IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


එජාප ප්‍රගතියෙන් බිඳක් එළිදකී

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ජාතික ආණ්ඩුවේ පසුගිය වසර දෙකක කාලයේ එක්සත් ජාතික පක්ෂය ළඟා කරගත් සුවිශේෂී ජයග්‍රහණ සවිස්තරාත්මකව ඇතුළත් ‘ප්‍රගතියෙන් බිඳක්’ නමැති විශේෂ වාර්තාව එළිදැක්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද(30) සිදු කෙරිණි.
නව රැකියා අවස්ථාවන් ලක්ෂ 4 ක් උත්පාදනය කිරීමට පියවර ගෙන තිබීම, ලක්ෂ 2 කට අධික පවුල් සංඛ්‍යාවකට තමන්ගේම නිවසක් ලබාදීමට හැකිවීම, ඉන්ධන මිල සියයට 22කින් පහත හෙළීමට හැකිවීම, ගැබිණි මවුවරුන් වෙනුවෙන් රුපියල් 20,000 ක දීමනාව ලබා දීමට කටයුතු කිරීම, රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩි කිරීමට හැකිවීම  ඇතුළු ජනතා ජයග්‍රහණ රැසක් මෙම වාර්තාවේ අඩංගු වී ඇති බවත් මේ හේතුවෙන් ශ්‍රී ලංකාව විශාල පරිවර්තනයකට ලක්වෙමින් ඇති බවත් ජාතික ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂය විසින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රබල ලෙස ස්ථාපිත කිරීමට විශාල දායකත්වයක් ලබා දී ඇති බවත් අගමැතිවරයා පැවසීය.

 



අදහස් (24)

එජාප ප්‍රගතියෙන් බිඳක් එළිදකී

SL Monday, 30 October 2017 02:07 PM

හරි නම් ඕකට දාන්න ඕනේ නම "ප්‍රගතිය බින්දුවයි". හැබයි එකක් නම් ඇත්ත "ශ්‍රී ලංකාව විශාල පරිවර්තනයකට ලක්වෙමින් ඇති බවත්..". ශ්‍රී ලංකාව දෙකඩ කරන්නනේ මේ ගොල්ලෝ හදන්නේ!

:       2233       5717

Lal Monday, 30 October 2017 02:47 PM

අපේ අවාසනාවට රට විනාශ කරන්න බලයට පැමිණි පක්ෂයක්. මහා බැංකු මංකොල්ලය වැනි ඉතා විශිෂ්ඨ ගණයේ මංකොල්ලකාරයො ඉන්න පක්ෂයක්. තව බයිලාත් ගහනවා.

:       2402       7117

RaveendraMonday, 30 October 2017 05:01 PM

ලාල් මයාගේ නිවැරදි අදහසට අපද එකගවන්නෙමු.

:       248       4401

sunil Monday, 30 October 2017 05:27 PM

සමාවෙන්න, දැන් නම් මේවා දැකල රැවටෙන්නේ නැහැ අපි නම්. එහෙම රැවටුන කාලෙකුත් අපිට තිබුනා. ඔය කොළ කෑලි වල ලියලා තියෙන ඒවාට වඩා අහල දැනගන්න අපිට කරුණු කාරණා දහසක් තිබෙනවා. පක්ෂය කෙරෙහි තිබුණු අපේ විශ්වාසෙ දැන් හුඟාක් බිදිලා!!

:       738       4436

මංගල Monday, 30 October 2017 06:51 PM

මම 1994 සිට මේ දක්වා දේශපාලන පලිගැනීම් වලට ලක්වෙලා 2002 දී රැකියාව අහිමි කල කෙනෙක්. මම සේවය කලේ ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ, මේ ආයතනයේ සිටිය සහ සිටින දූෂිත නිලධාරීන් තමයි මගේ සේවය අසාධාරණ අන්දමින් නැවැත්වූයේ. එම ක්‍රියාවලියට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයත් ඍජුවම බලපැම් කලා. මේ සියලු කාරණා සැලකිල්ලට අරගෙන එජාපෙ දේශපාලන පලිගැනීම් කමිටුව 2004දී මට ලිඛිතව දැනුම් දුන්නා බරපතල දේශපාලන පලිගැනීමකට ලක්වී තිබෙන බවත් එජාපෙ ආණ්ඩුවක් පැමිණි විගස සහන සලසන බවත්. තවම කථාව විතරයි වැඩ නැහැ. මට උනේ අසාධාරණයක් කියලා අවු 13කට පස්සේ උසාවිය 2015දී තීරණය කලා. සියලු හිග වැටුප්, වැටුප් වර්ධක, දීමනා, උසසේවීම් සහ වෙනත් වරප්‍රසාද සහිතව සේවය ඛණ්ඩනයකින් තොරව නැවත සේවයේ පිහිටුවන්න කියලා උසාවිය නියෝග කලා. ඒ නියෝගයවත් මේ ආයතනයේ දූෂිත නිලධාරීන් හරියට ක්‍රියාවට නැගුවේ නැහැ. දැන් අවුරුදු දෙකක් වෙලා මොනවද මේ ගොල්ල මේ ගැන කලේ. කථාව විතරයි. ලියන්න පුලුවන් පොතක් මේ ගැන නමුත් දාන්නෙ නැති නිසා ලියන්නෙ නැහැ. එකක් කියන්නම්, 2002දී වගේ මේ දේශපාලන පලිගැනීම් වලට විසදුම් නොදී ආණඩුව පෙරලුනොත් ආයෙ මේ සියවසේදී එජාපෙ ආණ්ඩු නැහැ.

:       3       43

nihal Monday, 30 October 2017 07:33 PM

අම්ම අප්පාගේ කාලේ ඉදල රටේ පාලනයේ ඉන්නවා නේද ....මහජන සල්ලිවලින් පඩිත් අරන් වෙලා තියෙන්නේ රට ආපස්සට ගිය එක ....තව මොන කතාද ආයුබෝවන් .

:       2       132

Hafeel Monday, 30 October 2017 07:47 PM

මහබැංකු හොරු ටික ඔතන ඉන්නේ රවී විතරයි ඔතන නැත්තේ

:       26       83

nihal Monday, 30 October 2017 07:51 PM

සුනිල් සමාව ඉල්ලන්න ඕන අපි නොවෙයි ..ඒ අයයි ..මොකද පොරොන්දු උන දේ හරියට කළේ නෑ. ඡන්දෙ දිනන්න වියදම් කරපු අයවලුන්ට රටේ අර්ථිකයට කෙලින්ම බලපාන ප්‍රධාන තනතුරු දුන්නා ඒ සල්ලි පොලියත් එක්ක හොයාගන්න ...බලාගෙන ගියාම ඡන්දෙ කරලා තියෙන්නෙත් මහජනයාගේ සල්ලිවලින්.

:       1       9

මංගල Monday, 30 October 2017 07:53 PM

තමන්ගේ බැරිකම වහගන්න පොදු අපේක්ෂකයෙක් ගෙනත් ලක්ෂ ගණනක පාක්ෂිකයින්ව පාවලා දුන්න එක ගැන මොනවත් ඔය පොතේ ලිලයලා නැද්ද?

:       22       75

Sathyayaa Monday, 30 October 2017 11:40 PM

ගිය ආණ්ඩු කාලේ ආණ්ඩුවට සම්බන්ධ එක දේශපාලකයෙක් උත්සවයක් පවත්වල තිබුන ස්ත්‍රීන් 100ක් සමග සහවාසයේ යෙදීම පිලිබඳ සතුට සමරන්න. ඒ පුද්ගලයා හිතුවේ ඔහුගේ ක්‍රියාකාරකම් වල ප්‍රගති වාර්තාවක් මේ අන්දමින් ජනතාව ඉදිරියේ තබන්න පුළුවන් කියා. "යහපාලන" ආණ්ඩුවේ ඉන්න එවැනිම පිරිසක් ජනතාවගේ මුදල් බිලියනවලින් සොරකම් කර ජනතාවට තමන්ගේ වැඩ කිඩ වල ප්‍රගතිය පෙන්වනවා. ඉහත කී ස්ත්‍රී දුෂකයා වස්ත්‍ර නැතිව කළ ඒ පාහර වැඩය මේ පිරිස වස්ත්‍ර ඇඳගෙන කරනවා. එකම වෙනස ඒ කයි.

:       1       7

chutta Tuesday, 31 October 2017 12:31 AM

මහා බැංකුව ගැනත් විස්තර තියනවද?

:       25       48

Rohana Tuesday, 31 October 2017 12:58 AM

අගමැතිතුමනි, ප්‍රගති වාර්තාවට ඇතුළත් කරන්න බැදුම්කර වංචාවෙන් රටට සිදුවූ බිලියන 59 පාඩුව සහ අර්ජුන මහේන්ද්‍රන් ට සිදුවූ බිලියන 59 ලාබය.

:       52       74

Ranjith Silva Tuesday, 31 October 2017 03:05 AM

මේ අය කියන්නේ එකක් කරන්නේ එකක්. කෝ අර ෆොක්ස් වගන් කම්හල. තව දුරටත් විස්වාස කරන්න නම් බැහැ.

:       24       63

අප්පුහාමි Tuesday, 31 October 2017 03:17 AM

මහා බැංකුව ලබපු ප්‍රගතිය ගැන ඕකේ ලියල නැද්ද මහත්තයෝ? මම දන්නේ නැති නිසයි අහන්නේ.

:       54       140

samantha Tuesday, 31 October 2017 03:27 AM

හම්මෝ ඇති ඇති ඔය බිදක් පෙන්නුවා හොදටෝම ඇති ගැබිණි / මවුවරුන් වෙනුවෙන් රුපියල් 20,000 ක දීමනාව මේ දැනුත් මාසෙකට 2000 ගානේ ලබා දෙනවා මොක්කක්ද අලුතෙන් දෙන්න තියෙන්නේ - අම්මල ත්‍රි පෝෂ ගන්න හැදුනුම්පත ගෙනියන්න ඕනි. බබාගේ බර පොඩ්ඩක් වැඩිනම් ත්‍රි පෝෂ නැහැ අනේ යකෝ ප්‍රති පත්ති

:       71       174

bamunu Tuesday, 31 October 2017 04:32 AM

‘ප්‍රගතියෙන් බිඳක්’ නමැති විශේෂ වාර්තාවෙන් අපි ඔහෙලා කරපු බිඳ දැනගත්තා හොඳම හරිය අපි ජනාදිපති කොමිසමෙන් දැනගත්තා. කරන්න යන මහා දේවල් උද්ගෝෂණ වලින් දැනගත්තා. හරි නේද?

:       27       54

Kumar (Galf) Tuesday, 31 October 2017 05:15 AM

කරපු දෙයක් නැති කොට කියන්න වෙන්නේ බිදක් කියල තමා. මොකෝ රටම කෑව මිසක් රටක් හැදුවද UNP බත් කන පාර්ලිමේන්තුවේ ඉන්න හරක් රැල. තාමත් රටම විනාස කරනවා මිසක් මුන්ට වෙන වැඩක් තියෙනවද. ඉතිහාසේ ඉදන්ම රට කෑව මිසක් මුන්ගෙන් සිංහලයට නම් සෙතක් උනේ නැහැ. සුද්දටයි වෙන ජාතියේ එවුන්ටයි නැමීගෙන හිටිය මිසක්.

:       62       266

asuchi Tuesday, 31 October 2017 05:59 AM

ලොක්කන්ගේ ගිණුම් තර වීම ,රජය එ් කොන්ත්‍රාත් ටික පවුලේ අයම බදා ගෙනෙම් කැම,සම්පත් ටික විකුනම් කෑම රට බෙදීම ,ජීවන වියදම ඉහල යාම ,ගංවතුරින් සාලාවෙන් , නායයමේන අනාථ අය වෑඩි වීම අැතුලු බොහෝ ප්‍රගතිනම් තියෙනවා

:       0       47

පී.එම්.සමන් කුමාර Tuesday, 31 October 2017 07:59 AM

කොළකෑලිවල ලියලා පෙන්නන්න කලින් කරන වැඩනම් හොඳට පේනවා. කථාව විතරයි කරපු වැඩක් නම් නෑ. දියවන්නාෙව හරක් රැළ දුප්පත් මිනුසුන්ගේ ශරීරයේ මාංශ ටිකත් උරා ‍බෙනවා. ඊට පස්සේ උන්බෑ කියකියා ඉන්නවා. අඩුම ගානේ ඔය ගොම ටිකවත් මිනිසුන්ට දීපල්ල පැලයක්වත් හදාගන්න. උලා ගෙනම කන්නේ නැතිව. ඒක දෙන්නෙත් උන්ගෙම එකෙක්ට. පුදුම කියන්නේ මුන්ට ලැජ්ජාවක් නම් ගෑවිලාවත් නෑ. වෙලාවකට හිතෙතනවා මුං මේ මහෙපාලෙව ඉපදුණේ අැයි කියල.

:       86       3

arnold Tuesday, 31 October 2017 08:54 AM

ගරු අගමැති තුමනි , ඔබ හොඳින්ම දන්නා බැඳුම්කර වංචාව ගැන වචනයක් ඔබ කොයි වෙලාවකවත් මුකුත් සඳහන් කරන්නේ නැත්තේ එක්කෝ කපටි කම නිසා නැත්තම් නොතේරෙන කම නිසා. ඔය ප්‍රගතිය ගැන කරන කතා වලට රැවටෙන්නේ ඔබමයි.ජනතාව බුද්ධිමත්. ඉස්සරහටත් ඉතින් පොදු අපේක්ෂකයෙක්ම තමයි ඔබ පක්ෂයට පිහිට වෙන්නේ.

:       90       124

upasena Friday, 03 November 2017 11:55 AM

මට එක්සත් ජාතික පක්ෂය ගැන කිසියම් පැහැදීමක් තිබුණා නම්, එය මහබැංකු මගඩියට රනිල් වික්‍රමසිංහ මහතා සමබන්ධ වී ඇති ආකාරය තේරුම් ගැනීමත් සමග අහෝසි වී ගියේය. ඔහුට මිස්ටර් ක්ලීන් කියන්නේ කුමක් නිසාදැයි නොදනිමි.

:       0       86

bamunuarachchi Saturday, 04 November 2017 01:38 AM

අර හාදය මේ පැත්තට පැන්න ගමන් කියාවි ඕකත් ළූණු බිකක්කියලා.

:       0       29

san Monday, 13 November 2017 08:14 AM

අර ඉහත කියපු ස්ත්‍රී සල්ලාලයා ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක්. ඔහු වගේම සෙල්ලම් පිස්තෝල සභාපතිත් දැන් ඉන්නේ යහපාලන වේදිකාවේ. ප්‍රගතිය හොඳයි නේද?. තව අවුරුදු 03 ක් මේ අය බලයේ හිටියොත් මේ රටම විජාතිකකරණය කර සියළුම ජාතීන් නපුංසකයින් කරනවා. මන්ද ආණ්ඩුව කරවන බොහෝ දෙනෙක් එවැන්නවුන් නිසා.

:       0       0

daham Monday, 13 November 2017 10:30 AM

ප්‍රගතිය බිංදුව බව ජනතාව පළාත් පාලන මැතිවරණයේදී පෙන්නලා දෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28029 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site