“මෙතෙක් රට පාලනය කළ සැමට වඩා උගත් බුද්ධිමත් කණ්ඩායමක් අප සමග ඉන්නවා“ “සමහරු අපෙන් අහනවා ඔයාලගේ සැලසුම් ප්‍රතිපත්ති සියලු දේ හොඳයි ඒත් වැඬේ කරන්න පිරිසක් කෝ කියලා. මෙතෙක් රට පාලනය කළ සියලු කණ්ඩායම්වලට වඩා, වඩා හොඳ, උගත් බුද්ධිමත් කණ්ඩායමක් අපට ඉන්නවා මේ වේදිකාව පිරිලා තිබෙන්නේ ඔවුන්ගෙන්” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් දෙවෙනිදා පැවසීය. 07 November 2019
“කාන්තා හිංසනය නතර කිරීමට පියවර ගන්නවා“ කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය. 07 November 2019
“මගේ දේශපාලනය පොඩි මිනිහාටයි“ මහ පොළොව කොතනදැයි නොදැන වළාකුළුවල ජීවත්වන ඇත්තන්ට දුප්පත් ජනතාවට සේවය කරන්න තේරෙන්නේ නැතැයි, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හොරොව්පොතාන කහටගස්දිගිලිය ජන රැලියේදී පැවැසීය. 07 November 2019
“සමස්ත පුරවැසි පරපුරම ශක්තිමත් කරනවා“ “දූෂණ-වංචා සහ ජාතික සම්පත් කොල්ලකෑම්වලට සම්බන්ධ කිසිවකුත් තම රජයට ඇතුළත් කරගන්නේ නැතැයි” නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කලවානේදී පැවැසීය. 06 November 2019
“අපි දුප්පත්කම විකුණන්නේ නෑ“ මේ දවස්වල මැතිවරණ වේදිකාවල නත්තල් පප්පලා වගේ දෙන්නෙක් ඇවිත් දකින දකින දේ අපි නොමිලේ දෙනවා කිය කියා යනවා. අපි දුප්පත්කම විකුණන්නේ නැහැ. හැමෝටම හම්බකරගෙන කන්න පුළුවන් ආර්ථිකයක් රටක් නිර්මාණය කරනවා යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා (31) පැවසීය. 06 November 2019
“සෑම ජන කොටසකටම බය නැතිව ජීවත්වෙන්න පරිසරය හදනවා“ පාස්කු ඉරුදින ප්‍රහාරය වැනි ත්‍රස්තවාදී ප්‍රහාර මින් ඉදිරියට මෙරටේ ඇති වීමට තමා ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හලාවතදී පැවැසීය. 06 November 2019
ගම්මිරිස් - කරාබු - සාදික්කා වලට සහතික මිලක් ලබාදෙනවා සුළු අපනයන බෝග ගොවීන්ගේ ගැටළු විසඳීම සඳහා තමන් ජනාධිපති වූ විගස සුළු අපනයන බෝග අධිකාරියක් පිහිටුවා ගම්මිරිස් , කරාබු සහ සාදික්කා ඇතුළු සුළු අපනයන බෝග සඳහා සහතික මිලක් ලබා දෙන බව නව ප්රජාතාන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කීය. 05 November 2019
“මෙරට ලොකුම දේශද්‍රෝහියා හිටපු ජනපතියි“ “මහින්ද රාජපක්ෂ පැවසූ කරුණු නිකුත් කළ වාර්තා උපයෝගී කර ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන කණ්ඩායම දේශද්‍රෝහීන් නම් මෙරට ලොකුම දේශද්‍රෝහියා හිටපු ජනාධිපතිවරයා විය යුතු යයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චිය සහ යාපනයේදී ප්‍රකාශ කළේය. 05 November 2019
“ගම හා නගරය සම්බන්ධකරන ආර්ථිකයක් ගොඩනගනවා“ ගමේ ජනතාව ගමේම තියමින් ගම හා නගරය එකිනෙකට සම්බන්ධ කරන ආර්ථිකයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ලේ දී ඊයේ (4) පැවසීය. 05 November 2019
“ගොවීන්ට විධිමත් විශ්‍රාම වැටුපක් හදුන්වාදෙනවා“ පිට රටින් රබර් ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බුලත්සිංහලදී පැවැසීය. 05 November 2019
“තම නීති රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි මට බලකරන්න කිසිදු රටකට හැකියාවක් නෑ“ “වෙනත් රටවල නීති-රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි සැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන තමාට බල කරන්න කිසිදු රටකට හැකියාවක් නැතැයි” නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 05 November 2019
‘‘ගෝඨාභය නිදහස් අධ්‍යාපනයේ මළගම සිදු කිරීමේ උත්සාහයක‘‘ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වන ඉසෙඩ් ස්කෝර් ක්‍රමය අහෝසි කරමින් රටේ තරුණ තරුණියන්ගේ අනාගතය ඝාතනය කරමින් නිදහස් අධ්‍යාපනයේ මළගම සිදු කිරීමේ උත්සාහයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිරත වී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 04 November 2019
මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ගැන පාඨලී කියයි මිලේනියම් චැලේන්ජ් කෝපරේසන් ගිවිසුම ඇමරිකාවේ සී. අයි. ඒ ආයතනය විසින් හදපු මර උගුලක් නොවන බවත් එය 2008 වසරේදී මහින්ද රාජපක්ෂ විසින් ඇති කරපු, විමල් වීරවංශ මහත්තයා ගැසට් නිවේදනයක් වශයෙන් නිකුත් කරපු ජාතික භෞතික සැලැස්ම විද්‍යාඥයෝ එකතුවී කළ යාවත්කාලීන කිරීමක් බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (4) පැවසීය. 04 November 2019
‘චන්ද්‍රිකාට පෙර ශ්රීලනිපය කැඩු මහින්දට විනය පරික්ෂණ කරන්න ඕනෑ’ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට විනය පරික්ෂණ සිදුකිරිමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරි මහින්ද රාජපක්ෂ මහතාට විනය පරික්ෂණ පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න කීවාය. 04 November 2019
“සියලු ජනයාගේ අනන්‍යතාව රැකෙන සේ බලය බෙදන වැඩසටහන සකසනවා“ “මුළු රටේම සිටින ශ්‍රී ලාංකේය ජනතාවගේ අනන්‍යතාව ආරක්ෂා කරමින් බලය බෙදාහැරීමේ වැඩසටහනක් සකස් කරමින් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව”ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 04 November 2019
“ප්‍රධාන පක්ෂ වසර 71 ක් රටට කළ දෙයක් නෑ“ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා රට හදන්න එයාට ඡන්දය දෙන්න කියලා. එහෙම නම් එයා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න වෙලාවේ එයාගේ අයියාට තිබුණාගේ රට හදන්න. අනෙක් පැත්තෙන් කියනවා රට හදන්න සජිත්ට දෙන්නලු. 2015 ඉඳලා එයාලනේ ආණ්ඩු කළේ. එතකොට රනිල් අගමැති සජිත් ඇමැති ඉතින් ඒ අයට තිබුණනේ රට හදන්න. මේ ප්‍රධාන පක්ෂ දෙක වසර 71ක් කළේ එක එක සන්ධානවලින් ඇවිත් රට පාලනය කරපු එක යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 04 November 2019
“ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සියලු පොරොන්දු ධූර කාලය තුළදිම ඉටුකරනවා“ තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් සියලුම පොරොන්දු තම ධුර කාලය ඇතුළතදීම ඉටු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා (1) පන්නලදී පැවැසීය. 04 November 2019
“ශ්‍රී ලංකා ෆස්ට් දැක්මට සියලු ජාතීන්ගේ ශක්තිය ලැබෙනවා“ “මේ අපේ ශ්‍රී ලංකාවයි” යන හැඟීම දකුණේ මෙන්ම උතුරේ සියලු ජනතාවට දැනෙන නිදහසේ ජීවත් විය හැකි ජාතික ආරක්ෂාව තහවුරු කරන ලද මාතෘභූමියක් ගොඩනගන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වවුනියාවේදී පැවසීය. 04 November 2019
“අපිට වැරදුණා කියා පසුතැවිලි වෙන්න ඉඩ තියාගන්න එපා“ රට ගොඩනැගීමට නම් වංචාවෙන් දූෂණයෙන් තොර ආණ්ඩුවක් බිහි කළ යුතු බවත් ඒ සඳහා සුදුසුම පිරිස සිටින්නේ ජාතික ජන බලවේගය සමග බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා (28) පැවැසීය. 01 November 2019
“මමත් රාජ්‍ය සේවකයෙක් නිසා ඔවුන්ගේ දුක් ගැහැට වෙන කාටත් වඩා හොඳට මට තේරෙනවා“ තමාද රාජ්‍ය සේවකයකු හෙයින් රාජ්‍ය සේවකයා විඳින දුක් ගැහැට, ඔවුන් විඳින අපහසුතා අන් කාටවත් වඩා තමා හොඳින් දන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මහරගමදී පෙරේදා (30) පැවැසීය. 01 November 2019
“අයිඑස් නායකයාගේ ඝාතනය ගැන රාජපක්ෂලා තවම වචනයක්වත් ප්‍රකාශ කළේ නෑ“ “අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය දුරු කරලීම සඳහා ජාත්‍යන්තරය සමග කටයුතු කළ යුතු බව තමන් ප්‍රකාශ කළ අවස්ථාවේ එය විවේචනය කළ රාජපක්ෂලා මේ වන තෙක් අයි.එස්.අයි.එස්. නායකයාගේ ඝාතනය පිළිබඳව එකම වචනයක්වත් ප්‍රකාශ කර නැතැයි” එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය. 01 November 2019
’’සියලු ජාතීන්ට සාමයෙන්-සංහිඳියාවෙන් ජීවත් විය හැකි රටක් ගොඩනඟනවා’’ “සියලු ජාතීන්ට සහ ආගමිකයන්ට එක මවකගේ දරුවන් මෙන් සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් සහ මිත්‍රශීලි බවෙන් ජීවත්විය හැකි මාතෘභූමියක් ගොඩනඟන බව” නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා “සජිත් සමාජ විප්ලවය” ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කිරීමේ උත්සවය අමතමින් ඊයේ (31) පැවසීය. 01 November 2019
“විනයගරුක රටක් හදනවා“ “ත්‍රස්තවාදය, කුඩු, කප්පම්, මිනීමැරුම්, අපචාර නැති විනය ගරුක ශ්‍රී ලංකාවක් බිහි කරන බව” නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බියගමදී පෙරේදා (29) පැවසීය. 31 October 2019
“අද අපිට ඉතිරි වී තිබෙන්නේ නීතියක් විනයක් නැති රටක්“ ශ්‍රී ලංකා යූඇන්පී හැත්තෑ එක් වසරක පාලනය අවසානයේ අපට ඉතිරි කර තිබෙන්නේ මහා විනාශයක්. එදා 94 දී රට හදන්න කියල විහාර මහාදේවිය ආවා. 2005 දී දුටුගැමුණු ආවා. 2015 දී පොලොන්නරුවේ ගැමියා ආවා. මොකද කළේ රට හැදුවද. නැහැ. කරපු එකම දේ තමයි ජාතීන් අතර ගැටුම් ඇති කෙරුවා, ජාතිවාදයල ආගම්වාදය ඇවිස්සුවා. ඒ ඇරෙන්න වෙන මොනවද කරල තිබෙන්නේ යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා තිහාරියේදී ඉකුත්දා පැවැසීය. 31 October 2019
“අප රජයක් යටතේ ගොවි ජනතාව නගා සිටුවීමට පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා“ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 70කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (29) අම්පාරේ දී පැවැසීය. 31 October 2019
“ආණ්ඩුවේ වැඩ ප්‍රචාරය කරන්න ජනතා මුදල් ගත්තේ නෑ“ රටේ නිදහස ප්රජාතන්ත්රවාදය තහවුරු කරන අතරම ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් නොකළ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් ගෙන යාමට වත්මන් ආණ්ඩුවට හැකි විණැයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී ඊයේ (30) පැවැසීය. 31 October 2019
“පරිසරය සුරැකීම අංක එක විය යුතුයි“ පරිසර සංරක්ෂණයේ දී ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි ජනාධිපති අපේක්ෂකයන් තම මැතිවරණ ප්රතිඥාවල දී සහ මැතිවරණ ප්‍රකාශනවලදී හෙළි කළ යුතුයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (29) ප්‍රකාශ කළේය. දේශපාලනඥයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ වගකීමට අංක එක හිමිවිය යුතු යැයි ද ජනාධිපතිවරයා පැවසීය. 31 October 2019
‘‘ජාතික ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන්වත් ගෝඨාභයට විධිමත් වැඩපිළිවලක් නෑ‘‘ රට ගොඩනැගීම සඳහා ප්‍රතිපත්තියක් නොමැතිව ජාතික ආරක්ෂාව මතුරන ගෝඨාභය රාජපක්ෂට මේ රටේ ප්‍රශ්න විසඳීමට නොහැකි බවත් ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ අනෙකුත් ප්‍රශ්න විසඳීමට නම් සජිත් පේ‍්‍රමදාස මහතා රටේ ජනාධිපති කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (30) පැවැසීය. 31 October 2019
“අපේ රජය තරම් රාජ්‍ය සේවකයා ගැන සොයාබැලූ කිසිදු ආණ්ඩුවක් නෑ“ “වත්මන් රජය තරම් රාජ්‍ය සේවකයා ගැන සොයා බැලූ කිසිදු ආණ්ඩුවක් නැති බවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා වැඩිකරමින් රාජ්‍ය සේවකයාට අභිමානයෙන් තම වෘත්තීය කරගෙන යාමට අවස්ථාව වත්මන් රජය උදා කළ බවත්” එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 30 October 2019
“ලෝකය පනින පිමි තුළ ඇත්තේ නව තාරුණ්‍යයයි“ “රටක අනාගතය පිළිබඳ වැඩ පිළිවෙළක් හා දැක්මක් නැති පාලකයෝ ඉන්න විට තරුණයන්ට ෂුවර් අනාගතයක් හැදෙන්නේ නැහැ. ඔබේ අනාගතය ගොඩනැගීමට දැක්මක් ඇති, වැඩපිළිවෙළක් ඇති එකම ව්‍යාපාරය ජාතික ජනබලවේගය පමණක්” යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා (27) පැවසීය. 30 October 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026