම්රිය අද (11) නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරිණි.

ගල් අගුරු දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර දුම්රිය එන්ජිමට අවශ්‍යය ජලය ලබා ගැනීම අද සිදු කෙරිණි.

දුම්රියෙන් ගමන් ගන්නා විදේශිකයන් උඩරට දුම්රිය මාර්ගයේ සුන්දර ස්ථාන ඡායාරුපගත කරමින් දෙමෝදර දක්වා ගමන් කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

ගල් අගුරු දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර තිබූ අවස්තාවේ එය දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

 

 

 



අදහස් (27)

අඟුරු කකා වතුර බිබී කොළඹ සිටන් නානුඔයට

leel gunawardena Tuesday, 11 February 2020 01:39 PM

මේවා අගයකළ යුතු දේවල්.., ඒ මොකද? සංචාරක වැඩ පිළිවෙළට මේවා ගොඩක් වටිනවා දුම්රිය සේවකයින්ට ජය පතනවා.

:       0       62

abaranThursday, 13 February 2020 04:26 AM

ඔයා ඉතින් අත්සන් කර කර පෙත්සම් ගගහා ඉන්නයි තියෙන්නේ..

:       1       1

abaranThursday, 13 February 2020 12:19 PM

සමාවෙන්න, මට චුට්ටක් වැරදුණා.. අත්සන සහ පෙත්සම පොත් ලියපු රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ ලීල් ගුණසේකර මහතා මතක් වුණා... මම හිතන විදියට එතුමා ජීවතුන් අතර නැතිව ඇති...

:       0       4

Bamunuarachchi Tuesday, 11 February 2020 02:38 PM

මොකද විදේශිකයින් පමණක් අපිටත් යන්න හරිගස්සන්න. "උඩරට මැණිකේට පට කුඩ දෙක දෙක" කියන රිද්මෙට යනවා දකින්න අහන්න තවමත් ආසයි.

:       0       58

Nandalal DE SILVA - France Tuesday, 11 February 2020 05:31 PM

මේක සංචාරක මැදිරියක් අමුණා ගත් "බඩු කෝච්චියක්" බව පැහැදිලිවම පේනවා. පින්තුර වලින්. වාෂ්ප නිපදවීමට පුරවන ජලයේ මළකඩ වර්ණය නිසා මෙම ජල පොම්ප කාලයක් තිස්සේ ප්‍රයෝජනයට ගෙන නොමැති බවත් පේනවා. ඒ නිසා සමහරවිට එන්ජිමේ බොයිලේරුව හිරවී කොට උඩ යන්නත් බැරිකමක් නැත. කොහොම උනත් මෙවැනි වාෂ්ප දුම්රියක් සිය ජීවිත කාලය තුළම දැක නැති අයට මෙය ඉතාම දුර්ලභ දසුනක් වූ බව නම් නොඅනුමානයි.

:       1       25

chinthaka Wednesday, 12 February 2020 02:45 AM

මෙවැනි අදහසක් ක්‍රියාවට නගපු නිලධාරීන්ට සහ රජයට ජනතා ප්‍රණාමය

:       0       32

lalithm Wednesday, 12 February 2020 03:01 AM

ඇයි විදේශිකයින් විතරක්. අපේ රටේ එවුන් කළු හින්දද? අපේ ළමයින්ටත් මේ අත්දැකීම දෙන්න ඕනේ කියලා හිතෙනවා. සල්ලි තියෙන ලාංකිකයෝ වියදම් කලත් දුම්රියට මොකද? ට්‍රයි එකක් දමල බලමු!!

:       0       26

dumriya Magiya Wednesday, 12 February 2020 03:04 AM

පිරිසිදු වතුර සහ විශාල පිරිස

:       0       3

rana Wednesday, 12 February 2020 06:48 AM

"විදේශිකයන් 38 දෙනෙකු" මෙයින් ලාබයක් තිබේද ? හිතන්න බැහැ නේ ? මෙයින් ලබන පාඩුව මහජනතාවගේ කරෙන්ද ?

:       1       4

kamal Wednesday, 12 February 2020 07:06 AM

පාඩුව මහජනතාවගේ කරෙන් නැතුව උතුමානන්ලගේ කරෙන් යවන්න කියලද කියන්නේ?

:       0       3

saman Wednesday, 12 February 2020 07:48 AM

පරිසරයට දුම?

:       0       2

BamunuarachchiWednesday, 12 February 2020 01:36 PM

1736 ජේම්ස් වොට් වාෂ්ප එන්ජිම නිපදවූ කාලේ සිටත් ජෝන් බ්ලන්කිසොප් 1812 වාෂ්ප දුම්රිය නිපදවූ දින සිටත් පරිසරයට දුම එකතු වුණා. තාමත් ඩීසල් දුම එකතුවෙනවා. පරමාණු හෝ විදුලි ශක්තියෙන් වාහන දුවන තාක්කල් ඔය දුම් ප්‍රශ්නය තිබෙනවා.

:       2       48

Nandalal DE SILVA - FranceFriday, 14 February 2020 11:50 AM

සුද්දන්ගේ නම් ටිකක් යොදා මේ කලුසුද්දා දමපු කමෙන්ට් එක මෙම වාර්තාවට මොනම විදියකටවත් අදාල නැහැ.. සම්බන්ධකමකුත් නැහැ. ඔහේ ලියනවා !!!

:       0       12

BamunuarachchiSunday, 16 February 2020 02:55 PM

"සුද්දන්ගේ නම් ටිකක් යොදා මේ කලුසුද්දා දමපු කමෙන්ට් එක" වාෂ්ප එන්ජිම නිපදවූ දින සිට පරිසරයට දුම එකතු වූ බව නොදන්නා ගොබ්බයින් සිටින බව දන්නේ අදයි. ඊට අමතර වාෂ්ප යන්තරය නිපද වුයේ සුද්දෙක් නම් එයහේ නම නොකියා මේ ගොයියාගේ තාත්තාගේ නම කියල හරියනවද? අනික මෙගොයියගේ තාත්තා සිංහල ද කියලා මම දන්නවද?

:       0       0

sam Wednesday, 12 February 2020 07:53 AM

චින්තක , ලංකාවේ පැරණි ගල් අඟුරු එන්ජින් ප්‍රතිසංස්කරණය පිටුපස සිටි නිලධාරියා ඊයේ පෙරේදා රිමාන්ඩ් එකෙන් නිදහස් කල හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කියලා කාටවත් මතක නැති හැඩයි. මිනිසුන්ගේ 'වැරදි' ජීවිත කාලයක් පුරා මතකයේ තියා ගත්තත් 'හොඳ' මතකයේ රැඳෙන්නේ ම නැති තරම්.

:       6       4

athuraThursday, 13 February 2020 04:14 AM

එක්කෝ චින්තක කියන කෙනා ඉපදිලා තියෙන්නේ මේ ජනාධිපති පත් වුණාට පස්සේ නැත්නම් පිටරටක පුරවැසියෙක්...

:       0       1

brijesh palitha Wednesday, 12 February 2020 08:08 AM

රොසෙල් යනු සුද්දා දාපු ඉංග්‍රීසි නමක්, වෙනස් කරමු, රාහුබද්ද කියා දාමු

:       52       2

nimal Wednesday, 12 February 2020 08:51 AM

පාලිත මහත්තයෝ, එතකොට සුද්දගේ කෝච්චියට මොකද කරන්නේ...?

:       0       34

leel gunawardena Wednesday, 12 February 2020 05:14 PM

රනා පිස්සු නටන්න එපා එක ගමනකින් මේ නිසා පාඩු වුණත් මෙය දිගටම කරගෙන යන්න තමයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන්න සැලසුම් කර ඇත්තේ සංචාරක දේශීය, විදේශීය කටයුතු සඳහා... අපි උත්ස‍ාහ ගත යුතුයි.

:       1       25

lalithm Thursday, 13 February 2020 02:26 AM

හැමදේටම අපේ නම දාගන්න එක හැර අපි මොනවද කරලා තියෙන්නේ...? කිසිම ගතයුත්තක් නැති දේශපාලුවන්ගේ නම් පාරවල්වලට දමාගෙන අපේ විද්වතුන් කරපු දේවල් මකන ජාතියක්... අලුත් දෙයක් කරන්න උනන්දු කරවන්න.

:       0       12

harith Gunasekara Thursday, 13 February 2020 10:42 AM

අපේ එවුන්ගේ මොලේ එන්නේ නාකි උණමද?

:       0       1

ගුණරත්න​ Thursday, 13 February 2020 11:30 AM

මේක ගල් අගුරු කියන්නේ බොරුවට​. දුමක් නැහැ. අන්තිමට එන ඩීසල් එන්ජිමෙන් තල්ලු කරන්නේ...

:       0       1

Walter White Friday, 14 February 2020 05:07 AM

පරණ ඩීසල් එන්ජින් එකකට පිටුපස මැදිරි වල ගිහින් තියෙන උදවිය දන්නවා ඒවා ඇතුලට දුම් වදින තරම, මම හිතන්නේ ඒ නිසයි බඩුගෙනයන මැදිරි කිහිපයක් දාල අන්තිමටම මගී මැදිරි දාල තියෙන්නේ, ඩීසල් එන්ජිමක් පිටුපස්සෙන් තල්ලු කරනවා වාගෙත් පෙනෙනවා, එකෙත් ඉතින් වැරද්දක් පෙනෙන්නේ නැහැ, අවදානම් කඳුකර මාර්ගයේ යද්දී වැඩි සූදානමට එහෙම ආරක්ෂක පියවරක් තියෙන එක හොඳයි. බදුලු දුම්රියේ මැදිරි ගැලවිලා පිටුපසට ඇවිත් සිදු වුන අනතුර මතක ඇති.

:       0       1

Walter White Friday, 14 February 2020 05:15 AM

දුම්රිය සේවයේ මම දකින අකමැතිම අජූත පැත්තක් තමයි එහි සේවකයන් අපිළිවෙලට ඇඳන් ඉන්න එක, ඔවුන් හිතෙන හිතෙන ඇඳුම් අඳිනවා, ගාඩ් වරුන් සහ දුම්රිය ආරක්ෂක අංශ විතරක් නිල ඇඳුම අඳිනවා, අර හපුටු වස්ත්‍ර ඇඳගෙන කබල් සෙරෙප්පු දාගෙන ගාට ගාට යන හපුට්ටෝ ටිකට මොකක් හරි ලස්සන ඇඳුමක් සපත්තු අන්දලා පාරිභෝගික සේවා සැපයීම ගැන පුහුණුවක් ඉංග්‍රීසි ටිකක් පුහුණු කරලා දැම්ම නම් මොකක්ද වෙන වැරැද්ද?

:       0       1

BamunuarachchiFriday, 14 February 2020 05:53 AM

අසූචි ගොඩේ ඉන්න පනුවාට එය සුර ලොවක්. ඔය මිනිසුන් ඔතනින් එලියට ගන්න අමාරුයි

:       0       0

Bamunuarachchi Friday, 14 February 2020 09:32 AM

මොන කඩයද? මොන බිස්නස් එකද? ඇරපු ගමන් ලාභ ලැබුවේ හලෝ... මොලේ කළඳක් තිබෙනවා නම් ඔහොම කියන්නේ නැහැ. විනෝද ගමන් යන අය ලැහැස්තියි මේ යකඩ යකාගේ පිටේ යන්න. කාලයක් යන කොට පොපියුලර් වේවි...!!!

:       1       0

Bamunuarachchi Sunday, 16 February 2020 03:01 PM

"දමපු ප්‍රතිචාරය එම වාර්තාවට මොනම විදියකටවත් අදාල නැහැ.. සම්බන්ධකමකුත් නැහැ. ඔහේ ලියනවා " හලෝ මම පිළිතුරු දුන්නේ කෙනෙක් "පරිසරයට දුම?" කියා ප්‍රශ්න කළනිසයි. වාෂ්ප එන්ජිම හදපු දින සිට පරිසරයට දුම එකතු වුණා. කොළඹ සිටන් නානුඔයට යන කෝච්චියේ දුම මොන දුමක්ද හලෝ?

:       1       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24041 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23239 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site