(අජිත්ලාල් ශාන්තඋදය)
යටත්විජිත සමයේ ඉංග්රිසින් විසින් දේශීය සටන් කලාවක් වූ අංගම්පොර සටන් කලාවට දැමූ තහංචි ඉවත්කරමින් සබරගමු පළාතේ පාසල් දරුවන්, තරුණ පරපුර ඇතුළු පිරිසට ඉගෙන ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ප්‍රකාශ කරයි.
බ්‍රිතාන්‍ය ජාතික හිටපු ආණ්ඩුකාරවරයකු වූ ජෝන් ඩොයිලි විසින් තහනම් කළ දේශීය සටන් කලාවක් වූ අංගම්පොර සටන් කලාව පරම්පරාවෙන් පරාවට හොර රහසේ උගන්වා මෙතෙක් රැකගෙන ආ බවත් ඉදිරියට මේ අංගම්පොර සටන් කලාව රැකගැනීමට රාජ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍ය බව සබරගමු පළාතේ අංගම්පෝර සටන් පුහුණුකරුවෙකු වූ ලක්ෂමන් ප්‍රියරත්න මහතා පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගෙන් ඉල්ලීමක් කලේය. කලක පටන් පැවති එවැනි ඉල්ලිම් රැසක් සැළකිල්ලට ගෙන පළාත් ආණ්ඩුකාරවරයා මෙම අවස්ථාව ලබාදීමට තීරණය කරනු ලැබීය.
භාවනාව, හෙළ වෙදකම, ජ්‍යොතිෂ්‍ය මෙන්ම රණබෙර වැයීමද අංගම්පොර සටන් පුහුණුව ලබන ශිල්පීන් හැදෑරිය යුතු බව පොන්වාදුන් ලක්ෂමන් ප්‍රියරත්න මහතා අංග හෙවත් ශාරීරික සටන් ඉලංගං හෙවත් පොලුමුගුරු කෙටේරි වැනි ආයුධ 36ක් භාවිතකරන සටන් වලින් අංගම්පොර සටන් කලාව සමන්විත බවද සඳහන් කළේය.
අතීතයේ දී මේ සියලු අංග පුහුණුව ලැබූ අංගම්පොර සටන් ශිල්පීන්ට සන්නස් පත්‍රයක් ප්රදානය කළ බවද ඔහු අවධාරණය කළේය. සිංහල රජ සමයේ අංගම්පොර සටන් කලාව ජීවිතාරක්ෂාවට මෙන්ම රණබිමේ සටන් වලදී ද භාවිත කර තිබේ.
සීතාවක රජ සමයේ දළදා වහන්සේගේ ආරක්ෂාවට අංගම්පොර සටන් ශිල්පීන් යෝධ කුරහන් ගලක් තුල දළදා වහන්සේ සඟවා තිබූ දෙල්ගමුව රජමහා විහාරස්ථානයේ සිට වත්මන් සබරගමු මහ සමන් දේවාලය පිහිටි එදා සමන් වෙහෙර වෙත ගන් කළ දළදා පෙරහරේ ගමන් කළ බවද වංශකතාවල දැක්වේ.
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ අංගම්පොර සටන් කළාව ප්‍රගුණ කළ පරම්පාරා කිහිපයක් එම ශිල්පය අදටත් රැකගෙන එයි. දැදිගම ප්රමේශයේ පැවති අංගම්පොර සටන් කලා ප්‍රදර්ශනයක් ද නැරඹීමෙන් පසු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේ අංගම්පොර සටන් කලාව පාසල් සහ තරුණ ප්‍රඡාව අතර ප්‍රචලිත කිරිමට අවස්ථාව සලසා දෙන බවයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අංගම්පොර සටන් තහනම ඉවත් කරන්න යයි
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 June 2020 07:49 AM
දඬුබස්නාමානය යන ටෙලි නාට්‍යයෙහි මේ සටන් ජවනිකා අපහට හොඳ රසාස්වාදයක් ලබා දුන්නා...