අයර්ලන්ත ජාතිකයකු වන නික් ඕ ඩොනර් නම් පරිඝණක මෘදුකාංග සමාගම් කළමනාකාරවරයකු විසින් අඩි 30000 ක් උස අහසේ වලාකුළක දුටු විශ්මිත මිනිස් රූපය ඡායාරූප ගත කර අන්තර්ජාලයට මුදා හැරීමත් සමග එය අද්භූත සිද්ධියක් බවට පත්ව ඇති බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ හා තාරකා ජිව විද්‍යා ගවේෂක කිර්ති වික‍්‍රමරත්න මහතා පවසයි.
ඉකුත් ජනවාරි මාසයේ දිනක 30 හැවරිදි නික් ඕ ඩොනර් තම සේවා අවශ්‍යතාවයක් සඳහා ඔස්ට්‍රේලියාවේ සිට ලන්ඩනය දක්වා ජෙට් ගුවන් යානයකින් ගමන් කරන අතර තුර එම අරුම පුදුම සිද්ධිය දර්ශනය වි ඇති බවද වික‍්‍රමරත්න මහතා කීය.
එම අපුරු මිනිස් රූපය විනාඩි දෙකක පමණ කාලයක් පැවැති බවද අධි තාක්ෂණ කැමරා මගින් එම සිද්ධිය ඡායාරූප ගත කළ බවද කියති.
ඒ මොහොතේ ඩොනර් සමග සිටි කාන්තාවන් කිහිප දෙනකුද එම රුව නැරඹිමත් සමග තිගැස්මකට ලක් වී ඇති බවත් මෙම මිනිස් රුව අන්තර්ජාලයට මුදා හැරිමත් සමග ඒ පිළිබදව බොහෝ දෙනා විවිධ මත පල කොට ඇති බවද වික‍්‍රරමරත්න මහතා කිවේය.
පසුගිය කාලයේ ශ‍්‍රී ලංකාවට ඇද හැළුණු රතු වැසි අඩංගු රතු වැසි සෛල හා දිඹුලාගල උල්කාපාතයේ ජිව විද්‍යාත්මක සාධක මගින් පෘථිවියේ පිටත මෙම අනන්ත වු විශ්වයේ ජිවයන් පවතින බව පැහැදිලි ලෙසම සාක්කි සපයා තිබු බවත් මෙවැනි සිද්ධාන්ත මගින් ඒ පිලිබදව වැඩි දුරටත් තහවුරු වෙමින් පවතින බවත් වික්‍රමරත්න මහතා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට පේනවා එය කුඩා වලාකුළු කැබැල්ලක් සහ එහි හෙවණැල්ල බව. (නි)
දැන් කතාවක් තියෙනවානෙ රාවණා රජු නිද්‍රාවෙන් අවදිවෙලයි කියලා සමහර විට එතුමා ලංකාවට ඉහල අහසේ සැරිසරන වෙලාවක් වෙන්න ඇති .මොකද ඕස්ට්‍රේලියාවේ ඉඳලා එංගලන්තෙට යනකොටනේ දැකලං තියෙන්නේ (හේ)
මොකක් වුණත් හරිම අමුතු බවක් නම් තියනවා.(ම)
උල්කාපාත කැබැල්ලක් අල්ලාගෙන ඕකෙන් පෘතුවියේ ජීවය ගැන මත පලකරගෙන සද්දේ දමන අයට ඔයවගේ දේවල් දැකලා තමන්ට ඕන චිත්‍ර රූපයක් මවාගන්න අයිතියක් තියනවා නමුත් සාමාන්‍ය කෙනෙකුට නම් පේනවා මේ හැදිලා තියෙන්නේ මොකද්ද කියලා සමහරුන්ගේ චින්තනය තවම ගල් යුගයේ නොව ? (හේ)
ඔය කියන විදියට පිටුපසින් තිබෙන්නේ අහසේ ඇති විල්/වැව් වෙන්න ඇති. (නි)
ඒක තමයි අසේල... (නි)
එතකොට ගුවන් යානයේ නියමුවා දැක්කේ නැද්ද? (නි)
වලාකුළු දෙපැත්තට වීමෙන් මෙවැනි රූප මැවිලා තියනවා ඕනෑතරම් දැකගන්න පුළුවන්. සෙවණැල්ල දෙස පැහැදිලිවම බැලුවහම දුරින් පෙනෙන පෘථිවි වර්ණයම දැකගත හැකියි. ඉතින් වලාකුළක මිනිසෙක්ට තියා කුරුල්ලෙකුටවත් නිශ්චලව ඉන්න බැහැ (නි)
සොෆ්ට්වෙයාර් ශිල්පීන්ට පරිගණක මඟින් නැතිදේ ඇතිකිරීමට හොඳ හැකියාවක් තිබෙනවා. වලාකුළු මඟින් අපට නිතර විවිධ ආකාරයේ "රූප" පෙනෙනවා. ඒවා බලන අයගේ හිත්වල තිබෙන දේ අනුව මෙම "රූප" වලට විවිධ අර්ථකතන ඒ අය විසින් නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහරින එක දැන් සෙල්ලමක් වෙලා. මගේ මතයේ හැටියට මේ රූපය වලාකුළක තිබුන එකක් නොවෙයි. හිරු බැසයන හැන්දෑවක මුහුදු වෙරළක ඇවිදිමින් සිටි පුද්ගලයකු හා එයාගේ සෙවණැල්ලයි මෙයින් අනුමාන කිරීමට තිබෙන්නේ.... (නි)
අයියෝ! එයාලා මහා ලොකු කයිවාරුකාරයොනේ. දන්නේ නැද්ද මේ බව? (නි)
නික්, ඒක ලස්සනට හදලා තියනවා. හරිම නිර්මාණශීලියි. (නි)
කොම්පියුටර් ජිල්මාට් කියන්නේ මේවට තමයි (නි)
මෙය විශ්වාස කරන්න අමාරුයි.(හේ)
මම නම් හිතන්නේ මේ රාවණා රජු කියලයි. (නි)
ගුවන් යානාවල මත්ද්‍රව්‍ය භාවිතා කිරීම තහනම් කළයුතුයි. (නි)
පුදුමත් හිතෙනවා වෙලාවකට (නි)
බුදු අම්මෝ! යකෙක් ! (බ)
පරිගණක මෘදුකාංග සමාගම් කළමනාකාරවරයකු ලු නේද? (බ)
මට නම් හිතෙන්නේ පොලිස් අපරාධ විමර්ශ ඒකකයට බයෙන් අපේ රටෙන් පැන ගත්තු දුශිතයෙක් වෙන්න ඇති කියලයි. (බ)
සොෆ්ට් වෙයාර් සම්බන්ධ කෙනෙක් හින්ද අායෙ සැක හිතන්න දෙයක් නෑ (බ)
පොටෝ ෂොප් නෙවෙයිද..(හේ)
අනේ මන්දා හිතාගන්න බැහැ මොකක්ද කියල (බ)
ඡායාරූපයේ ප්‍රමාණයට සාපේක්ෂව බැලුවොත් පෙනෙන්නේ කිලෝ මීටර් ගානක් දිග/උස කෙනෙක් වගේ ... මේවගේ මනුස්සොයෝ ඉන්න විදිහක් නැහැ. (බ)
හෙවනැල්ලක් තියෙන නිසා මෙයා හොල්මනක් නම් වෙන්න බැහැ.(හේ)