පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින අපේක්ෂකයක් 6151 ක් අතරින් මේ වනවිට 4694 දෙනෙක් තම වත්කම් බැරකම් ප‍්‍රකාශන බාර දි ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි. එය ප‍්‍රතිශතයක් ලෙස 76% කි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාස තුනක් ඇතුළත තම වත්කම් බැරකම් ප‍්‍රකාශන ලබාදීමට කටයුතු නොකරන සියලූම අපේක්ෂකයන්ට එරෙහිව නඩු පැවරීමට ද මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබෙන බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය නිවේදනය කරයි.
එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයන්ගෙන් 14 දෙනෙක් හැරෙන්නට සෙසු සියලුදෙනා මේ වනවිට වත්කම් බැරකම් ප‍්‍රකාශන ලබා දී ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙතෙක් වත්කම් බැරකම් ප‍්‍රකාශන ලබා දී නොමැත්තේ 28 දෙනෙක් පමණක් බවත් කියති.
ජනතා විමුක්ති පෙරමුණේ මඩකලපුව දිස්ත‍්‍රික්කයේ එක් අපේක්ෂකයෙක් පමණක් මෙතෙක් තම වත්කම් බැරකම් ප‍්‍රකාශන ලබා දී නොමැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පක්ෂයේ අපේක්ෂකයන් 92 ක් සිය වත්කම් බැරකම් ප‍්‍රකාශන බාරදිය යුතුව ඇති බවත් අපේ ජාතික පෙරමුණේ 20 දෙනෙක්, පෙරටුගාමී පක්ෂයේ 24 දෙනෙක් වත්කම් බැරකම් ප‍්‍රකාශන බාරදිය යුතුව ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් වාර්තා කියයි.
බොදුජන පෙරමුණේ අපේක්ෂකයන් 80 ක්, ලිබරල් පක්ෂයේ අපේක්ෂකයන් 32 ක්, ජාතික බලය පක්ෂයේ අපේක්ෂකයන් 48 ක්, ඊ පී ඩී පී පක්ෂයේ 14 ක්, දෙමල ජාතික පක්ෂයේ 18 දෙනෙක් වත්කම් බැරකම් ප‍්‍රකාශන බාරදී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය කොහින්ද මුදල් ආවේ කියලාවත් දන්නේ නැතුව ඇති (නි)
මහින්ද මහත්තයා දීලද ? (අ)
අපේ රාජපක්ෂ කට්ටිය දීලද? (නි)
අපිට මේ අපේක්ෂයකින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ බලන්න ක්‍රමයක් නැද්ද? (නි)
ඔය තෝරු මෝරු දෙතුන් දෙනෙක්ගෙවත් වත්කම් ප්‍රසිද්ධ කළොත් හොඳයි ජනතාවටත් බලාගන්න. (නි)
18 වනදායින් පසු මොන පාටින් කවුරු දිනුවත් සැම එකමුතුව ඝාතන, ස්ත්‍රී දූෂණ ආදී සියළු අපරාධ මෙරටින් මුලිනුපුටා දමා යුක්තිය සාධාරණත්වය, සංවර්ධනය, ස්වභාව සෞන්දර්යය ඇති නූතන යුගයේ සිංගප්පූරුව සේම සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් මාස 60 කින් ගොඩනැගීමට අදිටන් කරගත යුතුයි (නි)