බලය ලැබුණොත් ජනාධිපති රනිල් සමග වැඩ කරන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි පළාත් පාලන මැතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම එකවර තැබීම වඩා යෝග්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. එසේම මැතිවරණ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ස්ථාවරය සහ ජනපති රනිල් සමඟ ඔවුන් එකතු වෙන්නේ කෙසේද යන්න පිළිබඳව මන්ත්‍රීවරයා සමඟ සිදුකළ සාකච්චාවකි මේ. 15 January 2023
රටේ සමස්ත කඩාවැටීමට හේතුව රාජපක්ෂවරුන් රාජපක්ෂවරුන් සමඟ කිසිදාක නැවත එකතු නොවන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. පොදුජන පෙරමුණේ තමන් හිඳිම ගැන ලජ්ජා වන බවත් පොහොට්ටුව දේශපාලන පක්ෂයක් නොවන බවද රටේ සමස්ත විනාශය හේතුව රාජපක්ෂවරුන් බවද ඔහු පැවසුවේය. 04 January 2023
ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත් කිරීමට කුහකකම් දුරලා සියලු දෙනාම එකට එකතු වී කටයුතු කළ යුතු බව ද ඔහු පැවසුවේය. 27 November 2022
ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන් වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේශන් මහතා පැවසුවේය. 17 November 2022
සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක් සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හෙයින් සාධාරණ සමාජයක් වැඩ පිළිවෙලට එකතු වී එයට නායකත්වය ලබා දීමට සූදානම් බවත් හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. 05 November 2022
’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්. යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිවරණයකදී අනිවාර්යෙන් සමගි ජන බලවේගය ජයග්‍රහණය කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි. 26 October 2022
නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන සංශෝධනයෙන් වැඩිපුර බලතල විධායකය ලබාගත් නිසා දැන් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අඩපණ වී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා කීය. 29 May 2022
මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක් රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප්‍රධානියා ලෙස තමන් කටයුතු කරන බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය. චීනය, ජපානය සහ මැදපෙරදිග රටවල් සමඟ එම කමිටු තුන සාකච්ඡා කර කටයුතු කරන බව කී අමාත්‍යවරයා රටට අවශ්‍ය ආනයන භාණ්ඩ වැනි දේවල් සම්බන්ධයෙන් එම රටවල් සමග ඉතා ඉක්මනින් සාකච්ඡා කර යම්කිසි සහනයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව එම කමිටුව කටයුතු කරන බව ද සඳ 09 March 2022
ගැබිනි කතුන්ගේ ත්‍රිපොෂා පැකට්ටුවත් නැති කරලා කාන්තාවන්ගේ කොන්ද බිඳ දමා විනාශ කළ පාලනයක් තුළ කාන්තා දිනය සැමරීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය කොළඹදී පැවසුවාය. 09 March 2022
සජිත්ගේ අභියෝගය මා සමග වැඩ කිරීමට හැකියාවක් ඇත්නම් එය කර පෙන්වන්නැයි ජනාධිපතිකමට ඇඳුම් මසා සිටින කාඩ්බෝඩ් වීරයන්ට අභියෝග කරනවා යැයි ජාතික සමගි ජන බලවේගයේ නායක වීපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දඹුල්ලේ දී පැවසීය. සමගි ජන බලවේගයේ දඹුල්ල ආසන සංවිධායක යු.අර්. දයා නන්දසිරි මහතා දඹුල්ලේ ජනහමුවක් අමතමින් වීපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අභියෝගය කළේෙය. දඹුල්ල නිස්සංක පිටියේ දී මෙය සංවිධානය කර තිබුණි. 28 January 2022
’’කොවිඩ් රැල්ලක් ආවොත් වගකීම විපක්ෂය බාරගත යුතුයි’’ සමගි ජන බලවේගය පැවැත්වූ ජන රැලිය නිසා කොවිඩ් රැල්ලක් පැමිණ රට නැවත වසා දැමීමට සිදු වුවහොත් එහි වගකීම විපක්ෂය බාරගත යුතු යැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය. සෞඛ්‍ය අංශ අනුමත කර නැති අවස්ථාවක මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීම ඉතා වැරදි ක්‍රියාවක් බවද හෙතෙම සඳහන් කළේය. ඔහු මෙසේ පැවසූ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය. 17 November 2021
‘රටේ විකල්ප බලවේග බිහිවීම වළක්වන්න බෑ’ ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ග අසාර්ථක බවත් මේ ආකාරයට ගියහොත් රටේ විකල්ප බලවේගයක් බිහිවීම වැළැක්විය නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය. රටේ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණයවී පෝලිම් යුගයක් නිර්මාණයවී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. ප්රජාතන්ත්රවාදී රටක් පාලනය කළ යුත්තේ ප්රජාතන්ත්රවාදී ක්‍රමයට බව පැවසූ ප්‍රියදර්ශන මහතා 06 November 2021
‘‘ආණ්ඩුව අද ජනතාව පීඩාවට පත් කරලා‘‘ ආර්ථිකයෙන් ආශ්චර්යයන් පාන්නට හැකි මොල හතේ චරිතයක් ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ ඉතිහාසයේ කිසිදිනක නොවූ විරූ තරම් ජනතාව පීඩාවට පත් කරමින් සිටීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 15 October 2021
‘‘වත්මන් ආණ්ඩුව ගුරුවරයාගේ බඩට ගහලා‘‘ යහපාලන ආණ්ඩුව ලාභ ලබන ආයතනවලින් වැට් බදු ලබාගෙන ගුරුවරුන්ගේ වැටුප් ප්රශ්නය විසඳීමට මූලික පියවර තැබූ නමුත් වත්මන් ආණ්ඩුව පැමිණි සැනින් වැට් බද්ද කප්පාදුකර ලොකු මිනිසුන් ආරක්ෂා කොට ගුරුවරයාගේ බඩට ගසා ඇතැයි හිටපු අධ්‍යාපන අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් 14 October 2021
‘‘තෙල් ටැංකි ගිවිසුම ගැන ඇත්ත කියන්න‘‘ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරා ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය පට්ටපල් බොරුවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 October 2021
එජාප වැඩ ගොඩක් ’’ඔන්ලයින්’’ වෙයි කොරෝනා වසංගතය නිසා පක්ෂයේ කටයුතු වලින් සියයට අසූවක්ම කරන්නට වන්නේ ඔන්ලයින් තාක්ෂණය උපයෝගී කරගෙන වන හෙයින් හෙයින් ඊට සියලුම දෙනා සූදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන්නේ ය. එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ පස් වන සංවත්සරය පිළිබඳව සාකච්ඡා කිරීමට 04 September 2021
ප්‍රමාදවී හෝ රට වැසීම ගැන සතුටු වෙනවා ප්‍රමාදවී හෝ රට වැසීම ගැන සතුටු වෙන බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවැසීය.රට වසන්නැයි අප ඉල්ලා සිටියේ දේශපාලන වාසි හෝ වෙන කිසියම් හෝ පෞද්ගලික අරමුණකින් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා රට වැසුණු කාලය ජනතාව උපරිම වශයෙන් ප්‍රයෝජන ගත යුතු බවද සඳහන් කළේය. 21 August 2021
‘ජනතාවගේ ජීවිත දෙවියන්ට භාර දෙන තරමට ආණ්ඩුව අසරණ වෙලා‘ කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ජන ජීවිත ආරක්ෂා කර ගැනීමට රට වසා දැමීමට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීනයන් උපදෙස් ලබා දෙද්දී රට වසා දැමීමට ආණ්ඩුව පියවර නොගන්නේ ඇයි දැයි විපක්ෂය ප්‍රශ්න කර සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (11) පැවසීය. 11 August 2021
‘‘කෝවිඩ් මරණවලට කොරෝනා මර්දන බළකාය වගකිව යුතුයි‘‘ වර්තමානයේ සිදුවන මරණවලට කොරෝනා මර්දන බලකාය වගකිව යුතු යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි. 08 August 2021
එජාපය අලුත් කරන ගමන බදුල්ලෙන් අරඹයි එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් ප්රතිසංවිධාන කටයුතු කළ බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 31 July 2021
‘‘රජය කොතලාවල පනත ගැන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමග සාකච්ඡා කළ යුතුයි‘‘ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳව මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ ආණ්ඩුව වහාම සාකච්ඡා කළ යුතුව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 28 July 2021
‘‘අපි 2023 දී බලගතු ආණ්ඩුවක් පිහිටුවනවා‘‘ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2023 අගභාගය වනවිට බලගතු එජාප ආණ්ඩුවක් ස්ථිර වශයෙන්ම පිහිටුවන බව පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 16 July 2021
මංගලගෙන් නිවේදනයක් ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා මෙරට ආර්ථිකය අගාධය කරා වැටෙමින් ඇතයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 09 July 2021
‘‘රජයට ඇත්තේ ඩොලර් ප්‍රශ්නයක්‘‘ රජයට ඇත්තේ ඩොලර් ප්‍රශ්නයක් බැවින් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණීමෙන් එය නොවිසදෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමෙන් පමණක් මෙම ගැටලු විසඳා ගත හැකි බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. 06 July 2021
ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳව විපක්ෂ නායකගේ විරෝධය ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනකු අත්අඩංගුවට ගැනීමට යාමේ තැතක් පවතින බවත් ආඥාදායක අරමුණු වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී අරගලකරුවන් බිල්ලට ගැනීම ආණ්ඩුව වහාම නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 04 July 2021
’’ණය ගෙවීමට කිසිම ප්‍රශ්නයක් නෑ’’ විදේශයන්ගෙන් ගත් ණය මුදල් හා ඒවායේ පොලිය ගෙවීමට කිසිදු ගැටළුවක් නැති බවත් මේ මාසය අවසානයේදී ඒ මුදල් ගෙවීමට රජය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් මුදල් ,ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 02 July 2021
‘කොරෝනා නිසා ළමා ශ්‍රමිකයින් වැඩිවෙලා‘ කෝවිඩ් වසංගතය සමඟ ළමයින් ශ්‍රමිකයන් ලෙස විවිධ වෘත්තීන්හි යෙදවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇතැයි වාර්තා වන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 01 July 2021
‘‘රටේ ආර්ථිකය ගොඩගත නොහැකි ප්‍රපාතයකට තල්ලු වෙමින් තිබෙනවා‘‘ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් රටේ ආර්ථිකය ගොඩගත නොහැකි ප්‍රපාතයකට තල්ලු වෙමින් තිබෙන බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. 21 June 2021
‘‘චීනයේ ගමන ලංකාවටත් හොඳ ආදර්ශයක්‘‘ චීන කොමියුනිස්ට් පක්ෂය සිය රට කෘෂිකර්මාන්තයේ සිට කාර්මික කරණය කරා ගෙන ගියේ ලෝක ආර්ථිකයෙන් ඈත්වී නොව ගෝලීයකරණයෙන් ප්‍රයෝජන ලබාගැනීමෙන් යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 18 June 2021
සත්ත්ව පොහොර අලෙවියට මඟක් කාබනික පොහොර නිෂ්පාදනය කළ නොහැකි ගොවීන්ට තම ගොවිපළ තුළ එකතු වන සත්ත්ව පොහොර තම කොට්ඨාසයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී එමඟින් අමතර ආදායමක් උපයා ගත හැකි ක්‍රම වේදයක් සකස් කර ඇතැයි පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පවසයි. 17 June 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026