නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාකාරී සැලැස්ම නුදුරු දිනෙකදී ප‍්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඒ යටතේ 13 වැනි ශ්‍රේණිය දක්වා අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම, විෂයමාලා සංශෝධන හා නවීන තාක්ෂණයට අනුකූලව සිදු කෙරෙන සුහුරු පංති කාමර ආදී වැඩසටහන්වලට ප‍්‍රමුඛස්ථානයක් හිමි වන බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරි වසර කීපය ඇතුළත ගුරු පුරප්පාඩු සියල්ල පිරවීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔක්කොටම කලින් ගුරුවරු පුහුණු කරන්න, විශේෂයෙන්ම දුෂ්කර පාසල් වල. ටියුෂන් කඩ නැති කරන්න ක්‍රමයකුත් ඕන- අපේ රටේ ළමයි යන්ත්‍ර වෙලා මේවා නිසා. පිට රටවල මෙහෙම පිස්සු කඩ නැහැ, පාසල් විතරයි . අධ්‍යාපන ක්‍රම ළමයින්ට ලේසි පහසු විය යුතුයි. (බ)
සිසුන් බුද්ධි මට්ටම අනුව වර්ගකර ප්‍රායෝගික ක්‍රියාකාරකම් පාදක කරගත් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීම කාලෝචිත වේ (නි)