(නිමල කොඩිතුවක්කු මෝදර සී ඉග්නේෂස් ඇන්තනී සහ උඩුගම්පළ එල්.ඩබිලිව් ආරියරත්න)
“අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය දුරු කරලීම සඳහා ජාත්‍යන්තරය සමග කටයුතු කළ යුතු බව තමන් ප්‍රකාශ කළ අවස්ථාවේ එය විවේචනය කළ රාජපක්ෂලා මේ වන තෙක් අයි.එස්.අයි.එස්. නායකයාගේ ඝාතනය පිළිබඳව එකම වචනයක්වත් ප්‍රකාශ කර නැතැයි” එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය.
රටේ ඕනෑම ප්‍රශ්නයක් පිළිබඳ විමසීමේ දී ජාතික ආරක්ෂාව සළසන බව පවසන ගෝඨාභය රාජපක්ෂට ජාතික ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන්වත් විධිමත් වැඩපිළිවෙළක් නැති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, ජාතික ආරක්ෂාව තහවුරු කර රට රැක ගැනීමට නම් ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා බලයට පත් කළ යුතු බවද සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා තොටළඟදී සංවිධානය කර තිබූ ජන රැලියකට එක්වෙමින් අගමැතිවරයා මේ බව පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
“අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයන් පාස්කු ප්‍රහාරය කළ අවස්ථාවේ එවැනි ප්‍රහාර හුදෙකලාව මැඬ පැවැත්විය නොහැකි බවත්, ගෝලීය ත්‍රස්තවාදය මැඬලීම උදෙසා ජාත්‍යන්තරය සමග එක්ව කටයුතු කළ යුතු බවත් මා පෙන්වා දුන්නා. ඒ අනුව මා අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ඇතුළු විදේශීය රාජ්‍ය නායකයන්ට පෞද්ගලිකවම කතාකර සහාය ඉල්ලා සිටියා.
ඒ අවස්ථාවේ රාජපක්ෂ කදවුර කළේ ජාත්‍යන්තරයට රට පාවා දෙන බව කියමින් සමච්චල් කිරීමයි. ගෝලීය ත්‍රස්තවාදය යන වචනය පවා ඔවුන් පාච්චල් කළා.
අමරිකාව සහ තවත් මුස්ලිම් රටවල් තුනක් එක්ව කළ මෙහෙයුමෙන් අයි.එස්.අයි.එස්. නායක අල් බග්ඩාඩි ඝාතනය කළා. මේ ක්‍රියාව ගෝලීය ත්‍රස්ත සංවිධානයක කොඳු නාරටිය බිඳ දැමීමක්. මෙහෙයුම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප්ට මා ප්‍රශංසාව පළ කළා.
ජාතික ආරක්ෂාව සහ දේශප්‍රේමය පිළිබඳව පම්පෝරි ගහන රාජපක්ෂලා මේ ගැන වචනයක්වත් කතාකර නැහැ. අදහස් දැක්වීම කර නැහැ. ජාත්‍යන්තර ත්‍රස්ත නායකයකු ඝාතනය කිරීම පිළිබඳ ගොළුවත රකින්නේ ඇයි දැයි මා ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා.
අල් බග්ඩාඩිගේ ඝාතනය සමග අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මුළුමනින්ම නැතිවන බව මා ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් ජාත්‍යන්තරය සමග එක්ව හා සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ගෝලීය ත්‍රස්ත උවදුරු අවම කර ගැනීමටත්, ත්‍රස්ත ක්‍රියාකාරකම්වලින් ආරක්ෂා වීමටත් අපට අවස්ථාව උදාවෙනවා.
මිණුවන්ගොඩ වේදිකාවට පැමිණි අවස්ථාවේදී රුවන් රණතුංග මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගණනාවක් අපේ වේදිකාවට නැග සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන බවට පොරොන්දු වුණා.
ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු නෙවෙයි. එතුමා පාසලෙන් පිටවෙලා හමුදාවට බැඳී එතනින් ඉවත් වෙලා ඇමරිකාවට ගියා. කිසි දවසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ඔහු ගෙන නැහැ, ශ්‍රීලනිප වෙනුවෙන් වැඩ කරලත් නැහැ.
කිසිම සම්බන්ධයක් නැති ගෝඨාභය රාජපක්ෂ වෙනුවට සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දෙන්න කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගෙන් මා ඉල්ලා සිටිනවා.
සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයට ආවේ සංවිධායකයකු ලෙසයි. මැද කොළඹට එන්න කැමතිද කියා මා ඇසූ විට, එතුමා හම්බන්තොට තෝරාගත්තා. එතුමා දේශපාලනයෙන් බඩ ගාලා පාර්ලිමේන්තුවට ඇවිත් ආරම්භ කළ ගමන අද ජනාධිපති අපේක්ෂක විදියට පත්වෙලා.
සජිත් ප්‍රේමදාස මහතා අවුරුදු 19 ක පාර්ලිමේන්තු පළපුරුද්ද ඇතිව ඉදිරිපත් වුණා. ගෝඨාභය රාජපක්ෂට එහෙම පළපුරුද්දක් නැහැ. දේශපාලනය පිළිබඳ පුරුද්ද නැති අයෙකුට රට භාර දෙන්න ලෑස්තිද කියා මා ජනතාවගෙන් අහනවා.
ගෝඨාභය රාජපක්ෂ රට වෙනුවෙන් වැඩ පිළිවෙළ ඉදිරිපත් කර තිබෙනවද කියා මා අහනවා. උතුරු කොළඹ, තොටළඟ කොහොමද දියුණු කරන්නේ කියා ගෝඨාභය රාජපක්ෂ දන්නේ නැහැ. රවී කරුණානායක ඇමතිතුමාගෙන්, චම්පික රණවක ඇමතිතුමන්ලාගෙන් ඇහුවොත් ඔවුන් ඒවා ගැන කියයි.
රටේ එක් එක් දිස්ත්‍රික්කවල වැඩසටහන් පිළිබඳවවත් ගෝඨාභය රාජපක්ෂට අවබෝධය නැහැ. මට රට භාරදෙන්න, මා ජාතික ආරක්ෂාව තහවුරු කරන්නම් කියා දැන් හැම එකකටම ඔහු කියනවා. ගෝඨාභය රාජපක්ෂගෙන් ඕනෑම ප්‍රශ්නයක් ඇහුවම ජාතික ආරක්ෂාව ගැන මා දන්නවා මටයි පළපුරුද්ද තිබෙන්නේ.
මොකක්ද මේ කතාකරන ජාතික ආරක්ෂාව? ජාතික ආරක්ෂාව ක්‍රියාත්මක කරන්නේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසියයි. ගෝඨාභය රාජපක්ෂ යුද්ධය ජයග්‍රහණයෙන් පසු ආරක්ෂක ලේකම් විදියට කොළඹ කානු සුද්ධ කරන්න, තණකොළ කපන්න, පාරවල් අතු ගාන්න, ඒ අයගේ බල්ලන් බලාගන්න ත්‍රිවිධ හමුදාවේ අපේ රණවිරුවන් යෙදෙව්වා.
2015 වෙනකම් නගර සභාව කළ යුතු කුණු ඉවත් කරවූයේ ත්‍රිවිධ හමුදාවයි. අද පෞද්ගලික සමාගම් මගින් ඒ කටයුතු කරනවා. ජාතික ආරක්ෂාව සළසන කණ්ඩායම ත්‍රිවිධ හමුදාවේ ගෞරවය ආරක්ෂා කරන්නේ නැතුව කොහොමද රටේ ජාතික ආරක්ෂාවක් ඇති කරන්නේ? පාර අතුගානවිට ප්‍රශ්නය ඇති වුණොත් කොස්සෙන් ගහනවාද කියලයි අපට අහන්න තිබෙන්නේ.
ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ශ්‍රම බලකාය විදියට රටේ වීරෝදාර රණවිරුවන් යෙදෙව්වා. අප බලයට ආවහම මේවා නවත්වා රණවිරුවන්ට ගෞරවයෙන් සැළකුවා. ආපහු හැම රටකටම පුහුණුවීම් අවස්ථා ලබාදුන්නා.
රුසියාවෙන්, ඉන්දියාවෙන්, පකිස්තානයෙන්, චීනයෙන් පුහුණුව ලබන්න අපට විශේෂයෙන්ම අවස්ථාව ලැබුණා. මේ කාලයේ දී තමයි, විදේශීය පුහුණුවට වැඩියෙන්ම ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් ගියේ කියා මා කියන්න කැමතියි.
අප ත්‍රිවිධ හමුදාවේ වැටුප් වැඩිකළා. ගෞරවය, අභිමානය ඇති කළා. ඒ වෙනස තමයි කළේ. සජිත් ප්‍රේමදාස මහතා මා යුද්ධ කළා කියන්නේ නැහැ. මමයි යුද්ධ කරන්න දක්ෂයා කියා එතුමා කියන්නේ නැහැ. ජනාධිපති වුණහම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහාතාට ආරක්ෂක අමාත්‍යාංශය භාර දෙනවා කියා සජිත් ප්‍රේමදාස කිව්වා.
අප ආණ්ඩුව බාරගත්තට පසු චීනයෙන් සහ ඇමරිකාවෙන් අලුත් නෞකා දෙකක් ලැබුණා. ගුවන් හමුදාවට අලුත් ප්‍රහාරක අහස් යානා ගත්තා. මේ වගේ ආරක්ෂක අංශ සන්නද්ධ කිරීමට මා පියවර ගත්තා.
අප එක්සත් ජාතීන්ගේ සාම හමුදාවේ එක් බල ඇණියක් ශ්‍රී ලංකාවෙන් යෙදෙව්වා. මාලි රටේ අයි.එසි.අයි.එස්. සංවිධානය හා සම්බන්ධ බොකෝහරාම් සංවිධානය සමග අප සටනට ගියා. රටට එයින් විශාල ගෞරවයක් හිමිවුණා.
එක බළ ඇණියක් වෙනුවට බල ඇණි තුනක් එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට යවන්න පුළුවන්ද කියා මා සරත් ෆොන්සේකා මහතා සමග සාකච්ඡා කළා. අනාගතය දිහා බලා 2030 ට ගැළපෙන ත්‍රිවිධ හමුදාවක් සකස් කිරීමට අප කටයුතු කරනවා.
ආපහු කුණු කාණු ශුද්ධ කරන්න කැමති නම්, පාරවල් අතුගාන්න කැමති නම්, රාජපක්ෂලාගේ බල්ලන් බලාගන්න කැමති නම් 16 වැනිදා ඡන්දය දෙන්න ඕනෑ කාටද කියා අපේ රණවිරුවන් දන්නවා. නවීන ත්‍රිවිධ හමුදාවක් අවශ්‍ය නම්, රට ආරක්ෂා කරන්න පුළුවන් ත්‍රිවිධ හමුදාව අවශ්‍ය නම් නොවැම්බර් 16 වැනිදා ගිහින් හංසයා ළඟින් කතිරය ගසා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන ලෙසද ඉල්ලා සිටිනවා.
එදා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් විදියට පොලිසියට සැළකුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ තුන්වැනි පංතිය ලෙසයි. පොලීසිය දේශපාලනයට යටකළා. වැටුප් වැඩි කළේ නැහැ.
අප පොලිස් ස්ථාන 35 ක් සඳහා නව ගොඩනැගිලි දුන්නා. පොලිස් නිලධාරීන්ට උසස්වීම්, වැටුප් දීලා. සිවිල් ආරකෂක නිලධාරීන් ස්ථීර කර විශ්‍රාම වැටුප් දී තියෙනවා.
ස්වාධීන පොලිස් සේවයක් අද ක්‍රියාත්මකයි. 2002 දීත්, 2015 දීත් මා පොලිසියට වෙනමම අමාත්‍යාංශ දුන්නා. පොලිසිය තුන්වැනි පන්තියේ සේවය කරන්න නම් නොවැම්බර් 16 වැනිදා ඡන්දය දෙන්න ඕනෑ කාට දැයි ඔබ දන්නවා. පොලිසිය ආරක්ෂාකර ඉදිරියට ගෙනයන්න ඕනෑ නම් හංසයා ළඟින් කතිරය ගහලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්න කියා මා කියනවා.
පාස්කු ඉරිදා බෝම්බේ පුපුරනකම් අල් බැග්ඩෑඞ් ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියා ප්‍රශ්නය තිබුණා. අල් බැග්ඩෑඞ් ජීවතුන් අතර ඉන්නවා කියා සනාථ වුණේ පාස්කු බෝම්බෙන් පසු ඔහු කළ ප්‍රකාශයෙනුයි. මේ නිසා ඇමරිකන් හමුදාවට අල් බැග්ඩෑඞ්ගේ මූලස්ථානය විනාශ කර දමන්න හැකිවුණා.
මේ ත්‍රස්තවාදය විනාශ කරන්න රුසියාව, සිරියාව, තුර්කිය, ඉරාකය ආදී සියලුම රටවල් සහයෝගය දුන්නා. මේක ජාත්‍යන්තර සටනක්. අපත් ඒකට සහාය දුන්නා. ට්‍රම්ප් ළඟට ගියා කියා එදා මට බැන්නා. අයි.එස්.අයි.එස් එක නැති කරන්න මා ජාත්‍යන්තරයත් එක්ක සහයෝගයෙන් කටයුතු කළා.
අයි.එස්.අයි.එස් එක නැති කරන්න මා ජාත්‍යන්තරයත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන එක ගැන ගෝඨාභය රාජපක්ෂගේ ස්ථාවරය මා අහනවා.
ආණ්ඩුව විදියට මේ ත්‍රස්තවාදය විනාශ කිරීම ගැන ඇමරිකාවට මා ප්‍රශංසා කළා. අප විතරක් නෙවෙයි අප්‍රේල් 21 ප්‍රහාරයට ආධාර දුන් ත්‍රස්ත නායකයාගේ අවසානය ශ්‍රී ලාංකීය අප සියලු දෙනාටම අස්වැසිල්ලක් බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය පවා ප්‍රකාශ කළා.
උලමා සභාවත් මේ ගැන ප්‍රකාශයක් කර තිබෙනවා. කවුද අද මේ ගැන නිශ්ශබ්ද. පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මේ ගැන ප්‍රකාශයක් කරන්නේ නැත්තේ ඇයි?
මුළු ලෝකයම ත්‍රස්තවාදයට විරුද්ධව හඬ නගද්දී රාජපක්ෂලා නිශ්ශබ්දයි. නිශ්ශබ්දව ඉන්න ගමන් ජාතික ආරක්ෂාව භාරගන්න ලෑස්තියිලු. මේ අයි.එස්.අයි.එස් විරුද්ධ සටන ගෝඨාභය රාජපක්ෂට තනියම කරන්න පුළුවන්ද කියා මා අහනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ වැඩපිළිවෙළ නැති නිසා අද පොහොට්ටුව ජාතිවාදය අදිනවා. රටේ ජාතික ආරක්ෂාව ගැන ගෝඨාභය රාජපක්ෂට වැඩසටහනක් නැතිනම් ඒ වෙනුවෙන් කැපවෙන බවට ප්‍රකාශ කරන සජිත් ප්‍රේ්‍රමදාස රටේ ජනාධිපති බවට පත්කළ යුතුයි.
ප්‍රතිපත්තියක් නැතුව ජාතික ආරක්ෂාව මතුරන ගෝඨාභය රාජපක්ෂට රටේ ප්‍රශ්න විසදන්න බැහැ. ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ අනික් ප්‍රශ්නද විසඳන්න නම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කළ යුතුයි” යයිද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.
(ඡායාරූපය: චතුර එස්. කොඩිකාර)
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
“අයිඑස් නායකයාගේ ඝාතනය ගැන රාජපක්ෂලා තවම වචනයක්වත් ප්‍රකාශ කළේ නෑ“
Bandara Friday, 01 November 2019 07:00 AM
රාජපක්ෂලා ඔය වගේ උඩගෙඩි දීලා නෑ.
RaveendraFriday, 01 November 2019 09:20 PM
ඕනා දෙයක් ඇමෙරිකන් නම් සුබපැතුම්. අපේ හමුදාව යුද්දේ දිනපු අවස්ථාවේ මෙයා සුභපැතුවද කියලා හොදින් මතක් කරගන්න.
Buwa Friday, 01 November 2019 07:34 AM
බොරුවට හෙළාදකින්න ඔයා කොහොමත් දක්ෂයිනේ.
DD Friday, 01 November 2019 08:08 AM
ජාත්‍යන්තරයට කලින් අභ්‍යයන්තරය රැකගන්න. එතකොට තමයි ජාත්‍යන්තරය රැකෙන්නේ. ඔබතුමානේ දැන් බලන කොට ලංකාවේ 30 අවුරුදු යුද්දයත් ඉවර කළේ. ඉතින් දැන් තියෙන්නේ ජාත්‍යන්තර යුද්ධයත් ඉවර කරන්න ලෑස්ති වෙන එක. ට්‍රම්ප්ට හොම්බෙන් යන්න වැඩේ දෙන්න. අනේ කොච්චර ශෝක්ද?
Bamunuarachchi Friday, 01 November 2019 12:47 PM
හලෝ අයිසිස් නායකයා මැරුණා කියලා සාටකයින්ට ඇති රුදාව මොකක්ද? රාජපක්ෂලාට අයිඑස් නායකයා සමග ගනුදෙනු තිබුණේ නැත. ඔයාලාට තමයි ගනුදෙනු තිබුණේ.
ChandiFriday, 01 November 2019 11:13 PM
හරියට හරි...!!!
chandima Friday, 01 November 2019 11:27 PM
ප්‍රභාකරන් ගැනත් ඒකාලේ ඔයා වචනයක්වත් කතා නොකර උන්නේ නේද?
NAK Sunday, 03 November 2019 07:51 AM
රනිල් ඇමරිකාව කියන දේවල් පිළිගන්න මෝඩයක් උනාට හැමෝම එහෙම නැහැ. ඇමෙරිකාව බින්ලාඩන් හෝ බග්ඩදී මැරුවා කීවට කිසිම සාක්ෂියක් මේ වෙනකන් ඉදිරිපත් කරලා නැහැ. කරන්නෙත් නැහැ. ඔවුන්ගේ වත්කම් එහෙම නිකරුනේ විනාශ කරාවි කියල හිතන්නත් බැහැ.